මුහුණුපොතේ සැරිසරමින් හුන් මගේ දෑස් ඉද්ද ගැසුවාක් මෙන් නැවතුනේ, විවාහයට අරඅදින නව යුවලකගේ ප්රී ශූට් එකක ෆොටෝ ඇල්බමයක් නෙත ගැටුණු නිසාවෙනි.
“දෙවියනේ කසුන් අයියා”
ඡායාරූපයේ උන්නේ කසුන් අයියා වුවත්, නිතැතින් මට සිහිවූයේ එන්න මල්ලී කියා තේක පිළිගන්වන නාලිකා අක්කාගේ අවිහිංසක මුහුණය. මා කෙසේ නම් අක්කාට මේ බව පවසන්නද? සිතේ වූ දෙගිඩියාව මහත් වූ සහෘදත්වයේ ගිනි පුපුරු මත දියාරු වූයේ ඔලීනා ඔයිල් නටන තාච්චියකට වැටුණු දිය බිඳු මෙන්ය.
මට තවත් සිතන්නට දෙයක් නොවීය.
හෙලෝ න.. න..නාලිකා අක්කේ..
මොකෝ මලයා ගොත ගහන්නේ.
සුපුරුදු සහෘදත්වයේ ඇගේ කටහඬ ඇසුණු මට, මා මෙය පවසන්නේද නැද්ද යන්න දෙවරක් සිතන්නට සිදුවිය. එහෙත් මට ඇයට ද්රෝහි විය නොහැක. ඉකුත් සතියේත් ඇගේ අතින් ඔපමට්ටම් වූ චිකන් වින්ග්ස් වල තිබුනේ ඒ සහෝදර කැක්කුමයි. එය තලුමරමින් සාරංග අයියා මිමිණූ වදන්ද මට සිහිවිය.
“මේවනේ බං කෑම”
කෑමට හිත දිව ගියද, යළි නාලිකා අක්කාගේ හඬින් මගේ සිහින ලොව බිඳ වැටුණි.
ඇයි මල්ලී කෝල් කරේ?
අ.. අක්කේ..
මොකෝ බන් ගොත ගහන්නේ?
අක්කේ ඔයාගේ මැසෙන්ජර් බලන්න.
ඉන් එහාට මට වචනයකුදු තෙපලීමට අපහසු විය.
අක්කා දඩාස් ගා දුරකථනය තබනු මට ඇසිණි.
මමද වහාම යතුරු පැදියට නැගී කසුන් අයියාගේ නිවසට ගියේ, ගෙයි ගිනි පිටට යන්නට මත්තෙන් නිවාලන්නට ඇති සහෝදර බැඳීම නිසාවෙනි.
ගේට්ටුව හෝස් ගා ඇර දා තිබිණි. කසුන් අයියා වෙනදා අප කන බොන මේසයේ හිස ගසාගෙන සිටියේය.
කුඩාකල සඳ මාමාගෙන් කිරි පැණි ගෙන එන බව අසා තිබුණද, පළමු වතාවට සඳක් මෙන් දිළිසෙන කසුන් අයියාගේ තට්ටයේ ඕ පොසිටිව් පැණි ගලාන එනවා මා දිටිමි.
මා නීල් ආම්ස්ට්රෝන් කිසිදිනක පියවි ඇසින් දැක නැත. එහෙත් නාලිකා අක්කාගෙන් මා නීල් ආම්ස්ට්රෝන් දිටිම්.
ඇමරිකන් ධජය මෙන් ඇගේ අතේ වූයේ හතරයි හතරේ පොල්ලකි. සඳෙන් පැණි බේරෙන්නට හේතුව වැටහෙන්නට මට මහවෙලාවක් ගත නොවුණි.
කසුන් අයියා එක්වරම,
“තෝ මාව කෑවා යකෝ”
කියමින් මා වෙතට පැන්නේය.
මේවට පළි මේ පොඩි එකාද කියා, යළිත් වරක් නාලිකා අක්කා අත රැඳි හතරයි හතරේ පොලු පහර, කසුන් අයියාගේ තට්ට තණ නිල්ල මත හතරේ රාමුව පසු කරද්දී,
කසුන් අයියා යළි මා දෙස බලා මිමිණූ වදන මට අදටත් ඇසේ..
“මම සර්පයන්ට බයයි මල්ලී.. 

ඒ මම නෙමෙයි”
අනේ මගේ මැණික
නාලිකා අක්කා කෑ ගසනු ඇසිණි.
මා දිව්වෙමි.
“හුදු විනෝදාස්වාදය පිණිස ලියූවකි..
උපුටා ගැනීමකි
මූලාශ්‍රය: Senuri Ahinsa