අවුරුදු 40 ක් දෙවියන් වෙනුවෙන් අත උස්සන් ඉන්න සාදුවරයා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලෝකයේ බිලියන 7 කට වඩා වැඩි ජනගහණයක් වාසය කරන නමුත් ඒ එක් එක් පුද්ගලයා එකිනෙකාගෙන් වෙනස් වෙනවා. සාමාන්‍ය ස්වරූපයෙන් බොහෝ වෙනස් විශේෂ වූ පුද්ගලයන් මේ ලෝකයේ අප සමඟ ජීවත් වෙනවා. ඉතින් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙනස් වන වෙනස් පැවතුම් ඇති එවැනි මිනිසුන් දිහා මුළු ලෝකයක්ම විස්මයෙන් බලා සිටිනවා. ඔවුන් ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා. ඉතින් බොහෝදෙනෙක් පුදුමයට පත්වෙන ඒ වගේ විශේෂ හැසිරීමක් තියෙන අපූරු පුද්ගලයෙක් ගැන තමයි  මේ කියන්න යන්නේ.

ඉතින් ඔබට අඩුම පැය දෙකක්වත් එකම ඉරියව්වකින් සිටින්න පුළුවන් ද. කල්පනා කරලා බලන්නකෝ. සාමාන්‍ය මිනිසුන් වුණු අපිට නම් එකම ඉරියව්වකින් වැඩි වේලාවක් ඉන්නට බැරි බව ඔබ දන්නවා.මාංශ පේශී හිරිවැටීම් රිදුම් ඇතිවෙනවා.ඇතැම් විට සුවපහසු ඉරියව්වකින් නිදා නොගත්තොත් පසුදින අවදිවී බලද්දි බෙල්ලේ කැක්කුම් කොන්දේ වේදනාවන් ඇති වෙනවා. ඉතින් එකම් ඉරියව්වකින් පැයක් දෙකක් දවසක් මාසයක් නොවෙයි වසර ගණනාවක් සිටින පුද්ගලයෙක් මේ ලෝකයේ ජීවත් වෙනවා.

ඉතින් ඔහු එකම ඉරියව්වකින් වසර 40 ක් සිටින අයෙක්. අදටත් ජීවත් වෙන ඔහු අමර් භාරතී නම් සාදුවරයායි  (Amar Bharati ). ඉතින් ඔහු වසර 40 කට කලින් හිසට ඉහළින් උඩට එස වූ ඔහුගේ දකුණු අත අද වෙනකන් පහළට ගත්තේ නැහැ.

1973 වසරට පෙර ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ඔහුගේ අත් දෙකින්ම වැඩ කටයුතු කළා. ඒ කාලයේ දී ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කළා. අමර් භාරතීට බිරිඳක් සිටියා. ඒ වගේම දරුවන් තිදෙනෙකුගේ පියෙක් ඔහු.  එකල සාමාන්‍ය ආදායමක් ඇති සාමාන්‍ය ඉන්දියානුවෙක් වුණු ඔහු සිය පවුලේ උදවිය සමඟ සාමාන්‍ය පරිදි ජීවිතය ගෙන ගියා.නමුත් හදිසියේම ඔහුට හැඟී ගියේ ඔහු තවදුරටත් තමාට හෝ තම පවුලට අයත් නොවන්නෙක් ලෙසයි.

ඒ නිසාම සරල ඇඳුම්වලින් සැරසී මුලදී ඔහු ඉන්දියානු මාර්ගවල සැරිසැරීමට ගියා. ඔහු  සිය ජීවීතය ආගම වෙනුවෙන් කැප කරන්නට ඔහු තීරණය කිරීම නිසාම ඉන්දියාවේ පවතින ආගමික ස්ථාන සියල්ලම පාහේ ඔහු වැදපුදා ගනු ලැබුවා. ඒ සඳහා ඔහු වසර 3 ක් කැපකළා. නමුත් මුළුමනින්ම හින්දු දෙවියා වන ශිව දෙවියා වෙනුවෙන් කැප කිරීමට මෙය ප්‍රමාණවත් නොවන බව ඔහුට හැඟී ගියා.ඔහු සිය බලාපොරොත්තු සුන්වීමට ඉඩ නොතබා ශිව දෙවියන්ගේ සේවයට යටත් වීම සඳහා දවසක් ඔහු පොරොන්දු වන්නේ මේ තමාගේ ඉහළට එස වූ අත කිසිම දිනෙක පහතට හෙළන්නේ නැති බවටයි.

ඔහු එසේ කළේ ඔහුගේ පව් අත්හැරීමට සහ නිහතමානිකමේ ලකුණක් ලෙසටයි බොහෝ අය පවසා සිටින්නේ. තවත් අය කියන විදියට ඔහු මෙසේ අත ඔසවා ගෙන සිටින්නේ ඔහු පෘථිවියේ යුද්ධවලට විරෝධය දැක්වීමක් ලෙසටයි. ලොව පුරා පැවති යුද්ධ සහ ආරවුල් නිසා අමර් භාරතී දැඩි වේදනාවට පත්ව සාමය උදෙසා  ඔහු තම අත ඉහළට ඔසවා සිටින බව පැවසෙනවා.ඉතින් අපිට විශ්වාස කරන්නට අපහසු වුණත් එදා සිටම ඔහු සිය අත පහතට හෙළා නැහැ.

නමුත් කාලයත් සමඟ නිසි පෝෂණය නොලැබීම නිසා අමර් භාර්තී සාදුවරයාගේ ඒ උඩට එස වූ අත කෙසඟ වී ගොස් ඇති බව දකින්නට පුළුවන්. සමෙන් විතරක් ආවරණය කළ ඇට කටුවක් මෙන් ඔහුගේ අත පෙනෙන්නට වුණා. මොකද පෙර පැවති අවයවය වියළි අස්ථි බවට පත්ව වසර ගණනාවකින් එය චලනය නොවුණු නිසා. ඒ විතරක් නෙවෙයි මේ අතේ වසර 40 කින්ම ඔහු නියපොතු කපා නැහැ. ඒ නිසාම ඔහුගේ නියපොතු දිග් වී වැලක් මෙන් පහළට එල්ලා වැටෙන ආකාරයක් දකින්නට පුළුවන්.

ඉතින් අපිට කුඩා වේලාවක්වත් එවැනි ඉරියව්වකින් සිටීම ඉතාම අපහසුයි. ඒ වගේම මුලින් අමර් භාරතීටත් ඒ ඉරියව්ව ශරීරය විසින් ප්‍රතික්ශේප කළා. ඒ නිසාම ඔහුට දැඩි වේදනාවක් විඳින්නටත් සිදු වුණා. ඉතින් අද වෙද්දි නම් ඔහුට ඒ ඉරියව්ව පුරුදු වී ඇති නිසා එවැනි අපහසුතාවයක් නැති බවයි පැවැසෙන්නේ.නමුත් සිය සුපුරුදු ජීවන රටාවෙන් මිදී ශිව දෙවියන් කෙරෙහි වුණු භක්තිය පෙන්නුම් කරන්නට අමර් භාරතී කළ මේ ක්‍රියාව නිසා දැන් ඔහුට අවශ්‍යතාවයක් මත වුණත් ඒ අත පහළට ගන්නට නම් හැකියාවක් නැහැ . මොකද පුරා වසර 40 ක් පමණ චලනයකින් තොරව ඉහළට අත ඔසවා ගෙන සිටීම නිසා ඒ අයුරින් මාංශ පේෂී හැඩ ගැසී ඇති නිසා .

කොහොමවුණත් ඔහු දෙවියන් වෙනුවෙන් කළ ඒ පොරොන්දුව ඉටු කිරීම නිසා මුළු ඉන්දියාව පුරාම ඔහු කීර්තිමත් පුද්ගලයෙක් බවට පත්වුණු අතර ඉන්දියානු බැතිමතුන් ඔහුව උසස් තත්ත්වයේ සාධුවරයෙක් ලෙස පිළිගනු ලැබුවා. අද වනවිට මේ දකුණත දෙවියන් වෙනුවෙන් වූ පොරොන්දුවක් රකිමින් ඔසවා ගෙන සිටින සාදු අමර් භාරතීට අනුගාමිකයන් පිරිසක් පවා සිටිනවා. ඉතින් ඉන්දියානුවන් පිළිගන්නා විදියට ඔහු අත ඔසවා ඇත්තේ නිශ්ඵළ දෙයක් සඳහා නොව ශිව දෙවියන් වෙනුවෙනි.

කොහොමනමුත් ඔහුගේ ලෞකික අතීතය නොතකා හරිද්වාර නගරයේ කුම්භ මේල මහා වන්දනා චාරිත්‍රවල දී සාදු අමර් භාරතී මහත් ගෞරවයට පාත්‍රවෙන බව සඳහන්. මේ හරිද්වාර්හි පැවැත්වෙන කුම්භ මේලා උත්සවය ලෝකයේ පැවැත්වෙන විශාලතම ආගමික සිද්ධීන්ගෙන් එකක් ලෙසයි සැලකෙන්නේ. ඉතින් වසර 40 ක් පමණ සිය අත පහතට නොදැමූ අමර් සාදුවරයා අනෙක් සාදුවරුන් සඳහා ද  ආභාෂය ලබා දී තිබෙන බව පැවසෙනවා. ඒ අනුව අනෙක් සාදුවරු අතරින් සමහරෙක් අවුරුදු 7 ද ඇතැම් අය 13 ක් ද, තවත් සමහරෙක් වසර 25 ක් ද එසේ අත් තබාගෙන සිටින බව සඳහන්.සාදු අමර් භාර්තී වරක් සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ නූතන ලෝකයේ මිනිසුන් අසල්වැසියන් විනාශ කරන ආකාරය සහ වැදගත්ම දෙය නම් සාමය සහ සමගියෙන් ජීවත්වීමයි. ඔහු තවදුරටත් පවසන්නේ තමාට පෙර බොහෝ සාන්තුවරයන් පවත්වා ගත් ඒ සම්ප්‍රදාය තමා සරලව කරගෙන යන බවයි.ඉතින් ඔහු දෙවියන් වෙනුවෙන් සේවය කරන දෙවියන් වෙනුවෙන් කැප වූ අයෙක් ලෙස ඉන්දියානුවන් අතර ගෞරවයට පාත්‍ර වෙනවා.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!