අත්තම්මා ගේ අවුරුද්ද (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ අලුත් අවුරුදු උදාවෙදී මගේ දුවයි පුතයි මගේ අම්මට කෝල් එකකින් විශ් කරේ නෑ කියලා මට හරියට තරහ ගියා. මම දෙන්නටම කෑ ගැහුවා. ඒ දෙන්නම වරද පිලිගෙන ඒ වෙලාවෙම ඒ අයගේ ආදර අත්තම්මාට කෝල් කරලා සමාව ඉල්ලලා විශ් කරා.
මේක අත පහු වීමක් කියල ඒ දෙන්න කිව්වට මම පිලි ගත්තේ නෑ. මම දන්නවා මගේ දුවයි පුතයි දෙන්නම අත්තම්මට ගොඩක් ආදරේ බව. මේ කොරෝනා කාලේ නිතර නොගියත් කිලෝ මීටර් හයක් විතර ඈත ඉන්න අත්තම්මව බලන්න ඒ දෙන්න නිතර යනවා. ඒ හින්ඳා ඔවැනි අත පසු වීමකට මට ඔය තරන් තරහ යන්න හේතුවක් නෑ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ හින්ඳා පැය කීපෙකට පස්සේ මම ඒ දෙන්නට මෙන්න මෙහෙම කියල දුන්නා ඇයි ඒ වගේ පොඩි ටෙලිෆෝන් කෝල් එකක් වුනත් අත්තම්මට වටින්නේ කියලා..
අපේ අම්මා අපි හය දෙනෙක් හැදුවා. එයාගේ ලෝකෙ කැරකුනේ මගේ අප්පච්චිගේ අවශ්තායි, දරුවන්ගේ සහ ඇයගේ දෙමාපියන්ගේ අවශ්යතායි මත. මගේ අම්මා කැමති මොන වගේ දේවල්වලටද ඇහුවොත් කියන්නේ අප්පච්චි හරි, දරුවො හරි කැමති දෙයක්. කැමති කොහෙ යන්නද ඇහුව්වත් එහෙමයි. එයා හැම විටම තම සතුට කර ගත්තේ තමාගේ ස්වාමියාගෙයි, දරුවන්ගෙයි සතුට. අප්පච්චි මැරිලා අපි ලොකු මහත් වුනාම එයා දඹඳිව ගියා. ඒ තමා එයා තමන්ට කියලා දෙයක් කර ගත්තේ. ඒකත් අපි බල කරපු හින්ඳා. දැන් කොහෙවත් යන්න වාරු නෑ. ඉතින් එහෙව් කෙනෙකුගේ ලෝකෙ ඉන්නේ තම දරු මුනුබුරෝ. එයාට වැඩියෙන්ම මේ ලෝකෙ වටින්නේ රන් රිදී මුතු මැණික් නෙවෙයි. එයාට වටින්නේ තම දරු මුනුපුරන්ගේ ආදරේ. ඒ ආදරේ හන්ඟන් හිටියට වැඩක් නෑනේ. ආදරේ පේන්න ඕනෙ. ඒ පෙන්නන්නේ කොහොමද?
දැන් කොරෝනා හින්ඳා වෙන අවුරුදු වල වගේ ජනවාරි පලවෙනිදා එයාව බලලා වැඳලා එන්න බෑනේ. ඉතින් එහෙනන් එකම විදියනේ තියන්නේ. ඒ තමා විනාඩි කීපෙක ටෙලිෆෝන් කෝල් එක. මගේ අම්මා එයාටම කියල ෆෝන් එකක් පාවිච්චි කරන් නෑ. ඉතින් අනිත් පාර්ශවයම තමා එයාට කෝල් කරන්න ඕනෙ. මගේ අම්මා එහෙම නෝක්කඩු කියන කෙනෙකුත් නෙවෙයි. බුදුදහම හරියට අදහන ඇයට දේවල් දරා ගන්න පුලුවන් කෙනෙක්. තමන්ගෙම දුවක්, මිනිබිරියක් මැරනවා දැකපු ඇය ගොඩක් ශක්තිමත් කෙනෙක්. හැබැයි එයත් මනුස්සයෙක් හින්ඳා මුනුපුරු මිනිපිරියන්ගෙන් කෝල් එකක් එනකන් බලා ඉන්න ඇති. ඒ කෝල් එක එයාට ගොඩක් වටින්නේ දැන් එයාගේ ජීවිතේ ‘වටිනාකම්’ පිලිබඳ ඇත්තේ වෙනස් ආකල්ප හින්ඳා. ඉතින් මම මගේ දරුවන්ට කිව්වේ එවැනි ‘අත පසුවීම්’ ඒ අයට පොඩි වුනාට අත්තම්මට ලොකු දෙයක් කියලා. දෙන්නම ඒ දේ තේරුම් ගත්තා. ආයෙ එහෙම වෙන් නෑ කියලත් කිව්වා. බලමු නේ..
මේ කෙහෙම්මල් කොරෝනාව ඉවර වෙයිද නැත්තන් එක එක පැනි බීලා අපි පුකෙන් යයිද! මොන කෙහෙම්මල හරි කරලා මේක ඉවරක් කරගමු නේ? නැත්තන් උඹලටත් වෙන්නේ ඉතින් ගෙදරම ඉඳගෙන ගෙදර උන්ටම වීඩියෝ කෝල් වලින් කතා කරන්න… සුභ අලුත් අවුරුද්දක් කිව්වා…
උපුටා ගැනීම: Susantha Pethiyagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!