අත් අකුරු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උදේ වෝඩ් රවුන්ඩ් එකෙන් පස්සෙ ලොකු සර් ලෙඩ්ඩු කීප දෙනෙක් ඩිස්චාර්ජ් කරලා. වාට්ටුවෙ අදාල වෛද්යවරයා ඒ ලෙඩ්ඩුන්ගෙ රෝග විනිශ්චය කාඩ්පත් ලියන්න පටන් ගත්තා. ලොකු සැත්කමක් කරලා දවස් හතර පහකට පස්සෙ ටිකට් කැපුව ලෙඩෙක්ගෙ කාඩ් එකක් පළමුවෙන් ලියන්න තිබුණේ.. සැත්කමෙන් පසු සැත්කම කරන ලද වෛද්යවරයා ලියන ලද සටහන ඔහු කියවමින් සිටියේ.
” මේ මිස් මේ මොකද්ද ලියල තියෙන්නෙ කියවගන්න අමාරුයි වගෙ” ඔහු එතන සිටි නර්ස්ගෙන් යමක් පෙන්වා ඇසුවා.
” අනේ මන්දා ඩොක්ටර් මටත් පැහැදිලි නැහැ” නර්ස්ටත් කියවගන්න බැරි වෙලා.
ඉන්පසු වෛද්යවරයා එම සටහනේ ඡායාරූපයක් ගෙන සැත්කම සිදු කල වෛද්යවරයා හට වට්සැප් හරහා යවා සටහනේ ඇති දෑ විමසුවේ කාඩ්පත සම්පූර්ණ කිරීමට එහි කරුණු වැදගත් නිසා.
” මචං මටත් කියව ගන්න බෑ. පොඩ්ඩක් හිටහන් ” පැවසූ සටහන ලියූ වෛද්යවරයා බොහෝ වේලාවක් ගත කර තමන්ගේම අත් අකුරු ගලපා ගත්තා.
අපහාසයට නොව උපහාසයට පමණි..
උපුටා ගැනීම: Piyumi Iresha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!