කම්මැලි කමින් ඇඳ බදාගෙන නිදාගෙන ඉද්දි උදේම සුපුරුදු කෑ ගැහිල්ලෙන්ම උඩ විසිවී ඇහැරෙන්නට විය…. එය සැමදා ඇසෙන්නට සිදුවන අම්මාගේ සිංදුවයි….
“කොහෙද බන් මගේ කටු….
සාරියට ගහන්න එක කට්ටක් නෑ….
මොන බහිරවයා ගෙනියනවද බන් මේවා….
හැම මාසෙම ගේනවා…..
ඒත් උදේට දහ අතේ හොයන්න ඕනි….. එකක් නෑ…. “
“දුවේ…. දෝනී….. මට කටු ටිකක් හොයල දියන්…. නැත්තන් අදත් පටලවගෙන තමයි යන්න වෙන්නේ…… “
නිදි ගැට කඩමින් නිදි මරගාතේ බිත්ති දිගේ බඩගාගෙන එන නංගි…..
“නිදාගන්නවත් නෑ අප්පා…..”ගාමින්,
පුටු සෙටිවල, ටී පෝව උඩ, කෑම මේසයේ, ටීවී එක ලඟ ආදී එකී මෙකී නොකී බොහෝ ස්ථානවල අතරමන් වී ඇති අසරණ කටු එකතු කරමින් ගෙනැවිත් අම්මාට දෙයි……
විනාඩි පහලොවක පමණ මේ යුද්ධය අවසාන වන්නේ අම්මා පිටත්ව ගිය පසුවය…..
වෘත්තියෙන් ගුරුවරියක් ඌ මාගේ අම්මා හැමදාම උදේට බහිරවයා ගෙනයනවා යැයි කියන අරුම පුදුම වස්තුව කුමක්ද ???
එය වෙනකක් නොවේ,
ආය කටුයි…..
නැතිනම් හැට්ට කටුයි…..
කලිසමේ බකල් එක කැඩුනු දිනවල අහම්බෙන් මටත් පියාටත් පිහිටට එන එකම සහකරු මෙයයි……
ඊටත් වඩා මටනම් කටු උවමනා වන්නේ කන කසා ගැනීමටය…. කන කසා ගැනීමෙන් පසු කට්ටට සිදු වන්නේ කසනා තැන අහල පහලම අතුරුදහන් වීමටය……
අකරතැබ්බයන් වලදී නැතුවම බැරි කට්ට….
ඒ කොන මේ කොන යා කරමින් ශක්තිමත් බැඳීමක් ඇති කරයි….
නංගීට අනුවනන් උඩට පේන්න භාහිරට පේන්න හොඳ නැති දෙයකි…..
ඇය නිතරම අම්මාට කියන්නේ…..
“අයියෝ අම්මේ කට්ට ගහද්දි පේන්න නැතිවෙන්න ගහන්නකෝ”
“මොකක්ද අනේ ඕක පේන්න ගහගෙන යන්නේ… මෙන්න මෙහෙ එන්න ඕක වැහෙන්න ගහන්නකෝ…..”
මෙසේ පවසමින් එය ගැසුවාදැයි සොයාගත නොහැකි ආකාරයට සූක්ෂම ලෙස ඇටවීමේ සහජ හැකියාවක් ගැහැනුන්ට ඇත……
ඇත්තටම කටු පේන්න ගහන එක ලැජ්ජාවක්ද….
ඒක දුප්පත් කම පෙන්නන දෙයක්ද…..
මෑතක් වෙනතුරුම මම ද සිතා සිටියේ එලෙසමය…..
නමුත් වර්ථමාන තත්වය එයට හාත්පසින්ම වෙනස් ය……
පහල චායාරූපය ඔබට එයට මනාව ඔප්පු කරයි…..
ආය කට්ට…. ගිය දුර….. ඔබට සිතාගත හැකිද….
උපුටා ගැනීම: Geeth Gajanayake