අද්භූත යකඩ මිනිසා කවුද..? (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ප්රංශයේ XIV වන ලුවී රජුගේ නියෝගය මත සිරකර තැබූ අද්භූත සිරකරුවෙකු යකඩවලින් සාදන ලද වෙස්මුහුණක් මියයන තුරු වසර ගනනක් පැළඳ සිටිනු දක්නට ලැබිණි. කිසිවෙකු ඔහුගේ මුහුණ දැක නැති අතර වසර සිය ගණනක් තිස්සේ පවතින ප්රශ්නයක් නිර්මාණය වී ඇත. සැබවින්ම යකඩ වෙස්මුහුණ පැලද සිටි අද්භූත මිනිසා කවුද..?

XVI වන ලුවී රජුගේ පාලන සමයේදී අත්අඩංගුවට ගෙන මිය යන තුරුම සිරගතව සිටි මෙම නාඳුනන සිරකරුවා “ද මෑන් ඉන් ද අයන් මාස්ක්” නම් විය. ඔහුගේ අනන්යතාවය කිසිවකු නොදනී. ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන ලෙස වෙස්මුහුණක් පැළඳීමට ඔහුට බල කෙරුනු අතර කතා කිරිම තහනම් විය.(සමහරවිට දිව තිබුනාද යන්න නිදනී)

වෙස්මුහුණු මිනිසා සිරගතව සිටී කාලයේම බෙනිග්න් ඩාවර්ග්න් ඩි සෙන්ට් නම් තවත් සිරකරුවෙකු වසර 34 ක් මුළුල්ලේම සිරකරුවෙකු ලෙස සිට ඇත. ඔහු ලියූ කඩදාසි අදටත් පවතින නමුත් ඔහුගේ වාර්තාවල පවා එම යකඩ වෙස් මුහුණක් පැළඳ සිටින සිරකරුවා කවුරුද යන්න හරියාකාරව ම විස්තර කෙරෙන්නේ නැත. එනම් ඔහු හා අවුරුදු තිස් හතරක් සිටියද ඔහුටවත් එම සිරකරුවා කවුද ද යන්න අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නැත.

1703 නොවැම්බර් 19 වන දින යකඩ වෙස් මුහුණ පැළඳි මිනිසා “මාර්චියොලි” නමින් භූමිදානය කර ඇත. නමුත් ඒ ඔහුගේ සැබෑ නම නොවේ. මිය යන අවස්ථාවේදී පවා ඔහුගේ සැබෑ අනන්යතාවය සඟවා ඇති බව පෙනේ. ඒ අනුව එම සිරකරුවා රජුට අත්යවශ්යයෙන්ම සැඟවිය යුතු සිරකරුවෙකු බව පෙනෙන්නට තිබෙන අතර සිර කුටියේ දී ඔහුට අනෙක් සිරකරුවන්ට වඩා හොඳ කෑම බීම් ලැබී ඇති බව බෙනිග්න් ගේ වාර්තා වල සටහන් වේ. නමුත් ඔහු මිය යන තුරුම වරින් වර බැස්ටිල් සහ පිග්නරෝල් බලකොටුව ඇතුළු බන්ධනාගාර ගණනාවක් අතර මාරු කරමින් තබා ඇත. කෙසේ නමුත් ඔහු මියගොස් අවුරුදු 12 කට පසු එනම් 1715 දී 14 වන ලුවී රජු මිය ගොස් ඇත

අවුරුදු 34 ක් එකට සිටියද, බෙනිග්න් යකඩ වෙස් මුහුණු මිනිසාගේ මිතුරෙකු නොවූ බව වාර්තා වේ. 2015 දී සොයාගත් ලියකියවිලි සිරකරුවාගේ සත්ය කතාව පිළිබඳ යම් තොරතුරක් හෙළි කරයි. ඒ සිරකරුගේ නඩත්තුව සඳහා 14 වන ලුවී රජු විසින් මුදල් ගෙවන ලද බවත් නමුත් සිරකරුගේ සිරකුටියේ තිබුණේ පැදුරක් පමනක් බවත් ය. එනම් ඉන් අදහස් වන්නේ අවුරුදු විස්සකට වඩා අධික කාලයක් පුරා සිරකරුවාව නොමැරී තබා තබා ගැනීම සඳහා හොඳින් සලකා ඇති බවත් නමුත් සිර කූඩුව තුළ තුළ ඔහුට දුක්ඛිත ජීවිතයක් උරුම කිරීමට රජු කැමති ව සිට ඇති බවයි

The Man in the Iron Mask | My Blog is Better than Alex's

 

යකඩ වෙස් මුහුණෙහි සැබෑ අනන්යතාවය කිසි විටෙකත් තහවුරු වී නොමැති අතර ඓතිහාසික විමර්ශනය සඳහා න්යායන් කිහිපයක් ඇත.

පලමු න්යාය වන්නේ යකඩ වෙස්මුහුණෙහි සිටි මිනිසා ලුවී රජුගේ සහෝදරයා බවයි. මෙම න්යාය ලේඛකයකු සහ දාර්ශනිකයකු වූ වෝල්ටෙයාර් විසින් යෝජනා කරන ලදී. 1771 දී ඔහු විසින් සිරකරුවා යකඩ වෙස් මුහුණක් පැළඳ සිටි බව ප්රථම වරට ප්රකාශ කළේය. එමෙන්ම ඔහු 14 වන ලුවීගේ වැඩිමහල් අවජාතක සහෝදරයා බව ද වෝල්ටෙයාර් කියා සිටියේය.

සිංහාසනයට හිමිකම් කීම වැළැක්වීම සඳහා ඔහුව සගවා සිටියාද ? නැත්නම් මේ කතාව වෝල්ටෙයාර්ගේ නිකම්ම අදහසක් ද යන්න තවමත් තහවුරු වී නැත. කෙසේ නමුත් වෙස්මුහුණු මිනිසාගේ මරණයෙන් වසර 15 කට පසු වෝල්ටෙයාර්වද සැබවින්ම බැස්ටිලයේ සිරගත කර ඇති අතර ඔහු එම කතාව එහි පැරණිතම සිරකරුවන්ගෙන් අසා ඇති බව කියා සිටියේය. එමෙන්ම යකඩ වෙස් මුහුන හොදින් පිරිපහදු කරන ලද බවත්, හොඳ ආහාර පිරිනමන ලද බවත් සංගීත දක්ෂතා ඇති බවත් නමුත් අමුත්තන් කිසිවිටක පැමිනෙනු දක්නට නොලැබුන බවත් ඔහු සදහන් කර ඇත

The longest prison sentences ever served | A Blast From The Past

 

අනෙක් මතය වන්නේ යකඩ වෙස්මුහුණෙහි සිටි මිනිසා ඇත්ත වශයෙන්ම ලුවී රජුගේ පියා බවයි. අවුරුදු නවයක යුද්ධය කාලය තුලදී සිටී රැජිනගේ හිටපු පෙම්වතා හෙවත් ලුවී රජුගේ සැබෑ ජීව විද්යාත්මක පියා වූ ලුවීව අවජාතක බවට පත් කළ මිනිසා ඔහු වූ බැවින් ඔහුව මෙලෙස සඟවා සිරකර තැබූ බවත් ඒ න්යායට අනුව කියැවේ.

මෙම න්යාය පිටුපස යම් පදනමක් තිබේ. ලුවී උපත ලැබුවේ ඔහුගේ දෙමව්පියන්ගේ විවාහ වී අවුරුදු ගනනාවකට පසුවය.එහිදී පිරිමි උරුමක්කාරයෙකු සැපයීම සඳහා රැජින ඇත්ත වශයෙන්ම වෙනත් පුරුෂයෙකු සමඟ සම්බන්ධතා පැවැත්වීම හරහා ලුවී රජු අවජාතකයකු ලෙස උපදින්නට ඇත. එමනිසා ඔහු රජකමට සුදුසු නොවන බැවින් එය අනාවරණය නොවීම සඳහා තම මවගේ අනියම් සැමියා ව එනම් සැබෑ පියාව මෙලෙස සිරගත සිරගත කරන්න ඇතැයි අනුමාන කෙරේ

Guns of Glory: The Iron Mask - Apps on Google Play

 

තවත් සමහරු යෝජනා කළේ ඔහු XVI වන ලුවීගේ අවජාතක පුත්රයා වන ලුවී ඩි බෝර්බන් බවයි. ඔහු යුධ පිටියේදී කිසිසේත් මිය ගොස් නැති අතර ඔහුගේ පියා විසින් රහසිගතව සිරගත කර ඇත.

නමුත් වඩාත් පැහැදිලිවම, මෑත ඉතිහාසඥයින් යෝජනා කර ඇත්තේ 17 වන සියවසේ අග භාගයේ දේශපාලන අපකීර්තියන් කිහිපයකට සම්බන්ධ වූ “යූස්ටාචේ ඩෝගර්” ඒ වෙස්මුහුනු මිනිසා විය හැකි බවයි. ඔහු ප්රථම වරට 1669 දී සිරගත කරන ලද අතර පිග්නෙරෝල් බලකොටුවේ රඳවා සිටි අතර ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය විවිධ බන්ධනාගාරවල ගත කර ඇත. ඒ ඔහු දේශපාලනික වශයෙන් රජුව නෙරපා හැරීමට කුමන්ත්රණය කළ අවස්ථා දෙකක් අනාවරණය වීම නිසාය.

කෙසේ නමුත් හරියාකාරව නිශ්චිතවම කවුරුද යන්නට පිළිතුරක් ලැබී නොමැති මෙම යකඩ වෙස්මුහුණක් පැළඳි සිරකරුවා වසර විස්සකටත් වඩා වැඩි කාලයක් සියලුම සිරකරුවන්ගෙන් සහ ලෝකයාගෙන් සඟවා තැබුවේ ඇයිද යන්න දන්නේ 14 වන ලුවී රජු පමණි.

Marvel Illustrated: The Man in the Iron Mask (2007) #1 | Comic Issues | Marvel

…………………………………………………………………..
තව කෙනෙක්ට දැනගන්න share කරන්න.

 

උපුටා ගැනීම: රාම් වණා 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!