අවුරුදු දහහතරකට කලින් ටයිටැනික් ඛේදවාචකය ගැන කියූ අත්භූත පොත. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

Titanic කියන්නේ මේ මේ ලෝකයේ තියන ජනප්රියම නෞකාවක්. ටයිටැනික් නැව ගිලිලා අවුරුදු සියයකටත් වඩා වැඩි කාලයක් ගත වුණත් තාම අපේ හිත් වල ඒ තොරතුරු මැකිලා ගිහින් නැහැ. ටයිටැනික් නැව ගැන කලා නිර්මාණ පවා බිහි වෙනවා. අද අපි කතා කරන්නේ ටයිටැනික් නැව සම්බන්ධව පවතින එක්තරා ආන්දෝලනාත්මක කතා පුවතක් ගැනයි. ඒ තමයි ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදු දාහතරකට 14කට කලින් ලියැවුණු නවකතා පොතක ටයිටැනික් ඛේදවාචකය සම්බන්ධ තොරතුරු එයාකාරයෙන්ම වාගේ සඳහන් වීමයි.

අපි ඉස්සෙල්ලාම ටයිටැනික් මුහුදුබත් වීම සම්බන්ධව චුට්ටක් සලකාබලමු. මේ නැව 1913දී අයිස් පර්වතයක හැපී ගිලී යනවා. ඒ නැව ඒ කාලයේ තිබ්බ සුඛෝපබෝගීම වගේම විශාලතම නැව. මේ අනතුරින් 1500 කට ආසන්න පිරිසකගේ දිවි අහිමි වෙනවා.
ඇමරිකානු ජාතික ලේඛකයෙක් වන මෝගන් රොබට්සන් 1888 දී කෙටි නවකතාවක් ලියා ප්රකාශයට පත් කරනවා. Futility කියන නමින් ප්රකාශයට පත්කරන මේ නවකතාවට මුලදී එතරම් ප්රසිද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒත් අවුරුදු දාහතරකට පස්සේ ටයිටැනික් ඛේදවාචකයෙන් පස්සෙත් මේ නවකතාව බොහෝ ප්රසිද්ධියට පත් වෙනවා. ඒකට හේතුව නවකතාව බොහෝ සෙයින් ඇත්ත ටයිටැනික් ඛේදවාචකය ට සමානවීමයි. මේ පොත ඊට පස්සේ the wreak of the titans කියලා නැවත මුද්රණය කරනවා. කොහොම වුණත් මෙයින් අවුරුදු තුනකට පස්සේ මත්ද්රව්ය අධි මාත්රාවක් පානය කිරීමෙන් ලේඛකයා මිය යනවා. ඒ නිසා ඒ පොතේ ලැබුණු ලැබුණු මුදල් පාවිච්චි කරලා සාර්ථක වෙන්න ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මේ මේ කෙටි නවකතාව අනුව ටයිටන් තමා ඒ වෙද්දී ලෝකයේ තියන විශාලතම මගී ප්රවාහන නෞකාව. මේක කිසිම දවසක ගිලෙන්නෙ නැති බවට තමා විරුදාවලි ලැබිලා තියෙන්නෙත්. ඔබට මතක ඇති ටයිටනික් නැවත් ඒ වගේමයි මේ නැවේ ඉන්නවා එක්තරා බේබදු නැවියෙක්. ඔහු තමයි මේ කතාවේ ප්රධාන චරිතය. මේ නැවේ ගමන් ගන්නවා ඔහුගේ පරණ පෙම්වතියකගේ දියණියක්. මේ නැවත් Titanic විදිහටම අයිස් පර්වතයක හැපී ගිලී යනවා. මෙතනදි අර ඉහත කී දැරිය දැරියගේ ජීවිතය ගලවා ගෙන ගොඩබිමට ගෙන එන්ඩ නැවියා ට හැකි වෙනවා. කොහොම වුණත් මේ නවකතාව අවසන් වෙන්නේ සතුටුදායක අවසානය කින්. මේ කතාවෙහි සිද්ද වුණ දේ කෙටියෙන් තමා මේ මම කිව්වේ. කොහොමහරි මේ කතාව ලියවිලා අවුරුදු දාහතරකින් පස්සේ තමා සුප්රකට ටයිටැනික් නැව ගිලී යන්නේ කොහොමහරි Titanic සිද්ධියට පස්සේ ගොඩක් අයට හිතෙනවා මේ සිද්ධිය තමන් කලින් කියවපු කතාවකට සමානයි කියලා. ඊට පස්සේ තමයි මේ පොත ගොඩක් අලෙවි වෙන්න ගන්නේ.
අපි දැන් බලමු මේ කතා දෙකේ තියෙන සමානකම් මොනවද කියලා Titan හා Titanic යන නැව් දෙකම දෙකම ඒ කාලේ පවතින විශාලතම නැව්. ටයිටන් නැව අඩි 800 ක් දිග අතර ටයිටැනික් නැව අඩි අටසිය අටසිය අසූ දෙකක් පමණ දිගයි මේ නැව් දෙකම අවරපෙති තුනකින් හා කුඹ ගස් දෙකකින් සමන්විත වෙනවා. එකම මාසයක දී ගමන් ආරම්භ කරන මේ නැව් දෙකම එකම මාසයකදී අනතුරකට පත්වෙනවා. නෞකා දෙකම අනතුරට පත්වීමට හේතුව අයිස් පරයක හැපීමයි. අනතුරට පත් වෙද්දි ටයිටැනික් නැවේ වේගය note 25 ක් වන අතර ටයිටැනික් නැවේ වේගය සටහන් වෙලා තියෙන්නෙ note 22.5 ක් ලෙසින්. මේ නෞකා දෙකම අනතුරට පත්වෙන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේදී නැව් දෙකේම මගින් දෙදහකට වැඩි පිරිසක් ගමන් කරන්න හැකියාව තිබූ අතර සමාන මගින් ප්‍රමාණයක් ගමන්කරමින් ඉඳල තියනවා. නෞකා දෙකම මගින් ප්රමාණවත් තරම් ආරක්ෂක බෝට්ටු නොතිබීම නිසා සිදුවන ජීවිත හානි වැඩි වෙලා තියෙනවා.
රොබට්සන් කියන්නේ ඉස්සර නැවියෙක් විදිහට සේවය කරපු පුද්ගලයෙක්. එතකොට ඒ කාලේ තිබ්බ නාවික තාක්ෂණය විය හැකි අනතුරු ගැන හොඳ ඉවක් ඔහුට තිබුණා. ඒ හින්දා මේ විදිහට සමාන ලෙස කතාව ලියවෙන්න ඇති බව සමහරු විශ්වාස කරනවා. ඒ වගේම තවත් අය කියනවා මේ කතාව ලියපු මෝගන් රොබට්සන් අනාගතය දැකීමේ හැකියාවක් තිබ්බ පුද්ගලයෙක් කියලා. මේ හැකියාව ගැන තහවුරු කරන්න සමහරු ඔහුගේ තවත් නවකතාවක් වන beyond the spectrum නවකතාව උදාහරණයක් විදිහට ගන්නවා. ඒ කතාවේ සඳහන් වන ආකාරයට ඇමරිකාව ජපානයෙන් බෝම්බ හෙලීමේ සිද්ධියක්. ඒකට පස්සේ යුද්ධයක් ආරම්භ වෙනවා. ඒ කතාව සත්ය වෙනවා 1941 ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙලීමත් සමග දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමෙන් පස්සේ. මේ වගේ ඓතිහාසික ඛේදවාචක දෙකක්ම කලින් අනාවැකි ලෙස පළ කිරීමට මෝර්ගන් රොබට්සන් සමත්වෙලා තියනවා. ඉතින් මේ ගැන ඔයාලා හිතන්නේ මොනවද පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ……..

රන්දිකා සමරකෝන්.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!