ආශාවයි කැමැත්තයි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” මට ටිකක් කතා කරන්න ඕනි “
රෑ නිදාගන්න ඇඳට ගියාට පස්සේ අම්මා හරිම බැරෑරුම් විදියට මගේ ලඟට ඇවිත් කිව්වා.
සාමාන්යයෙන් අම්මා මගෙත් එක්ක ඕනිම දෙයක් කතා කරනවා . එ⁣හෙම කතාකරන්න කවදාවත් ඔහොම විශේෂයෙන් මගෙන් අහලා අවසර ගන්නේ නෑ හැබැයි .
අම්මයි මමයි යාලුවෝ වගේනම් නෙවෙයි . අපේ ගෙදර තිබුන පරිසරය එහෙම යාලුවෝ වගේ ඉන්න පුළුවන් පරිසරයකුත් නෙවෙයි . තාත්තගේ පොලිස් නීතී වලට යටත් වෙලා වැඩ කරන්න ඕනි නිසා අපි අම්මටයි තාත්තටයි පුදුම බයයි . ඉතිං මම ඒ බය හිතේ තියාගනම මොකක්ද කියලා සාමාන්ය විදියට අම්මගේ ඇහුවා .
” ඔයා කොල්ලෙක් එක්ක පැටලිලා කියලා ගමේ මිනිස්සු කීප දෙනෙක්ම මට කිව්වා . ඒක ඇත්තක්ද ?”
ඒ කතාව අහුවමනම් මට හොදටම හිනා ගියා .
ඒ හිනාව දැකලා අම්මාගේ මුණ ටිකක් නපුරු පාට වුන නිසා මම අම්මට කෙලින්ම කියලා දැම්මා .
” ඒ සුනෙත් “
සුනෙත් , මම දහයේ පංතියේ ඉදලා දන්න කියන කොළුවෙක් .
අපේ ඉස්කෝලේ නාට්ය හා රංග කලාව විෂය කලේ අපි දෙන්නා විතරමයි .
මුලින් මුලින් සුනෙත් එක්ක මම වැඩිය කතා බහ කරේ නෑ .
මං හිතුවේ මනුස්සයා හරි පණ්ඩිතයෙක් කියලා .
හැබැයි සති කිපයක් අපි දෙන්නයි රංගකලාව සර් විතරක් කොහේ හරි ගහක් මුල , නැත්නම් හිස් පංති කාමරයක හමුවුන නිසා අනිවාර්යෙන් අපිට කතා කරන්න සිද්ද උනා .
ඩිංග ඩිංග අපි හොදම යාලුවෝ උනා .
දැන් අපි දහතුන වසරේ .
හරියටම තව මාස පහකින් අපිට උසස් පෙළ විභාගය .
තවමත් සුනෙත්ගෙයි මගෙයි යාළුකම ඒ වගේමයි .
යන ඕනිම තැනක මගෙත් එක්ක නැට්ටක් වගේ ඉන්න කෙනෙක් දැක්කොත් ඒ තමයි සුනෙත් .
අපි දෙන්නා ඉස්කෝලේදී , ටියුෂන් එකේ කියවනවා . ඒවා සමහර විට අත්යවශ්ය දේවල් නෙවෙයි .
එත් එහෙම කියවද්දී හිතට මාර නිදහසක්‌ දැනෙනවා.
මටනම් සුනෙත් ගැන එහෙම විශේෂ හැගීමක් නෑ .
ඒවගේම මට ප්රත්යක්ෂ කරලා කියන්න පුළුවන් සුනෙත්ටත් එහෙම මම ගැන විශේෂ හැගීමක් නෑ කියලා .
” ඉතිං ඔයාලා දෙන්නා ආතරේ එහෙම සම්බන්ධයක් තියනවද ? මට ඇත්ත කියන්න “
අම්මා මාව නිකං වැරදි කාරයෙක් ගණනට දාලා බලකරලා මගෙන් අහන්න පටන්ගත්තා .
අම්මට පිස්සුද කියලා අහන්න හිත ගියත් . ඕව ඔහොම කියන්න ගිහිං බැනුම් අහගන්නවට වඩා කෙටි උත්තරයක් දෙන එක ලේසි .
” නෑ ….. අපි යාලුවෝ …. එච්චරයි “
මම එහෙම කියලා , ඇඳට වැටිලා පොරවන රෙද්ද ඔළුවේ ඉදං පොරවගන නිදාගත්තා .
” හොඳයි පුතේ …. අපි හෙට හිමිහිට මේ ගැන කතා කරමු ” කියලා අම්මත් මගේ කාමරෙන් එලියට ගියා .මම හොදටම දන්නවා අම්මා මම කියපු එක විශ්වාස කරන්නේ නෑ කියලා .
හැබැයි මට නින්ද අහලවකටවත් ආවේ නෑ .
පංතියේ කොල්ලෝ කෙල්ලොන්ට , ඉස්කෝලේ ටිචර්ලට , ගමේ මිනිස්සුන්ට ප්රශ්ණයක් වෙලා තිබුනේ අපි දෙන්නගේ සම්බන්ධය .
අපි දෙන්නා යාළුවො කියලා කිව්වහම, පංතියේ ලමයි හිනා උනේ ” අනේ බොරු නොකර හිටපන් ” කියලා .
ඉස්කෝලේ ටීචර්ලා නොදන්නා ලෙස නිරන්තරයෙන් අපි දෙන්නට අවවාද කරේ
” වෙන වෙන දේවල් ඔළුවට දාගන්නේ නැතිව විභාගය පාස් වෙන්න ” කියලා .
ඒ කියමනේ තිබුනේ සුනෙත් සහ මගේ සම්බන්ධයක් ගැන .
ගමේ මිනිස්සුනම් මගෙන් අහ අහා ඉන්නේ නෑ එහෙම සම්බන්ධයක් තියනවද කියලා . මම ගෙදර නැති වෙලාවක් බලලා කෙලින්ම අම්මගේ කනේ තියනවා .
ඇත්තටම ඇයි මිනිස්සු මෙහෙම එක එක නැති විකාර හිතන්නේ ?
කෙල්ලෙකුයි කොල්ලෙකුයි හොදම යාලුවෝ කියලා ඇයි මිනිස්සු පිළිගන්නේ නැත්තේ .
සුනෙත් ගැන මගේ හිතේ ආදරයක් නෑ .
එත් මම කැමති සුනෙත් එක්ක කතා කරන්න .
රෑ එළිවෙනකම් දවසක් හරි අපිට කතා කරන්න මාතෘකා තියනවා . එයා කියන සමහර දේවල් මට තේරුම් ගන්නත් බෑ . එත් මම කැමති ඒවා අහගන ඉන්න .
සුනෙත් හැමවෙලාවකම කිව්වේ ” ඔයාගේ ඇස් වලට මං කැමති ” කියලා .
මමත් ඒ හැමවෙලේම අහනවා ඒ ඇයි කියලා .
එතකොට එයා කියනවා ” ඒවා දුඹුරු පාට මැණික් කැට දෙකක් වගේ ” කියලා .
මමත් කැමති සුනෙත්ගේ හිනාවට .
ඒ හිනාව හරි අහිංසකයි .
මගේ පංතියේ ළමයෙක් කියනවා දවසක් ….
” උබනම් ඉතිං අහුවුනේ සුනෙත්ගේ ඒ අහිංසක හිනවටනේ ” කියලා .
එදානම් මට මගේ හිත ගැනම සැකයක් ඇති උනා මේක යාළු කමට එහා ගිය බැඳිමක්ද කියලා .
දවසක් අපි ඉස්කෝලේ ඇරිලා එද්දී ලස්සන අළු පාට ඇස් දෙකක් තියන ගැහැණු ළමයෙක් පාරේ ගියා .
සුනෙත් ආසයි අමුතු පාට ඇස් වලට .
ඉතිං මම සුනේත්ට තට්ටුවක් දාලා ඒ ගැහැණු ලමයව පෙන්නල කිව්වා
” අන්න ඔයා ආශා කරන වර්ගයේ ඇස් දෙකක් “
එතැනදී සුනෙත් මට නොතේරෙන දෙයක් කිව්වා .
” ආශාව නෙවේ ….. මම කැමති ඇස් දෙකක් “
එත් මට හිතාගන්න බෑ . සුනෙත්ගේ මේ ආශාවයි, කැමැත්තයි අතර තියන වෙනස . ඉතිං මම ඒ වෙලාවේම ඇහුවා ඔය දෙකේ තියන වෙනස මොකක්ද කියලා .
ඉතිං සුනෙත් මට කිව්වේ ….
” ආශාවයි , කැමැත්තයි කියන්නේ අහසයි පොළවයි වගේ වෙනස් දෙයක් . ආශාව කියන්නේ තමන්ගේ කරගැනීම . හැබැයි කැමැත්ත කියන්නේ තමන්ගේ කරගැනීම නෙවේ “
” ඒ කොහොමද ? “
මම කිව්වනේ සුනෙත් කියන දේවල් වලට මං කැමති කියලා . ඉතිං තවත් මං සුනේත්ගෙන් ඒ ගැන ඇහුවා .
” මට ඔයාට ආශාවක් නෑ . කැමැත්තක් විතරයි තියෙන්නේ . මට ඔයගැන ආශාවක් තියනවානම් ඔයා මගේම කරගන්න විතරයි හිතෙන්නේ . එත් ……….මට එහෙම ඕනි නෑ . ඒකනේ අපි යාළුවෝ වෙන්නේ මෙච්චර දවසක් “
මං ඉතිං හිතුවා සුනෙත් මට කැමති කියලා .
එදා මම තීරණය කරා සුනෙත්ගේ හිතේ මම ගැන යාලුවෙක් කියන හැගීම විතරයි තියෙන්නේ කියලා .
ඒකත් එක්තරා විදියක ආදරයක් තමයි .
හැබැයි ඒක විශේෂ ආදරයක් .
ටික දවසකින් මට තේරුණා මිනිස්සු කියන ප්රේමයේ තියෙන්නෙත් ආශාව කියලා .
එත් සුනෙත් සහ මම යාලුවෝ .
අපි ආශා කරන වෙනත් පුද්ගලයෝ දෙන්නෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා ඇති .
ඒ කියන්නේ අපේ ප්රේමයේ හිමිකාරයෝ .
ඒ අය හමුවීමට තව කල් තියනවා ඇති .
ඒ අය මුණ ගැහුනහම ඔය රටේ ලෝකේ මිනිස්සු කියනවා වගේ අපි ආදරේ කරයි .
හිතේ ආශාව පුරවගන ආදරේ කරයි .
මිනිස්සු හිතන්නේ කොල්ලෙක්ටයි කෙලෙක්ටයි හොදම යාලුවෝ වෙන්න බෑ කියලා .
එත් අපි දෙන්නා දන්නවා කැමැත්තක් විතරක් හිතේ තියාගන කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි හොදම යාලුවෝ වෙන්න පුළුවන් කියලා .
ඉතිං රටේ මිනිස්සු මොනවා කිව්වත් අපිට අදාල නෑ .
මම පුළුවන් වෙලාවක අම්මටත් පැහැදිලි කරලා දෙන්න ඕනි යාලුවෝ දෙන්නට දෙන්නා ආශා වෙන්නේ නෑ . යාලුවෝ දෙන්නට දෙන්නා කැමති වෙනවා කියලා .
මේ රටේ බහුතරයකට නොතේරෙන අපේ බැදීම , අපේ අම්මා තාත්තාත් වැරදියට තේරුම් ගන්නවා කියන්නේ මහා ලොකු පුදුමයකුත් නෙවේ ඉතිං .
ඕනිම කෙනෙක් සුනෙත් වගේ ආශාවයි කැමැත්තයි කියන දේ තේරුම් ගත්තනම් සම්බන්ධකම් තේරුම් ගන්න අමාරු නෑ .
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!