
මියගිය කෙනෙකු වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගේ මළ සිරුර වැළලීමේදී කිසියම් ආකාරයක චාරිත්
රයක් අනුගමනය කිරීමට අපේ රටේ ජීවත් වූ මුතුන්මිත්තන් කල්පනා කර ඇති බව පෙන්නුුම් කරන පැරණිතම සාක්ෂි මුලින්ම මුණ ගැසෙන්නේ ගල් යුගයේදී.

අපේ රටේ ගල් යුගය ආරම්භ වන්නේ අඩුම තරමින් මීට අවුරුදු 125 000 කට පමණ ඉහත යුගයකදී බවයි විද්
යාඥයින්ගේ අදහස.

එහිදී හමුවුණ ඇටසැකිලි නිරීක්ෂණය කිරීමේ දී මළ සිරුරු ආදාහනය කිරීමේ යම් විශේෂතාවක් හදුනාගෙන තිබෙනවා.

ඒ තමයි මළ සිරුරු වකුටු කර වැළලීමේ ක්
රියාවලිය.විද්
යාඥයින් එයට හේතුව සොයා බැලීමේදී නිගමනය වූයේ එම ක්
රියාවෙන් ඔවුන් තුළ තිබූ කිසියම් විශ්වාසයක් පෙන්නුම් කිරීමට උත්සාහ කළ බවයි.

එයට හේතුව දැන් විමසා බලමු.
දරුවකු උපදින විට මවගේ කුස තුළ සිටින්නේ වකුටු ආකාරයකට.මිනිසුන් උපදින්නේ මවු කුසින් වුවත් ඔවුන් කල්පනා කළේ මිනිසුන් උපදින්නේ මහී කාන්තාවගේ කුසින් බවයි.මහී කාන්තාව කියන්නේ පොලොවටනේ.ජීවත් වීමට අවශ්ය සෑම දෙයක්ම අපට ලැබෙන්නේ පොළොවෙන්.ඉතින් ඔවුන් සිතුවා දරුවන් උපදින්නෙත් මවු කුසින් බව.පසුකාලයක ජගන්මාතා පූජාව යනුවෙන් හැදින්වූ විශේෂ චාරිත්රයක් දියුණු වෙන්න පටන් ගත්තේ මේ අදහස මූලික කර ගෙනයි.

දරුවන් උපදින්නේ පොළොවෙන් යැයි ඔවුන් විශ්වාස කළ නිසා නැවතත් මියගිය කෙනා පොළොවටම යා යුතු බවටයි ඔවුන් අදහස් කළේ.

එසේ සිරුර වළ දැමූ පසු ඒ ගල් ගුහාවේ වාසය කළ සියලුම මිනිසුන් ඒ තැන අත්හැර දමා තිබෙනවා.

ඊට වසර ගණනාවකට පසු එම සිදුධිය කාටත් අමතක වූ පසු නැවත කණ්ඩායමක් පැමිණ ඒ ගල් ගුහාව නැවතත් වාසස්ථානයක් කරගෙන තිබෙනවා.

එසේ පැමිණ එම ගල්ගුහාව ශුද්ධ පවිත්
ර කරන විට යම් හෙයකින් වළලා දැමූ මළසිරුරට අයත් ඇටසැකිල්ල හෝ එහි කොටස් අලුතෙන් පැමිණි අයට දකින්නට ලැබුණහොත් ඒවා එකතු කර කඩා බිද දමා කසළ ලෙස සලකා ඉවත් කර ඇත.



ප්
රාග් ඓතිහාසික යුගයට අයත් ඇතැම් ගල්ගුහා කැණීමෙන් සොයා ගන්නා ලද මිනිස් ඇටසැකිලි වල රතු පැහැති සායම් වර්ගයක් ආලේප කර තිබෙනු පුරාවිදයාඥයින් විසින් දැක තිබෙනවා.

මේ සායම් සාදාගෙන තිබෙන්නේ රතුපැහැති ගුරු ගල් විශේෂයකිනුයි.රතු ගුරුගල් ස්වභාවිකව තැනුණු ගල් වර්ගයක්.ඇටසැකිලි මත වර්ණයක් ආලේප කිරීමට නම් මළසිරුර වළ දැමීමෙන් පසු අවස්ථාවක ගොඩගත යුතු වෙනවා.එය එසේ කලා නම් මළවුන් සම්බන්ධයෙන් ඒ අය අනුමනය කළ තවත් චාරිත්
රයක් ගැන අදහසක් ඇති කර ගැනීමට අපට ඉඩක් සැලසෙන බව තේරුම් ගත යුතු වනවා.