ශ්රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ඒ නිසා අපේ රටේ වැවු සහ ජලාශ විශාල සංඛ්යාවක් තියෙනවා. මේ වැවු සහ ජලාශ අතරින් 320 ක් විශාල සහ මධ්යම ප්රමාණයේ ඒවා. ලංකාවේ තියෙන කුඩා ප්රමාණයේ වැවු සහ ජලාශ ගණන 10,000 කට වැඩියි. ඒ වගේම මේ වැවුවලින් බහුතරයක් අවුරුදු 1000 කට වඩා පරණයි.
ලංකාවේ තියෙන විශාල වැවක් තමයි කන්තලේ වැව. මහාවංශයේ සඳහන් වෙලා තියෙන විදිහට කන්තලේ වැව හදලා තියෙන්නේ 2 වැනි අග්බෝ හෙවත් අග්ගබෝධි රජතුමා. එතුමා ලංකාව පාලනය කළේ ක්රිස්තු වර්ෂ 604-618 අතර කාලයේදී. ඒ කාලේ කන්තලේ වැව හඳුන්වලා තියෙන්නේ ගංතලා වැව කියලා. ඒත් ක්රිස්තු වර්ෂ 274-301 කාලයේදී ලංකාව පාලනය කළ මහසෙන් රජුගේ පාලන සමයේදීත් කන්තලේ වැව තිබුණා කියලා සාධක හමුවෙලා තියෙනවා. සමහර විට දෙවැනි අග්බෝ රජු මේ වැව ප්රතිසංස්කරණය කරපු නිසා එයා හැදුවා කියලා මහාවංශ කතුවරයා ලියන්න ඇති. මහ පරාක්රමභාහු රජ්ජුරුවොත් කන්තලේ වැවේ ප්රතිසංස්කරණ කටයුතු සිදුකරලා තියෙනවා.
මේ වැව හදලා තියෙන්නේ හුරුළු වනාන්තරයෙන් ආරම්භ වෙලා ත්රිකුණාමලයෙන් මුහුදට වැටෙන කන්තලේ ඔය හරස් කරලා. අඹන් ගඟේ ජලය අරගෙන එන ඇළහැර යෝධ ඇළෙන් ලැබෙන වතුරෙන්ද කන්තලේ වැව පෝෂණය වෙනවා. 1880 දී කන්තලේ වැව ප්රතිසංස්කරණය කරද්දි වැවේ ධාරිතාවය අක්කර අඩි 37,000 ක්. 1950 දී මේ ධාරිතාවය අක්කර අඩි 87,000 ක් දක්වා ඉහළ දැම්මා. දැන් කන්තලේ වැවේ ධාරිතාවය අක්කර අඩි 114,000 ක්.
කන්තලේ වැවේ තියෙන සුවිශේෂීම අංගය වෙන්නේ වැවේ වැව් බැම්ම. කන්තලේ වැව් බැම්මේ උස අඩි 50 ක්. වැව් බැම්මේ දිග කිලෝ මීටර් දෙකහමාරක්.
1986 අප්රේල් 20 වැනිදා හරියටම පාන්දර 3.30 ට මේ වැව් බැම්ම පුපුරලා ගියා. වැවු බැම්ම පුපුරපු ගමන් වැවේ තිබ්බ මහ ජල කඳ වියරුවෙන් වගේ අවට ගම්බිම් යට කරගෙන ගළාගෙන ගියා. ඉස්සෙල්ලම යට වුණේ කෝවිල්ගම කියන ගම. ඊට පස්සේ පොට්ටන්කුඩි කියන ගම.
වැවේ මහ වතුර පාරට අහුවෙලා මිනිස්සු 126 දෙනෙක් මැරුණා. ගෙවල් 1600 ක් විතර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඔය ගම්වල තිබුණු කුඹුරු සහ වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. වැවේ වතුර පාර කොච්චර වේගයෙන් ගළන් ගියාද කිව්වොත්, ත්රිකුණාමලය දක්වා දිවෙන රේල් පාර, සුනාමිය ආපු වෙලාවේ පැරෑලියේ රේල් පාර ඇඹරිලා කෙලින් වුණා වගේ විනාශ වෙලා ගියාලු.
වතුරට ගහගෙන ගියපු මිනිස්සු පොල් ගස්වල කරටි අල්ලාගන තමයි බේරිලා තියෙන්නේ. ඒ විදිහට උස ගස්වලට නැගලා හිටපු මිනිස්සුන්ව ගුවන්හමුදාවේ හෙලිකොප්ටර් ඇවිත් කඹ දාලා තමයි බේරගෙන තියෙන්නේ. ඒ තරම් උස වතුර පාරක් ඇවිත් තියෙනවා.
වාරිමාර්ග ඉංජිනේරුවෝ කියන විදිහට වැවක බන්ට් එකක් පුපුරලා යන්නේ හේතු 3 ක් නිසා. ඒ තමයි,
1. වැව් බැම්මට උඩින් ජලය ගලා යාම
2. වැව් බැම්මේ අඩිතාලමට හානි වීම
3. වැව් බැම්මෙන් ජලය කාන්දු වීම.
කන්තලේ වැවු බැම්ම කඩාගෙන ගියේ වම් සොරොව්වු පැත්තෙන්. වැවු බැම්මේ මීටර් 150 ක් විතර විනාශ වෙලා තියෙනවා. වැම් බැම්ම කැඩෙන්න ටික කාලයකට කලින් ප්රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්යතා සපුරන්න වැව් බැම්ම උඩ පොම්පාගාරයක් ඉදිකරලා තියෙනවා. ඔය පොම්පාගාරය හදන්න වැවු බැම්මට විශාල ෆයිල් බස්සලා තියෙනවා. ඒ ෆයිල් වැවු බැම්මට බස්සන කොට ආපු දෙදරීම නිසා පළාතේ ගෙවල්වල බිත්ති පවා ඉරි තැලුවලු. ඔන්න ඔය නිසා වැවු බැම්මට හානි වුණා කියලා තමා කියන්නේ.
දැන් මේ දවස්වල පරාක්රම සමුද්රයේ වැවු බැම්ම උඩත් ඇවිදින මංතීරුවක් හදන්න යනවා. පරාක්රම සමුද්රය කියන්නේ කන්තලේ වැවට වඩා ගොඩාක් විශාල වැවක්. කන්තලේ වැව් බැම්ම පුපුරලා ගියේ 1986 දී. ඒ කාලේ දැන් වගේ ජනාකීර්ණ නැහැ. ඒත් මිනිස්සු 126 ක් මැරුණා. නිකමට හිතන්න දැන් කාලේ ඔය වගේ විනාශයක් වුණොත් මොනවායින් මොනවා වෙයිද…?
ඒ නිසා පක්ෂ පාටවලින් මේවා ගැන බලන්නේ නැතිව, බුද්ධියෙන් බලනව නම් තමයි හොඳ…
– අනිල් කරුණාරත්න –