අම්මගෙයි මගෙයි කතා…
මේ දවස් වල ලංකාවටම ඇඳිරිනීතිය නෙ. ඕක වෙලාවකට අහක් කරනවා ආය දානවා ඔහොමනෙ වෙන්නෙ. ඇඳිරිනීතිය අහක් කරපු ගමන් මිනිස්සු තමන්ට අවශ්ය දේවල් ගන්න යනවා. කෑම බීම ගේන්න යනවා බෙහෙත් ගන්න යනවා. ඕක තමයිනෙ දැන් සාමාන්ය විදිය.
ඔය අවු අස්සේ අපේ අම්මා දවසට තෙවරක් අනිවාර්යයෙන්ම මට කතා කරනවා අඬනවා හැපෙනවා බනිනවා ආයම මොනාහරි කියල හිනා වෙනවා , ඔහොමයිනෙ ඉතින් කොහෙත් අම්මලා තමන්ගෙ දරුවො වෙන රටක ජීවත් වෙද්දි. විශේෂයෙන්ම ඒ දරුවො ඉන්න රටවල ව්යසනයක් වෙන වෙලාවකදි එහෙම බය වෙනවනෙ.
මේ තරම් ව්යසනයක් වෙලා ඉන්න රටක මම සාමාන්ය විදියට ඉන්නකොට දැන් මම බය වෙලා ඉන්නෙ අපේ අම්මල ගැන. එයාලගෙ වයස , තියන ලෙඩ රෝග, ඒ වගේම ගම් වල තියන පහසුකම් වගේ දේවල් එක්ක අයියයි මායි රටවල් දෙකක ඉඳන් මේ වෙද්දි බය වෙලා ඉන්නෙ එයාල ගැන. ඒත් එයාලට නෙමේ ඒකෙ වගක්.. මේ තියෙන්නෙ දවස් 2 කට වගෙ කලින් අපෙ අම්මගෙයි මගෙයි කතා බහක්..
අම්මා – ඔයා දන්නෑ මිනිස්සු මට සලකන විදිය , ඔයාට බය වෙන්න දෙයක් නෑ අපි ගැන.
මේ දැන් අපෙ පොලිසියෙ ඕ අයි සී ( ඇටම්පිටියෙ පොලිසියෙ ) කෝල් කරල මට කීවා , ටීචර් , බල්ලත් එල්ලං ටවුන් එක පැත්තෙ එන්නෙපා ඕන දෙයක් කියන්න අපි එවන්නම් ගෙදරට කියල ,
ඊට ඉස්සෙල්ලා අපේ හාලි ඇල ප්රාදේශීය සභාවෙ සභාපති පුතා කතා කරල කීවා , ටීචර් අඩුපාඩු තියනවද ? මුකුත් ඕනද ? පහල පැත්තෙ යන්නෙපා ඕන ඒවා එවන්නම් කියල.
දැක්කනෙ මට සලකන විදිය මෙහෙ මිනිස්සු , ( ඒ දෙන්නගෙන් එක්කෙනෙක් පවුලේ හිතවතෙක් අනිත් කෙනා අම්මගෙ ගෝලයෙක් , පහල පැත්තේ කියන්නෙ අපේ ගෙදර තියෙන්නෙ ඇටම්පිටියෙ ටවුමට උඩින් නිසා )
ඕක අහන් හිටිය මම –
දෙයියනේ අම්මේ ,
ඒ කියන්නෙ ඔයා දවසේ පැය 24 න් පැය 12 ක් ම වෙනදට පාරෙද හිටියෙ ? ඔය මිනිස්සු ඔහොම කෝල් කරලම කියන්න තරම් ??? අනික බල්ලත් එල්ලන් ටවුමෙ එන්නෙපා කියන්නේ , ඔයා ඔය බල්ලත් අරන් ද පාරෙ යන්නේ ?
අපෙ අම්මා – තොට මම. .. ¥€££€€££ 





මගෙ සැකය අසාධාරණද මිතුරනි ?
වෙනදා අපෙ අම්ම මට හැමදාම රෑටම කෝල් කිරීමේ රහස ඒකද ?
කොහෙන් ගියත් බැනුං අහන මං
උපුටා ගැනීම: Prabhani T Abeykoon