මෙම දැරිවිය මිය ගොසිනි. ඇය නෙතු පියා සදාකාලික නින්දෙහි සැතපී හිදී. පියැවුනු ඇසිපිය මත වර්ණ ගන්වා, ඇස් හැර සිටිතැයි හැගෙන පින්තාරුමය ඇසක් ඒ මත සිතුවම් කර ඇත. පිටිපස, උඩුකය සෘජු කරලූ ආධාරකය නොවන්නට ඇය අප්රාණිකව කඩා වැටෙනු නියතය! ඔය සිඟිති අත පය මරණයෙන් දරදඬු ය. උකුළ මත හොවෙනු හැරෙන්නට ඉන් බෑර වූ ඉරියව්වක් උන්ට ඉපැදිය නොහැකිය.
මේ සිඟිත්තිය ජීවිතාරම්භය අසබඩ, ඒ හැර ගියේ ඇයි?හේතුන් අප්රකට ය. ඒ නමුත්, මරණයෙන් අහවර මේ සා වෙහෙසකින් සිඟිති මළකඳ ජායාරූපයක සදාතනික කරලූයේ ඇයි? ඊට ප්රකට වූ පිළිතුරක් වෙයි!
ඒ, ඇය ජීවත්ව සිටියදී, එකදු ජායාරූපයකයට හෝ පෙනී නොසිට තිබුනු බැවිනි! අහෝ එහෙයින් අසරණිය මරණයෙන් අවසන හෝ ජායාරූප ගත කෙරිණි.
වික්ටෝරියානු එංගලන්තයේ මියගියවුන් පණැති උන් ලෙස අන්දා ජායාරූපයක සදාතනිකව සිරකර ගැන්ම චාරිත්රයක් ව පැවතිණි. එකල වඩා සුපැහැදිලිම ජායාරූප මිය ගිය ඇත්තන්ගේ විය. මන්ද උන් කිසිදා නොසෙල්වුනු බැවිනි. මන්ද ජීවය ඉපැද්දූ චංචල භාවය මරණයෙන් අහවර වන බැවිනි.
මරණය, සියළු සංචරණ චංචල දේහස්කන්ධයන් නිශ්චල කරලනු ඇත! එමෙන්ම මෙකල් හී, සංචරණයට ප්රිය චංචල ඔබ, නිසැකවම මරණයෙන් කෙළවර වනු ඇත!
වික්ටෝරියානු එංගලන්තය, 1893!

උපුටා ගැනීම: ඓතිහාසික ජායාරූප නොසැලෙයි