අප්පච්චිගෙ මල ගෙදර

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මම යාන්තම් අමාරුවෙන් හරි උඩ පැනල ගෙදර ඉස්සරහ වතුසුද්ද ගහෙන් මලක් කඩා ගන්න අහැක් කාලෙ වෙද්දිත් ගෙදරට හරි පණ්ඩිත ළමයා. මට මොනාහරි කරන්ඩ හිතුනොත් කරනවමයි. ඒ වගේම අපරාදෙ කියන්ඩ බෑ දැන් නාහෙට නාහනව උනාට ඉස්සර මම කියන ඔනෑම අන්ජකොරොස් කර්තව්වියකට හවුල් කොර ගත හැකි මල්ලි තඩියෙක් මටත් හිටියා. ගෙදරට ඉස්සෙල්ලා වැඩිය පුද්ගලයා මම වීම නිසා අපි දෙන්නාගේ රාජධානියේ උත්තරීතර රැජින තනතුර මට හිමිවුනා. පුන්චිකලිසම් කොටයකුත් ගහගෙන කොයි වෙලෙත් හොටු පෙරාගෙන ඉන්න කට ඇරියහම පුන්චි දත් දෙකක් එබිල බලන ඒ දත් දෙක එදා නෙවෙයි අදටත් මදින්නේනැති අපේ මල්ලී තඩියා ට මගේ අන්තේවාසික පට්ටම හැමවෙලේම වැටුනා. කොහොම හරි මේ කියන්ඩ යන කතාවත් මගේ රාජධානියේ මමයි මගෙ අන්තේවාසික පොඩ්ඩයි එක් වෙලා කරපු ලෝක පූජිත ප්රොජෙක්ට් එකක්. 

එදා ඉර මාමා ට සක්ර දෙයියා ගේ පන්ඩුපුල් චෙයාර් එක උණු කිරීමේ අස්යින්මෙන්ට් එක සෙට් වෙලා තිබ්බ නිසා බරටම වැඩ. අපි අයන් එක රත් කරද්දි ඒ කට අල්ලපු වැටේ තියන අයන් බෝර්ඩ් එකත් රත් වෙන්නේ යම්සේද ඉර මාමා පන්ඩුපුල් චෙයාර් එක රත් කරද්දි සක්ර දෙයියන්ගෙ අල්ලපු වැටේ හිටපු අපේ ගෙදරත් ඉන්න බෑ රස්නෙයි.අප්පේ රස්නෙ!! මේ කියන දවසෙ අම්මයි අපිව බලාගන්ඩ ගෙදර හිටපු මෝගනා යි දෙන්නම ගෙදර නෑ. ගෙදර ඇතුලේ රස්නෙ හින්ද අප්පච්චි මල්ලි මාවයි දෙන්නම එක්ක කරගෙන ගෙදර මුල්ලක තිබ්බ පැදුරත් අරගෙන ගියා මිදුලට. අපේ අප්ප්ච්චි කොහොමත් කුම්භකර්ණ ජාන සහිතව ඉපදිලා තිබ්බ නිසා වැටිච්ච තැන නින්ද යනවා. එදත් ඉතින් අපි සෙල්ලම් කරන අතරෙ අප්පච්චි සෙත්තපොච්චි කියල මලා වගේ මිදුල මැද බුදි!
ටික වෙලාව්කින් සෙල්ලම් කර කර හිටපු අපි දෙන්නට තෙරුණා ස්ම්තින්ග්ස් රෝන්ග් කියලා. බැලින්නම් මෙන්න බොලේ අප්පච්චි මැරිලා! අපි දෙන්නා බ්ලද්දි අප්පච්චි කතා කරන්නෙ නෑ. කනෙන් පොඩ්ඩක් ඇද්දා නහය ඇතුලට වැලි කැටයක් දාලා බැලුවා, ම්හ්ම්! ඔබ ඇමතූ අංකය ප්රතිචාරයක් නොමැත!
අප්පා දැන් මොකද කරන්නේ! ඔන්න අපි රාජ්යක් වශයෙන් තීරණයක් ගත යුතු කාලය එලඹිලා. මේ වගේ ප්රශ්න වලින් මගහැරලා යන එක හොඳ පාලකයෙකුගෙ ලක්ෂණයක් නෙවෙයි නොවැ.
ඕන්න ඉතින් රාජ්ය අනුග්රහය ඇතුව අප්පච්චි භූමදානය කිරීමේ මහා මෙව්වා එක ආරම්භ කරා. දැන් ඉතින් අඬන්ඩත් එපායැ. අනේ අපෙ අප්පච්චි…. උදේට කවන්ඩ හිටියෙ එක්කෙනා. අනේ දැන් කවුද අපි කාර් එකේ වයර් කැපුවහම අලුත් ඒවා ගෙනත් දාන්නේ!!!!! අනේ අදින් පස්සෙ බලු පැටියට කන්න දෙන්නෙ කවුද!!!! අනේ අපිට ගේම්ස් ගහන්න ෆෝන් එක දෙන්නේ කවුද? අනේ……..!!!!
හරි දැන් භූමදාන වෙලාවයි. අපි ලස්සන මල් ටිකක් කඩගෙන ඇවිත් අප්පච්චිට ඉස්සා. අනේ දුකේ බෑ. අපෙ මල්ලි අන්තේවාසිකයා ගෙදර තිබ්බ වැලි තාච්චියකට වැලි පුරවන් අවා. ඔන්න මගේ කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත ආචාර්ය මහාචාර්ය පුන්චි ටිකිරි මොලේ බල්බ් එකක් පත්තු වුණා. අප්පච්චි වුණත් හොල්මනක් වෙලා අවොත් වැඩේ කචල්. මන්තරයක් වත් කියන්න වෙනවා.
ඕං ග්රීන් කට්ටු කට්ටු….. හොල්මන් කරනවා මට්ටු මට්ටු …… යක්කුන්ට කවමු පිට්ටු පිට්ටු…. ආවොත් කරනවා සෙට්ටු සෙට්ටු……. ඒස්වාහ් සාහ්!!!!!!! වින්ගාඩියන් ලෙවියෝ ශ්වාහ්…….. එලිෆස් මැක්සිමස්….. නාජා නාජා…. කිරි කිරි බෝලේ……. රැලි රැලි මාලේ…… ඔන්න බබෝ ඇතින්නියා ඒස්වාහ් ශ්වාහ්!!!!!!! ඔන්න භූම දාන කටයුතු ඇරඹුනා. අපේ අප්පච්චීගේ ශරී දේහය වැලි වලින් වසා වදාරන වෙලාවයි. ඉතින් කඳුළු සළමින් වැලි අප්පච්චිව වැලි වලින් වැහුවා. භාගයක් වහද්දි මෙන්න මල කඳ නිකන් නින්දෙන් නැගිට්ට ස්කූබි ඩූ වගේ ඩුබි ඩුබි ඩූ……… කියාගෙන නැගිට්ටා කියන්ඩකෝ…… මලා… මල් හතයි අඹ ගහේ ජම්බු. හොල්මනක්. කියපු මන්තර වල මොකක් හරි අබ්ලික් එකක් වෙන්ඩ ඇති. දැන් කොරන්ඩ දෙයක් නෑ…… මගේ පාදං නමාමහං කිව්වා… අම්මා දුන්න සමපෝෂ අග්ගලායි විටමින් ඒ හා ඩී අඩංගු ඇස්ට්රා වල සත්තිය අරන් දිව්වා… කුයීන් කාස්ල් කරා… ඕව් හිතවත් වැසියනි… අපේ කාස්ල් එක හෙවත් අත්තම්මාගේ අල්මාරිය ඇතුලට…. අප්පච්චි වුනත් හොල්මන් වර්ශන් එක භයානකයි නේ මල්ලී….! දොරත් වහගෙන හිටියා අම්මා එනකන්.
හොඳ වෙලාවට අම්මා ඉක්මනට ආවා. හෙමීට ගිහින් රොයිටර්ස් පුවත් සේවාව අම්මා ට සැපයුවා. අම්මා එයාගෙ “ඒකට මට හිනා” මෝඩ් එක ඔන් කරා. බැලින්නම් අපගේ පියාණන් හට නිදි පොජ්ජ මන්දු වෙලා… අනෙ අප්පේ ඉතිං බාගෙට වැලි වලින් වහනකම් නෝටිෆිකේශන්ස් ඕෆ් කරලද මම අහන්නෙ තිබ්බෙ? අනිච්චේ දුක්කේ සන්සාරේ ….. සන්සාර සිහිනේ හෝතාහේ….. කමන්නෑ ඉතිං මොනා කරන්ඩද අපරාදෙ රාජ්ය මුදල් අපතේ ගියා. දැන් පලයන් කො එෆ් සී අයි ඩී. කොහොමින් කොහොම හරි එදා අද ඉඳන් අප්පච්චී අපිත් අරන් රස්නෙයි කියල පැදුරු පොජ්ජත් කුදලන මිදුලට ගියේ නෑ ඕං!!!!!

රන්දිකා සමරකෝන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!