අවුරුදු 13ක පාසල් කාලයෙන් පසුව මුහුණ දෙන්න සිදුවෙන අභියෝග.

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පාසල් කාලයෙ අපි හරිම නිදහසෙ හිටියෙ අපෙ හැම වගකීමක්ම වගෙ අම්මා තාත්තා අරගත්ත නිසයි.ඒ වුනාට පාසල් කාලයෙන් පස්සෙ වැඩිහිටියෙක් විදියට සමාජයට බහින අපිට ඉස්සර තරම් නිදහසක් දැනෙන්නෙ නැත්තෙ අපිට අපෙ වගකීම අතට ගන්න වෙන නිසයි. අපෙ අනාගතය අපිම හදාගන්න වෙන නිසා මේ කාලයෙ ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා. 

අවුරුදු 13ක පාසල් කාලයෙන් පසුව සමාජයට බහින ලමයෙක්ට මුහුණ දෙන්න සිදුවෙන අභියෝග සහ ඒවාට මුහුණ දෙන ආකාරය … 

(1) සමාජ අභියෝග 

 

office
අවුරුදු 13ක පාසල් කාලයෙන් පසුව මුහුණ දෙන්න සිදුවෙන අභියෝග.

නිවසටම වෙලා දෙමව්පියන්ගෙ ලග හැදුන වැඩුන ලමයෙක් මේ කාලයෙ තමයි සමාජයට බහින්නෙ.මේ සමාජයෙ එක එක විදියෙ එක එක තරාතිරම් වල අය ඉන්නවා.මේ ලැබුන නිදහස නිසා නරක පුරුදු වලට, නරක ඇබ්බැහීන් වලට ගොඩාක් වෙලාවට යොමුවෙන්න පුලුවන්.සමහර අය මේ නරක ආශ්‍රය ට වැටිලා ජීවිතය විනාශ කරගන්නවා.සමාජයක් ආශ්‍රය කරලා මිසක් වෙනත් විදියකින් සමාජයක් ගැන දැනගන්න බැහැ.එතකොට කොහොමද ඕනම සමාජයක ජීවත් වෙමින් තමන්ගෙ ගමන යන්නෙ ? 

මම හරිම ලස්සන කතාවක් අහලා තියනවා මෙන්න මෙහෙම, ” ජලය වගෙ වෙන්න.අවස්ථාව අනුව භාජනයෙ හැඩය ගන්න.හැබැයි තමන්ගෙම දිශානතියකට ගලාගෙන යන ” 

ඉතින් මේ කියමනෙ විදියට අපි ඕනම සමාජයක ඉන්න පුරුදු වෙන්න ඕන. අනුවර්තනය වෙන්න ඕන. මෙතන කීයටවත් අදහස් වෙන්නෙ නැහැ නරක සමාජයක නරක දේවල් ඔයා ගන්න ඕන කියලා.නරක සමාජයකින් ඈත්වෙලා තමන්ව ආරක්ෂා කරගන්න තමන් දැනගන්න ඕන. 

(2) උසස් අධ්‍යාපන අභියෝගය

 

students
අවුරුදු 13ක පාසල් කාලයෙන් පසුව මුහුණ දෙන්න සිදුවෙන අභියෝග.

පාසලෙන් පිටත්වෙන කෙනෙක්ට ඊලගට තියන ලොකුම ප්‍රශ්නය තමයි උසස් අධ්‍යාපනය . තමන් මොන ක්ෂේත්‍රයෙන්ද උසස් අධ්‍යාපනය හදාරන්නෙ, අනාගත රැකියාව මොකක්ද කරන්නෙ, මොන ආයතනයක්ද තෝරගන්නෙ කියලා අභියෝගයක් එනවා.අපි ගොඩාක් වෙලාවට දැකලා තියනවා උසස් අධ්‍යාපනය නිසා අධික මානසික පීඩනයට ලක්වෙලා ඉන්න ලමයින්. ඒ අයට ඒ ක්ෂේත්‍රයෙන් රැකියාවක් ලැබුණත් කිසිම කැමැත්තකින් කරන්නෙ නැහැ. ඒ නිසා කාගෙවත් උවමනාවට නැතිව තමන්ගෙම කැමැත්ත අනුව උසස් අධ්‍යාපනය සදහා ක්ෂේත්‍රයක් තෝරගන්න .

උසස් අධ්‍යාපනයට උපාධි පාඨමාලවක් තෝරගන්න කලින් ටිකක් හිතන්න මේ විෂය කරුණු ඉගෙනගන්න මම කැමතියිද ? මේ ක්ෂේත්‍රයෙන් රැකියාවක් කරන්න මම කැමතියිද ? කියලා. ඊටපස්සෙ ඔයාට පුලුවන් ක්ෂේත්‍රයක් තෝරාගන්න.ඔයාට ඉතාම කැමැත්තෙන් ඉගෙනීම කරගෙන පුලුවන් වේවි. 

(3) රැකියාව සහ ආර්ථික අභියෝග

 

self employments
අවුරුදු 13ක පාසල් කාලයෙන් පසුව මුහුණ දෙන්න සිදුවෙන අභියෝග.

පාසල් කාලයෙදී නිවසෙන් අපිට වියදම් කලත් ඉන්පසුව අපිට තවත් නිවසට බරක් වෙන්න බැහැ. ඒ වගේම කලින්ටත් වඩා අපිට මේ කාලයෙ මුදල් අවශ්‍යතා වැඩියෙන්ම දැනෙනවා. ඒ නිසා අපෙ ආර්ථික අභියෝගයට විසදුමක් ඕන වෙනවා.මේ කාලයෙ ඔයාට පුලුවන් රැකියාවකට යන්න. ඒ ලැබෙන මුදලින් තමන්ගෙ වියදමට කොටසක් වෙන් කරන්න වගේම ඉතුරු කරන්නත් පුරුදු වෙන්න. 

තව මේ කාලයෙ ගොඩාක් අය උනන්දු වෙන දෙයක් තමයි ව්‍යවසායකත්වය කියන්නෙ.ව්‍යවසායකයින් කියන්නේ තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන අයට. ඔයා මල් හදන්න කැමතියි නම් මල් බිස්නක් එකක් පටන් ගන්න පුලුවන් , කේක් / රසවත් කෑම ජාති හදන්න පුලුවන් නම් පොඩිවට කෑම ජාති බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් , මහන්න පුලුවන් නම් ඇදුම් මහලා විකුණන්න පුලුවන් .. ඔයා මේ වගෙ කැමති හැකියාවක් තියන දෙයක් තෝරගෙන ඒ ඔස්සෙ තමන්ගෙම දෙයක් පටන් ගන්න උත්සාහ කරන්න.

(4) සම්බන්ධතා අභියෝග

 

love
අවුරුදු 13ක පාසල් කාලයෙන් පසුව මුහුණ දෙන්න සිදුවෙන අභියෝග.

තරුණ හැම කෙනෙක්ටම අඩු වැඩි වශයෙන් තියන ගැටලුවක් අභියෝගයක් තමයි ආදර සම්බන්ධතා ගැටලු.අපිට අවංකවම කටයුතු කරන සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න ටිකක් අපහසුයි.හැබැයි බැරි නැහැ.අපිට මුලදි ඉතාමත් හොදයි කියලා හිතෙන කෙනෙක් පසුකාලීනව නරක කෙනෙක් විදියට දකින්න පුලුවන්. ඒක තමයි ස්වභාවය.

ආදර සම්බන්ධතා ආරම්භ කරන්න කලින් ඉවසීමෙන් කටයුතු කරන්න. තමන්ට හොදින්ම ගැලපෙන කෙනා අනිවාර්යයෙන්ම දවසක එනවාමයි. මේ තරුණ කාලය එතකම් තමන්ගෙ දියුණුව වෙනුවෙන් යොදාගන්න. තමන්ගෙ උසස් අධ්‍යාපනය ඉතා හොදින් නිම කරන්නත්, රැකියාවක් හෝ ව්‍යාපාරයක් සිදු කරමින් ආර්ථිකමය අතින් ශක්තිමත් වෙන්න, විවාහයකට කලින් තමන් ඉටුකරගත යුතු අරමුණු වලට යන්න කටයුතු කරන්න. තනිවම හරි ජීවිතය විඳින්න.ඔබට ජය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!