අවුරුද්දට Unlimited Internet හම්බෙනවද?

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
Unlimited Internet නැතහොත් අසීමිත අන්තර්ජාල පහසුකම් සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්රියාත්මක කරන බව ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
මේ යටතේ දිවා රාත්රී යනුවෙන් වෙනසක් නොමැතිව අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි බවත් මීට අදාළව සන්නිවේදන ආයතනවලින් ලබා ගත් යෝජනා සැලකිල්ලට භාජනය කර අවසන් බවත් එම කොමිෂන් සභා ප්රකාශකයෙක් සඳහන් කළා.
මෙම සැලසුම් යටතේ දැනට පවතින ගාස්තුවල කිසිදු වෙනසක් නොවන බවත්, සීමිත පැකේජයන් සඳහා දැනට පවතින ගාස්තුවලට සාපේක්ෂව අසීමිත පැකේජයන් සඳහා ද ගෙවිය යුතු වන බවයි වාර්තා වන්නේ.
අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙස පාරිභෝගිකයන්ගෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගැනෙන බව ද එම ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළා. (Colombo Times)
උපුටා ගැනීමක්
මූලාශ්‍රය: Knowledge “දැනුම “

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!