අත් පළඳනා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මා දන්නා කාන්තාවක් හිටියා. දවසක් එයා ලස්සන පාට පාට ගල් අල්ලපු රත්තරං අත් පළඳනාවක් මිලදී ගත්තා, ඒක පවුම් එකහමාරක් විතර ඇති. ඉතින් ඒකෙ මිලත් ඒ වගේම ලස්සනයි.
දවසක් අපි දෙන්නා එහෙ මෙහෙ ඇවිදින්න ගිය වෙලාවක, හදිසියේම එයා කිව්වා එයාගෙ අතේ අර bracelet එක නෑ, කොහේ හරි වැටිලා කියලා. ඉතින් අපි ඒක හොයාගන්න ටිකක් මහන්සි උනා. ( වැටුනයි කියලා හිතුනු තැන් වලට ගියා) ඒත් හොයාගන්න බැරි උනා.
ඇත්තටම එයාට වඩා ඒ ගැන දුක් උනේ මම. මොකද එයා ගොඩක් ආසාවෙන් ඒක ගත්ත බව මං දන්න නිසා.
ඉතින් මං එයාගෙන් ඇහුවා ” ඒක නැති උනු එක ගැන දුක නැද්ද” කියලා. (මොකද එහෙම වෙන්න ඕනනෙ)
ඒ වෙලාවෙ එයා කිව්වා ” මට ටිකක් දුකයි තමයි. ඒත් මං ප්රාර්ථනා කරනවා ඒ bracelet එක කවුරු හරි තරුණ ගෑනු ළමයෙකුට ලැබෙන්න කියලා, එතකොට එයා ඒක ආසාවෙන් ලස්සනට අතේ දා ගනී.”
මට එයා ගැන ඇත්තටම එවෙලෙ ගෞරවයක් දැනුනා. මාත් දෙයක් නැති උනාම හිත හදාගන්නවා තමයි ගොඩක් පසුතැවිලි නොවී, ” ඒක මට අයිති දෙයක් නෙමේ වෙන්න ඇති” කියලා. ඒත් අර කාන්තාව වගේ සුන්දර ප්රාර්ථනාවකින් අහිමි වීම අමතක කරන්න පුළුවන්නම් කොයිතරම් හොඳද? එතකොට මනසට කොහෙත්ම බරක් නෑ.
” මගේ අහිමි වීම, මටත් වඩා සතුටු වෙන කෙනෙක්ට අයිති වේවා කියලා හිත හදාගන්න පුළුවන් එක කොයිතරම් සැහැල්ලුවක්ද …..
උපුටා ගැනීම: Manohari Weerasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!