සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂකයින් අතරින් ආචාර්ය උපාධියක් ලබා ගත් පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කාන්තාවකට පුලුවන්ද මහ මුහුද එක්ක පොරබදින්න..

ඔබගේ පිලිතුර කුමක්ද?

මේ කතාව පොඩ්ඩක් නැවතිලා කියවන්

ආශා ඩී වෝස් යනු ශ්‍රී ලංකාවෙන් බිහිවූ මුහුදු ක්ෂීරපායින් පිළිබඳ  ආචාර්ය උපාධියක් සහිත එකම පර්යේෂකයායි. ශ්‍රී ලංකා නිල් තල්මසුන්  සංරක්ෂණ ව්‍යාපෘතිය නමින් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ වැඩිපුර ගැවසෙන සාගරයේ දැවැන්තයන් වන නිල් තල්මසුන්ඇතුළු සමුද්‍ර ජීවීන් පිළිබඳව පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සිදු කරන ආයතනය බිහිවන්නේ ද ආශා ඩි වෝස් නමැති තරුණ පර්යේෂිකාවගේ පුරෝගාමිත්වයෙන්!

 1979 දී ශ්‍රී ලංකාවේ උපත ලද  අශා ඩි වොස් ට වයස අවුරුදු හයේදී ඇගේ දෙමාපියන් ඇයට  පරණ National Geographic සඟරා ගෙනත් දීමට හුරුවී සිටියා. ඒ පිටු දෙස බැලූ මේ දැරිය “කවදා හරි මාත් මෙහෙම යනවා  මේවා බලන්න – වෙන කිසිවෙකු නොයන ස්ථානවලට ගොස් කිසිවෙකු නොදකින දේවල් දකින්න .. ” මේ විදිහට ත්‍රාසජනක- විද්‍යාඥයෙක් (Adventure Scientist) වීමට ඇය සිහින මැව්වා.. 

අශාගේ ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයේ වූ අතර ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය ශාන්ත ඇන්ඩෘස් විශ්ව විද්‍යාලයේ ( University of St. Andrews) සමුද්‍ර හා පාරිසරික ජීව විද්‍යාව ( Marine and Environmental Biology) පිළිබඳ උපාධි අපේක්ෂාවෙන් ස්කොට්ලන්තයට ගියා. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ( University of Oxford ) ඒකාබද්ධ ජෛව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඕ, බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයෙන් (Univercity of Western Australia) ආචාර්ය උපාධියක් ලබා ගත්තා.  සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂකයින් අතරින් ආචාර්ය උපාධියක් ලබා ගත් පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා අශා ඩි වොස් ය.

මීට අමතරව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන්ටා කෘස් හි ( University of California Santa Cruz) පශ්චාත් ආචාර්ය උපාධිධාරිනියක් වූ අතර නැෂනල් ජෝග්‍රැෆික් ( National Geographic ) හි බ්ලොග් කාරිණියක් ලෙස කටයුතු කරනවා.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ( International Union for Conservation of Nature) සමුද්‍ර හාවෙරළ ඒකකයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරියෙකු ලෙස ආශා ඩි වොස් සේවය කර තිබෙනවා.   2008 වර්ෂයේදී ඇය ආරම්භ කළ  ශ්‍රී ලංකාවේ නිල් තල්මසුන් ව්‍යාපෘතිය මගින්, උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ දිගුකාලීනව අධ්‍යයනය කෙරෙනවා. සෑම වසරකම සංක්‍රරමණය වීමට පෙර, නිල් තල්මසුන් අති විශාල ගහණයක්  ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු තීරයේ රැඳී සිටින බව ඇයගේ පර්යේෂණ වලින් අනාවරණය උණා.

ආශා ඩි වොස්ගේ පර්යේෂණ හේතුවෙන් ජාත්‍යන්තර තල්මසුන් කොමිෂන් සභාව ( International Whaling Commission) විසින් ශ්‍රී ලංකා නිල් තල්මසුන් , සංරක්ෂණ පර්යේෂණ සඳහා හදිසි අවශ්‍යතාවයක් ඇති විශේෂයක් ලෙස නම් කළා.  ඒ හරහා තල්මසුන් නැව් ප්‍රහාරයන්ට ලක් වීම පිළිබඳ  ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් ඔවුන් ආරම්භ කර තිබෙනවා. 

ආශා ඩි වොස්  අයි.යූ.සී.එන් ( IUCN ) විශේෂවල පැවැත්ම පිළිබඳ කොමිෂන් සභාවේ කැටේෂියන්  විශේෂඥ කණ්ඩායමේ (Cetacean Specialist Group ) ආරාධිත සාමාජිකයෙක් ද වනවා.

ඇය ශ්‍රී ලංකාවේ පළමු සාගර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන සංවිධානය වන ලාභ නොලබන සමාගමක් වන  ඕෂන්ස් වෙල් Oceanwell ( https://oceanswell.org ) හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරියයි. වෙරළ තීරයේ සෞඛ්‍යය හා අනාගතය රඳා පවතින්නේ අප රටේ ජනතාව මත බව අශා ඩි වොස් විශ්වාස කරනවා. “පැරෂුට් විද්‍යාව” ( “parachute science” ) එනම් බටහිර විද්‍යාඥයින් පුහුණුවී  සංවර්ධනය වෙමින් පවතින රටවල දත්ත එක්රැස් කර දේශීය හෝ කලාපයේ පුහුණුවකින් හෝ ආයෝජනයකින් තොරව පිටත්වයාම තිරසාර නොවන අතර සංරක්ෂණ කටයුතු අඩපණ කරන බව ඇය තව දුරටත් ප්‍රකාශ කරනවා.

කාන්තාවන් තම හැකියාවන් අනුව තමන්වම නිර්වචනය කළ යුතු බවත්, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ඔවුන්ගේ හැකියාවන් සීමාකිරීමට ඉඩ නොතැබිය යුතු බවත්. ඇගේ අදහසයි.

ආශා ඩි වොස්,  ටෙඩ් ( TED) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකාවක් ලෙසත්, සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ ඩියුක් විශ්ව විද්‍යාලයේගෝලීය  සාමාජිකයෙක් ( Duke University Global Fellow ) වන අතරම ලෝක ආර්ථික සංසදය ( World Economic Fourum ) විසින් තරුණ ගෝලීය නායිකාවක් ( Young Global Leader ) ලෙසත් තෝරාගෙන තිබෙනවා. 

2013 දී ඇයට විද්‍යාත්මක ප්‍රකාශන සඳහාජනාධිපති සම්මානය ( President’s Award for Scientific Publications) හිමි වුණා.  2015 දී ඇය සමුද්‍රීය සංරක්ෂණ ක්‍රියාකාරීඅරමුදල් සාමාජිකාවක් වූ අතර 2016 දී  පිව් මැරීන් ( Pew Marine ) සාමාජිකාවක් බවට පත් වූණා. 2018 දී වින්ග්ස්වර්ල්ඩ් ක්වෙස්ට් මුහුදු ගවේෂක කාන්තා සම්මානය ( WINGS WorldQuest Women of Discovery Sea Award)  හිමි කර ගන්නත් ආශා ඩි වෝස් සමත් වුණා.

2018 මැයි 26 වන දින බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ස්වර්ණමය ආදි ශිෂ්‍ය සම්මාන උළෙලේ පළමු සංස්කරණයේ දී වෘත්තීය ජයග්‍රහණ කාණ්ඩයේ රන් ආදි ශිෂ්‍ය සම්මානය ( the British Council Golden Alumni awards ) ඇයට හිමි වුණා. වර්ෂයේ අගභාගයේදී ඇය බීබීසී සඟරාව විසින් ලොව ප්‍රබලම කන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ( BBC 100 Wome list ) ඇතුලු  වුණා .  2019 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නම් කළ වෙනසක් ඇති කරන ලද කාන්තාවන් 12 දෙනා  අතරටත් එය තේරී පත් වුණා.

2020 ක්ෂේත්‍ර ජීව විද්‍යාව පිළිබඳ මැක්ස්වෙල් / හන්රාහාන් සම්මානයෙන් ( Maxwell/Hanrahan Award in Field Biology  පිදුම් ලැබූ ගෝලීය විද්‍යාඥයින් 5 දෙනා අතර ආශා තෙරී පත්වුවා.

ඔක්ස්ෆර්ඩ් හි ලින්කන් විද්‍යාලයේ 15 වන සියවස ශාලාවේ ( Oxford’s Lincoln College 15th Century Hall) චායාරූපයක් ප්‍රදර්ශනයට තබා ඇති පළමු ශ්‍රී ලාංකික ආදීශිෂ්‍යාව මැයයි.

“අපි කවුරුත් අපි ඇලුම් කරන ක්ෂේත්‍රය ඔස්සේ යා යුතුයි. සාමාන්‍යයෙන් ලංකාවේ අපව යොමු කරන්නේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥවරියක වැනි සාම්ප්‍රදායික වෘත්තින් අතර තියන්න.

නමුත් අපිට යම් බලාපොරොත්තුවක් ආශාවක් යම්ක්ෂේත්‍රයක් කෙරෙහි තිබෙනවා නම් කිසිම වෙලාවක බලාපොරොත්තු අත් හරින්න එපා ඒ සඳහා කැප වෙන්න. මට මහ මුහුද ගැනසොයන්න දවස් ගණන් දවල් රෑ නැතිව මහ මුහුදේ ඉන්න සිදු වෙනවා. ගිනි ගහන අව්වේ මහ වැස්සේ ඝන කළුවරේ මහ මුහුදේගෙවපු දවස් ගණන් කෙළවරක් නෑ. මට නවසීලන්තයේදි එක දිගට මාස හයක් පර්යේෂණ වැඩවල දී කුඩා කූඩාරමක කල් ගතකරන්න වුණා. එංගලන්තයේ ඉඳන් නවසිලන්තයට යන්න මුදල සොයා ගන්න අර්තාපල් වතුවල වැඩ කරන්න වුණා. සමහර අයටමම මහ මුහුදේ කල් ගත කරන එකත් ප්‍රශ්නයක්. අව්වට කළු වෙයි කියන එකත් ප්‍රශ්නයක්. මට එන බාධක සියල්ලම මම මැඩගන්නේ මට මා යෙදෙන පර්යේෂණවල තිබෙන කුතුහලය නිසයි. අද මම සාර්ථක සමුද්‍ර ජෛව විද්‍යාඥයෙක් පමණක් නෙවෙයි ඒගැන සාර්ථක දේශන පවත්වන දේශකයකු, ලේඛිකාවක සහ ඡායාරූප ශිල්පිනියක මෙන්ම සංරක්ෂකවේදිනියක ලෙස ලෝකයපිළිගන්නේ ඒ නිසයි.“

-ආශා ඩි වෝස්

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!