අත්තම්ම (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කවුරුත් එහෙට මෙහෙට වෙනකම් ඉඳල අත්තම්ම මගේ අතින් අැදගෙන කාමරේට අාවා. බාගෙට වහල තිබුණු ජනේලෙ දිහා අායෙත් පාරක් බැලුවෙ හරියට ලොකු හොරකමක් කරන්න ලෑස්ති වෙනව වගේ. ඊළඟට හැට්ටෙ අස්සට අත දාල මොකද්දෝ අරගෙන අතේ ගුලි කර ගත්ත. “මගෙ දෝණි” අත්තම්ම මගේ අත අරගෙන එ්ක මගේ අතේ මිට මෙලෙව්ව. රුපියල් පන්සීයක්.
“මේ මොකද අත්තම්මෙ” මං එ්ක ගත්තෙ නෑ.
“මට වෙන දෙන්න දෙයක් නෑ මයෙ පුතේ” අත්තම්මගෙ අැස් වල කඳුලු පිරිල.
“අනේ එපා අත්තම්මෙ මට සල්ලි මොකටද” මටත් කඳුලු බෝවෙන්න කලින් මම කිව්ව.
“තියාගන්න පුතේ මේකෙන් පුතාට පොත් ගන්න” අත්තම්ම පන්සීය මේසෙ උඩින් තියල හනිකට කාමරෙන් එලියට ගියා.
මං සාමාන්ය පෙළ පාස් වෙච්ච දවසෙත් අත්තම්ම මට සල්ලි දුන්න. එ් රුපියල් දාහක්. ලොකු ළමයෙක් වෙච්ච වෙලාවෙ නම් කරාබු ජෝඩුවක් අරන් දුන්නෙ. එ් කාලෙ අත්තම්මට සල්ලි තිබුණ. දැන් ගේ ලඟ තේ කෑල්ලත් බාප්පට දීල නිසා අත්තම්මට සල්ලි නෑ. ඒත් දූල පුතාල බෙහෙත් ගන්න එහෙම දෙන සල්ලි අත්තම්ම එකතු කරල තියා ගන්නව. කොයි වෙලේ බැලුවත් අත්තම්මගෙ බෑග් එකේ දාහක් දෙදාහක් වරදින්නෙ නෑ කියල තමයි සුදු නැන්ද කියන්නෙ. එහෙම තිබිලත් බෙහෙත් ගෙන්න ගන්න නිකන්ම බෙහෙත් කාඩ් එක විතරක් දෙනවලු. අත්තම්ම මට සල්ලි දෙනව දැක්ක නම් සුදු නැන්ද එ්කටත් අාඬපාලි කියාවි. ඒක තමයි හොරෙන්ම සල්ලි දෙන්න අැත්තෙ.
අත්තම්ම ගාව හැදිච්ච එකම මිනිබිරී මම නිසාද කොහෙද අත්තම්ම අනිත් හැමෝටම වඩා මට අාදරෙයි. අනිත් අයට චූටි, සුදූ ,මලිති වගේ නම කියල කතා කරත් අත්තම්ම මට කියන්නෙ මගෙ දෝණි කියල. නැන්දලගෙ ගෙවල් වල දානයක් මඟුල් ගෙදරක් එහෙම තිබ්බොත් අත්තම්ම හාමුදුරු දානෙට විතරක් තියන කැවිලි පෙවිලි පළතුරු එහෙම කොටහක් මට දෙන්න හංගල තියනව. නෑදෑ අයියල අක්කල නංගිල මල්ලිල එක්ක නට නට ඉන්න මට පැත්තකට අඬ ගහල දෙනව. සෙල්ලම් කරන්න තියෙන කලබලේට මං දොදොල් කෑල්ලක් හරි කැවුමක් හරි විතරක් අරගෙන දුවනව.
බත් කනකොට මස් මාලු කට්ලට්ස් ගෙන ගෙනත් බෙදනව. සේරටම වැඩිය කාල ඉවර උනාට පස්සෙ මගේ පිඟානත් හෝදන්න ගෙනියන්න හදනව. මට ඉතින් ලැජ්ජාවෙ බෑ. මං හිතෙන් බැණ බැණ පිඟාන උදුරගෙන අරන් යනව. අපේ නෑදෑ සහෝදර සහෝදරියො මට නමකුත් පටබැඳල තිබ්බෙ මේක නිසා. අාච්චිගෙත් අාච්චි කියල. වතාවක් සුදු නැන්ද මට කරන මේ වැඩි සැලකිලි නිසා අත්තම්මට එරෙහිව යුද්ධ ප්රකාශ කරත් එක්ක.
මං චුට්ටි කාලෙ බාප්ප මාව අවුස්සන්න ඔ්න උනාම අත්තම්මව බදාගෙන ඉඹිනව. ඉතින් මට හරි තරහයි. මං බාප්පට බැණ බැණ අඬනව. “අත්තම්ම මැරුණම අඬන්නෙ මම විතරයි. ඔයාල කවුරුවත් අඬන්න එපා” කියල ලොකු සීයගෙ මළ ගෙදර ගිහින් අාවම මම කිව්ව කියල බාප්ප තාම හිනා වෙනව.
මං අත්තම්ම තියල ගියපු සල්ලි කොළේ මේස රෙද්ද යටින් පරිස්සමට අරන් තිබ්බ.
මං විශ්ව විද්යාලෙට තේරුනාට අත්තම්මට තමයි වැඩියෙන්ම සතුටු. අත්තම්මගෙ මුනුබුරු මිනිපිරියන්ගෙන් මුලින්ම කැම්පස් යන්නෙ මමනෙ. “අපේ දෝනි විස්ස විද්යාලෙට තේරිලා” අත්තම්ම හරි උජාරුවට දයා නැන්දත් එක්ක කියනව මම අහගෙන. දැක්කෙ නැතත් එ්ක කියද්දි අත්තම්මගෙ හිනා කට මට මවා ගන්න පුලුවන්.
අත්තම්ම ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ හතර වසරට විතරයි. ඒ උනාට කවි ගාථා ජාතක කතා එහෙම අපූරුවට කට පාඩමින් කියන්න පුලුවන්. අම්ම කියන්නෙ අත්තම්මට පුලුවන්ලු කාටත් වඩා හොඳට මනෝමයෙන් ගණන් හදන්න. එ්ක අැත්ත කියල මට හිතුනෙ එදා බුලත් ගන්න සිරිදාස මාම අාපු වෙලාවෙ එයා එක එක සයිස් බුලත් මිටි වල ගණන් කැල්කියුලේටරෙන් එකතු කරද්දි ඊට කලින් අත්තම්ම ගාණ හරියටම හදල කියපු වෙලාවෙ. පෑනක් පැන්සලක් අහු උනාම අත්තම්ම පත්තර වල යට දාරෙ එයාට මතක කවි ලියනව.
“ඔන්න මලේ ඔය නා මල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්”
එහෙම විතරයි මං අත්තම්මගෙ අත් අකුරු දැකල තියෙන්නෙ. අත්තම්මගෙන් අැහුවම එයාද ලිව්වෙ කියල ලැජ්ජාවෙන් නෑ කියල කියනව.
අත්තම්ම හරි අාසයි අපි ඉගෙන ගන්නවට. ටීවී එක බලන්න ගත්තොත් දාපු වෙලාවෙ ඉඳන් කෑ ගහනව. “දෝනි ඔය අැති දැන් පාඩම් කරන්න” කියල.
“අත්තම්මට ඔ්න නම් අත්තම්ම පාඩම් කරන්න” මං සැර දානව.
කැම්පස් අාවට පස්සෙ අත්තම්මව එක පාරක් කැම්පස් එකට එක්කගෙන අාවා. මල් පාර දිගේ, අාර්ට් එක පැත්තෙ, අක්බාර් පාලම උඩින් අත්තම්මගෙ අතින් අල්ලගෙන යනකොට තරම් අාදරයක් උණුසුමක් මට දැනිල නෑ කවදාවත්. “මේක හරියට ගමක් වගේනෙ” අත්තම්ම කිව්වෙ තැන් තැන් වල හදල තියෙන ගොඩනැගිලි දැකල. වළ දැක්කම නම් අත්තම්මට හරි හිනහයි. එ්කෙ මොකද කරන්නෙ කියල එයාට හරි ප්රශ්නයක්.
අමාරුවෙන් වාරු අරගෙන අත්තම්ම නාදන් හොස්ටල් එකේ උඩ තට්ටුවටම ගියා. අපේ කාමරේට ගිහින් මගේ අැඳ උඩ අත්තම්මව වාඩි කරවල මේසෙ උඩ දිග අැරල තිබ්බ ලාස්ට්ගෙ අැනටමි පොත අරගෙන අත්තම්මගෙ උකුල උඩින් තිබ්බ.
“අත්තම්ම දීපු සල්ලි වලින් ගත්තෙ”
අත්තම්මගෙ රැලි වැටිච්ච අැඟිලි තුඩු පොත් කවරෙ උඩින් දිව්ව.
“මේක විතරද ගත්තෙ” අත්තම්මගෙ හිතට හරි මදි.
“නෑ අත්තම්මෙ තව පොත් දෙකක් ගන්න ඉන්නෙ” ඔන්න එතකොට තමයි මූණෙ හිනාවක් අැඳුනෙ.
දැන් අත්තම්මට හුඟක් වයසයි. දියවැඩියාව අත්තම්මව ගොඩක් දුර්වල කරල. අත්තම්ම බයේ ඉන්නෙ එයාට ඉක්මනට යන්න වෙයි කියල”දෝනිගෙ මඟුල කෑවට පස්සෙ නම් මං මළත් කමක් නෑ” අත්තම්ම මම ගියහම මගේ මූණ අතගාල අඬනව.
අත්තම්ම ගොඩක් අාසාවෙන් හිටියෙ ගමටම මඟුල් කියල සුදු අක්කව බන්දල දෙන්න. ඒ අපේ පවුලෙ ලොකුම අක්ක. එයා කසාද බැන්දෙ ගෙදර අයගෙ අකමැත්තෙන්. ටිකක් ලොකුවට මඟුල් ගෙදර ගත්තත් කාගෙවත් හිතේ එදා සතුටක් තිබ්බෙ නම් නෑ. ඊළඟට මලිති. එයා පැනල ගියා ඒ ලෙවල් කරන්නෙවත් නැතුව. එදා අත්තම්ම සුදු නැන්දව බදාගෙන හොඳටම අැඬුව. පපුවෙ අමාරුව හැදිල දවස් තුනක් ඉස්පිරිතාලෙත් හිටිය. ලොකු අයියගෙ මංගල්ලෙ ජයට ගත්තට එ්ක දුවෙක් දීග දෙනව වගේ නෙවෙයිනෙ. දැන් අත්තම්මගෙ එකම බලාපොරොත්තුව මම.
දැම්ම කසාදයක් බඳින්න තුන් හිතකවත් නැති උනාට අත්තම්ම නිසාම දැන් එ්කත් මගෙ හීන අතරට එකතු වෙලා. මගේ මඟුල් ගෙදරට අඳින්න අත්තම්මව එක්කරගෙන ගිහින් අත්තම්ම කැමතිම විදියෙ ලා නිල් පාට ලස්සන ඔසරියක් අරන් දෙන්න, එ්කටම කැපෙන මාල වළලු අරන් දෙන්න, හීනියට මේකප් එකක් එහෙම දම්මල අත්තම්මව අතින් අල්ලගෙන අාඩම්බරෙන් අලුත් නෑදෑයන්ට අඳුන්වල දෙන්න මට හීනයක් තියෙනව.
මේ යන විදිහට නම් එ්කට තව හුඟක් කල් යාවි. එතකල් යන්න එපා අත්තම්මෙ. මට බෑ අඬන්න.
උපුටා ගැනීම: Arundi Wijesooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!