ඔන්න එක්තරා බිරිඳක් තමන්ගේ සැමියාට මෙහෙම මැසේජ් එකක් යවනවලු.
බිරිඳ : “ඔයා ඔෆිස් එකෙන් එනගමන් එළවලු ගන්න අමතක කරන්න එපා. කාංචනාත් ඔයාව මතක් කළා”
සැමියා : “කවුද කාංචනා කියන්නේ?”
තමන් නොදන්නා ගැහැනිය ක් නිසා අන්ද මන්ද උන සැමියාගේ ප්රශ්නාර්තේ තමයි ඒ.
බිරිඳ : “කවුරුත් නැහ්…, මට ඕන උනේ ඔයා මගේ මැසේජ් එක කියෙවුවද කියල දැන ගන්න”
දැන් බලමු ස්මාර්ට් හස්බන්ඩ් කෙනෙක් ඔය අවස්ථාවට ෆේස් කරන විදිය.
බිරිඳ : “ඔයා ඔෆිස් එකෙන් එනගමන් එළවලු ගන්න අමතක කරන්න එපා. කාංචනාත් ඔයාව මතක් කළා”
සැමියා : “ඒත්, මං දැන් කාංචනාත් එක්කනේ ඉන්නේ, කොයි කාංචනාද ඔයා ඔය කියන්නේ…”
බිරිඳ : “කොහෙද ඔයා ඉන්නේ…?”
සැමියා : “එළවලු ගන්න මාකට් එකට ඇවිල්ල ඉන්නේ”.
බිරිඳ : “මම මේ දැන් ඔතනට එනවා, ඔහොමම ඉන්න මං එනකන්”
විනාඩි දහයක් පහලවක් ගියාලු…
බිරිඳ : “කෝ කොහෙද ඔයා”
සැමියා : “මම ඔෆිස් එකේ, ඔයා දැන් ඔය මාකට් එකේනේ ඉන්නේ, ඔයාට ඕන එළවලු ටික අරගෙන ගෙදර යන්න…”
උපුටා ගැනීමකි
මූලාශ්‍රය: Ranjani Indi