අද හවස පහට විතර පිටරට නාඳුනන දුරකතන අංකයකින් කෝල් එකක් ආවා,මේදවස්වල අපිට තියන විදේශ ප්රශ්නත් එක්ක බයත් හිතුනා,ඇෆ්ගනිස්තානයෙන් වත්ද දන්නෙ නැහැනේ.. බලත්දි ස්වීඩනයේ ඉන්න මගෙ බොහොම ලෙංගතු මිතුරු වෛද්යවරයෙක්,ඔහුගෙ දුරකතන අංකය මාරු කරලා,ඒකයි අඳුරගන්න බැරි වුනේ,ඔහු කතා කලේ අද ඔහුගෙ දියනියගෙ 14 වෙනි උපන් දිනය,ඒකට මට ස්තූති කරන්නයි ,පින් දෙන්නයි තමයි අරගත්තෙ,,,මේ මොන හතරබීරි කතාවක්ද කියලා ඔබ හිතයි.
.ඒක වුනේ මෙහෙමයි….
ඒ 2016 අවුරුද්දෙ ,මගේ යාලුවෙකුගෙ නංගිට ගුරු පත්වීමක් ලැබිලා ඉස්සරලාම හම්බවුනේ බිබිල කිට්ටුව ඉස්කෝලයක්.මෙයා ගිහින් ටික දවසකට පස්සෙ මට කතා කරනවා ඒ පාසලේ දරුවන්ට ආකල්ප සංවර්ධන හා නායකත්වපුහුනු වැඩසටහනක්,කරලා දෙන්න කියලා,මම ටිකක් දුර වැඩි නිසා වැඩේ මගහැරලා හිටියා,කෙල්ල වැඩේ අතාරින්නෙ නැහැ ,දවසකට සැරයක්වත් ,කෝල් කරනවා,මගෙ යාලුවා ලවා කියවනවා,අන්තිමට ඉතින් මමත් වැඩේට කැමතිවෙලා දිනයක් දාගන පාන්දර පිටත් වුනා,උදේ 8.00වෙත්දි එතනට ගියා,ඒ වෙත්දිත් දරුවෝ තවම පාසලට එනවා ,දුප්පත්කමේ හිනිපෙත්තෙම තියන ගමක පාසලක්.පස්සෙ දැනගත්තේ සමහර දරුවෝ පරක්කුවෙලා පාසල් එන්නෙ රෑ හේනෙ ඉඳලා ඇවිත් කියලා,..මම බැලුවා මේ ලමයින්ට ඔය ආකල්ප සංවර්ධන ,නායකත්ව පුහුණු ,ඔයවගේ ලොකු කතන්දර හරියන්නෙ නැහැ ,මේ දරුවන්ට ගැලපෙන වැඩක් කරන්න ඕන කියලා හිතුවා,,
ඉස්සරලාම දාගන ගියපු ‘ටයි”එක ගලවලා තියලා,ෂර්ට් එකේ අත් දෙකත් නමාගෙන “සරළ”වුනා. ඒ පාසලේ ළමයි 84 ගුරුවරු 11 යි.
තරුණ ටීචර්ලා තුන්දෙනෙක් නම් හිටියා, වැඩේ පටන් ගත්තා.මම ඉතින් ලමයි එක්ක කතාවෙන්ම වැඩේ කරගන යන්නෙ පුරුද්දට වගේ අහනවා උදේට කෑවද,අම්මට තාත්තට වැදලද ආවෙ,වගේ ප්රශ්න.
ඉස්සරහම පේලියේ හිටපු පුංච් දුවෙක් අම්මට තාත්තාට වැඳලා ආවෙ නැහැ කිව්වා,මම ඇහුවා ඇයි පුතේ ඒ කියලා,ඇය එක පාරටම කිව්වා ඒ දෙන්නම නැහැ කියලා,පුංචි ඇස් දෙකේ ලොකු කඳුළු ගුලි දෙකක්,මගේ පපුව හිරවුනා වගේ දැනුනා,…
මම පුංචි ක්රියාකාරකම් කීපයක් ,පොඩි සෙල්ලම් කීපයක්,එක්ක ටිකක් සතුටු වෙන්න පුලුවන් විදිහට තමයි වැඩේ කලේ. ඒත් අර දරුවා හිටියේ දුකින්මයි.හිනාවක් ඒ පුංචි මුහුනේ තිබුනේම නැහැ ,..දෙමව්පියන් පිරිසකුත් ඇවිත් හිටියා බලන්න.අනිත් දරුවෝ නම් හරියට සතුටු වුනා,දෙයක් ඉගන ගත්තා,
පස්සෙ මම ඒ දියණිය ලඟට අරගන එයා එක්ක කතා කලා,එයා එයාගෙ අම්මයි,තාත්තයි කවදාවත්ම දැකලා තිබුනේ නැහැ ,,,,,විදුහල්පති තුමිය මට පස්සෙ විස්තරේ කිව්වා,මේ දරුවා ඉපදෙන්න ආසන්න කාලයේ අම්මයි තාත්තයි බයික් එකේ යත්දි බීමතින් හිටපු කාලකණ්ණි රියදුරෙක් මේ දෙන්නා යටකරගෙන ලොරිය පදවලා,තාත්තා එතනම මැරිලා අම්මා රෝහලේදී මියගිහින්,දරුවා බෙරාගෙන,,,,,,මොනතරම් අවාසනාවන්ත දෙයක්ද…
දැරිය හැදෙන්නෙ ලොකුඅම්මා ලඟ,ඇගේ දරුවන් හරියට අඩන්තේට්ටම් කරනවලු, හැමෝම මේ අසරණ දරුවට බනිනවලු අම්මයි ,තාත්තයි මැරුනේ ඇයගේ අවාසනාවට කියලා…මම එදා වැඩේ ඉවර කරලා ආවෙ හරිම හිතේ වේදනාවකින්.
පස්සෙ දවසක මම හිතේ බර ටිකක් අඩුවෙන්න හරි කියලා මගේ මිතුරු වෛද්යවරයෙකුට මේ සිද්දිය කිව්වා.ඔහු ඔහුගේ මිතුරෙකුට මේක කියලා,…,ඔහු මට කතා කලා අර දරුවා බලන්න බිබිලේ යන්න.මමත් එක පයින්ම කැමති වුනා,,ඔහුගේ බිරිඳත් වෛද්යවරියක් ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ ,එදා ගිය ගමනේ අවසානය වුනේ අර දැරිය නීත්යානුකූලවම ඔවුන්ගේ දියණිය බවට පත්වෙලා,ටික කාලයක් ලංකාවේ ඉඳලා 2018 දී ඔවුන් ස්ථීර පදිංචියටම ස්වීඩනයට යනවා,ඒ යන්නෙත් මේ දුව ගැන හිතලා ඇයට හොඳ අධ්යාපනයක් දෙන්න වගේම පස්සෙ කාලෙකදි වටේ පිටේ නෑදෑ අයගෙ කතා වලින් ඇයව පරිස්සම් කරගන්න,,,
ඔන්න ඔය හේතුව නිසා තමයි දුවගේ උපන්දිනේ දවසේ මට කතා කලේ,මට අද පින්තූර වගයක් එවලා තිබුනා ,ඇය කුමාරිකාවක් වගේ ලස්සනයි,,,මට දැනුන සතුට කියන්න වචන නැහැ ,..සමහර වෙලාවට හිතෙනවා සමහර නරක දේවල් වෙන්නෙත් හොඳට කියලා ,,,
ආ,,මේ කතාවෙ තවත් හොඳ ටිකක් තියනවා ,අර මාව බිබිලේ එක්ක ගිය මගේ යාළුවාගේ නංගි,,එයා එහේ රස්සාවට ගිහිල්ලා පරස්තාවත් එහෙම්ම කරගන පවුල් පන්සල් වෙලා බිබිලේම පදින්චි වුනා…….
උපුටා ගැනීම: Sujeewa Jayasinghe