අතීත මතක මාත්‍ර (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උදේ හවස මිනිස්සුත් එක්ක කතා කරන එකට කියන්නේ ආදරේ කියලා නෙමෙයි පුරුද්ද කියලා.සමහර වෙලාවට රෑට කතා කරන්නම ඕනෙ .උදේට කතා කරන්නම ඕනෙ. ඒත් ඒ පුරුදුම කාලෙකදි දස වදයක් වෙනවා.පුරුද්ද රාජකාරියක් උනාම ඒක එපාම වෙනවා. ඒ නිසා තමයි පුරුද්දක් නොකර ගන්න පරිස්සම් වෙන්න ඕනෙ.මම ෆෝන් එක අතට අරගෙනත් ආපහු ෆෝන් එක බෑග් එකට දාගත්තා. දැන් අපි දෙන්න අතර සමුද්රසන්ධිය ක්ෂය වෙමින් යනවා නේද කියලා මට මොහොතකට හිතුනා. අපි දෙන්නා එක්කෙනෙක් වෙන්න හදනවද? සමහර විට ඒ කවදාවත්ම කරන්න බැරි දේ කරන්න අපි මානසිකව සූදානම් වෙමින් ඉන්නවා ඇති. මගේ දූපතයි ඔයාගෙ දූපතයි වෙන්වෙලා තියන තරමට අපිට ප්රශ්න අඩුවෙයි ඕනවට වඩා ළං වුනු හැමතැනම ලෝභයක් හැදිලා අතෑරගන්න බැරිව දුකෙන් පිරුණා.මට අල්ලගන්න ඕනෙ නෑ. ඔයා අල්ල ගන්න දෙන්නත් එපා. සමුද්රසන්ධිය ක්ෂය වෙන්න නොදී ඉන්නකන් අවුලක්ම නැති වෙයි. ඕනවට වඩා බැඳීමම දුකක්.තව කෙනෙක් ගැන ඕනවට වඩා බැඳෙන එක දුකක්.
ඒ සිතුවිල්ල මම ඇමතුමක් ගන්න එක වැළැක්වුවා. ඒත් මගෙ යටිහිත දැනන් හිටියා මම කතා නොකළත් මාව හොයන ඒ ඇමතුම එනවා කියලා. හ්ම් හිත එක්ක තර්ක කරලා දිනන්න බෑ. ඒ තරම් මාව දන්න කෙනෙක් නෑ
අද නිවාඩු දවස නිසා පාරෙ වාහන ටිකක් අඩුයි.ටුක් එකක නොයා බස් එකක යනවා.ඉඳගෙනම යන්න පුලුවන් වෙයි සෙනගත් අඩුයිනෙ.නුගේගොඩ හන්දියෙ බස් එකක් එනකම් ඉන්නකොට මට ඉස්සලම පෙනුනෙ පාර එහා පැත්තෙ තැඹිලි පාට බල්ලෙක් යනවා.බල්ලො තමයි මේ ලෝකෙ හොඳම ආදරවන්තයො. ඒ වගේ ආදරේ කරන්න කාටවත් බෑ.ඒත් එයාලටත් මිනිස්සු නපුරු වෙනවනෙ.මහපාරෙ අතරමන් කරලා යනවනෙ.මිනිස්සු දන්නෙ නෑ ආදරේට ආදරෙන් සලකන්න. ආයෙමත් පරණ ප්රේමයක් හදවත පහුරු ගාන්න ගත්තා.
පාදුක්ක පිටකොටුව බස් එකක් ආවා. කළු පාට හමක් තිබුණු කොන්දොස්තර බස් එකෙන් බැහැලා මහ සෙනගකට වගේ කෑ ගනහන්න ගත්තා.මිනිස්සු කීප දෙනයි හිටියෙ.මාත් ගිහින් බස් එකට නැගලා වම් පැත්තෙ ජනේලයක් අයිනෙ ඉඳගත්තා.ෆෝන් එක වයිබ්රේට් වෙනවා දැනිලා අතට ගත්තා.ඇමතුම ගත්තේ භානු.
“හෙලෝ ඔයා කොහෙද “එයා ඇහුවෙ ලොකු ප්රබෝධයකින්.
“මම බස් එකේ ගෙදර යන ගමන්” කියලා කිවුවට එයා කොහෙද කියලා නාහන්න ප්රවේසම් වුනා.
“හා එහෙනම් පරිස්සමෙන් එන්න “කියලා එයා ෆෝන් එක කට් කළා.
භානු , මට රිද්දපු හැමෝම ඔහොම ආදරෙන් ආපු අය. එයාලා රිද්දයි කියලා මම හිතුවෙ නෑ. දැන් ආදරේ කරනකොටත් මට දැන්නෙන්නෙ වේදනාවක්.
හැමදාම වගේ පහුවෙන කඩ සාප්පු දිහා මම උවමනාවෙන් බැලුවා.ඒ සමහර තැන් පරණ මතක එක්ක පැටළිලා වේදනාවක් ගෙනාවා.
මම අලුත් වේදනාවකට සූදානම් වෙන්න ඕනෙ ද? භානු වේදනාවක් නොගෙනෙයි කියලා කියන්න පුලුවන් කාට ද? අතීතෙ සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න පුලුවන් කෙනෙක් නෑනෙ.හැමෝම ගාව අතීත මතක මාත්රයක් හරි ඉතුරු වෙනවා. එහෙම මතක අළුයට ගිනි වගේ නොනිවී තියනවා.
මම භානුට මොබයිල් නම්බර් එක දුන්නෙ ඇයි? මමත් එයාට අනුබල දීලා එයාගෙන් පැනලා යන්න හදනවා කියලා හිත මටම චෝදනා කළා.හිතට මහ බරක් දැනුනා. කොච්චර වුනත් මම එයා එක්ක කතා කරන්න ආස කරා.සමහර පිරිමින්ට තියනවා මායාකාර වචන. ඒ මායාව ඇතුලෙ ගෑනු රොමෑන්තික නිද්රාවකට පත් වෙනවා.භානුත් ඒ නිද්රාවට මාව ගෙනයමින් ඉන්නවා.මගෙ හිතේ අනතුරු සංඥා දැල්වෙන්නේ ඕං ආයිමත් උඹ ආදරේ කරන්න හදන්නෙ හාමිනේ කියලා.
මම හිතලා හිතලා එන්නෙම එකම තැනට.
උපුටා ගැනීම: Ishani Saranga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!