හුගාක් දරුවො ගැන දෙමාපියන් නඟන දුක්ගැනවිල්ල තමයි එක එල්ලෙ පාඩමකට යොමු වෙන්නෙ නැහැ කියන එක..
දරුවො කියන්නෙ කොයිතරම් පාඩම් කලත් පාඩම් මතක හිටින්නෙ නැහැ කියලා ..
කොහොම උනත් පාඩම් කරන දරුවන් ඉන්නට ඕනෙ සීමාව දැන ගත්තා නම් අසීමිතව මතකය වැඩෙනවා..
ඒ ගැන කියාදෙන්නයි මේ සූදානම ..
ඔබ පොත ගන්නවා…පාඩම් කරන්න ..
ඒත් ඔබේ හිත පොත ලඟ නැහැ ..
ඔබ පොත කියවනවා.. ඒත් ඔබේ හිත හුගාක් දේ කියවනවා පාඩමට අයිති නැති …
හුගාක් කාලය ගත කලත් පොත් පත් අතර
ඔබ ඉන්නෙ හිතින් හුගාක් ඈත ..
ඔබ පාඩම් කරනවා…ඒත් අන්තිමේදී ඔබ පාඩම් කිරීම හැර අන් සියල්ල කර තිබෙනවා ..
විභාගය ආසන්න වෙද්දි ඔබ අසරණ වෙනවා..
ඔබ පාඩම් කල දේ හැර අන් සියල්ල ඔබට මතකයි…
මොකක්ද මේ වෙලා තියෙන්නෙ ….
ඔබ කොහෙද හිටියෙ????
ඔබ හිටියෙ සෑම විටම ඔබෙන් පිට..
ඔබේ සීමාවෙන් පිට…
ඔබට ඔබව අමතක වෙද්දි …කොහොමද ඔබට පාඩම් මතක හිටින්නෙ..
ඔබ ඔබෙන් ඈතට යද්දි කොහොමද ඔබ සංසුන්ව ඉන්නෙ …
ඒත් ඔබ ඔබ තුල සිටින විට …ඔබට අමුතුවෙන් පාඩම තුල ඉන්නට වෑයම් කරන්න ඕනෙ නැහැ …
ඒකට කියන්නෙ සතිමත් වීම කියලා …
බෞද්ධ දර්ශනය අනුව නම් සිහියෙන් සිටීම ..
ඉංග්රීසි බසින් නම් ඒක Mindfulness කියන ලස්සන වචනයෙන් තමයි ඒක හඳුන්වන්නෙ
තමන් ගැන සිහියෙන් ඉන්න බැරි කාටවත් ප්රබල මතකයක් නැහැ …
තමන් තුල ඉන්න පුරුදු උනාම ඒක හරි පහසු ක්රමයක්..
තමන් තුල ඉන්න පුරුදු වූ දරුවෙකු කවමදාවත් ජීවිතයේ අහිතකර පුරුදු සීමාවන් අතික්රමණය කරන්නෙත් නැහැ ..
සුපිරිම පෞරුෂයක් තියෙන මිනිසුන් නිතරම ඉන්නෙ තමන් තුල …
ලෝකය එක්ක නිතරම ගැටෙන වැටෙන මිනිසුන් නිතරම ඉන්නෙ තමන්ගෙන් පිට..
තමන් තුල ඉන්න හැකිනම් …
ඔබ ඔබේ පාඩම තුල හිදීවි…
ඔබේ මතකය ගැඹුරු වේවි ..
ඒක පටන් ගන්න ඔබේ හුස්මෙන්…
ඔබේ පියවරින්…
ඔබට දැනෙන දෙයින් …
සතිමත් වෙන්න පටන් ගන්න
Be Mindful …
ඒ වෙනුවෙන් මා නිර්මාණය කල Super mind නවතම 4K 8D වීඩියෝව ඔබට
Mindfulness motivation එකක් …
ලෝකයේ රටවල් ගනනාවක් පිළිගත් …
පුහුණු වෙන mindfulness …
මේ එහි link එක ..
විභාගය විතරක් නොවෙයි ජීවිතයේ සෑම ඉලක්කයක් ම ජයගන්න සතිමත් වෙන්න ..
සතුටින් ඉන්න නම් සතිමත් වෙන්න ..
උපුටා ගැනීම: Samanthee Deshapriya Samarathunga