මේ අහන්න මිහිල් මේ ලමයව අපි ලමා නිවාසෙකට දාමු අපිට දරුවෙක් හදා ගන්න පුලුවන් පස්සේ අනික මම කීවනි මුලින්ම මට ලමයි ඕන නෑ කියලා එයාලා හරි වදයක් අනේ චූ දානව ඇගේ , ජරා කර ගන්නවා අනික බලන්නකෝ කොයි වෙලෙත් අඩා ගත්ත ගමන් මල කරදරේ”
“මම මෙයා බඩට ආව දවසේම කීවනි මෙයා නැති කරමු කියලා බලන්න දැන් ලැබුනත් මේ ගොලු ලමයෙක් නේ අපිට මිනිස්සු හිනාවෙයි මිහිල් සල්ලි කාර රටක් දන්න මොඩ්ල් කෙනෙක්ගේ ලමයෙක් ගොලුයි කීවම ශික් “
‘මේ තමුන් කට වහන් මෙතනින් යනවද මීෂා මේ මගේ දරුවා මගේ ලේ මට බරක් නෑ කරදරයක් නෑ මගේ දරුවව ඒ දරුව ගොලුයි කියන්න මට ලැජ්ජ නෑ මොකද අවජාතක දරුවෙක්ද තමුසෙටත් මේ දරුව මගේ කියලා සමාජය ඉස්සරහා බාර ගන්න බැරි නෑ නේද මේ මගේ ලේ නේද ඒ නිසා කට වහන් තමුන් මෙතනින් යනව හැමදාම ලොකු උනේ සල්ලි මීෂා ඔයාට ,ජනප්රියත්වය ඒවා විතරයි ජීවිතේ කවදාවත් ආදරයක් පවුලක් අම්මෙක් තාත්තෙක් ,සැමියෙක් ඕන උනේ නෑ තමුසෙගෙ කාලකන්නිකමට මගෙ දරුවට මෙහෙම උනේ ඒක නිසා ආපහු පාරක් මගෙ පැටියට ඔහොම කතා කලොත් මතක තියා ගන්නවා මටත් කරන්න දේවල් ගොඩක් තියෙයි කියලා “
මිහිල් මීෂාට තරහෙන් බැනලා පුoචි අයිශු වඩාගෙන කාමරේට් ගියෙ ඇගේ වචන නිසා ඇතිඋන කලකිරීම නිසා තවත් ඒ මූන බලන් ඉන්න තිබුන අකමැත්ත නිසාමයි ඇත්තටම ඇය අම්මෙක් කියන්න බැරිතරමටම සoකර ගැහැනියක් උනා ඇයගේ ජීවිතේම උනේy සල්ලී,බලය ,ජනප්රියත්වය විතරයි පවුල් ජීවීතේ ,සැමියා කියන්නේ ඇයට නිකම්ම නිකන් වචන ටිකක් විතරයි මිහිල් ඒ ගැන හිටියේ ලොකූ කලකිරීමකින්
මිහිල් කියන්නේ ඩොක්ටර් කෙනෙක් එයාගෙ පුන්චි පැටියා අයිෂු ලැබුන දවසේ දැන ගන්න ලැබුනේ පැටියා ගොලුයි කියලා ඒකට හේතුව විදියට ඩොක්ටර්ස්ලා කියන්නේ පැටියා බඩේ හැදෙද්දී අම්මාගේ තාත්තගේ ආදරේ කටහඩ ඇහිලා නැති නිසා වෙන්න පුලුවන් කියලා ,ඒදෙන්නගෙ උනුහුම ලැබිලා නෑ කියලා මේක දැනගත්ත මිහිල් දුක් උනේ පලවෙනි දරුවා මෙහෙම් උන එක ගැන ඒත් එයා පැටියට ගොඩාක් අදරේ කලා පුලුන් බෝලේ වගේ සුදුම සුදුවට ඉන්න කෙලි පැටික්ක දැකල මිහිල්ට හිතුනේ මොන දේ නැතත් එයා පැටියක් ඉන්න තාත්තෙක් නේද කියලා
මිහිල් පැටියට අසීමිත විදියට ආදරේ කරද්දී මීෂාට ඕන උනේ පැටියව කොහේ හරි නිවාසෙකට ගිහින්දාන්න එයා හිතුවේ දරුව නිසා එයාගෙ ජන්ප්රියත්වයට බාදාවක් හානියක් වෙයි කියලා ඉපදුන වෙලේ ඉදලා එක කිරි බින්දක් පැටියට පෙවුවෙ නෑ ඒතරම් පහත් විදියටත් ඇය මවක් විදියට හැසිරුනේ
“පුතේ ….මම එන්නද ටිකක්ට”
“එන්න අම්මා කියන්න මොකක් හරි උවමනාවක්ද “
“නෑ පුතේ අර ලමයා කියපු ඒවා මම අහගෙන හිටියේ කවද හරි දවසක පසුතැවෙයි මගේ පුතා ඕවා හිතන්න එපා මමයි සෝමයි ඉන්නවා දරුවා බලාගන්න පුතා ඔයාගෙ වැඩත් කර ගන්න අම්මෙක් වෙන්නේ නැ දරුවෙක් බිහිකල පලියට ඒකට පිනත් ඕන හ්ම්ම්ම් ඔය දරු පැටියට මොනව හරි කවන්න නැගිට්ටවලා පවු හැමපැත්තෙන්ම තැලෙනවා “
යසෝමා ඒ කියන්නේ මිහිල්ගෙ අම්මා මිහීගේ හිත හදලා නිදාන් ඉන්න දරු පැටියගෙ ඔලුවත් අතගාගෙනම එලියට ගියේ සුසුමක් හෙලලා අම්මෙක් විදියට ඇය උතුම් කාන්තාවක් මිහි පොඩිකාලෙමයි මිහිගෙ තාත්තා නැති උනේ පපුවේ අමාරුවකින් එදා ඉදල මිහිගේ වැඩ සේරම කරට අරන් මිහිව මේ තරම් හොද තත්වෙකට් ගෙනාවේ ගොඩක් දුක් විදලා ඉතින් ඇය උතුම් මාතාවක් කොච්චර වැරදිකලත් මීෂාට කවදාවත් වෙනස්කමක් කරලා නෑ ඒකත් මීෂා ගත්තේ ඇගේ වාසියට
“දෝනී පුතේ නැගිටින්න මගේ අම්මා කෝ ඉතින් දූ දැන් අපි බයියන් කාලා ඉමු නේදා ම්ම්ම් අප්පච්චිටත් බඩගිනි මැනික කෝ යමු යමු මගේ හොර කෙල්ල “
මිහින් හොරට නිදාගෙන හිටිය චූටී අයිෂුගේ බඩ කිචි කැවුවේ කෙල්ල ඇබරි ඇබරි මුලු ඇදේම දගලද්දී ඒක දීහා බලන් ඉන්න මිහීට පපුව පිරෙන්නම සතුටක් දැනුනේ
“මම කොහොම හරි මගේ මැනික සනීප කරගන්නවා පුතේ මගෙ හැමදේම දීලා හරි මම උබව සනීප කර ගන්නවා “
ඒ පිරිමි ඇස් වලින් කදුලක් වැටෙද්දී මිහි හිතුවේ පුන්චි දුවගේ සිනිදු ඇතැගිලි වලින් මිහිගේ ඇස් පිහිදමලා අඩන්න එපා කියන්න ඔලුව දෙපසටවනද්දී
“අනේ මගේ මැනික අප්පච්චි අඩන්නෙ නෑ අපිඅ යමු බයි කන්න “
අයිෂු හිනවේලා මිහිගෙ අතට පැන්නේ ඇයට ඉන්න එකම ආදරේ මිහී නිසා කොච්චර කට්ටිය හිටියත් මිහී නැතුව බෑ කෙල්ලට කවන්න පොවන්න නාවන්න මේ හැමදේම කලෙ මිහී පුන්ච් සුරoගනාවි වගේ ඉන්න ඉන්න කෙල්ලව පපුවට තුරුල් කරන් මිහී පහලට ගියේ පැටියා තාම බඩ ගින්නෙ නිසා
දිනෙන් දින ගතවෙලා ගියේ මීෂා එයාගේ රග පෑම් එක්ක කාර්යබහුල වෙද්දී ඇයට කොයිම වෙලාවකවත් අයිෂු ගැන හොයන්න බලන්න ඕන උනේ නෑ පැටියා ලගට ගියත් බැනලා එලවන්නේ පුන්චි අයිෂු අඩද්දී කතා කරන්න බැරි කමක් ඇරෙන්න කෙල්ලට වෙන ආබාද තිබුනෙර් නෑ සාමන්ය ලමයෙක් විදියට දුව පැනලා ඉන්න පුලුවන් හැකියාව හොදට තියෙද්දී
අවුරුදු තුනක් වෙන අයිෂු මොන්ඩිසෝරී යන්නේ මිහි එක්කමයි කෙල්ල ගොලු උනාට ලියන වැඩ පාඩම් අවබෝද කරගන්න හොදට හැකියාව තිබුනේ මිහීගෙන් ලැබුන දායදයක් විදියට
“අයිෂු.. අයිෂූ … මේ එන්න තෙල්ලම් කලන්න එන්න ඉක්කන්ත එන්නකෝ අනේ තෙල්ලම් කලන්න “
“ඔව් ඔව් අපි හැoගි මුත්තො කලමු උයා ගනන් කලන්න අපි ඇන්ගෙන්නම්.”
“අයියෝ උයාලත පිත්තුද අනේ මෙයාත කතා කලන්න බෑ කීලා දන්නෙ නැද්ද අප්පා “
පන්ඩිත පැටියෙක් එහෙම කීවේ අයිෂු දුකෙන් බිම බලා ගනිද්දී කෙල්ලට දුක හිතුනා ගොඩක් පුන්චි කෙල්ල ඇස්වල කදුලු පුරවන් ලග තිබුන බ්oකුවක ඉදගත්තේ අතත් කටේ දාගෙන
“අයිසු කෝ උයාගේ අම්මී ඇයි අලේ එයා උයාව එත්තo යන්න එන්නෙ නැත්තෙ එය මැලිලද”
පොඩි උන් නොදන්න කමකට අයිෂුගෙන ඇහුවට කවදාවත් අම්මගෙ උනුහුමක් ආදරයල් ලබල නැති කෙල්ල අසරන උනා මොකද කියන්නවත් දන්නෙ නෑ නේ අම්ම නේන හේතුව අනිත් ලමයි විහිලු කරද්දී කෙල්ල පාඩුවෙ හිටියේ ඇස්වල පුරුවන් හිටිය කදුලු පුන්චි කබුල් දිගේ ගලාගෙන යද්දී
කෙල්ල ගෙදර ගිය වෙලේ ඉදලා නිකා නොබී අඩන්න ගත්තේ අද උන දේවල් එක්කම මිහිත් ගෙදර නැති නිසා මොකද කෙල්ල සේරම ඇගෙ බාශාවෙන් කීවේ මිහි එක්ක වෙන ගෙදර ඉන්න අයට පොඩි එකී කියන ඒවා තේරුම් ගන්න බෑ
පුන්චි කෙල්ල හුස්ම නාල්ලා අඩනකොටම තමා මීෂා ගෙදර ආවේ අඩ අඩ හිටපු කෙල්ල මීෂා ලගට දුවලා ගියේ අප්පච්චි නැති අඩුව අම්මගෙන් පුරව ගන්න ඒත් උනේ වෙනම දෙයක්
“අම්ම්ම්ම්ම්ම් බම්”
කෙල්ල ටීෂා ලගට ගිහින් අදුමෙ කොනක් අල්ල ගෙන කදුලු පිරුන ඇස් වලින් ටීෂා දිහා බැලුවේ ඒ උනුහුමට නතු වෙන්න හිතලා
“මොන වදයක්ද මේ යනව යන්න එහාට කෝ මිහින් මිහින් මේ ලමයා ගන්න අනේ මහන්සිවෙලා ආවම මේ කරදරෙත් එනවා ඇගේ එතෙන්න ශික් කරදරේ “
මීෂා බැනගෙන ගියේ පුoචි පැටියා ගැස්සිලා බලන් ඉද්දී ඒ අසරන ඇස් දිහ බලලා වත් ඒ නපුරු හිත උනු උනේ නෑ අයිෂූව පැත්තකට තල්ලු කරලා ගෙට යන්න ගියේ අඩන දරුව දිහා ඇහැක් වත් ඇරලා බලන්නෙ නැතුව
කෙල්ල එහෙම්ම බිම ඉදගෙන කෑගහල අඩන්න ගත්තේ මිහිගේ අම්මාටවත් නලව ගන්න බැරි විදියට කෙල්ල ඒ පුන්චි හිතේ ලොකූවේදනාවක් දරන් හිටියේ ඒකපිට කරගන්න බැරුව ඒ පුන්චි හිත අසරන වෙලා කෙල්ල අඩ අඩ ආච්චි එක්ක පොර බදනකොට තමා මිහී ගෙදර ආවේ
“අනේ මගේ දූ ඇයි මැනික මේ කෝ එන්න අප්පච්චි අතට කෝ කියන්නකෝ ඇයි මේ මගෙ පුන්චි සුරoගනාවී අඩන්නේ හුම්ම් “
අඩ අඩ ඉන්න අයිෂුව වාඩ ගත්ත මිහිල් පැටියගෙ කදුලු පිහිදලා ඒ පුන්චි මූන සිප ගත්තේ කෙල්ලත් අප්පච්චිගෙ උනුහුමට තුරුල් වෙද්දී
“ඇයි අම්මා මගේ මැනික අඩන්නේ මොකද උනේ වෙනදා මෙහෙම නෑ නේ “
“අද ආව වෙලේ ඉදලම ඔහොම තමා පුතේ අර ලමයත් ඔන්න ආවා මෙයා එයාගේ ඇගේ එතුන් අඩ අඩ ගිහින් ඒකට ඒ ලමයා මේ දරුවව පැත්තකට කරලා බැනලා ගියා මහන්සිවෙලා ආවේ කියලා ඒකට තමා ඔය බිම පෙරලි පෙරලි අඩුවෙ”
“ම්ම්ම්ම් ඉන්න අම්මා මම එයාට කතා කරලා එන්නම් දෙකක් ඔය අම්මා කෙනෙක්ද් ඕකිට හැමදාම ඕන උනේ සල්ලිම විතරයි මගෙ පවට ලැබුන ගෑනියෙක් ශික් “
පැටියව අම්මට දුන්න මිහි මිෂා හොයාගෙන යද්දී මීෂා කෙටි ටවල් එකක් පිටින් කන්නාඩිය ඉදිරිපිට ඉදගෙන ඉන්නවා මිහිල්ට තවත් කෝපය වැඩි උනේ ඇදන් ඉන්න විදියට ලැජ්ජාවක් ගෑවිලාවත් නැති ගෑනියෙක් ඇය
“මීෂා “
“ඔහ් කියනන්න මිහි මොකක්ද උවමනාව “
ඇය ඕනවට එපාවට වගේ ඇහුවෙ මිහිගේ කේන්තිය අවුස්සල හොදටම
“තමුන් මොකො මගෙ දරුවට මෙහෙම කරන්නෙ අහ් අඩන දරුවා ටිකක් නැලෙවුවම ඇගිලි කොර වෙනවද ඔය කට ගොලු වෙනවද අහ් කියනවා “
“අනෙහ් මේ මම ගොඩක් මහන්සිවෙලා එන්නේ නැතුව නිකන් ඉදලා නෙවේ මට වෙලාව නෑ ඔය ගොලුවො නලවන්න අනික එයාට අඩන්න තරම් මොනවද තීන අඩු පාඩු මේ ගෙදර “
“කට වහපන් මේ උබෙත් දරුවා ඒ අහින්සකී බඩේ ඉද්දී මරන්න කතා කරා විනා කුස ටිකක් අත ගාලා වචනයක් කතා කරාද එනවා කනව නිදා ගන්නවා ලමයට තමුන්ගෙ උනුහුම ආදරේ දැනුනෙ නෑ දෙමාපියො හැසිරෙන විදිය දරුවෙක් නිරෝගීව බිහිවෙන්න බලපානවා තමුන් නිසා මගේ දරුවට මෙහෙම උනේ ආපහු මගෙ දරුවට ඔහොම කතා කලොත් කට කඩනව මම උබේ “
“අහ් මගේ කට කඩන්න තමුසේ දන්නෙ නෑ නේ මට යාලුවෝ මිනිස්සු රටේ ලෝකේ හිනාවෙන විදිය ගොලු ලමයෙක් ඉපැද්දුව කියලා මම කීවා අපි ගිහින් දාමු කියලා ඔය මූසල ලමයව මම ලැජ්ජ වෙනවා ඔය ලමයා නිසා සල්ලිකාර නම්බුකාර අපිට වෙන ලමයෙක් හදාගන්න බැරිද මේ ගොලු මූසලී නැතුවට “
“චටාස් “
“කට වහපන් උබ මගෙ දරුවට මූසලී කියන්න උබයි මූසල දරුව නෙවේ එකයි උබේ බඩේ මගේ දරුව නිරෝගීව වැඩුනෙ නැත්තෙ “
මිහිල් මීෂාට කම්මුල් පහරක් ගැහුවෙ දරුවට කතා කරන විදිය ඒ තරම් අප්රසන්න නිසා මීෂා ඇස් ලොකු කරන් කම්මුල වසාගත්තෙ අදහගන්න බැරුව මිහි කවදාවත් බැන්නට මීෂට අතක් උස්සලා තිබුනෙ නෑ ඒත් අද මිහිගේ හිතේ තිබුන දරුසෙනෙහස මීෂට අත උස්සන්න තරම් බලවත් උනා
“මැනික මගෙ ඇයි මේ අඩන්නේ හුම්ම්ම් “
මිහි කාමරෙන් එලියට යනකොට පුoචි කෙල්ල දොර අයිනෙ ඉදන් ඉකි ගහලා අඩනවා මිහීට දරා ගන්න බැරි කෙල්ල මෙහෙම හුස්ම නාල්ලා අඩන එක ඇත්තටම මිහිටත් මිහිගේ යාලුවෝ කියනව සල්ලි බලය ජනප්රියත්වය නිසා මේ දරුවා ඒකට බාදාවක් වෙයි කියලා කවදා හරි දරුව නිවාසෙකට දාන්න කියලා හැමෝම කියනවා ඒත් මිහිගේ දරු සෙනෙහටස දනය ,බලය මේ හැමදේම යටයි
කාලය වේගෙන් ගෙවිලා ගියේ කවුරු මොන දේ කීවත් මිහිගේ සෙනෙහස මැද මිහිගේ අම්මගේ ආදරය කරුනාව මැද,මීෂගේ කෙනෙහිලිකම් මැද පුන්චි අයිෂු වැඩෙමින් ඇත්තටම මීෂා වගේම පුoචි අයිශුත් හරිම ලස්සනයි සුරoගනාවියක් වගෙ කෙල්ල හැමවේලේම කොච්චර කෙනෙහිලි කරත් අම්ම ලගට ගියේ ඇයට මවකගෙ උනුහුම ඇවැසි නිසා ඒත් මීෂා කවදාවත් පැටියව බාර ගත්තෙ නෑ
දැන් අයිශුට අවුරුදු හතරක් වෙනවා තාමත් කෙල්ලගෙ හැම වැඩක්ම වෙන්නෙ මිහි අතින් ඇගේ බාෂාවෙන් අප්පච්චි එක්ක කෙල්ල හුරතල් වෙන්නෙ කතා කරන්නේ ඒක දකින මිහිගෙ ඇස් වලට කදුලු පිරෙද්දී මීෂා මිහිගෙන් අයින් වෙන්න ඇවැසි බව පැවසීමෙන් පස්සේ මිහි හිත හදාගත්තේ පැටියා ඇරෙන්න වෙන කිසිවෙක් මේ ජීවිතේට වැඩක් නෑ කියලා හිතන්
දවසක් මිහී කෙල්ලත් අරන් බීච් ගියේ අයිෂුට යන්න ඕන කියපු නිසා මිහිත් පැටියා එක්ක ගියේ කවදාවත් නොහිතන දෙයක් සිද්ද වෙන බව නොදැන
“අප්ප් අල්ල්ල් ම්හ්හ්”
තනියම ඇගේ බාෂාවෙන් කතා කර කර සෙල්ලම් කරන අයිෂු දිහා සෙනෙහසින් බලන් හිටිය මිහී කලපනා ලොවට වැටුනේ
පැටියා ඉපදි දවසේ ඉදලා කොච්චරක් කතා ඇහුවද කියලා හිතන ගමන් ඒත් එක්කම් දෙය මතක් උන මිහී එයාගේ යාලුවෙක්ට කතා කරේ මේ හැමදේම ගැන කියන්න හිතන්
“මිහියා සමහර වෙලාවර අපි කියනවා නේද ලොකූ කම්පනයක් වෙන දෙයක් උනාම සමහර අය කතා කරනව කියලා පොඩ්ඩක් කරලා බලපන් ඒ වගේ දෙයක් “
යාලුව එක්ක කතා කර කර ඉද්දී යාලුව කියපු දෙයක් නිසා මිහිට හිතේ බලාපොරොත්තුවක් ඇති උනේ ඒ හින්දමයි මිහී අයිෂුට පෙන්නම වේගෙන් එන වාහනයකට පැන්නේ කෙල්ල කතා කරනවනම් තමා මියගියත් කමක් නෑ කියලා ජීවීතේ ගැනවත් නොහිතා ඒත් නොහිතපු විදියට ඒක දිහා බලන් හිටිය අයිෂු ඇස් ලොකු කරන් බලන් ඉදලා
“අප්ප්ප්….අල්ල්ල්ල්”
ඇගේ බාශාවෙන් හැමෝටම කිය කිය ලගට ගියේ මිහි බේර ගන්න කියන්න ඒත් කවුරුවත් ඉදිරිපත් උනේ නෑ බේර ගන්න
කෙල්ල අඩ අඩ කීවත් ඇගේ බසින් කවුරුවත් ඉදිරිපත් උනේ නෑ
“අහ්හ්හ්හ්…අල්ල්.ආආඅ.අප්ප්ල්.අප්ප්ප්පච්චී…අප්පචී නන්න එපා මැලෙයි..”
මිහිගේ දරුසෙනෙහසයි ,උත්සහයයි ,කැපවීම නිසා කෙල්ල අන්තිම මොහොතෙ කතා කලා වචන දෙක තුනා පිම්මේ ලගට දුවන ගමන්
මිහීට දරාගන්න බැරි උනා ඒ කටහඩ ඉපදුන දවසේ උදලා අවුරුදු ගානක් කතා නොකල කෙල්ල එක පාරටම කතා කරද්දී පාරෙන් අයින් වෙනව වෙනුවට එතනම කකුල් පන නැතිව ඇදන් වැටුනේ පාරේ ඉන්නෙ බවත් අමතක වෙලා
“මගෙ මැනික ආපහු කියන්න අප්පච්චි කියන්න කෝ කියන්න මැනික කතා කරන්න පුතේ කතා කරන්න ඉතින් “
“අප්පච්චී එන්නකො ඔතනින් මැලෙයි ඔයා අනේ ![😭](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png)
![😭](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png)
“
![😭](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png)
![😭](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png)
![😭](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png)
වාහන මහපාරේ පෝලිමට නතර කරන් හෝන් කරන්නෙ මිහිල්ට බැන බැන ඇයි ඉතින් තාම පාර මැද ඉදගෙන අඩ අඩ ඉන්නව මිහී සිහියක් නැතුව
කෙල්ල ලගටම ගිහින් මිහීගේ අතින් ඇදන් ආවේ තවමත් පාරෙ ඉදගෙන ඉන්න නිසා අයිෂු එක්ක පාරෙන් අයිනට ආව මිහී කෙල්ලව වඩාගෙන සිප ගත්තේ ඇස් වලින් කදුලු බෙරේද්දී
“මගෙ මැනික කතා කරනවා දැන් ඔන්න හරි අඩන්න බෑ යාලුවෝ හිනාවෙනව කියලා හරිද ම්ම්ම්ම් අපි ආච්චිත් කියමු ඉක්ම්නට ගිහින් හාද යමු “
අඩ අඩ අයිෂුව වඩා ගත්ත මිහි වාහනේට ගියේ උතුරා යන සතුටකින්
“අම්මේ අම්මේ මගේ කෙල්ල කතා කරනවා අම්මේ මේ ගොලු දරුවෙක් කියලා අනාත නිවාසෙට දාන්න හදපු මගෙ කෙල්ල කතා කරනව අම්මේ “
“අනේ දෙවියනේ මගේ මැනිකට රත්නත්තරේ පිහිටයි දෙන්නටම කෝ එන්න මැනික මගේ ලගට කෝ ආච්චි කියන්න මට “
මිහිගේ මහන්සිය කැපවීම නිසා අයිෂු කතා කරනවා අද ඒත් මේ කිසිම කෙනෙක් නොදන්න කතාවක් තීනව ඒ මේ මිහිගේ දරුවා නෙවේ මිෂා වත් දන්නෙ නෑ මේ දරුවගෙ තාත්ත කවුද කියලා ඉතින් ඒක දැනන් මිහී මේ තරම් අයිෂුට ආදරේ කරන්නේ කාලය වේගෙන් ගෙවිලා ගියේ මීෂා සදහටම මිහීගෙන් අයින් වෙලා නලුවෙක් එක්ක නතර වෙද්දී ගෙදර කිසි කෙනෙක් අයිෂුට වෙනස් කමක් කලේ වත් එයාගේ තාත්තා මිහි නෙවේ කියලා කීවෙත් නෑ
“අප්පච්චී කෝ අනේ ඔයා ඉකමනට යමූ පරක්කු වෙනවා “
අයිෂුට දැන් හොදට කතා කරන්න පුලුවන් කෙල්ලගෙ උපාදි උත්සවය අද ඒකයි මේ උදේම කෑ ගහන්නේ මිහීට කොච්චර දේවල් ආවත් මිහී කවදාවත් අයිෂුව අත් ඇරියේ නෑ හැමදේම කැප කරලා හොදට ඉගැන්නුවා අදටත් මිහි තනියම ඉන්නේ ඇයිෂු නිසා තමගෙ දරුවෙක් නෙවේ වෙලත් කරන්න පුලුවන් කැපකිරීම් කරලා අයිෂුව හදා ගත්තා ඩොක්ටර් අයිෂු පොඩි කාලෙමයි කීවේ මේ මිහිගේ දරුවෙක් නෙවේ කියලා ඒක අදටත් දන්නේ මිහී විතරයි
“යමු යමු දූ මේ එනවා මම “
“අම්මේ මගේ අප්පච්චි කොල්ල වගේ ම්ම්ම්ම් අද මට කෙල්ලන්ගෙන් බේර ගන්න බැරිවෙනවා ඔන්න බලන්නකෝ “
“අන්න ඒකයි මම ඉතින් කොල්ලා තමා තාම ඔයාගේ අප්පච්චිනේ “
“ඔයාගෙ දරුව උනේ කොහොමද මිහින් මේ දරුවා මේ ඔයාගේ ලමයෙක් නෙවේ මේ මගේ දූ “
මේ අප්පච්චිලා දූලගෙ රන්ඩුව අතර තුර ආව මීෂා එහෙම කීවේ ආපහු පාරක් මේ පවුලෙ සතුට නැති කරලා දාන්න බලන්
“මීෂා තමුන් ආපහු ආවේ මගේ දරුවගේ සතුට නැති කරලා යන්නද අහ් බහිනව දැම්ම මගෙ ගෙදරින් එලියට “
“දුව මමයි ඔයාගෙ අම්මා මා එක්ක යමු දූ මේ ඔයාගේ තාත්ත නෙවේ මාවත් ඩිවෝස් කරල දැම්මා මේ හොද කෙනෙක් නෙවේ ඔයා යමු මා එක්ක “
මීෂා අයිෂුගෙ අතින් ඇද්දෙ මිහි අසරන ඇස්වලින් මේ දිහා බලන් ඉද්දී
“ඒක මම දන්නවා ජනප්රිය මොඩල් මීෂා ඔයා මගේ අම්මා තමා ඒවගේම මේ ඉන්නේ මගේ තාත්ත නෙවේ කියලත් දන්නවා “
“එහෙනම් යමු මා එක්ක ඇයි තව ඉන්නෙ “
“මොකටද මම යන්නෙ අහ් ඔයාට ඕන මාව මෙවේ අප්පච්චි මගේ නමට ලියපු දේපල නේද අහ් ඒවා නේද ඔයා පොඩි කාලෙ කල දේවල් මට හොදට මතකයි ඒ ඔයාගේ දූ වෙලා මම ඔයා මාව පැත්තකට කලේ ඒත් මේ ඉන්න කෙන මගෙ අප්පච්චි මොන බැදීමක්ද් ළේ බැදීමක් වත් නැතුව පුන්චි කාලෙ ඉද්ල මාව හැදුවා ඉගැන්නුව කතා කරවන්න් ඕන නිසා වාහනේකට පැන්නේ එයාගෙ ජීවිතේ ගැන නොහිතා ඒත් ඔයාට ඕන උනේ මාව මරන්න බඩේදී ,ඉපදුනාම නිවාසෙකට දාන්න ඒත් මේයා මාව ජීවත් කලා “
“මේ තාත්තා නෙවේ කියලා දැන ගෙන සේරම දේවල් මගෙ නමට ලිවුවා මන් දිහා වැරදියට බලලා නෑ ,කසාදයක් බැන්දෙ නෑ ඒත් ඔයා පුලුවන් කාලෙ කරන්න පුලුවන් කැත වැඩ සේරම කලා දැබ් බැරි වෙනකොට මාව මතක් වෙනවා නේද අහ් ඔයාට අම්ම කියන්න මම ලැජ්ජ වෙනව අද ඒත් මෙයට තාත්ත කියන්න මම බය නෑ මේ මගේම් අප්පච්චී ඔයාගේදූ නෙවේ
ඒ නිසා මම මැරෙනකම් මගේ අප්පච්චි බලාගන්නවා ඒක ඔයාට නතර කරන්න බෑ ලබන ආත්මෙ ඔයාගෙ කුසේ වැරදිලාවත් ඉපදෙන්න මම කැමති නෑ දැන් මෙතනින් යන්න ඔයා “
“දූ මගෙ මැනික ඔයා “
“ඔව් මම හැමදේම දන්නවා අප්පච්චි කවදාවත් මම මගෙ තාත්තා දාලා යන්නෙ නෑ මම ඔයගේ දුවනි අපි යමු අනේ ඕව හිතන්න එපා ආදරෙයි ගොඩක් “
කෙල්ල කියන ඒවා අහන් හිටිය මීෂා යන්න ගියේ ඒ බැදීම කඩලා බිදලා දාන්න බෑ කියක දැනගෙන මිහි කෙල්ලව ඒ වියපත් පපුවට තුරුල් කර ගත්තේ ඇස් වලට ඉනූ කදුලක් රහසේම පිසදාගෙන අයිෂු පොඩි කාලේ ඉදලා ඒ ඇස් වලට උනන කදුල අදත් ඒ විදියටම ඉනුවේ තාත්තා කෙනෙක්ගේ ආදරෙ දෙතනෙන් කිරි දෙන්න බැරි උනාට අම්මගේ ආදරේට වඩා වෙනස් ශක්තිමත් බැදීමක් බව පසක් කරමින් .
![❤️](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png)
![❤️](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png)
උපුටා ගැනීම: නිෂා ගමගේ