මං අපොස සාමාන්ය පෙල විභාගය ලීවෙ 2008 දි.එතකොට රිසාල්ට් තිබුනා A7B1C1ක්.උසස් පෙළට ජීව විද්යා අංශයෙන් ලියන්න හිතාන උසස්පෙල පන්තියටත් ඇතුලත් උනා කියමුකෝ..ගෙදරට හොරා කරපු ආදරේ ගෙදර අයට මාට්ටු උනු නිසාවෙන් අපි දෙන්නා හිතුවක්කාර තීරණයක් ගත්තා..ඒ 2010දී..එයා මට පොරොන්දු උනා උසස්පෙල විභාගෙ කරන්න ඉඩදෙන්නම් නුවර ක්ලාස්වලට්ත් යවන්නම් කියලා…
ඉතින් අපි බැන්දා..එයාගෙ නංගි මටවඩා අවුරුද්දක් බාලයි.එයා උසස්පෙලට ක්ලාස් යනවා..නැන්දම්මා කීවා ඉගෙන ගත්තත් මැරෙනවා නැතත් මැරෙනවා..බැන්දට පස්සෙ මොන ඉගෙනීමක්ද..දෙන දේ කාලා වෙන දේ බලාන ඉන්ට කියලා..අපේ මිනිහාත් කතාවක්වත් නෑ ඒ ගැන.මට මාරම දුකයි..අඩනවා අඩනවා ඉවරයක් නෑ..මට දුකයි මගෙ ඉගෙනීම නතර උනු එක ගැන..ඔහොම ඉද්දී ඉතින් ලොකු දුවත් ලැබුනා..එයාට අවුරුදු 4 වෙනකොට පුතා ලැබුනා..හස්බන්ඩ් ඉලෙක්ට්රික් වැඩ කරන්නේ..ආර්ථික අපහසුතා ගොඩායි.,
මට මොකක්වත් ජොබ් එකකට යන්න දෙන්නෙත් නෑ හස්බන්ඩ්.අඩුමගානෙ ගාමන්ට් එකකට යන්න හැදුවා.ඒ දුන්නෙත් නෑ.ආදරෙත් තියෙනවා ඉතින් මට..ගවමන්ට් ජොබ් එකකට ට්රයි කලා..පුතාට අවුරුදු 3ක් වෙනකොට ජොබ් එකක් ලැබුනා..කා.කා.ස ඇපොයිමන්ට් එකක්..කහටගස්දිගිලියට..පදිංචිය නුවර..
හස්බන්ඩ් කැමතිඋනේම නෑ එහෙ යනවට..ඒත් ඉතින් ජොබ් එකට ග්යා..එහෙම ජොබ් එක කරනකොට තමයි දැනුනේ උසස්පෙල නැතුව ඉදිරියට යන්න බෑ කියලා..එතකොට මම සිකුරාදට ගෙදර එනවා.සඳුදා පාන්දර යනවා.175km විතර දුරක්..සති අන්තේ විතරයි ගෙදර..මාස 6න් උසස්පෙල කරන ක්ලාස් එකකට ජොඉන් වෙලා යන්න පොතුත් අරන් ක්ලාස් යන දවසෙ පාන්දර ක්ලාස් යන්න ලෑස්ති වෙනකොට හස්බන්ඩ් කෑගැහුවා සතියෙම ගෙදර නෑ..ඉන්න දවසෙත් එක එක මගුල් පන්ති දාගන්නවා කියලා..ඉතින් ඒ ක්ලාස් එකත් එතනම හබක්…
ක/දිගිලියෙ ඉද්දි හිටපු බෝඩිම හරිම නිස්කලංකයි..හොද පුස්තකාලයකුත් ලග තිබුනා..එහේ ඉන්න දවස් ටිකේම කලේ පොත් කියවපු එක..උයන්න ගෙදර වැඩ මොකවත් නෑ..කෑම ටිකත් ලගටම දෙනවා..ගෙදර අය ළඟ නැති පාළුව විතරයි..
පාඩම් කරන්නත් පුලුවන් නිසා 2019 උසස්පෙල විභාගෙට ඇප්ලයි කලා.පාඩම් කරන්නත් පටන් ගත්තා..ඒත් ඉතින් වෙච්ච දෙයක්…මං ආපහු ප්රෙග්නන්ට්වෙලා…කලින් බබාලාට වගේම වතුර ටිකක්වත් බොන්න බෑ වමනෙ යනවා
අවසානෙට විභාගෙ ලියන දවසෙත් මම හොස්පිට්ල් ඇඩ්මිට් සේලයින් දෙනවා…
ඒ පාර විභාගෙ මිස් උනා ආපහු…ඉතින් මම පුරුදු විදිහටම වැඩට ගියා..ලගකට තාවකාලිකවවත් අනුයුක්තයක් හදාගන්න බැරි උනා..අවසානෙට පුතා ලැබෙන්න දවස් 4කට කලින් නිවාඩු දාලා ගෙදර ආවා..
පුතත් ලැබුනා..ඊට පස්සෙ කොරෝනා ආවා..ගෙදරටම වෙලා ඉඳලා ආපහු 2020 උසස්පෙල ඇප්ලයි කලා..ගුරුඅත් පොත් 6ම ගත්තා .මාස්ටර්ගයිඩ් පේපර් පොතුත් ගත්තා.ඉන්දියානු ඉතිහාසය .ගෘහ ආර්ථික විද්යාව .media.තෝරාගත් විශයන්..
නිවාඩුත් ඉවරවේගෙන ආවා..ඒත් ට්රාන්සර් හදාගන්න බැරි උනා..වැටුප් රහිත නිවාඩුත් දැම්මා..පොඩි එක්කෙනා නිදිකරන වෙලාවට සමහර දවස්වල එයා නිදාගත්තාම පේපර් පොතෙ ප්ප්රශ්නවලට ගුරු අත්පොතෙන් පිලිතුරු මැච්කර කර ලීවා..අවුරුදු 10ක පේපර් කරනකොට මට තේරුනා ටිකක් ප්රශ්න එන්නෙ කොහොම ද කියලා..උපරිම ඔලුවෙ ප්රශ්න පිරිලා ඒ දවස්වල…ට්රාන්සර් එක හදාගන්න බැරි උනොත් වැඩට යන්න එපා කියලා හස්බන්ඩ් කෑගහනවා.කොහොම මේක හදාගන්නද මට ජීවිතෙත් එපා වෙලා..නෝපේ මාස නිසා අතේ සල්ලිත් නෑ.
ඒත් ඉතින් බබාලාගෙ වැඩයි ගෙදරවැඩයි සේරම කරන ගමන් mcq පේපර් මාක් කලා..නෝට්නම් කියෙව්වෙම නෑ..ගුරුඅත්පොත් වල තියෙන ප්රශ්නවලට පිලිතුරු ලීවා..ඉතිහාසය තියෙනකොට ඊට කලින් දවසෙ රෑ අවුරුදු 10ක සිතියම් මාක් කරන්න ඇවිත් තියෙන ඒවගෙ ලිස්ට් එකක් හදලා සිතියම් 3ක් තුන් පාරක් ඒ සේරම මාක් කලා..
විභාගෙ ලියන්න යද්දි ගමේ මිනිස්සු හිනා උනා දරුවොත් හදලද විභාග ලියන්නෙ කියලා..පවුලෙ සමහරුත් හිනා උනා ඉතින්..හස්බන්ඩ් නම්කීවා ඔයාපාස් වේවී කියලා.පාඩම් කරන්න බෑ නිදිමතයි කියලා නිදාගන්න හදද්දි බැන්නා..හීනයක් තියෙනවනේ ඒකට යන්න පාඩම් කරන්න කියලා…රෑ පාඩම් කරනකොට මං නිදාගන්නකල් ළඟ ලොකු පුටුවකට වෙලා එයා ඇහැරලා හිටියා…
ඉතින් සබ්ජෙක්ට් 2ක් ලීවා…ජීවිතේ ප්රශ්න තරම් විභාගෙ අමාරු නෑකියලා තේරුනා….ඊට පස්සෙ අවසානෙට මීඩියාවලට දවස් 7ක් තියෙනකොට අපිව කොරොන්ටයින් කලා..මාලු විකුණන කෙනා පොසිටිව් නිසා එයාගෙ ආශ්රිතයො කියලා…මගෙ ඔළුව යකාගෙ කම්මල වගේ..මාලු ගන්න ගියේ මම චූටි බබාගෙ බර කිරාන එනකොට එයාවත් වඩාගෙන…
පොතක් අල්ලන්නවත් මානසික මට්ටමක් නෑ..දරුවට අසනීපෙ හැදෙයි කියලා පුදුම බයකින් හිටියේ…මම විභාගෙ ලියපු සෙන්ටර් එක ගෙදර ඉඳන් 10km තියෙනවා..විභාගදෙපාර්තමේන්තුව දැනුවත් කළාට පස්සේ ත්රී වීල් එකට පෙට්රල් පවා එව්වා විභාගෙට යන්න කියලා..ලියන්න ඕන නිසා ලීවත් පාඩම් කරන්නම බැරි උනා මට මීඩියා වලට…
ඉතින් කවුරුවත් නැති තනීකාමරේක මම විභාගෙ ලීවා..කොහොමහරි ඊටපස්සේ ට්රාන්සර් එකත් නුවරටම ආවා…
කාලයක් ගිහින් රිසාල්ටුත් ආවා.ඉතිහාසය B.හෝම් සයන්ස් මීඩිය C…….BCC …0.8 ගාණක් Z CORE එක..
ජපුරේ එක්ස්ටනල් පබ්ලික් මැනේජ්මන්ට් ඩිග්රී එකට ඇප්ලයි කලා..හීනයක් තියෙනවා…පැංචො තුන්දෙනයි හබියයිත් ඇදගෙනම එතෙන්ට යනවා..මං දන්නවා මට පුලුවන්…
උපුටා ගැනීම: Ishara Jayasinghe