වියපත් යුවලක් සිටියා… ඔවුන් දෙදෙනා හැම දෙයක් ගැන ම සාකච්ඡා කළා….
දෙදෙනාගෙන් එක්කෙනකුට හෝ රහසක් වශයෙන් කිසි දෙයක් තිබුණේ නෑ…..
එහෙත් එක වෙනසක් හැර….
කාන්තාවගේ අල්මාරියේ පෙට්ටියක් තිබුණා. එය කුමන අවස්ථාවක හෝ අරින්නේ නැති බවට විවාහ වූ අලුත ඇය සැමියා හා ගිවිසගත්තා…..
ඔහු එය කවදාවත් කඩ කළේ නෑ…..
බෙහෙවින් රෝගාතුර ව සිටි කාන්තාව දින දෙක තුනක් ඇතුළත මිය යා හැකි බව වෛද්යවරයා කීවා….
සැමියා එය ඇයට නො කීවාට ඇය එ් බව තේරුම් ගෙන සිටියා….
”ඔයා මගෙන් හංගන්න හැදුවට වැඩක් නෑ. මම අද, හෙට හෝ අනිද්දා මිය යනවා. ඔයා හිත හදාගන්න,”
බිරිඳ සැමියාගේ අත අල්ලාගෙන කිව්වා….
ඇගේ අවසාන මොහොතේ හෝ පෙට්ටිය ගැන විස්තර අසා දනගන්නට සැමියාට අවශ්ය වුණා….
”මට ඔයාගෙන් යමක් අහලා දැනගන්න ඕන කියලා හිතෙනවා. එ්ත් මට අහන්න හිතෙන්නේ නෑ.”
”මං දන්නවා. ඔයා අහන්න හදන්නේ පෙට්ටිය ගැන නේ. කොහොමත් මං එ්ක ඔයාට කියන්න තීරණය කළා. ඔයා එ්ක ඇරලා බලන්න.” බිරිඳ ඉදිරි පියවරක් තැබුවා….
මහල්ලා බිරිඳගේ අත වැරෙන් අල්ලා ගත්තා. ඔහු හැඬුම් බර වෙලා. ඔහු කිසිවක් කීවේ නෑ….
”එ් පෙට්ටිය ගේන්න. ඇරලා බලන්න.” ඇය නැවතත් කිව්වා….
පෙට්ටිය ඇතුළේ ඉතා ලස්සන ගෙත්තම් දෙකක් තිබුණා. ඊට යටින් රුපියල් පනස් දාහක් අසුරලා….
”අපි කසාද බඳින දවසට කලින් දා අත්තම්මා මාව තුරුළු කර ගත්තා. ‘මගේ පුංචි කුමාරියේ, විවාහ ජීවිතයේ ලොකු රහසක් මං ඔයාට කියන්න යි හදන්නේ. එ් අවවාදය පිළිගත්තොත් ඔයාට වරදින්නේ නෑ.’ ඈ මට කිව්වා.”
”ඔයාට වැරැදුනේ නෑ. මං හැමදාම ඔයාට ආදරෙන් හිටියා.” සැමියා ඇය සැනසුවා..
”‘පුංචි කුමාරියේ, සාර්ථක විවාහ දිවියක් ගත කරන්න නම් කිසිම වෙලාවක වාද කරන්න යන්න එපා. ගෑනු අපි එ් පැත්තෙන් දුර්වල යි තමා. එ්ත් මං වාද නො කරන විදිය කියා දෙන්නම්.’ අත්තම්මා මට කීවා..
”එ් මොකක්ද…? ඔයා කවදාවත් මං එක්ක වාද කළේ නෑ.”
”ඔයා එක්ක මට කොයි වෙලාවක හරි කේන්තියක් ආවොත් එ් කේන්තිය පිරිමැහෙනකම් ගෙත්තමක් කරන්න කියලා ඇය ගොතන කටු යුවලක් මට දුන්නා.”
සැමියාගේ දෑස්වලට කඳුළු පිරුණා. ‘ගෙත්තම් දෙකයි තියෙන්නේ. එ් කියන්නේ ඇයට මං එක්ක කේන්ති ගිහින් තිබෙන්නේ දෙවරක් පමණයි.’ ඔහුට සිතුණා….
ඔහු ඇගේ දෑත පපුවට තබා ගත්තා. එ්ත් ඔහුට තව ප්රශ්නයක් තියෙනවා අහන්නට..
”සුදූ … එතකොට මෙතන තියෙන රුපියල් පනස්දාහ ගැන මට කියන්න …. ”
”එ් මම ගෙත්තම් විකුණලා ලබාගත්ත මුදල්.”