අත හරින්නම හිතුනොත් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මදාරගෙ මහත්තයගෙ ,සහෝදරයගෙ බිරිඳ හදිසියේම සියදිවි හානි කරගත්තෙ හවස හයයි කාලෙ සමුද්රදේවියට පැනල.ඒක එයාලගෙ පවුල් පසුබිමේ හැටියට අදහගන්න අමාරු මරණයක්.සුන්දර කාන්තාවක් උන “ජිනාදරී”අපි එක්ක හරි සුහදව හිටපු කෙනෙක්. ඉතින් ඒක අපිව සසල කරපු මරණයක් උනා. මදාරා තමන්ගෙ නෑන ගාන සියදහස් වාරයක් අපිට කියලත් තිබුනා.
කැබ් එකකට කෝල් කරල ටවුන් හෝල් එක ලහට වෙලා මේනුයි මමයි පමෝධයි ෆියුනරල් යන්න චාන්දනී එනකල් හිටියා.එයා පරක්කු නිසා,මේනු චාන්දනි ගෙ මොබයිල් එකට ගත්තම ඒකත් ඕෆ්. ඉතින් අපි ගමන පරක්කු කරගෙන චාන්දනි ගන්න නාගස් හන්දියෙ එයාගෙ ගෙදරට ගියා.
“ඇයි මම මේනුට ටෙක්ස්ට් කලානෙ එන්න වෙන්නෑ යන්න කියල පුතාට සුරයක් දැම්මනෙ ඉතින් කිල්ලට අහුවෙන්න හොද නෑ.”
චාන්දනී ඕනම වෙලාවකදි ඕනම දෙයක් කියල ඇග බේරගන්න දන්න යාලුවෙක්.එයා එහෙම කිව්වම මේනුට ගොඩක් තරහ ගියා.
“එහෙ ඇති කිල්ලක් නෑ බන්. මිනියක් තියෙන්නෙ.අනික උබේ රෙද්දෙ මැසේජ් එක මම දැක්කෙ නෑ.ඕක කෝල් කරල කිව්වනම් අපි මේ දුර එන්නෙ නැතිව යනවනෙ උඹ නම් මහ මොකෙක්ද මන්ද ශිට්”
යාළුකම කියන්නෙ කිල්ලට බයේ හැංගිලා මග අරින එකට වඩා මොනව හරි අවස්ථාවක් හදාගෙන දුක බෙදාගන්න එක කියල චාන්දනි ට කියල දෙන්න අපිට වෙලාවක් තිබ්බෙ නෑ ඇත්තටම.
“ඇයි දිවිනසාගැනීම් වලදි ගැහැණු ඉස්සරහින් ඉන්නෙ”
දවසක් සංධයා ගොඩකන්ද මිස් කේක් වලට ගන්න අමුද්රව්ය ගැන විස්තරයක් කරන අතරෙ එහෙම ඇහුව .
“ඒකෙදිත් අනික් කාරනා ඔක්කොගෙම වගෙ පිරිමි පස්සෙන් ඉන්න හින්දනෙ මිස්”
පමෝධ තරහින් එහෙම කිව්ව. ඇත්තටම ගැහැණු දිවි නසාගන්න ඉක්මන් වෙන්නෙ දුර්වල කම හින්දද.දරාගන්න බැරි කම හින්දද. ප්රශ්න වලට මූණ දෙන්න බැරි හින්දද?
ඒත් ගැහැණු හරි ශක්තිමත් නෙ.
2005 විතර මගෙ ඥාතිවරියක් ගෙදර තුන්වෙනි මහලෙ සඳැල්ලට ගිහින්,මාස තුනක් වයස දරුවගෙ රෙදි වනන නයිලෝන් ලනුව බාල්කයට දාල ගෙල වැලලගෙන මිය ගිහින් තිබුන. එයා නිදි ඇදෙන් නැගිටල ගිහිනුයි ජීවිතය අත ඇරල තිබුනෙ.දරුවයි සැමියයි දෙන්න හීන දකින වෙලාවෙ.
ඒ අවමංගල්යයට ට මට යන්න උනේ පවුලෙ අයත් එක්ක රෑක. ජීවත් වෙලා ඉන්නකොට නිතරම හිනාවෙවී හිටපු ඒ අක්කා දෙතොල් තදින් පියාගෙන සැනසිල්ලෙ නිදාගෙන ඉන්නව දැක්කම මට මගෙ නංගි මතක් උනා. ඒ අක්කගෙ සහෝදරිය වෑයමෙන් විලාප නොකියා ඉන්න හැටි දැක්කම මට විලාප තියල අඩන්න හිතුනා.හැබැයි ඒ මොහොතෙ මිය ගියපු සුන්දර හිතවතියගෙ ස්වාමියා අසල්වැසි ඥාතී නිවසක කිසි දුකක් නොපෙන්නා රාත්රී ආහාර ගනිමින් හිටියා.
මරණයට හේතුව විදියට අධිකරණ වෛද්ය වාර්ථාවෙ තිබුනෙ ගෙල වැලලාගැනීම හේතුවෙන් උගුරුදන්ඩ සිරවීම නිසා මරණය සිද්ද උනා කියල උනත්,ඊට වසරක් යන්නත් කලින් අනියම් පෙම්වතිය විවාහ කරගෙන ඒ ගෙදරම සතුටින් ජීවත් වෙන්න ගත්ත එයාගෙ සැමිය දැක්කම මරණයට හේතුව උගුරු දණ්ඩ සිරවීම නෙවෙයි පපුව මැද මහා වේදනාවක් කාලාන්තරයක් තිස්සෙ දරාගෙන ඉදිල්ල කියල මට හිතුනා.
“මෙයාට ට්රේන් එකට පනින්න කිසි හේතුවක් තිබ්බෙ නෑ බන් ඊයෙ දවාලෙත් අපෙ ගෙදර දෙන්න එක්කම ඇවිල්ල හොදට විනෝදෙන් ඉදල ගියා..”
මදාරා හරි වේදනාවෙන් හිටියෙ.ජිනාදරී එයාට ගොඩක් ලගින් හිටපු නෑනා කෙනෙක්.ඩිලන් අතදරු කාලෙ මදාරට ඩෙංගු හැදිල.ඒ කාලෙදි ඩිලන්ව අම්මෙක් වගෙ බලාගෙන තිබ්බෙ ජිනාදරී.
“මැරුණම කිසි දෙයක් දැනෙන්නෙ නෑ” කියන සැනසිල්ලයි ගැහැණු දිවිනසාගැනීමෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල මට වෙලාවකට හිතෙනවා .ඒත් සමහර අය කෙනෙක්ගෙන් පළිගන්න එහෙම කරනවා.බය කරන්න එහෙම කරනවා.
“ඔයා මාව දාල ගියොත් මම මැරෙනවා “
සමහර පෙම්වතියන් පෙම්වතාට එහෙම කියනව. සමහරු නම් ඇත්තටම ආදරේ වෙනුවෙන් ජීවිතේ දෙනව.සමහරු එහෙම කියන්නෙ බොරුවට .එහෙම කියපු ගොඩාක් අය ජීවිතේට ගොඩාක් ආදරෙයි පෙම්වතාට කෙසේ වෙතත්.
” පීරිමි අයටත් මැරෙන්න හිතෙන තැන් තියනව තාරා ගෑණු අය වගේ අඩන්න බැරි කම වෙලාවකට පිරිමියෙක්ට කරුමයක්. අඩන පිරිමින්ට ගෑණු කැමති නෑනෙ .ඒ හින්ද උන් අඩන්නෙ ඇතුලෙන් බැරිම උනාම උනුත් මැරෙන්න බලනව “
එහෙම කියපු පිරිමි යාලුවෙක් හිටියා. එයා දෙවෙනි විවාහයත් කඩාවැටුන තනිකඩ තාත්ත කෙනෙක්.හැබැයි නිතරම හිනාවෙලා හිටියා.වික්ටර් රත්නායක සර් ගෙ සිංදු කොයි වෙලේත් වාහනේට වෙලා ඇස් පියාගෙන අහන පුරුද්දක් එයාට තිබුනා.
” රවාගෙන ඉන්න එපා හලෝ කැතයි..හිනාවෙලා ඉන්නවකො මූසලයි නැතිනම් “
එහෙම කොයි වෙලෙත් කිව්වට මහා හයියෙන් වැහැපු බදාදා දවසක එයාගෙ කලුපාට හොන්ඩා සිවික් වාහනේ කලුගගේ පාලම අයිනෙ නවත්තලා එයා ගග පතුලට ගිහින් තිබුනා.
ජීවිතේ අත හැරල සැනසීම හොයාගන්න ගිහින්.
මදාරගෙ නෑනා කෝච්චියට පැනල තිබුනෙ එයා ආතතියක හිටපු නිසා කියල තමයි පිලිගැනුනෙ.වසරක වෙලේ ඉදල ජිනාදරී ආතතියට වෛද්ය උපදෙස් ගත්තු බව මදාරා දැනගෙන හිටියෙත් නෑ .
ඒ සේරම අතරෙ ගැහැණියක් දිවිනසාගන්න හේතුව වෙන්නෙ ගොඩක් වෙලාවට තවත් ගැහැණියක්.
තමන්ගෙ ස්වාමියා ගෙදර එන්න පරක්කු වෙනකොට ගොඩක් නෝන මහත්තුරු කරන්නෙ මහත්තයගෙ ජංගම දුරකථනයට එක දිගට කතාකරන එක.
“කොහෙද ඉන්නෙ?”සියයට අනූවක් බිරින්දෑවරු තමන්ගෙ මහත්තයට කෝල් කරල ඉස්සර වෙලාම අහන්නෙ ඕක.
සමහර වෙලාවට දුරකථනය අවසානයක් වෙනකල් නාද වෙනව මිසක් .පිළිතුරු ලැබෙන්නෙ නැතිවෙන්න පුලුවන් .ඒ වෙලාව තමා ගොඩක් බිරින්දෑ වරු අසහනයට පත් වෙන වෙලාව.
මේ අපූරු සමාජයේ “නියම” නෝනාට වඩා ” අනියම් ” නෝනා බලසම්පන්නයි එයාලට ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඇත්තටම ලජ්ජාව බය නැති තැන ගොඩක් ගැහැණුන් රැජිණියන් වෙනව අනුන්ගෙ ඔටුනු බලෙන් උදුරගෙන .
” ඔයාගෙ මහත්තය දැනුත් ඉන්නෙ මා එක්ක. පුලුවන් නම් ගෙන්න ගන්න”
අනියම් නෝන කෙනෙක් මම දන්න නියම නෝනා මහත්මියකට දුරකතනයෙන් එහෙම කිව්වා.ඊට වඩා වචනයක්වත් කියන්න එයා ඉඩ තිබ්බෙ නෑ.දුරකථනය අත හැරල වේගයෙන් දුවගෙන ගිහින් පාරෙ හයියෙන් ආපු වැලි ටිපර් එකකට පැන්නා .එයාගෙ හදවත වගෙම එයාගෙ සිරුරත් කෑලි ගණනාවක් උනා.
වේදනාව එන්න තැනක් වෙලාවක් නෑ.තීරණ ගන්න සමහර අය බය නෑ.එහෙම උනාම ලෝකෙ කොහෙ හරි තැනක මේ වෙලාවෙත් කාට හරි තමන්ගෙ කෙනෙක් අහිමි වෙනව.
“විභාගයක් පාස් වෙන්න බැරි උනාම අම්මල ලමයි කන්න හදනව..ඉතින් උන් මැරෙන එක ඊට හොදයි කියල ඒ තීරණය ගන්නව”
එහෙම කියන්නෙත් දරුවො කලබල වෙලා ජීවිතේට හානි කරගත්ත අම්මලගෙ දුක නාදුනන අය.
ලේසිම දේ මැරෙණ එක කියල හිතෙන තරම් අමාරු ප්රශ්ණ අපිට එනව කියල අපි පොඩි කාලෙදි නම් හීනෙකවත් හිතල තිබුනෙ නෑනෙ.එහෙම දැනගන හිටිය උනත් ලොකු නොවී ඉන්නත් බෑනෙ.
” මම මැරිල හරි ඔයාව බේර ගන්නව”
ඩිලන් ඇක්සිඩන්ට් වෙලා පිලිප් එකට ගෙනියපු වෙලේ එයාව අයි සී යූ එකට ගන්න හදනකොට මදාරා කෑගහල එහෙම කිව්ව.
අම්මල එහෙමනෙ ජීවිතේ දෙන්න කැමති දරුවො වෙනුවෙන්.
ජීවිතය එපා වෙන්නෙ ගැහැණු අයට විතරක්ම නෙවෙයි කියන එක ඇත්තක්. වෙලා තියෙන්නෙ දෙගොල්ල ඒකට ප්රතිචාර දක්වන විදිය වෙනස්.
වේදනාවෙන් වහලෙ දිහා බලාගන ඇදට වෙලා ඉන්නකොට ,එල්ලෙන්න පුලුවන් බාල්කයක් පේන්න නරකයි දුර්වලයෙකුට.
“මගෙ ජීවිතේ මම වින්ද දුක් වල හැටියට මම දිවි නසාගත්තනම් කෙල්ලනෙ..උබල ට පොඩි කාලෙම අම්මෙක් නෑ”
අත්තම්ම එහෙම කිව්වෙ බාල පුංචි බාප්ප එක්ක හිත රිද්දන් ගෙදර ඇවිත් “මැරෙන්න හිතෙනවා ” කිව්වම.
මේ ලෝකෙ ගොඩක් අය,ජීවිතය අත නාරින්නෙ තමන් වෙනුවෙන් ඉන්න අයට වේදනාව දෙන්න බැරි කමට.
සමහර අවස්ථා දරන්න අමාරුම අවස්ථාවන්. ඒත් ඉවසීම කියන අපූරු වචනය සහ ක්රියාව අපි එතනදි උපක්රමයක් හටියට ගන්නව.
විදවිල්ලෙන් ගැලවෙන්නයි ඕන වේදනාව මොකක් හරි තීරණයක් ගනී.
ජීවිතේ අත හරින්නම හිතෙනකොට දාල යන්නම බැරි අය මතකයට ඒවි. ඒක තමා එකම අවස්ථාව.
සදාකල්හිම ආදරෙන්
උපුටා ගැනීම:  Tharangani Dilrukshi Jayasena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!