අපි පිටරටක ඉදන් බොන ඉදල්ගස් ඉන්න හෝ බගවන්තලාව estate තේකකට, එහෙමත් නැත්තම් සිලෝන් ටී කියන නම යටතේ හෝ බොන තේකකට අඩුම ගාන $2.50 නැත්තම් ඒකට කිරී දාලා ලතේ එකක් විදියට බොනවානම් $5 ආසන්න මුදලක් ගෙවනවා. රු වලින්නම් එක තේකක් සදහා රු 1000 කට ආසන්න මුදලක් ගෙවනවා.
මේ මෑතකදී ඒ කියන්නෙ වසර කිහිපයකට උඩදී ලෝකෙට එනවා Fair Trade concept එක. දන්න අය දන්නවා ඇති. තේ වලට විතරක් නෙමෙයි කෝපී, ඇට වර්ග, මල් වගේ අපයනය කරන රටවල මේ කර්මාන්ත වල වැඩ කරන අයට සාධාරණ මුදලක් වෙනුවෙන් අපි ගෙවන, ඒ කියන්නේ අවසාන ගැණුම්කරැවනුත් ගෙවන ගානක්. මෙයින් ළමා කම්කරැවන්ගේ ප්රමාණය අඩුවෙන බවයි කියන්නෙ. දැන් දැන් මේ රටවල ඉන්න අය කියන දෙයක් තමයි මේ Fair trade වලින් හම්බෙන සල්ලී මේ දුප්පත් කම්කරැවන්ට නොලැබෙනවා කියලා.
මට මතකයි මීට ටික කාලෙකට කලින් මම කියෙව්වා මේ වතුවල වැඩකරන මිනිස්සුන්ගේ දවසේ පඩිය රැ 50 කියලා. ඒ ලයිම් කාමර හැමදාමත් තිබ්බා. ඒවායේ මිනිස්සු හැමදාම ජීවත් වුනා. නුවරඑළිය පැත්තේ දමිළ දුප්පත් ගෑණු ලමයි අරං ඇවිත් කොළඹ ගෙවල් වල පොඩි අයගෙ වැඩිහිටි අයගේ මෙහෙකාර සේවයේ යොදාගන්නවා.
මූලික මිනිස් අවශ්යතා ඉශ්ඨ නොවෙද්දී දෙමාපියන්ගේ දැනුම අඩු වෙද්දී තමන් කරන දේ බරපතල කම තේරැම් ගන්න බෑ. ඔවුන් බලයක් තියන කෙනා ගැන විශ්වාසය තියන්න ඇති.
මට නම් අවංකවම ළමයෙක්ගෙන් උයන් පිහන් කන්න බෑ. හුගාක් වයසක මනුස්ස්යෙක්ට කියලා ගේ අතුගාගන්න වලං හෝදවන්න බෑ. ඉස්කෝලේ යන්න ඕන වයසේ ළමයෙක් ගෙදරක බාත්රෑම් හොදනවානම්, පිගන් වලං හෝදනවානම් ඒකට දොස් කියන්න ඕනෙ සමස්ත සමාජයටමයි.
මේ අහිංසක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න එක්කෙනෙක්වත් නෑ. ඇයි සාමාන්ය කම්කරැවන්ට තියන සම අයිතීන් මේ අයට නැත්තේ. “Keep them poor” කියන concept එකෙදී මිනිස්සු පාලනය කිරීම ලේසී. අන්න ඒක නිසා ඔය කිසිම දේශපාලුවෙක්, කර්මාන්ත හිමියෙක් මේ මිනිස්සුන්ගේ අයිතින් රකින්නෙ නෑ. ඔය fairtrade එකෙන් එන මුදල් මේ අයට දෙන්නෙත් නෑ.
මට ඇහුන දෙයක තමයි ” අනේ ඕවා කියලා වැඩ්ක් නෑ, අනෙ මම ඕක කියෙව්වේ නෑ මට ඒක දරාගන්න බෑ, අපි ලිව්වා කියලා මොනාත් වෙන්නෙ නෑ. වගේ අදහස්. කාන්තාවන් විසින්ම මේ වගේ සෘනාත්මක අදහස් දෙනකොට පොඩි ලමයි රැකෙන්නේ නෑ. තමන්ගේ ලමයෙක්ට වුනොත් අහක බලන් ඉන්නවද???
අපි රටක් වශයෙන් ලැජ්ජා විය යුතුයි අපේ කාන්තාවන් වහල් සේවයට පිටරට යැවීම ගැන. එතන වෙන්නේත් මේ වගේම දෙයක්. ගෙදර මිනිහාගේ කරදර වලට මූණ දෙන ගමන් ඒ නිවසේ කාන්තාවගෙ හිටිහැර වලට ලක් වෙනවා.
බදුර්දීන් ඇතුලු සිය පවුල , ලංකාවට කරලා තියන හානිය මෙතෙකැයි කියන්න බෑ. මේ වගේ මිනිස්සු මහා පොලොවට බරක්. එක් පැත්තකින් වන රක්ශිතයක්, ම්නිස්සුන් ගනනාවකගේ ජීවිත සහ කුඩා දරැවනට දී තිබෙන වද හිංසා. තැරැව් කාරයා මේ අහිංසක ළමයෙක්ගේ පඩියෙන් රු 10,000 කපාගන්නවා. දුවන්න කියලා වෙඩිතියන්න ඕන මෙන්න මේවගේ අපරාධ කාරයන්ට. මේක දේශපාලණීකරනය කරමින් අතන වුනා මෙතන නැද්ද අහනවා නම් ඔබ ලැජ්ජා විය යුතුයි.
සමාජයක වගකීම සියලු පුරවැසියන් රැකීම මිස මම විතරක් ගොඩයෑම නොවෙයි. බලය වෙනුවෙන් කරන තාවකාලික විනාශයන් නිසා රටට වෙන අතුරැ පල විපාක එමටයි. ඉශිලිනී එකෙන් එක නිදසුනක්.
ඉශිලිනී මගේ දුවට වඩා අවුරැදු කිහිපයක් වැඩිමල්, මට ඇය දැනෙන්නේත් මගේ දියණියක් වගේ. තවත් දුවෙක් රකින්න ඔයත් මෙහෙම දෙයක් දැක්කොත් වාර්තා කරන්න, ඒ වෙනුවෙන් හඩක් නගන්න.
රු 30,000 ගෙවා ගන්න බැරි මිනිස්සුන් ඉන්න රටක හිගන නායකයෙක් වීමෙන් වැඩක් නෑ. රු 30,000 වෙනුවෙන් අහිංසක මල් කැකුලක් බිලිගන්න රටක අධ ගොලු බීරී පුරවැසියෙක් වෙලා වැඩක් නෑ.
උපුටා ගැනීම: Bhagya Bammunuarachchi