ඇය අම්මා නම් විය (කෙටි කතාවකි) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” දුවලම තුන් දෙනෙක් ඉන්න අම්මට බැරි ඇයි ඒ ගෙවල් වල
මාරුවෙන් මාරුවට හරි ඉන්න”
” ඔයා දන්නෑ සඳුනි ..එදත් අදත්
අපේ අම්ම ගෙ පණ මම…අපේ
අක්කලා අම්මා එක්ක කොච්චර රන්ඩු කළාද මට විතරයි ආදරේ කියල “
” ඒ ඉස්සරනෙ..ඔයා දැන් බැඳල
ළමයි ඉන්න තාත්තා කෙනෙක් …
ඔයාට ආදරේ කරන්න ගෑනියෙක් ඉන්නවා …ඒක අම්මට තේරෙන්න
නැති තරම් මෝඩද”
මේ ගෑනිගෙ මොළේ නම් හැඳි
මිටේ තරමටවත් දිග නැති හැටි..
චන්දූප එහෙම හිතුවට කිව්වෙ නැහැ ..අම්මෙක්ට දරුවො කොච්චර
වයසින් වැඩි වුනත් ..ආදරේ වෙනස් වෙන්නෙ නැහැ කියල සඳුනිටම
,තේරෙන්නෙ නැතැයි කියල හිත
හදා ගත්තා ..
ඉස්කෝලේ හාමිනේ මේ දෙබස් අහගෙන හිටියේ පුදුම කලකිරීමකින්..
මගෙත් වැරද්ද …පොඩි එකා ලෙඩා දුකා කියල තිබ්බ එකම
වත්කම ඒකටම පවරපු එක…ඉස්කෝලෙ හාමිනේ තනියම හිතුවා..
මට තිබුණෙ මේ මහ ගේ
විකුණල කෙල්ලො තුන් දෙනාටයි..
කොල්ලටයි …මටයි….සමානව සල්ලි බෙදා ගන්න…එතකොට මට මෙහෙම කුණු මාළු කෑල්ලක් වගේ
එහෙට මෙහෙට විසි වෙන්න වෙන
එකක් නැහැ ..මාව බලා ගන්න
කවුරුත් කැමැති වෙයි …ඇයි මං
ළඟත් හොඳ සල්ලියක් තියනවා
නේ…
කවුද දෙයියනේ මෙහෙම දෙයක් වෙයි කියල හිතුනෙ ..
ඉස්කෝලෙ හාමිනේ කඳුළු පිහ
දදා එහෙම හිතුවා …
ගිය සැරේ ලොකු දුවල ගේ
ගෙදර ගිහින් හිටපු දවස් වල වෙච්ච
හිත් බිඳීම ඉස්කෝලෙ හාමිනේට
තාම මතකයි …
” පූජා මෙතන වියදමට සල්ලි තියනවා …මතක ඇතිව ගණන්
ලියලා තියන්න “
තරිඳු වැඩට යන්න කලින් එහෙම කිව්වම අනේ කෙල්ලගේ මූනෙ තිබුණ අසරණ පෙනුම
ඉස්කෝලෙ හාමිනේට මේ දැනුත්
මැවිල පෙනුණා …
” එයා කොහොමත් හරිම අරපිරිමැස්මෙන් වැඩ කරන්නෙ
අම්මේ …ඒකයි ඔය..”
මනුස්සයවත් හොඳ කරල
මගේ හිතත් හදන්න එහෙම කිව්වට
උඹේ හිත මම එළිපිට දැක්ක දුවේ
කියල ඉස්කෝලෙ හාමිනේ කිව්වෙ නැහැ ..
පූජා කඩේ ගිහින් එනකොට
ඉස්කෝලෙ හාමිනේ වැලිතලප කන්න ආස නිසා එක
වැලිතලප කෑල්ලක් ගෙනත්
තිබුණා ..කොච්චර පෙරැත්ත කලත්
ඒකෙත් පොඩි කෑල්ලක්වත් පූජා
කෑවේ නැහැ …
පූජා නාන අතරේ ඉස්කෝලෙ හාමිනේ බඩු තුන්ඩුව
හොයා ගෙන බැලුවා …
දෙයියනේ වැලිතලප කෑල්ලේ
ගණන් දාල නැහැ …අම්මට ආස
කෑමක් අරන් දෙන්න දුවෙක්ට
වරම් නැති කළේ තමාම නේද
කියල එදා ඉස්කෝලෙ හාමිනේ ගොඩක් පසු තැවුනා..දුව අනෙක්
බඩු වලට ගාන ටිකක් වැඩි කරල දාන්න ඇති ..
” අප්පොච්චා අද අපිට මොනවා ද කන්න ගෙනාවේ “
පොඩි එකා තරිඳු ගෙන් හවස
වැඩ ඇරිල ආවම ඉස්සරහට දුව ගෙන ගිහින් එහෙම ඇහුවා ..
” යන්න ළමයෝ පැත්තකට ..අද
මොකුත් ගේන්න ගෙනාවේ නැහැ “
ඉස්කෝලෙ හාමිනේ ගේ පපුව
හෝස් ගාලා පත්තු වුනා ..
මේ සේරම මම හින්ද නේද ..
පවු…දෙපැත්තෙන්ම තැලෙන්නෙ
මගෙ කෙල්ල..
” ඕගොල්ලන් ගෙ අම්මා එන්නෙම අපේ සතුට නැතිකරන්න
අයියට කෝටි එකහමාරක ගේ තනිකරම දුන්න නම් එයාට අම්මව
බලා ගන්න කියන්න …
” අනේ තරිඳු හිමින් …හිමින් ..අම්මට ඇහුනොතින්
එහෙම “
ඒත් පූජා දැන ගෙන හිටිය අම්මට ඇහෙන තරම් සද්දෙට තමයි තරිඳු ඕවා කියන්නෙ කියල ..
එහෙන් පළ නොකියා පලා බෙදන කොට ඉස්කෝලෙ යන්නෙ පොඩි දූගේ දිහා …
අපරාදෙ කියන්න බැහැ ඒ
බෑණා රත්තරන් …ඒකටත් එක්ක
දෝණියැන්ද…
” වාසනා අම්මා ආසයි නේ
කුරක්කන් පොල් පිට්ටු කන්න …අපි
අද පොල් පිට්ටු හදමු “
” ඔයාට පිස්සුද ලක්මල් ..දැන් පොල් ගිනි ගණන් “
” මහ ලොකුවට අයියට නේ
ගේ තනියම භුක්ති විදින්න දුන්නේ
දැන් ඉතින් අම්මා මැරෙන කම්ම
එහේ තමයි ඉන්න ඕනෙ “
” මොන පවු කතාද වාසනා
ඔය කියන්නේ ….”
ඒ ගෙදර හිත රිදෙන කතා ගොඩයි ..ඒත් ඉස්කෝලෙ හාමිනේ දුව ගැන තරහක් ඇති කරගත්තෙ
නැහැ ..තමන් කල වැරැද්දෙ බරපතළ
කම හිත හිතා දුක් වුනා මිසක් ..
එතනින් හිත රිදව ගෙන යන්නෙ චූටි කෙල්ල ගාවට …
එතනිනුත් ඉස්කෝලෙ හාමිනේට සැනසිල්ලක් ලැබෙන්නේ නැහැ ..
” අයියා ඔය හදන්නේ අම්මව
මෙහාට තල්ලු කරන්න ..ඔන්න චූටි ඕන නම් අපි සතියක් තියා ගමු..
ඊට වඩා නම් බැහැ…”
” ඔයා ගෙ අම්මා ආවම මම
එහෙම කියනවද…”
” අපේ අම්මා අපිට සාධාරණව
දේපල ටික බෙදල දුන්න නෙ”
” ආ ඔයාට දැන් දේපල ද ප්රශ්නෙ.. එහෙනම් තාරක ඔයා ඔයාගෙ ගෙදර ඉන්න…මම අම්මත්
එක්ක කාමරයක් අරගෙන ඉන්නම්..”
දරැවන් නැති පොඩි එකී එහෙම
කරන්නටත් බැරි නැත…
තවත් මෙතන සිටියොතින්
ඔවුන් ගේ පවුල කඩා කප්පල් වන පාපයට හසුවීම වලක්වන්නට බැරියැයි සිතන ඉස්කෝලෙ
හාමිනේ ආයෙත් එතැනින් පුතා
ලගෙ ගෙදරට යයි …
දැන් එළඹ ඇත්තේ දරුවන් ගෙන් නික්ම යන්නට කාලය බව
ඉස්කෝලෙ හාමිනේ ගේ හිත කියයි ..
නමට ඉස්කෝලෙ හාමිනේ වූ
වයලට් දිසානායක නම් ගැහැණියට
තමන් අත සන්තකේ කිසිඳු මුදලක් වත් නොතිබුණි …චූටි දරුවන්ට නොමිලේ අයනු ආයනු ඉගැන්නු
පිනට ඉස්කෝලෙ හාමිනේ නම් වූ
ඇගේ මිය ගිය සැමියා ද ගොවියෙක් විය ..
ඇඳිවතත් පන් මල්ලත් අත රැගෙන පුතා ගේ නිවසින් පන්සලට
ගොස් හාමුදුරුවන් ගේ මාර්ගයෙන්
,වැඩිහිටි නිවාසයකට හෝ යන්නට
හිත දැඩි කරගෙන ඉස්කෝලෙ හාමිනේ හෙමින් හෙමින් පියවර එසවූවා ය…නමුත් ඇගේ හිතේ දරුවන් ගැන කිසිඳු වෛරයක් හො
ඔවුන්ට අවමන් කිරීමේ හැඟීමක් තුන් හිතකවත් තිබුණේ නැත..
——————- අවසානයි ——————
 උපුටා ගැනීම:    ✍ පියුමා වික්රමසිංහ 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!