මම කොළඹ පුද්ගලික රෝහලකට ගොඩ උනේ මගේ මිතුරෙක්ගෙ අම්මගෙ රුධිර වාර්තාවක් ලබා ගන්න.
මම කවුන්ටරයේ මුදල් ගෙවීමට රැඳී සිටියා.මට එහා පැත්තෙ ඉඳන් ගෑණු ළමයෙක් මම දිහා බලන් ඉන්නවා.
මුව වසා සිටියත් ඇයගේ ඇස් මා එක්ක හිනා උනා.මම ආයෙත් බලද්දි ඇය මා දිහාමයි බලන් හිටියෙ කියලා නැවතත් තහවුරු උණ නිසා මමත් ඇයට හිනාවකින් සංග්‍රහ කරලා මගේ වැඩේ කරගෙන එතනින් පිටත් වෙන්න රථ ගාලට ආවා.
රථ ගාලට මගේ පිටිපස්සෙන් ආව මේ ගෑණු ළමයා පොඩි මිස් කියලාමයි මට කතා කරේ.
මේ කතා කර විදියටනම් ඇය මාව දන්න කෙනෙක්.ඉතිං මම නැවතුනා.
ඇය : මිස්ට මාව මතකද?
මගේ මිනිස්සුන්ගේ මූණු මතක තබා ගැනීමේ හැකියාව හරිම දුර්වල නිසාම මම කිව්වා සමාවෙන්න මට ඔයාව මතක නැහැ නමුත් ඔබ ඇයි මට කතා කරේ කියලා.
ඉතිං ඇය මතකය දිගහැරියා.
එතකොට මිස් පොඩි මිස් කෙනෙක්.රාගම 12 වාට්ටුවේ හිටියෙ.මම කැළණිය කැම්පස් එකේ.
අම්මා අසනීපෙන් මම හිටියෙ අම්මා ගාව.නමුත් මට අවසන් වසර පරීක්ෂණය.යන්න විදියක් නෑ.අම්මා බලා ගන්න කවුරුත් නෑ.මිස්ට මතකද මිස් මට කිව්වා…නංගි ඔයා කොහොම හරි ගිහින් විභාගේ ලියලා එන්න.අපි අම්මව බලා ගන්නම්.
ඉගෙන ගන්න කෙනෙක්ට අපි උදව් නොකර ඉන්නෙ නෑ කියලා.පොඩි මිස්ගෙ බත් එක, බෝඩිමේ යාලුවා එක්ක උයපු, මට දීලා ගියා මේක කන්න, අපි සෙට් වෙලානෙ කන්නෙ අපිට තියෙන කෑම ඇති කියලා.ඒ දවස් ටිකේම මම මිස්ට අම්මව බාර දීලා විභාගෙට ගියා කිසිම බයක් නැතුව.
විභාගේ ඉවර වෙලා ආවම මතකද මිස් කිව්වා අමාරුවෙන් හරි ඉගෙන ගන්න අධ්‍යාපනය තමයි හොඳම ආයෝජනය කියලා.
ඊට සතියකට පස්සෙ අම්මව අපි ඉස්පිරිතාලෙන් ගෙදර ගෙනාව.අම්මටත් සනීපයි.ඇත්තටම මිස් මට එදාකලේ ලොකු උදව්වක්.මට මිස්ට විභාගේ ප්‍රථිපල කියන්න ඕනි උනාට මිස්ව හොයා ගන්න විදියක් තිබ්බෙ නෑ..
අනේ ගොඩක් පිං මිස් එදා ඒ කල උදව්වට.
ඔව් ඇත්තටම මටසතුටු හිතුනා.මාව හදපු අම්මා,ගුරුවරු හැමෝම මාව හිඳින් හැදුව නිසා නේද මෙහෙම හොඳ හිතක් ලැබුණේ කියලා සතුටු හිතුණා…
ඉතිං.එදා ඇත්තටම ලස්සන දවසක්.
ප.ලි අපි හැමෝම ඉපදෙනමැරෙන මේ සංසාරේ අසරණ මිනිස්සු.හැකි හැම විටම කාට හෝ පිහිටක් වෙන්න.
උපුටා ගැනීම: Harshi Pieris