අර්පිතා තිවාරිගේ මරණයේ අභිරහස.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔබ මගේ මිත්රයෙක්, මගේ මිතුරෙක් වන්න. මගේ පෙම්වතා වීමට උත්සාහ නොකරන්න. 25 හැවිරිදි ඉන්දීය නිවේදිකාවක් වන අර්පිතා තිවාරි ඇගේ මිතුරා වන අමිත් හස්රාට පැවසුවේ මලද්හි (බටහිර) මානවව්තාල් මහල් නිවාසයේදි ඇගේ මිය මරණය සිදූවිමට පැය කිහිපයකට පෙරය. 27 හැවිරිදි අමිත් හස්රා තිවාරිට දැඩි කැමැත්තක් දැක්වූ බවත් ඇය සමඟ ප්රේමයෙන් වෙලිමට උත්සාහ කළ බවට කරුණු මතු වී තිබුනා. හස්රා ගැන 30 හැවිරිදි තිවාරිගේ පෙම්වතා වන පංකාජ් ජාදෙව් පොලිසියට ලබා දුන් ප්රකාශයට අනුව, ඔහු සහ තිවාරි 2017 දෙසැම්බර් 11 වන දින අළුයම 3.15 ට පමණ ආපසු රාත්රි අවන්හලකට ගොස් මලාඩ්හි අමිත් හස්රාගේ 15 වෙනි මහලේ පිහිටි නිවාසයට පැමිණි බව සදහන් කළා. ඇය බීමතින් සිටි නිසා ඇයට නිසි ලෙස නැගී සිටිය නොහැක වුනා. හස්රා පසුව ඇගේ උරහිසට ඉහළින් අත තබා ඇයව ඉණෙන් අල්ලා ගත්තා . පසුව ඇය ඇඳුම් මාරු නොකර සෝෆාවේ වැතිර සිටියා. මම නිදන කාමරයේ විවේක ගනිමින් සිටියා. හස්රා නිතරම ඇයට ඇඳුම් මාරු කරන ලෙස පවසා ඇගේ කලවා ස්පර්ශ කරමින් සිටියා .තම පෙම්වතා මෙන් හැසිරීම ගැන ඇය කෝපයට පත් වූ අතර ඇය ඔහුට තරවටු කර තිබෙනවා.තිවාරි සතියකට අවම වශයෙන් දින දෙකක්වත් හස්රාගේ මහල් නිවාසයේ තම පෙම්වතා සමඟ ගත කළ අතර ඔවුන් තිදෙනා නිතර සාදවලට පවා පිටතට ගමන් කල බවද පැවසුනා.
තම පෙම්වතාගේ ප්රකාශයේ ද සඳහන් වන්නේ හස්රා නිතරම තනිව මුණගැසෙන ලෙස ඇගෙන් ඉල්ලා සිටි නමුත් ඇය එය ප්රතික්ෂේප කර සැම විටම තමා සමඟ එහි යන බවයි. හස්රා මෙම යුවළ නැවතී සිටින එම කාමරයේම නිදාගෙන සිටි බව හෙලි වුනා. හස්රා ඇයට ශාරීරිකව සමීප වීමට උත්සාහ කරන බව තිවාරිගේ පෙම්වතා දුටු විට ඔහු ඒ ගැන ඇයගෙන් විමසා තිබුනා. ඇය කියා සිටියේ මං ඒක බලාගන්නම් යනුවෙනි. වරක් අර්පිතා සහ ඇගේ පෙම්වතා ගොරෙයි වෙත ගිය අතර ඔවුන්ගේ ඡායාරූප පෙලක් WhatsApp ගෘප් එකට බෙදා ගෙන තිබුනා අපි ඔහුට ආරාධනා නොකිරීම ගැන හස්රා කලබල වූ බවට තිවාරිගේ පෙම්වතා පොලිසියට පවසා තිබුනා.
ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පදිංචි 54 හැවිරිදි ගෘහණියකගේ ප්රකාශය ද පොලිසිය සටහන් කරගෙන තිබුනා. උදෑසන 7.25 සිට 7.30 දක්වා කාලය තුළ ඇද වැටෙන හඬක් ඇසුණු බව ඇය පවසා තිබුනා.තිවාරි අර්පිතාගේ මරණය සිදු වූ නියම වේලාව පොලිසියට සොයා ගැනීමට මෙය උපකාරී වී තිබුනා. එහෙත් මිතුරන් විසින් උදෑසන 9.30 ට පමණ තිවාරිගේ මළ සිරුර තිබී සොයාගෙන තිබුනා. තිවාරි අවසන් වරට ජීවතුන් අතර සිටි කාමරයේ තවත් පුද්ගලයින් ඇයගේ පෙම්වතා හා හස්රා හැරුනු කොට හස්රාගේ තවත් මිතුරන් තිදෙනෙකුද යාබද කාමරවල හිඳ තිබෙනවා. තිවාරි – ජදව්, හස්රා, කුමාර්, මනීෂ් සහ ශ්රවාන් ලෙස හඳුනාගත් තවත් තිදෙනෙකු සහ ක්රිෂ්ණා ලෙස හඳුනාගත් සූපවේදියා ඇතුළු හත් දෙනෙකු එදින රාත්රියේ එම මහල් නිවාසයේ සිටි බව කියැවුනා. පොලිසියට කළ ප්රකාශයේදී කුමාර් නැමැති මිතුරා කියා සිටියේ තමා නින්දට යාමට පෙර තිවාරි සහ ජදාව් රණ්ඩු වන අයුරු තමා දුටු නමුත් පසුව ඔහුට ඒ ගැන සිහියක් නොතිබු බවයි. ඊට පසු කුමක් සිදු වූවාදැයි තමා නොදන්නා බවත්, උදෑසන තිවාරි අතුරුදහන් වූ බව පවසමින් ජදෙව් ඔහුව කෙලින්ම අවදි කළ බවත් ඔහු පැවසුවා. තිවාරිගේ පෙම්වතා වු ජාදෙව්ගේ ප්රකාශයට අනුව හොඳට මත්පැනින් පදම් වූ මිතුරන් පිරිස අලුයම 4 ට පමණ තද නින්දට වැටුණු බවත් තමා උදෑසන 7 ට අවදි වී තිවාරි ගැන සොයා බැලු විට ඇයට අයත් ඇඳේ නොසිටි බවත් නාන කාමරයේ දොර ඇතුලතින් අගුල් දමා තිබු බවක් පෙනෙන්නට තිබු බව ප්රකාශ කර තිබුනා. පැයකට වැඩි කාලයක් ගත වූවත් ඇය ආපසු නොපැමිණිම නිසා ඔහු නිතරම දොරට තට්ටු කරන විට එයට ප්රතිචාර දැක්වීමට ඇය අපොහොසත් වීම නිසා ජදව් සහ ඔහුගේ මිතුරන් වෙනත් යතුරකින් නාන කාමරයේ දොර විවෘත කර තිබුනා.එවිට අර්පිතා නාන කාමරය තුළ නොසිටි අතර මිතුරන් දැක ඇත්තේ නාන කාමරයේ ජනේලය විවෘතව ඇති බවකි. පසුව ජාදේව් සහ ඔහුගේ මිතුරන් ගොඩනැගිල්ල පිළිගැනීමේ නිලධාරියා සිටින ස්ථානයට දිව ගොස් මුරකරුට දැනුම් දී ඇය සෙවීමට පටන් ගෙන තිබුනා. නාන කාමරයට සමාන පැත්තේ පිහිටි මහල් නිවාස වල බැල්කනි පරීක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර තිබුනා. දෙවන තට්ටුවට ගමන් කළ මුරකරුට AC නාලය සවි කර ඇති කෙලවරක ලේ විලක් මැද වැටී සිටින තිවාරි දක්නට ලැබුනා. ඇයව වහාම රෝහල වෙත ගෙන යන ලද නමුත්, ඒ වන විටත් මියගොස් සිටි බව වාර්තා වුනා. මේ සිදුවිම සම්බන්ධ තිවාරි සමඟ එදින රාත්රියේ උඩු මහලේ රැඳි සිටි සියලුම සැකකටයුතු පිරිමි පුද්ගලයින්ගෙන් පොලිසිය විසින් නිදාශීලිත්වයට පත් කොට lie detector පරික්ෂණයකට යොමු කොට ප්රකාශ ලබා ගන්නවා.එහිදි අමිත් හස්රා ලබා දුන් ප්රකාශ අනෙක් මිතුරන් ලබා දුන් ප්රකාශ සමඟ එකිනෙක පරස්පරතා මතු වීම නිසා ඔහු සත්ය නොපවසන බැවින් පසුව ඔහු පොලිස් අත් අඩංගුවට පත් වුනා. පොලිසිය අපරාධ ස්තානය වශයෙන් සැලකෙන අර්පිතා තිවාරි බිමට විසි කළ බවට කියන ජනේලය පරික්ෂා කිරිමට පැමිණිමේදි එම ජනේලය උඩ තැබු ෂැම්පු හා දියර බෝතල් එලෙසින්ම තිබෙනු දැකීමද පුදුම සහගත කරුණක් විය.මෙය අපරාධ ස්තානය වෙනස් කර පොලිසිය නොමඟ යැවීමට දැරූ උත්සාහයක් බවද පෙනි ගියා. අර්පිතාගේ වැඩිමහල් සොහොයුරිය ශ්වේතා පවසන්නේ තම නැගනියට සිය දිවි නසා ගැනීමට හේතු වු කිසිම කරුනක් තම පවුලේ සිදු නොවු බවත් මේ ඝාතනයක් බවත් මේ සඳහා ඇය සමඟ සිටි පිරිමි මිතුරන් 6 දෙනාම මීට වගකිව යුතු බවත් පැවසෙනවා. ජාදෙව් සමඟ සිය නංගි විවාහ වීමට තම පවුලේ කිසිවෙක් කැමැති නැති බවත් රැකියාවක් නොමැති ඔහු මත්පැන් පානය කරන බවත් ඇයට නිරන්තරයෙන්ම පහර දෙන බවත් මේ ඝාතනයට ජාදෙව්ගේද සම්බන්ධයක් ඇති බවට තිවාරිගේ සොහොයුරිය ජාදෙව්ට ඇඟිල්ල දික් කරනවා. හස්රා පොලිසියට පවසා ඇත්තේ ජාදෙව් අර්පිතාගේ ප්රේම සම්බන්ධයට වසර 08 ක් ගත වුනත් අර්පිතා ජාදෙව් විවාහ කර නොගැනිම නිසා සිත් තැවුලෙන් මානසික පීඩනයෙන් පෙලිම නිසා අර්පිතා උඩු මහලින් පැන සිය දිවි නසා ගන්නට ඇති බවයි.
පොලිසිය දියත් කල පරික්ෂණ :
පොලිසිය සඳහන් කළේ ඇගේ කලිසම් සහ යට ඇඳුම් අස්ථානගතව තිබු බවත් ඇගේ සිරුර අර්ධ වශයෙන් නිරුවත් වී තිබීයදි සොයා ගත් බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වූයේ මරණය සිදුවී ඇත්තේ ඉතා උසකින් වැටීමෙන් බවත් ශාරීරික හෝ ලිංගික අතවර හේතුවෙන් වෙනත් තුවාල සිදු වී නැති බවත් ය. ඇය මිය යන විටත් කන්යාවියක් බව තහවුරු වී තිබුනා. පොලිසිය පැවසුවේ, ඇය සමග සිටි මිතුරන් බීමතින් සිටි නිසා ඔවුන්ට මතකයක් නැති නිසා, එදින රාත්රියේ සිදුවීම් මාලාව පැහැදිලි කර ගැනිමේදි තමන් අභියෝගයකට මුහුණ දුන් බවයි. ඇය සියදිවි නසා ගත්තාද නැතහොත් අහම්බෙන් ජනේලයෙන් පිටතට වැටුණාද යන්න සොයා බැලූ විමර්ශකයින් වෙනත් විකල්ප අවස්තා සිදුවිම්ද ඇගේ මරණයට හේතු වූවාද යන්න සෙවීමට විවිධ ප්රතිනිර්මාණයන්ද සිදු කර තිබුනා. ඒවා නම් ඔවුන් අර්පිතාගේ උසට හා බරට සමාන ඩමියක් භාවිතා කළ අතර එය ඇගේ පෙම්වතා වන ජාදව්ගේ මහල් නිවාසයේ නාන කාමරයේ ජනේලයෙන් පිටතට තල්ලු කර බැලුවා. එය පොලොව මත වැටෙන ආකාරය සටහන් කර ගැනීමෙන් පසු පොලිස් නිලධාරින් විසින් ඩමිය සාමාන්යයෙන් ජනේලයෙන් වැටීමට ඉඩ හැරියා. අවස්ථා දෙකේදීම, ඩමියේ පිහිටීම සහ එහි ගොඩබෑමේ ස්ථාන අපරාධ සිදු වූ ස්ථානයට සාපේක්ෂව වෙනස් බව පෙනි ගියා. තුන්වෙනි වතාවට ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙක් ලවා ඩමිය අල්ලාගෙන බලෙන් ජනේලයෙන් එළියට තල්ලු කර බැලුවා. ඩමීයේ වැටීම පිළිබඳ විවිධ අනුකරණයන් මගින් අර්පිතාගේ මරණය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තමන්ට ලැබුනු බව පවසන පොලිසිය ඒවායේ නිරීක්ෂණවලට අනුව, අර්පිතා ජනේලයෙන් එළියට තල්ලු කිරීමේ අවස්ථාව ,අහම්බෙන් වැටීම හෝ සියදිවි නසා ගැනීමට වඩා වැඩි ඉඩකඩක් පවතින බව පොලිසියේ මතයයි.එසේම, මළ සිරුර සෙමි නියුඩ් තත්වයක තිබී හමු වීම ඇගේ කලිසම හා යට ඇඳුම පැළඳ නොසිටීම සැකයට තුඩු දෙන බව විමර්ශන කණ්ඩායමේ නිලධාරින් පැවසූවා. මියගිය තැනැත්තියද බීමතින් සිටි නමුත් ඇගේ ඇඳුම් උනා දමා ඇය ජනේලයෙන් බිමට පැනිම විශ්වාස කල නොහැකි බවට විමර්ශන කණ්ඩායම් විසින් තහවුරු කරා.
අර්පිතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වු අමිත් හස්රා මාස කිහිපයකට පසු ඇප ලබා ගෙන නිදහස් වෙනවා. මේ සම්බන්ධ නඩු විභාගය තවමත් අවසන් වීද නොමැත. අර්පිතා තිවාරිට කෙදිනක හෝ සාධාරණයක් ඉට වන තෙක් මුලු ලෝකයාම බලා සිටිනු ඇත. මේ සිදුවිම් මාලාව ගැන ඔබගේ පෞද්ගලික අදහස් හා උදහස් වලට ඉඩ දෙමින් මම නවතිමි. යළි නැවත හමු වෙමු.
 උපුටා ගැනීම:   සංකල්ප හේරත්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!