අශෝකමාලා කුමරිය සාලිය රජුට දුන් රතු තම්පලා ව්‍යාංජනය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඉතින් සාලිය අසෝකමාලා කියලා කියන්නේ අපේ ඉතිහාසයේ ජීවත් වූ ආදරණීයම පෙම් යුවලක්  කිව්වොත් නිවැරදියි. බෞද්ධ ඉතිහාසයේ විවිධ පෝය දිනයන්හිදී  සාලිය  අශෝකමාලා කතා පුවත රඟ දැක්වුයේ එහි තිබෙන අපූර්වත්වය නිසාම ය. මේ සාලිය අශෝක මාලා පෙම් පුවත  කොතරම් ජනතාව තුළ ප්‍රසිද්ධියට පත් වුණාද කිව්වොත් ඒ සඳහා නිර්මාණය වුණු  කවි සින්දු ද වර්තමානයේ අපිට දැකගන්නට පුළුවන්.ඉතින් ජනප්‍රිය ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය විසින් ගායනා කරන,

අශෝකමාලා මමයි ස්වාමිණි ආශෝක මල් වනයේ  රනේ-  රුවට රූ සපුව දිලෙන මුත්  මා චණ්ඩාලියකී”     මා චණ්ඩාලියකි

යනුවෙන් ගායනා කරන කවිය එයට කදිම නිදසුනක්.ඉතින් අපි අද මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ මේ සුන්දර අශෝකමාලා කථා පුවතට මූලිකවුණු රසවත් කතා කීපයක් පිළිබඳව.

අශෝක මාලා සහ සාලිය කුමරුගේ මුණ ගැසීම.

සාලිය කුමරු කියලා කියන්නේ අපේ රටේ අතීතයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක් වන දුටුගැමුණු මහරජතුමාගේ පුතණුවන්. ඒ වගේම තමයි අසෝකමාලා කුමරිය කියලා කියන්නේ රූපයෙන් අග තැන්පත් දුටුවන්ගේ සිත් වශීකරවන චණ්ඩාල කුලයේ උපත ලැබූ කාන්තාවක් .ඉතින් එකල චණ්ඩාල කුලය කියලා හඳුන්වන්නේ ඉතාමත් පහත් කුලයක් කියලා තමයි ඉතිහාස සඳහන් වෙන්නේ.

ඉතින් අතීතයේ සඳහන් වන ආකාරයට මේ දෙදෙනාගේ හමුවීම ඉතාමත් සුන්දර හමුවීමක්. ඒ කියන්නේ අශෝකමාලා නැමැති මේ තරුණිය හැමදාම තමන්ගේ ගම්මානයට නොදුරින් පිහිටලා තියෙන අශෝක මල් උයනට යනවලු මල් නෙලන්න. ඉතින් දවසක් දා මෙහෙම  මල් නෙලන අතරතුර  ඇය මිහිරි ගීතයක් ගායනා කරනවා ලු.ඉතින් මේ මිහිරි ගීතයේ  හඬ ඇසෙන මේ අසලින් යන සාලිය කුමරු මොහොතක් මේ රූමත් තරුණිය දිහා බලාගෙන ඉන්නවා.

ඉතින් ඇගේ රූප සම්පත්තියෙන් වශීවෙන සාලිය කුමරු ඇගේ රූප සම්පත්තිය පහත ආකාරයෙන් වර්ණනා කළ බව ඉතිහාසය සඳහන් වෙනවා.

රඹ කඳන් මෙන් අලංකෘත කලවා යුගලන්”   “නිල් මුහුදේ පැන නගින රන්නිබ්බන් සේ දිදුලන පියවුරු සගල”                                                              “මුතු පන්තියක් සේ බබලන සුදෝ සුදු දත්පෙල”

ආදී නොයෙකුත් උපමාවන් භාවිතා කොට  අශෝකමාලා කුමරිය වර්ණනා කරනවා.එපමණක් නොවේ ඇයව දුටු විගසම සාලිය කුමරුගේ සිත ඇය කෙරෙහි ආදරෙන් බැඳුනු බව ඉතිහාසයේ සඳහන්. ඒ වගේම තමයි සාලිය කුමරු සහ අශෝකමාලා කුමරිය  සම්බන්ධ තවත් කතාවක් අතිතයේ සඳහන් වෙනවා.

ඒ තමයි අනුරාධපුර ප්‍රදේශයේ වූ ගමක  ජීවත් වෙමින් සිටිමි අසෝකමාලා කුමරිය දවසක් දකිනවා මේ සාලිය කුමරු තමන්ගේ අශ්වයා පිට නැග ඇය අසලින් ගමන් කරනවා. කුමරු දැකීමෙන් දැඩි බියට පත් වන අශෝකමාලා කුමරිය සැඟවෙන්න උත්සහ කරනවා. නමුත් සැඟවීමට කිසිදු ස්ථානයක් හොයාගන්න අපහසු වන නිසා ඇය අසල තිබූ තාප්පයකට හේතු වෙනවා .

මේ අසලින් ගමන් කරන රජතුමා තාප්පයට ඇලී සිටින අශෝකමාලා කුමරිය දකින්නේ සිත්තරෙක් විසින් සිතුවම් කරපු අලංකාර චිත්‍රයක් විදිහට .ඒ නිසාම රජතුමා අණ කරනවා තමන්ගේ සේවකයන්ට මේ චිත්‍රය සිතුවම් කරපු සිත්තරාව හොයා ගන්න කියලා.

නමුත් හොඳින් විපරම් කර බැලූ පසු සියලු දෙනාටම තේරෙනවා මෙලෙස ඉන්නේ සැබෑම ජීවමාන රූමත් තරුණියක් බව .ඉන්පසු සාලිය කුමරු ඇයව තම මාළිගාවට ගෙන ගොස් විවාහ කර ගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

එල්ල වුණු විවිධ බාධා 

ඉතින් බොහෝ ආදර කතා වල පෙම්වතා සහ පෙම්වතිය නොයෙකුත් කරදර සහ බාධාවන්ට මුහුණ දෙනවා. ඉතින් අතීතයේත් ඒ වගේම තමයි. සාලිය කුමරු සහ අශෝකමාලා කුමරිය මේ සම්බන්ධය හේතුවෙන් නිරන්තරයෙන් ම විවිධ බාධාවන්ට මුහුණ දුන්නා .ඒකට ප්‍රධාන හේතුව තමයි අශෝකමාලා කුමරිය සැඩොල් කුලයක උපන් පහත් තරුණියක් වීම.

ඉතින් රජ පෙළපතකින් එන කුමාරයෙක්ට කිසිසේත්ම  පහත් කුලයක ස්ත්‍රියක් විවාහ කර ගන්න අවසර නැහැ . නමුත් සියලු දෙනාගේම අකමැත්ත මත සාලිය කුමරුන් අශෝකමාලා කුමරිය  විවාහ කර ගන්නවා. ඉතින් මේ හේතුව නිසා දුටුගැමුණු මහරජතුමා විසින් මේ දෙදෙනාව තමන්ගේ රාජධානියෙන් පිටුවහල් කරා කියලා ඉතිහාසයේ සඳහන්. ඒ කෙසේ නමුත් ටික කාලයක් ගතවන විට දුටුගැමුණු රජුගේ එකම පුතා සාලිය කුමරු නිසා රජු මේ දෙනාට සමාව ලබාදුන් බවත් සඳහන් වෙනවා.

රසවත් ලෙස ආහාර පිසූ අශෝකමාලා කුමරිය

ඉතින් ඉතිහාසයේ සඳහන් වන ආකාරයට  අසෝකමාලා කුමරියට ඉතා රසවත් ලෙස ආහාර පිළියෙල කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඉතින් එක්තරා දිනක මේ අසෝක මාලා කුමරිය දුටුගැමුණු රජතුමාට රත් තම්පලා වලින් සැකසූ ව්‍යංජනයක් සේවකයන් අතේ යවනවා.

නමුත් මේ අවස්ථාවේ දී ඉතා කේන්තියෙන් සිටි රජතුමා “සැඩොල් කතකගේ ආහාර මට එපායනුවෙන් කෝපයෙන් කෑගසමින් ආහාර බඳුන බිත්තියකට වදින සේ විසි කරනවා. ඉතින් කාලයක් මෙහෙම යනකොට බිත්තියේ ඇලුනු  මේ රත් තම්පලා  වලින් පැල වැවෙන්න පටන් ගන්නවා.

ඉතින් ඒ අතරතුර කාලයේදී රජතුමා හදිස්සියේම කකුල ඇතිවුණු විසර ගෙඩියකින් පීඩාවට පත්වෙනවා.ඉතින් රාජකීය වෛද්‍යවරුන්ගේ තීරණය වුණේ මේ තුවාල හොද කරන්න නම් රත්තම්පලා ශාකය අවශ්‍යයි කියලා . ඉතින් මේ මොහොතේදී රත්තම්පලා සොයා ගැනීම ඉතා අසීරු කාර්යයක් බව සියලුම දෙනා ට වැටුණා .ඉන්පසු හදිස්සියේම රජුගේ සේවකයාට මතක් වෙනවා බිත්තියේ ඇලී පැල වූ රත්තම්පලා පැල ගැන. ඉතින් මේ පිළිබඳ දැනුවත් කරන මේ සේවකයා එතනින් ලබාගත් රත්තම්පලා පැල මගින් රජු සුවපත් කරන්න හැකි වෙනවා.

ඉතින් තමාව සුව කර ගැනීමට උදවු උපකාර කල කුමරිය දුටුගැමුණු රජතුමා විසින් ඇගයීමට ලක් කරනවා. ඉතින් සාලිය අසෝකමාලා  කතා පුවත ගැන වැඩිදුර විස්තර සද්ධර්මරත්නාවලි නම් ග්‍රන්ථයේ සඳහන් බව පැවසේ.ඉතින් පසුකාලීනව ශ්‍රී ලංකා සමාජය තුළ සාලිය අසෝකමාලා  කතා පුවත සම්බන්ධ විවිධ නිර්මාණ බිහිවීමට  පටන් ගන්නවා. ඒ අතරෙන් ඉසුරුමුණිය පෙම් යුවලට පාදක වුණේ මේ කතාව  බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

  උපුටා ගැනීම:  M.ශෂිකලා මදුෂානි
B.A. in Communication Studies

The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!