(කියවපන්,,මේක උබ කියවන්නම ඕන එකක්…………..)
ගොම්මනත් පහු වෙලා සද විත් එබෙනකොට
රහසෙම උඩින්,,
ලයින් කාබරේ තහඩු වලහය දිලිසුනා
රන් ගෑ ලෙසින්,,
හීනියට කලු කරන් අහසින් බේරිච්ච
වැහිබිදු වලින්,,
හිල් උනා මැටි පොලොවෙ හැම තැන
හීතලයි මුලු ගේ ඉතින්…………………………..
කුනුහරුප එක දිගට වෑහෙන අප්පගේ
බේබදු කටින්,,
හපාගත් දුම්කොලේ අග ගිනි පාට වෙනවා
හරි සැරෙන්,,
මුට්ටියේ තැම්බෙනා වැල් මී කාසායේ
සුවදට හොරෙන්,,
අල්ලගෙන ඉව කහිනවා රෑ උන්දෑට
කාසය ඉතින්…………………………………….
පුරුදු විඩියට අනන් පිටිගුලි තුනක් රත්වෙන
ලිප උඩින්,,
නවා තැටියේ කරවෙද්දි දුව ඇවිත් හිදගෙන
මගෙ ලගින්,,
ලූනු බික්කක් රැහැ රැහෑ මරතොන්ඩි ගෑ
නියපොතු වලින්,,
ඔහේ කියවන තන්ගච්චි කෝ අද
ගැස්සුනා පපුවම තදින්…………………………………
එන දොහේ දේවාලෙ පෙරහැර වදින්නට
නඩයක් පිටින්,,
කතරගම් යනවාය කිව්වම ලගට විත්
එල්ලී අතින්,,
ටික දොහක් කිරි කපන්නට යන්නදැයි
අහලා අප්පගෙන්,,
මොට්ට උනු මගෙ කිරි පිහිය මදිනවා දැක්කා
අද උදෙන්……………………………………….
ගිනි ගත්තු මගෙ පපුව දුව ගොස් පදුරු අස්සක
නැවතුනේ,,
සිය ගනන් ලේ පාට පැල්ලම් වත්තෙ ගස් මුල
රතු කරේ,,
වැලපෙනවා ඇති ගෑනු හිත් සිය ගනන් ඒ
මූසල බිමේ,,
ඒ මැද්දෙ මගෙ ජීවිතෙත් ඇති ඉකිගගා
අඩනා ඔහේ…………………………………….
ලපටි අත පය තාම සිනිදුයි සදක් මෙන්
තන්ගච්චිගේ,,
පිච්ච මල් වල සුවද හැමුවා දිගට බේරුනු
වරලසේ,,
වැටී ගෝමර දිලිසුනා ඇග ආකාහෙ තරු
කැට වගේ,,
අනේ ඇහැ වැටුනාද ඇගෙ රුව උගේ නෙත් වල
කඩවුලේ……………………………………….
වත්තෙ හැම තැන පීර පීරා ගහක් ගානෙම
දස අතේ,,
දුවද්දිත් මන් යැද්දා පත්තිනි බලාපන් මේ
දෙස අනේ,,
තනේ ගලවා අලු කරන්නට බැරි උනත් මට
දෙවියනේ,,
එපා ඈගෙත් ලේ තියෙන්නට තැවරිලා බිම
මගෙ වගේ………………………………………
තැලුනු තනකොල මන්ඩියක් උඩ කෙදිරි ගානා
සද්දයක්,,
දිහාවට මගෙ දෑස හැරවුනි ඒක සුපුරුදු
කඩහඩක්,,
පොඩි වෙච්ච පා සලබ ලග වරලසෙන් ගැලවුනු
මල් හුගක්,,
පාර කිව්වා ඇගේ ලගටම ඉහිරිච්ච ලේ
බිදු ටිකක්…………………………………………..
ඇන තියාගෙන අඩ අඩා ඇගෙ හෙලුව වට
සාරිය ඔතන්,,
උන්නු ඈ බිම පහුරු ගෑවා මාව ඈතින්
දුටු ගමන්,,
දෑත් එක්කර වැදන් මා හට සමාවෙන්
අක්කේ කියන්,,
අනේ ඈ කිරි පිහිය යැව්වා පපුව මැද්දට
දෙසරයක්………………………………………..
(මේ කවිය ඇතුලේ ලොකු කතාවක් තියෙනවා,,සමහර වචන ඇතුලෙ හන්ගපු…..පොඩි මල්ලිලා නන්ගිලත් කියවන හින්දා එයාලට එක පාර මේක තේරෙන්නෙ නැති වෙයි,,එහෙම තේරුනේ නැත්තන් කවිය තව පාරක් හිමිට නැවතිල්ලේ කියවන්න,,ඒත් තේරුනේ නැත්තන් මන් මේ post එකට යටින් ඒ කතාවෙ ඔක්කොම ටික දාලා ඇති..මේ කවියෙ කියන කතාව මොකක්ද..මේකෙන් මන් කියන්න හදපු දේ මොකක්ද කියලා..මෙතන ඒක එක පාරටම දාන්න බෑ..එහෙම දැම්මොත් එක මන් අනිත් අයගෙ රසවින්දනයට කරන ලොකු වැරැඩ්ඩක්..කියවලා තේර්ර්න්නෙ නැත්තන් විතරක් යට ඉරෙන් පල්ලෙහා තියෙන ටික කියවන්න……….)
writer—shashika sadeep
——————————————–
මෙහෙමයි….මේ කවියේ පලවෙනි කවියෙන් මන් කියන්න හැදුවේ මේ කතාව කියන කෙනගේ ගෙදර තියෙන අග හිග කම් ගැන,,දෙවෙනි කවියෙන් එයාගේ තාත්තා ගැන කියනවා,,අරක්කු වලට ඇබැබෙහි උනු රස්සාවක් කරන්නේ නැති ලෙඩ ගානෙ ඉන්න කෙනෙක්…තුන් වෙනි කවියෙ පිටි ගිලි 3ක් අනන් කියන එකෙන් මට කියන්න ඕන උනේ මේ ගෙදර ඉන්නේ මේ කතාව කියන කෙනෙයි,අයාගෙ තාත්තයි,නන්ගි….ඒ කියන්නේ අම්මා නෑ කියන එක…..අම්මා නැති බේබද්දෙක් වෙච්ච තාත්ත කෙනෙක් ඉන්න අක්කා කෙනෙකුයි නන්ගි කෙනෙකුයි තමයි ගෙදර ඉන්නේ..දුප්පත් කමින් මිරිකිලා ඉන්න….ඒක තමයි ඊලග කවියෙ කතරගම යනවා කිව්වම මෙයාගෙ නන්ගි ගිහිල්ලා තත්තගෙන් අහන්නේ ටික දවසකට කිරි කපන්න යන්නද කියලා…කතරගම යන්න ඇදුම් ගන්න සල්ලි හොයා ගන්න…ඊලගට මොට්ට උනු මගෙ කිරි පිහිය මදිනවා කියන එකෙන් මට කියන්න ඕන උනේ මේ කතාව කියන අක්කත් කලින් කිරි කපන්න වත්තට ගිහිලා තියෙනවා…ඒත් දැන් එයා කිරි කපන එක නවත්තලා ගොඩක් කල් කියලා..
කිරි කපන්න යන එක නැවැත්තුවෙ ඇයි කියලා මේ අක්කා ඊලග කවියෙන් කියනවා..වත්තෙ පදුරු අස්සක එයාගෙ කන්යාබාවය එයාට නැති වෙනවා..එයාට විට්ජරක් නෙමෙයි ඒ වත්තට වැඩ කරන්න යන ගොඩක් ගෑනු අයට එහෙම වෙනවා..ඒක තමයි එයා කියන්නේ “”වැලපෙනවා ඇති ගෑනු සිය ගනන් ඒ මූසල බිමේ..ඒ මැද්ද මගෙ ජීවිට්ජෙත් ඇති ඉකි ගගා හඩනා ඔහේ”” කියලා………
ඊට පස්සේ නන්ගිගෙ ලස්සන ගැන කියනවා..එයා ලස්සන තරුන ගෑනු ලමයෙක් හින්දා එයාට මේ දේ කරපු වත්තෙ මහත්තයගේ ඇස් දෙකට නන්ගිව දැක්කොත් ඒ දේම නන්ගිටත් වෙයි කියලා එයා බය වෙනවා….ඒක තමයි එයා කියන්නේ “”තනේ ගලවා අලු කරන්නට බැරි උනත් මට දෙවියනේ
එපා ඈගෙත් ලේ තියෙන්නට තැවරිලා බිම මගෙ වගේ”” කියලා…
පත්තනි තමන්ගෙ පියයුරුවක් ගලවලා බිම ගහලා පොලව අලු කරාලු..තමන්ගේ පති බක්තියෙන්,,ඒත් මෙයා කියනවා වෙන කෙනෙක්ගෙ අතින් තම්නගේ කන්යාබාවය නැති උන හින්දා මට පත්තිනි වගේ තනයක් කඩලා පොලොවෙ ගහන්න බෑ..ඒත් මට වෙච්ච දේ නන්ගිට වෙන්න එපා කියලා…
එහෙම හිත හිත යනකොට මෙයාට නන්ගිගෙ කටහඩ ඇහෙනවා..නන්ගිගෙ කකුලෙ තිබුනු පා සලබ කොන්ඩෙ ගජලා තිබුනු මල් ටිකක් මෙයා දකිනවා..ඒ වගේම ලේ බින්දු ටිකක්..ඒ දිහා බලාගෙන එනකොට නන්ගි ඉරුනු සාරියකින් අග වහගෙන අඩ අඩ ඉන්නවා..නන්ගි මෙයාව දැක්ක ගමන් බිම අත ගාල කිරි කපන පිහිය හොයාගෙන අක්කට සමාවෙන්න කියලා පපුවට ඇන ගෙන මැරෙනවා…..ඕක තමයි කතාව…..
සමස්තයක් විදියට මට මේකෙන් දෙන්න ඕන උන msg එක තමයි..ලන්කාවෙ තියෙන සන්ස්කෘතියත් එක්ක,මිනිස්සු හිතන පතන විදියත් එක්ක බහුතරයක් ගෑනු ලමයි මේ කන්යාබාවය ගැන ගොඩක් හිතනවා..හැමෝම නොවෙන්න පුලුවන්..ඒත් බහුතරයක් ගෑනු ලමයි මේවා ගැන ගොඩක් හිතන්වා..ඒත් එච්චර හිතන කෙනෙක්ට මොනම හරි විඩියකින් මේ වගේ දෙයක් උනොත් මේ කතාවෙ අක්කා වගේ ඒක ගැන හිත හිත ජීවිත කාලෙම ඒ ගෑනු ලමයා විදවන්න පුලුවන්..එහෙමත් නැත්තන් මේ කතාවෙ නන්ගි වගේ ඒක එයා සියදිවි නසා ගන්න තරන් දුරට යන්න පුලුවන්..ඒක හින්දා ආදරේ කරන කොට හරි මොකක් හරි හේතුවකට හරි ගෑනු ලමයෙක්ගෙ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න කලින් දෙපාරක් හිතන්න කියන එක කියන්න තමයි
මට ඕන උනේ…හරි එහෙනන්…කියවලා තේරුම් ගන්න ඇති කියලා හිතෙනවා…….
හැමෝටම තෙරුවන් සරනයි…..







writer—Shashika Sadeep
උපුටා ගැනීම: #හීන_with_shashi