අසභ්‍යත්වය පිටුපස ඇති සභ්‍ය කතාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කළු ජාතික දරුවෙකු උකුලේ තබාගෙන සිටින සුදු ජාතික යුවතියව දැකලා පුරැදු ද ??? ඇය ‘ පෝන්ස්ටාර් ‘ එහෙමත් නැත්නම් ‘නිල් චිත්රපට’ නිලියක්. එය ඇසූ සැනින් ඔබ මවිතයට පත්වෙනවා නිසැකයි. මා මේ ලියන්නේ ‘නිල් චිත්රපට’ ගැන ලිපියක් නම් නොවෙයි. මා මේ ලියන්නට යන්නේ ලෝකයේ සදාචාරය පිරිහුණුම වෘත්තීයක් වන අසභ්ය චිත්රපට රංගන ශිල්පිනියකගේ අපි නොදත් මානූෂීය පැතිකඩක් ගැනයි.
මෙම ඡායාරූපයේ සිටින සුරෑපී යුවතියගේ නම ‘එලීනා කොෂ්කා’ ය. ඇයගේ නම ඇසූ පමනින් ‘ හම්මෝ මම මෙකිගේ ඒවා බලලත් තියෙනවානේ ‘ යන සිතුවිලිත් ඔබගේ මතකයට ඒවී. සමාජය කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයගේ නිරැවත පමනයි. නමුත් අප නොදකින ජීවිතයක් ඔවුන්ටත් තියෙනවා.
රැසියානු සහ යුක්රේන යුවලකට දාව රැසියාවෙදී උපත ලබන ‘එලීනා කොෂ්කා ‘ හැදී වැඩුණේ ඇමෙරිකාවෙය. 28 හැවිරිදි වියෙහි පසුවන එලීනා මීට වසර කිහිපයකට පෙර නිල් චිත්රපට නිලියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹුවා.
ඇය නිල් චිත්රපට ක්ෂේත්රය තුළ හොද නමක් දිනාගත්තා. නමුත් ඇය අනෙක් අසභ්ය චිත්රපට නිලියන්ට වඩා වෙනස් කෙනෙක් බවට පත්වුනා. මොකද ඇය අසභ්ය චිත්රපට වල රගපෑවෙ මුදල් හෝ ජනප්රියත්වයට කෑදරකමකින් නොවන නිසාය. ඇය අසභ්ය චිත්රපට වලින් උපයන මුදල් යොදවන්නේ සමාජ සේවා කටයුතු වලටය. සැබවින්ම ඇය පෝන් නිර්මාණ වල රගපාන්නේ සමාජ සේවා කටයුතු වලට අවශ්ය මුදල් ඉපයීමේ අරමුණ නිසාය. ඇයගේ මෙම යහපත් කාර්යයන් නිසාම සමාජ මාධ්ය තුළ ඇය ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.
ඇය අප්රිකානු රටවල දරිද්රතාවයෙන් පෙලෙන ජනතාවට විශාල වශයෙන් උදව් උපකාර කරනවා. එලීනා ගේ සමාජ සේවය වඩාත් කතාබහට ලක්වුනේ ඇය විසින් කෙන්යාවේ කාන්තා සිරකදවුරක සිටින රැදවියන් පිරිසකට අවශ්ය කරන සනීපාරක්ෂක උපකරණ ලබාදීමත් සමගයි. එම කෙන්යානු කාන්තා සිරකදවුර කෙරෙහි රාජ්ය නොවන සංවිධාන සහ සමාජ සේවා ආයතනවල නිසි අවධානයක් ලැබී නොමැත. එවැනි අවස්ථාවක එලීනා විසින් එවැනි සිරකදවුරක රැදවියන් හට උදව් උපකාර කිරීම බොහෝ දෙනාගේ අවධානයට මෙන්ම පැසසුමටද ලක්වුනා. එමෙන්ම එලීනා ඇයගේ සමාජ සේවා කටයුතු සිදු කරන්නේ අප්රිකානු රටවලට පමනක්ම නොවෙයි. ඇය ලොව පුරා සිටින උදව් අවශ්ය බොහෝ පිරිසකට උදව් උපකාර කරනවා.
අදවන විට එලීනා ගේ මෙම උසස් කර්තව්යයට ජනමාධ්ය වේදීන්ගේ සහ සමාජ සේවා සිදුකරන පිරිස්වල ලොකු ඇගයීමකට ලක්ව තිබෙනවා.
එලීනා කොෂ්කා වැනි හොද හදවතක් ඇති යුවතියක් කැමරාව ඉදිරියේ නිරැවත් වන අසභ්ය චිත්රපට නිලියක් වීම ගැන මා පෞද්ගලිකව සතුටු නැත. නමුත් මම ඇයගේ යහපත් අරමුණ අගයමි. එලීනා වැනි යහපත් හදවතක් ඇති නමුත් සමාජයේ පිරිහුණු රැකියාවන් වල නිරත වන මිනිසුන් තවත් ඉන්නට පුළුවන්. අවශ්ය වන්නේ ඔවුන්ගේ රැකියාවෙන් ඔවුන්ව තක්සේරු නොකර ඔවුන්ගේ යහපත් කාර්යයන් වෙත නිසි අවධානය ලබාදීමය.
උපුටා ගැනීම: – Priyadarshana Basnayaka (Ambrose) –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!