Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හොදට කියවන්න..දිවියට දෙයක් ගන්න..(බලා සැනසෙන්නට නොව)
ඔබගේ ඒ වටිනා අදහස් දක්වන්න…🌷🌷🌷
බඩගින්න වැඩිකමට බල්ල කාල ඉතුරුවෙලා තිබ්බ කෑම එක මම කෑව,දවසක් මම බල්ල ඉතුරු කරපු කෑම කනකොට අල්ලපු ගෙදර පිරිමි ළමය බලාන උන්න.
ජීවිතේ සමහර තැන් දිනන්න නම්,සමහර දේවල් කැප කරන්න ඕනි.ඒ වගේ කතාවක් අහන්නයි මම දයාබර ඔබට ආරාධනා කරමින් උදේම …
ඒ විදියට දුක් කන්දරවක් විඳල,අපහාස ගොන්නක් අහල,බඩගින්නෙ හොටු පෙරාගෙන ඉඳල,බල්ල ඉතුරු කළ කෑම කාල ජීවිතේ හොඩ ගත්ත …ජීවිතේට රිදී රේඛාවක් එක් කර ගත්ත….ජීවිතේ පහනින් දල්වා ගත්ත කාන්තාවක් ඇය…ඇය පිළිබඳ ව කෙටි සටහනක් ඔබට අද උදේම තබන්නට උත්සාහ කලේ ඔබ තවමත් ප්රමාද නැහැ කියන සිතුවිල්ල මතකයට නගන්නයි.
ඇය නයිජීරියානු කාන්තාවක්…අද ඇය හොද නීතිඥවරියන් අතරින් උසස්ම නීතිඥවරියක්..
ඇය-Awele Ideal
මේ ඇය විසින් ලෝකයේ දහසකුත් කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා ඇයගේ හඬින්ම ලෝකය ඇමතු අන්දම..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ අම්ම මාව අතහැරල දාල යනකොට මගෙ වයස අවුරුදු 7යි.මගෙ තාත්ත කුඩම්ම කෙනෙක් ඇරන් ආවෙ මගෙ ජීවිතයට කළු වලාකුළු ක් එක්ක කරගෙන…මම බලාගෙන උන්න…වෙන කරන්න දෙයක් නැහැ…
මට එයාල එක්කල ජීවත් වෙන්න සිදුවුණා.කුඩම්ම ඇත්තෙන්ම හරිම නපුරුයි.මා ගැන කේලම් කිව්ව තාත්ත එක්කල.
මාව බඩගින්නෙ තිබ්බ දවස් ගානක්.තාත්තට කීවටත් වැඩක් උනේ නැහැ.
මම බඩගින්නෙ උන්න කියල එයාලට ගැටලුවක් උනේ නැහැ…මම මොනතරම් නම් කඳුළු හැලුවද….හැබැයි ඒ කඳුළු වල තිබ්බෙ මහ විශාල බලාපොරොත්තුවක්….ඒ කඳුලු වලින් මම කවද හරි මාළිගාවක් හදනව කියල හිත ඇතුලෙන් දරාගෙන උන්න…
මට බෝනික්කන් හිටියෙ නැහැ තුරුලු කරගෙන නිදාගන්න….මට මගෙ ළමා කාලය දුකක්…හැබැයි මම දවසින් දවස ශක්තිමත් උනා..
දවස් ගානක් බඩගින්නෙ ඉඳල බැරිම තැන මම බල්ල කාල ඉතුරු උන එව්ව කෑව.ඒක අල්ලපු ගෙදර ළමය බලාගෙන ඉඳල එයාගෙ අම්මට කියල.එදා හැන්දෑවෙ ඒ ළමයගෙ අම්ම මට එයාලගෙ ගෙදරට එන්න කිව්ව..මම ගියා…ඒ අම්ම මගෙන් ඇහුවෙ බල්ල ඉතුරු කරපු කෑම කෑවයි කියන්නෙ ඇත්තමද කියල…
මම ඔව් කිව්වා…
හැබැයි මම ගොඩාක් බය උනා ඒක කිව්වට පස්සෙ…මම ඒ අම්ම ඉදිරියෙ වැඳ වැටිල ඉල්ලා හිටිය මේක මම කිව්ව කියල කුඩම්මට කියන්න එපා කියල….මම හඬාගෙන එයාගෙ කකුල් දෙක ලඟ වැටිල ඉල්ලා හිටින තරමටම බය උනා….😱😱😢😢
ඇත්තෙන්ම ඒක අහල ඇයත් මගෙත් එක්කල හොඬටම හැඬුවා…ඊට පස්සෙ ඒ අම්ම මට කෑම දෙන්න පොරොන්දු වුණා .
මාව බඩගින්නෙ තියෙන එක මදි කියල හිතලම වෙන්න ඇති,සමහර දවස් වලට මට කලෙන්තෙ දාල වැටෙනකල් පහර දුන්න.
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මේක තමයි විඳව ගන්න බැරිව මම උන්නෙ
කුඩම්මගෙ නපුරුමක වැඩි උනාම මගෙ “යෝනිය” ඇතුලට “ගම්මිරිස්” ඔබල දවස් ගනන් වැසිකිළි යට දාල වහල තියෙනව.
😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
ඒක මගෙ ජීවිතයේ අවාසනාවන්ත අකාරුණික භයානකඅත්දැකීමක් .මට කෑ ගහන්න බැහැ,දත කට එකට පූට්ටු වෙලා දැනුන වේදනාවට….ඒත් මම ජීවිතය නැතිකරගන්න හිතුවෙ නැහැ…දුක දැනිල කඩාගෙන වැටුන හැමවිටම නිරන්තරයෙන්ම මම බලාපොරොත්තු තියාගත්ත.
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අත් වලට කකුල් වලට බෙල්ල වටේ ගම්මිරිස් ගාල දවස් ගනන් මාව වැසිකිළි යෙ දාල තිබ්බ…ඒත් මම මගේ ශක්තියට හීන වෙන්න ඉඩ දුන්නෙම නැහැ..
හැබැයි මේ දුක් විඳගෙන මම අධ්යාපනය කඩාකප්පල් කර ගත්තෙ නැහැ.මේකට හොඳම විසඳුම ඉගෙන ගන්න එක විතරයි කියල එදා මගෙ පුංච් හිතට දැනුන.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතින් එදා Awele Ideal ට ඒ වගෙ තමන්ගෙ හිත ශක්තිමත් කරගන්න තරම් ආත්ම ශක්තියක් තිබුනා නම්,ඇයි අද ඔබට ඒ ශක්තිය හොයාගන්න අපහසු.එදා Awele කුඩා දැරියක්ව සිටියදි තමන්ගෙ ජීවිතය පිළිබඳව අත්තිවාරම දමාගන්නට සැලසුම හොයාගෙන ලුහුබැඳ ගෙන යන්න සූදානම් වුණා..අද ඔබ වැඩිවියට පත් සමාජ දැනුමෙන් අධ්යාපනයෙන් උගත් බුද්ධිමත් කාන්තාවක් වෙලා…
ජීවිතය වැටෙන්න දෙන්න එපා.ඔයාට දරු සම්පත අහිමි වෙලා ඇති,ඔයාගෙ දරුවන් අකීකරු වෙලා ඇති,ඔයාගෙ සැමිය ඔයාව අතහැරල වෙනත් කපටි කයිරාටික වංචාකර ගැහැනියක් විසින් ඩැහැගෙන ගිහින් ඇති,පවුලේ ආරවුල් අඟහිඟ කම් වලින් පිරිල ඇති….ඒත් ඔයාට ඇති ශක්තිමත් බව මතක කරලන්න එපා.ලෝකයේ එකම ශක්තිමත් ගැහැණිය ඔබය බව සිහියට ගන්න…
ඔයාට අව්යාජ ආදරයක් පෙන්වල ඔයාගෙ මුලු සේසතම හොරා ගන්න ඇති…ඒත් මතක තියාගන්න ඔයාව හොරකම් කරගන්න බැරිඋන එක ගැන…
වෙ නිසාවෙන්ම ඔයාව වැටෙන හැමවෙලාවකටම Awele Ideal ගේ පුංචි අවදිය පිළිබඳ සහ ඇයගේ ආත්ම ශක්තිය පිළිබඳ නිරන්තරයෙන්ම සිහියට ගන්න..
කවදාවත් ඔයාව සුනාමියකට අසුවෙන්නට ඉඩ තියන්න එපා…ජීවිතයේ කටුකත්වය, ඔබේ ජීවිතය නිල් අහසක් කරගන්නට වෙර දරන්න….ඔබට පුළුවන් ….කාන්තාවක් හැටියට ඔබට කරන්න බැරිකමක් නැහැ….
උපුටා ගැනීමකි
මූලාශ්‍රය: පැරණි ඡායාරූප

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!