සුදු පැහැති බෙන්ස් රථය කඩුල්ල අසල නතරවෙනු දුටු මරතේලිස් ගුරුන්නාන්සේ ඉස්තෝප්පුවේ අැඳි පුටුවෙන් සිටම කර පොවා බැලීය.
නිල් පැහැති කමිසයකින්ද කළු කලිසමකින් ද සැරසුණු ස්ථූල සිරුරැති පුද්ගලයකු තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග තම නිවස දෙසට එන අයුරු ඔහු බලා සිටියේ ය. තම දෑස් වලට දෙස් තියමින් දුර එන පුද්ගලයන් හඳුනා ගැනීමට කෙතෙක් උත්හාස දැරුවද එය මරතේලිස් ගුරුන්නාන්සේට දැන් අසීරු කටයුත්තකි.
“මරතේලිස් ගුරුන්නාන්සේට අඳුනගන්න බැරි වුණාද අපව.. මම මේ එහා ගමේ කපු මහත්තයා සියදෝරිස්.. “
අා හා දැං මට මතකයි.. අර යං කිසි කටයුත්තකට මාස කීපෙකට උඩදි මාව හොයාගෙන අාවේ මුන්දෑ නෙවෙද.. ඉතිං මේ මහත්වරු… “
” මේ ගුරුන්නාන්සේ අපේ මංචනායක අැමතිතුමා.. ගුරුන්නාන්සේ
බැහැදකින්න අැවිත් වැදගත් වැඩකට.. “
“අා හා.. වැදගත් වැඩකටය කිව්වා.. මැගිලිං.. මැගිලිං.. මේ අැත්තොංට බොන්න තැඹිලි ගෙඩියක් කඩන්න කියාපං ඔය ජේමිස්ට…එකක් නෙමෙයි බොල පේන්නැද්ද මෙතැන තුං ගොල්ලක් ඉන්නවා.. මුන්ට ඉතිං වචනෙං වචනෙට තේරුං කොරන්න එපැයි.. හෙනං අැමතිතුමා අපි යමු ගෙට.. “
………………………
” ඔන්නෝකයි ගුරුන්නාන්සේ කෙරෙන්න ඕනි..”
හ්ම්.. මම නා නා ගුරුකං කොරලා තියෙයි. එ්ත් ඔයාකාර ගුරුකම් කොරන්න ලැබුණේ නෑ.. සාත්තරෙත් තියන එකේ කොරලා බලමු එහෙනං..”
මට ඔය සත්තු නං වැඩක් නෑ ගුරුන්නාන්සේ.. බැරිද මනුස්සයෙක්..”
” හප්පද බොල… මනුස්සයෙක්… “
ගුරුන්නාන්සේ තිගැස්සුනේය. ශ්රාස්ත්රය තිබුණද කිසිදිනෙක එය අත්හදා බලා නැත. මෙතෙක් තමන් සිදු කර අැත්තෙත් වශී ගුරුකම්, කොඩිවින අාදියයි. කොඩිවින කැපීමට මෙන්ම කිරීමට ද කැදවුනේද මරතේලිස් ගුරුන්නාන්සේ මය.
එහෙත් මෙවැනි දෙයක්…
” නිකංම නෙමෙයි ගුරුන්නාන්සේ… මේ ටික තියාගන්නකෝ දැනට.වැඩේ හොඳට කෙරුනොත් අපි හොදට ගෙවන්නම්. “
අැමතිතුමා තුරුම්පු අැද්දේය. එතන ලකෂ ම දහයකි. මරතේලිස් ගුරුන්නාන්සේට සාස්තරේ සත්ත බලන්නට සිතක් පහළවිය.
“මං මින් ඉහත මෙවැන්නක් කොරලා නං නෑ අැමතිතුමා.. මැතිරිල්ල තමයි ඉතිං.. වැරදුනොත් අපි හේරම කම්මුතු බවත් දැන කියාගෙන ඉන්න එක හොඳා..”
මෝටර් රථය නිහඬව පිටව යනු බලා සිටි මරතේලිස් ගුරුන්නාන්සේ නැවත මැගිලින්ට හඩගෑවේය.
“උඹ අැමතිතුමා පැමිණි වගක් ලොකු හාමිනේගේ කනේ තියනවා එහෙම නෙවෙයි. එහෙම උනොත් දන්නවනේ.. “
මැගිලින් මරතේලිස් ගුරුන්නාන්සේගේ කෝපයට කවදත් බිය අැත්තී ය.
ලොකු හාමිනේ පංසලේ දායක සභා රැස්වීමට ගොස් දැන් හෝරා කීපයක්ම ගතවී අැත.
” කෝ ජේමිසාට කතා කොරපන්. උෟට වැඩක් පංගරාත්තු කොරන්න තියේ.. “
“අා.. ජේමිසා..උඹ දැංම ගොහින් පයින්ඩයක් කියාපං අර ඉස්පිරිතාලේ මෝචරියෙ වැඩ කොරන ජයතුංගයාගෙ ගෙදරට. උෟ අා හැටියෙ මාව මුලිච්චි වෙන්න කියලා.. “
…………………………..
මධ්යම රාත්රිය පසුවී දෙහෝරාවක් පමණ ගතවී අැත. ජේමිසා ස්වාභාවිකවම විශාල බිය මුසු දෑස් තවත් නෙරවා දෙපස බලමින් සිටී.. මැද ගිනිමැලයේ අාලෝකය සමඟ තරඟයට වන් සේ දිස්වන දෙපස දල්වන ලද අධිබල විදුලි පන්දම් දෙකකි.
ගිනි මැලයට ඉහළින් දකින්නට තිබුණේ සිරුර ලොමු දැහැ ගන්වන දර්ශනය කි.මල සිරුරක්.. මිනිස් මල සිරුරක් හිස පහළට සිටිනාකාරයෙන් එල්ලී තිබේ. එයට පහළින් තැබූ බදුනකට එහි නාසයෙන් ගලා එන ඕජස් බිදෙන්බිඳ එක් වෙයි.
“අනේ.. ගුරුන්නාන්සේ.. තව ගොඩක් වෙලා මතුරනවද..” බියට පත් වූ ජේමිසා ගුරුන්නාන්සේ සමීපයෙන් දැවටෙන්න විය.
උඹ මොකද්ද මෙතන කරන්නේ.. මම උඹට කිව්වේ ඔත්තු බලාපං කියලා.. අනික බොල මෙතන මැතිරිල්ලක් නෑ.. මේ මිනී තෙල් ටික එක්කාසු කර ගත් හැටියේ අපි යනවා.. අා.. හා දැං පාර කිට්ටුව ගිහිං බලාගෙන හිටු.. මොකෙක්වත් දැක්කොත් හිරේ විලංගුවේ තපින්න වෙනවා.. “
ජේමිස් නැවතත් මල සිරුර වෙත බිය මුසු බැල්මක් හෙළා පය අද්දමින් පිටව ගියේ ය.
ජේමිස් පිටව යන අයුරු බලා සිටි ගුරුන්නාන්සේට නැවතත් හිත හයිය ගෝලයෙකුගේ අවශ්යතාව තදින්ම දැනුණි.
……………………………
මරතේලිස් ගුරුන්නාන්සේ ජීප් රියට එබී බැලුවේ. දුටු දසුනෙන් ඔහු තිගැස්සුනේය.
“මේ පොඩි දරුවෙක්නේ මහත්තයෝ..”
ජීප් රිය තුළ සිහිමඳව සිටියේ හුරුබුහුටි කුඩා දරුවෙකි.
“අැයි.. ගුරුන්නාන්සේ පොඩි ළමයින්ව ගන්න බැරිද මේ වැඩේට.. “
අැමතිතුමා කලබලයෙන් අැසුවේය.
“නෑ මහත්තයෝ.. ගන්න පුළුවන්. එ්ත් මේ දරුවා පව් නැද්ද මහත්තයෝ.. “
“අා.. ගුරුන්නාන්සේ පව් පිං ගැන හිතන්න තිබුණේ අැඩ්වාන්ස් ගන්න කලින් නොවැ.. “
එසේ කියා සිනාසුනේ අැමතිතුමා සමඟ සිටි තරුණයා ය.
අැමතිතුමාගේ කට කොනකටද සිනාවක් නැගෙනු දුටු ගුරුන්නාන්සේ නිහඬ විය.
” අා එහෙනං ගෙනෙමු මේ දරුවව මේ පැත්තෙ මේ කාමරේට.. හා හා මහත්තයෝ ඔය පැත්තෙ යන්න එපා.. අපේ ගෙදර උන්දෑ දැන ගන්න ඕනැන්නෙ නෑ මේ වැඩ කටයුතු. “
තරුණයා කුඩා දරුවා දෑතින් ඔසවා ගෙන පැමිණ ගුරුන්නාන්සේ පෙන්වූ අැඳ මත හාන්සි කලේය.
හා.. දැං ඔය අැත්තෝ යමු එළියට.. ගුරුකම් කොරන්නේ රෑ මැදියම්. එතකං මේ දරුවා මේ අාකාරෙං තියන්න එපැයි.
මරතේලිස් ගුරුන්නාන්සේ අැමතිතුමා සහ තරුණයා කාමරයෙන් එළියට යවා දොර වසා ගත්තේය.
නැවත දොර අැරුනි.
“මහත්තැං මැදියම වෙනකං මෙහේ ඉන්නවද.. නැතිනං අහල පහල ගැවසිලා රාත්තිරියේ කනත්තටම එනවද..? “
“අපි රෑට එන්න ඕනෙමද ගුරුන්නාන්සේ.. “
තරුණයා කනත්තක් පිළිබඳ කියවුණු නිසා බිය ගත් සෙයකි.
“නෑ.. ඕනැන්නෙ නෑ. නාවත් කාරි නෑ. එ්ත් මේ වැඩේ අහවර වෙච්චි හැටියෙන් මේ දරුවව ගෙනියන්න සූජානමිං ඉන්න හොඳා..”
” හා හොඳමයි ගුරුන්නාන්සේ…”
…………………………….
” සෙනේ.. සෙනේ ඉක්මනට මෙහේ එන්නකෝ.. මේ බලන්නකෝ.. අනේ මේ බලන්නකෝ සෙනේ.. ලස්සන දරු පැටියෙක්.. “
නන්දනී බිය ද අාදරය මුසු වූ හඬකින් සෙනෙවිරත්නට හඬ ගෑවා ය.
“කෝ කොහේ.. දරු පැටියෙක්..?”
සෙනෙවිරත්න පුදුමයට පත් වුණේ ය. එහෙත් උපන් හැටියෙන් දරු පැටව් කැලයට විසිකර දමන රටක දරුවකු මෙසේ හමුවීම පුදුමයක් නොවේ.. සෙනෙවිරත්න සිතුවේ මේ අලුත උපන් කිරි සප්පයෙක් කියා ය. නැත මේ අවුරුදු හතක් පමණ වයසැති ලස්සන පිරිමි දරුවෙකි.
” මේ ලොකු දරුවෙක්නේ.. මෙයාට මොකෙක්හරි කරදරයක්වත් කරලා මෙතන දාලා ගියාවත්ද.. “
සෙනෙවිරත්න පිළිතුරු නැති ප්රශ්නයක් නන්දනීගෙන් විමසුවේ ය.
“මෙයාට සිහිය නෑ සෙනේ.. “
එ් වනවිටත් නන්දනී දරුවා දෑතින් ඔසවාගෙන සිටියාය.
පාරේ අතරමං වූ බළල් පැටවෙකු පවා අනාථාගාරයකට හෝ භාර දී මිස අත්හැර නොයන මේ දෙපළ කෙසෙල් මේ දරුවා පාරේ දමා යන්නද..
“අපි මුලින් මෙඩිකල් සෙන්ටර් එකට යමු.. මෙයාට සිහියත් නෑ වගේනෙ..”
දරුවා දින කීපයක් සිහි විසඥව සිට අැති හෙයින් දින කීපයක් රෝහලේ නැවතී ප්රථිකාර ගත යුතු බව පවුලේ වෙෙද්ය වරයාගේ නිගමනය විය. මේ දරුවා මුණ ගැසුණු අයුරු අසා සිටි ඔහු දරුවා අමතර වෙෙද්ය පරීක්ෂණයකට ලක්කර අපහරණයට ලක් නොවූ බවට සැක හැර දුන්නේය.
” මිස්ට සෙනෙවිරත්න කරන්න පුළුවන් හොදම දේ තමයි දරුවා හොස්පිට්ල් එකේ නවත්තලා පොලීසිය මේ ගැන දැනුවත් කරන එක.එ්ක හැම අතින්ම හොඳයි.. එතකොට දරුවෙක් නැති වුණු ෆැමිලි එකක් තියේ නම් එයාලත් මේ වෙන කොට පොලීසියෙ අැන්ට්රි දාලා අැතිනේ..”
“හ්ම්.. ඔව් එ්ක අැත්ත.. එතකොට පොලීසිය උදව් කරයි අපට මේ දරුවගෙ අම්ම තාත්තා හොයා ගන්න..”
නන්දනී කිසිත් නොකීවාය. අැය මේ දරුවාට අැලුම් කරන්නට පටන් ගත්තේ දරුවා දුටු මුල් අවස්තාවේම ය. දරුවාගෙන් බාරකරුවෙකු හමු නොවේවායි අාත්මාර්තකාමී හැඟීමක් නන්දනීගේ සිතේ අැති වූයේ අැය මවක් වීමට වරම් නොලත් නිසාය.
……………………………….
වෘත්තීය සමිති නායකයෙකු ලෙස අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් අවසානයේ නිර්නාමිකව පැමිණි තර්ජනාත්මක අැමතුම් නොසලකා හරිමින් තමන් අනුවණ ක්රියාවක්ද කළ බව තේමියට පසක් වී අවසන්ය.
දැන් දරුවා නැති වී දින ගණනාවකි. සමාධි හැඬූ කඳුළින් කෑම බීම පවා ප්රතික්ශේප කරන්නීය.
පොලීසියට පැමිණිල්ලක් දැමීමට ගිය විටදී ඔවුන් තේමියව හරවා එව්වේ “ඔය කොහේ හරි කැලේක රිංගලා අැති.. හොයලා බලන්න මහත්තයා..”
කියමින්ය.
කිසිදු පොලීසියක් පැමිණිල්ල භාර ගත්තේ නැත. අදාළ පොලීසියට යන්නැයි ඔවුහු තේමියව මඟ හැරියෝය.පෙර පැමිණි තර්ජන පිළිබඳ පොලීසිය දැනුවත්ව සිටියා නම් මේ පිළිබඳව සොයා බලනු අැති බව තේමිය සිතුනද..
” මේක නම් දෙශපාලන පළිගැනීමක්.. පුතා.. පොලීසිය ගිහින් වැඩක් නෑ. මේක මීඩියා වලට කියන්නයි තියෙන්නේ.. “
තේමිය මෙන්ම දැඩි දේශපාලන මතධාරියෙකු වූ මාමණ්ඩිය තේමිය ට උපදෙස් දෙනු අසා සිටි සමාධි නිවස තුළ සිට කඩා බිඳගෙන පැමිණියාය.
“මීඩියා දීලා මගේ දරුවා මරා ගන්නද හදන්නේ.. මීඩියා දුන්නම අරන් ගිය උන් දරුවව පණ පිටින් තියයි ද.. ඕන නැති දෙවල් කරන්න එපා තාත්තේ..”
“එ්කත් අැත්ත තමයි.. “
මාමණ්ඩිය සිය මතය අකුලා ගත්තේ ය.
“අපි කොහොමද තාත්තේ මගේ රන් කැටිය හොයා ගන්නේ..”
තේමිය මෙතෙක් කල් දරා සිටි කඳුළු පවුර බිඳී ගියේ සමාධි නැවත ගෙතුලට ගිය නිමේෂයේය.
………………………………….
නන්දනී දරුවා තම තුරුලට ගැනීමට අත පෙවීය. අැයට හසුවුනේ අැකිලී ගිය පොරෝනයයි. තිගැස්සුනු අැය අැද අසල වූ විදුලි පහන දැල්වූවාය.
පුතු අැදේ නැත. නන්දනී වහා අැදෙන් බැස්සෙ දරුවා කොහේ ගියාදැයි බිය දැනුණු බැවිනි.
පුතු සෙනෙවිගේ කාමරය අසල සිටිනු අවසානයේ නන්දනී දුටුවාය. අැය එක්වරම පුතු අසලට නොගියේ අමුත්තක් දැනුණු බැවිනි. පුතා අත තිබුණු දිලිසෙන දෙය කුමක්දැයි අැය අෑත සිට විපරම් කළාය.
“දෙයියනේ… පිහියක්..”
කෑ ගැසෙන්නට ගිය කට අතින් වසා අෑ සැඟවී බලා උන්නාය.සෙනෙවි කිසි දිනෙක කාමරයේ දොර අගුල්ලන්නේ නැත.පුතු සෙනෙවිගේ කාමරයේ දොර අරගෙන අැතුලු වෙනු බලා සිටි නන්දනී පුතු පසුපසම කාමරයට අැතුල් වුණේ ඔහුට රහසිනි.
නන්දනී පැන පිහිය පුතු අතින් උදුරාගන්නා විටම සෙනෙවි අවදි විය.
“අැයි පුතා අන්කල්ට තුවාල කරන්න හැදුවෙ..”
සෙනෙවි සහ නන්දනී කිහිපවරක් විමසුවද දරුවා පිළිතුරු නොදුන් නිසා මෙන්ම. මීට පෙරද දෙවතාවක් දරුවා සිහිනෙන් අැවිදින බව දුටු නිසාද දරුවා මනෝ චිකිත්සක ප්රථිකාර සඳහා යොමු කෙරුණු නමුත් සාර්ථක නොවූයේ දරුවාගේ සුපුරුදු නිශ්ශබ්දතාවය යි. රෝහලේ සිට නිවසට පැමිණි මේ දින ගණනාවකට දරුවා එකදු වදනක් හෝ කතාකර නොතිබුණි.
“ඔය දොස්තරලට හොඳ කරන්න බැරි ගොඩක් මානසික ලෙඩ ගොඩ වෙහෙර කන්දේ හාමුදුරුවෝ හොඳ කරලා තියෙනවා.. අක්කේ දරුවා ගෙනියලා බලන්නකෝ කෝකටත්.. “
ඥාතියෙකු පැවසූ අාරංචියේ සත්ය බලන්නට සෙනෙවිරත්න සිතුනේ දෙවනි වතාවටත් මධ්යම රාත්රියෙන් කුඩා දරුවා පිහියක් අතැතිව තම කාමරය අසලට පැමිණි විටය.
…………………………..
” හ්ම්.. මේ දරුවාව ටික දිනක් පංසලේ නවත්තන්න වෙයි වගේ මහත්තයා.. නැතුව අමාරුයි..”
ගොඩ වෙහෙර කන්ද වෙද හාමුදුරුවෝ තව දුරටත් දරුවාගේ අැස් පරීකෂා කරමින් කීවෝ ය.
නන්දනී සාරි පාටින් දෙනෙත් පිස ගත්තීය.
“එහෙමයි අපේ හාමුදුරුවන්.. කොයි තරම් කාලයක්ද..? “
” දවස් විසි එකක් පමණ..”
දවස් විසි එකක්.. නන්දනී කෙඳිරි ගෑවාය. අැය දැන් මේ දරුවා කෙරෙහි තද බැඳීමක් අැති කර ගෙන සිටින්නීය.
“කමක් නෑ අපේ හාමුදුරුවනේ.. දරුවා සුව කර ගන්නයි අපිට ඕනෙ.. “
“හ්ම්..
එහෙනං විසි දෙවනි දිනේ අාපහු එමු.. මම දරුවා සුව කරලා දෙන්නං.”
…………………………..
“නියමයි එරන්ද.. අපේ වැඩේ හරියටම හරි.. දැන් තියෙන්නේ ප්රතිඵල එනකම් බලාගෙන ඉන්න… “
“සෙනෙවිරත්න මහත්තයා දරුවව ගෙදරට ගනීද අැමතිතුමා.. එහෙම නැති වුණොත් ඕක්කොම වතුරේ..”
” ගේ ළඟ දාල යන පූස් පැටියත් ගේ අස්සෙ දා ගන්න එකේ දරුවෙක් නොසලකා අරීද.. මිනිස්සුන්ගෙ හිත හොඳ වැඩිවුණාමත් වසන්න බෑ බං.. අපිටත් අමාරුයි. උන්ටත් අමාරුයි..”
බඳින ලද මස් කැබැල්ලක් මුව රුවා ගනිමින් අැමති තුමා මහ හඬින් සිනාසුනේය.
” එ්ක තමයි.. මේ අපි වගේ ඉන්න එපැයි.. ඕනෑවට වඩා දෙන්න යනවා..”
රත්නේද වෙරිමතින් වචන පැටලෙමින් කීවේය.
තිදෙනා නැවත මහ හඩින් සිනා සී මත්පැන් වීදුරු ඔසවා සව්දිය පිරූහ.
” අායෙ අරූ පිකට් ගැන හිතනව බොරු.. “
නැවත සිනා හඬ නැගී අාවේ ය.
එ් රාත්රිය බීමතින් ගෙවී ගියේ ය.
………………………..
“අැමතිතුමා.. අැමතිතුමා.. නැගිටින්න.. අර ගුරා මැරිලලු… “
“හ්ම්.. ප්.. මොන ගුරාද.. කවුද කෑ ගහන්නෙ.. “
“මම.. එරන්ද.. අර ගුරුන්නාන්සේ.. මරතේලිස් ගුරුන්නාන්සේ.. අපේ වැඩේ.. “
අැමතිතුමා අැදෙන් විසි වුණා මෙන් විය.
“මොනවාද වෙලාද.. මරල ද මැරිලද.. කවදද..”
ප්රශ්න රාශියක් එරන්ද හඹා අාවේ ය.
වැඩි විස්තරයක් හරියට කියන්න දන්නෑ. මට කෝල් කලේ සියදෝරිස්.. බඩ කපාගෙන මැරිල කියලලු කියන්නේ..”
අැමතිතුමා ට හීන් දාඩිය නැගුනේය. වැඩේ අාපිට හැරිලද.. අපිටත් කෙලවෙයිද.
එ් ඔහු ගේ සිතට මුලින්ම නැගුණු හැඟීමයි. එරන්දගේ මුහුනේද බිය සටහන්ව තිබෙනු මංචනායක දුටුවේය.
” මල ගෙදර යනවද.. “
“උඹට පිස්සුද බන්.. අපි ඕක අස්සෙ රිංගුවොත් මිනිස්සු බලයි මොකද කියලා.. අපි ගියෙත් අපේ පස්සේ මීඩියා කාරයොත් එලවනවා.. එතකොට ඔක්කොම නිකන් සභාව මැද්දෙ රෙද්ද කැඩුන වගේ තියෙයි.. උඹලා කවුරුත් හෙම යන්නෑ.. පැත්ත පළාතෙ..”
……………………………………..
” එ් දරුවා සනීප වෙයි කියලා මම නං කීයටවත් හිතුවෙ නෑ ලොකු හාමුදුරුවනේ..”
වෙද හාමුදුරුවෝ මද සිනාවෙන් ගෝල නම දෙස බැලූ හ.
” බුද්ධ බලේට සුව කරන්න බැරි මානසික ලෙඩ. යකෂ ප්රේත දෝස මේ සක්වල නෑ පොඩි නම..”
එතකොට එ් දරුවව සම්පූර්ණයෙන් සුව වුණේ බුද්ධ බලයෙන් ද.. ඔබ වහන්සේ දැනං උන්නු සාස්තරේ..?”
“සාස්තරේ කළේ ලෙඩේ හොයාගැනීම පමණයි.. මටත් පුදුමයි පොඩි නම මං දැනං උන්නේ නෑ මේ සාස්තරේ තවත් අය ළඟ අැති කියලා.. එ්ව මහ බලගතු
මන්ත්ර.. අවකල් ක්රියා.. අපේ තාත්තටත් ඕන වුණේ උන්දැගෙං පස්සෙ මං ඕවා දැන කියා පවත්වගෙන යන්න.. මං එ්කට කැමති නැතිව තමයි සාසනේට අාවෙත්..මන්ත්ර ශාස්ත්ර අනුන්ගේ හානියට යොදනවාට මං විරුද්ධයි පොඩි නම.. එ්ත් ඉතිං ඉගෙන ගත්තා කියලා වරදක් වුණේ නෑ නොවැ.. පුංචි දරුවාගේ ජීවිතය බේර ගන්න උපකාර වුණා. “
” එතකොට අපේ හාමුදුරුවනේ ඔය කොඩිවින කැපුවාම අාපස්සට කරපු අයට දඬුවම් ලැබෙනවා ලු නේද..?”
” කොඩිවින ගැන එහෙම කතාවක් තියේ.. එ්ත් මං නං හිතන්නේ එහෙම නෙවෙයි. තමං කරපු වැරැද්ද ගැන වද වෙන හිත විසින් සිදු කරන විපර්යාසයක් නිසා කරපු මිනිහා සිය දිවි නසා ගන්න පෙළඹෙනවා අැති. එ්කට ඉතින් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියල කියන්නත් පුළුවන්..
එ්ත් මේ කරලා තිබුණේ කොඩිවිනයක් නෙමෙයි පොඩි නම.. “
“එහෙනම් අපේ හාමුදුරුවනේ..? මොකක්ද එ් ළමයට වෙලා තිබුණේ..? “
“එ් ළමයා පිල්ලියක්.. ඔය පවුලෙන් පල්ලි ගන්න එවාපු.. “
උපුටා ගැනීම: Kalani Bulathsinhala