ශීතකරණයේ තිබෙන ආහාරවල කල් ඉකුත් වීමේ දිනයන් ලෙස 2003 සටහන් වී ඇත. මියගිය කාන්තාවගේ සිරුර ඉතා දරුණු ලෙස දිරාපත් වී ඇති අතර එය හඳුනාගත හැකි වූයේ ඇගේ දන්ත වාර්තා අනුවය. ඇගේ නම ජොයිස් කැරොල් වින්සන්ට් බව අනාවරණය විය.
ඇගේ දිරාපත් වූ සිරුර රූපවාහිනිය හරහා දිස්වන විට මිනිසුන් හොල්මන් විය. මිලියන 8 ක ජනගහනයක් වෙසෙන ලන්ඩන් වැනි නගරයක, යමෙකු නැවත නොපැමිණීම හෝ කිසිම සම්බන්ධයක් නොමැති වී යාම මෙතරම් කාලයක් ලෝකයාට නොදැනී යන්නේ කෙසේද? ජොයිස් වින්සන්ට් කවුද? ඇය මොන වගේද? ඇයව ලෝකයට අමතක වූයේ කෙසේද?
ජොයිස්ගේ මරණය පිළිබඳ පුවත ඉක්මණින් ගෝලීය මාධ්‍ය තුළට ඇතුළු වූ අතර එ හරහා එක්සත් රාජධානියේ මානව හැඟීම් නොමැතිකම ගැන ලෝකයම කම්පනයට පත් විය. මෙම කතාව බ්‍රිතාන්‍ය පුවත්පත්වල පළ වූ නමුත් ඒ වන තෙක් ජොයිස්ගේ ඡායාරූපයක් හෝ පෞද්ගලික තොරතුරු කිසිවක් ඒවා වල සදහන් වී නොතිබුණි.
ඒ අවස්ථාවේ දී පුවත්පත්වල සදහන් වුයේ ජොයිස් වින්සන්ට් මිය යන විට ඇගේ වයස අවුරුදු 38 ක් බවත් බටහිර ලන්ඩනයේ කැරිබියානු ජාතික දෙමව්පියන්ට උපත ලබා ඇති බවත් ඇගේ පවුලේ සමහරු ඇයගේ මරණ පරීක්ෂණයට සහභාගී වී ඇති බවත් ය. සමහර වාර්තා කියා සිටියේ ජොයිස් විවාහ ගිවිසගෙන ඇති බවත්, ඇය මියගිය නිවසට පැමිනීමට පෙර ගෘහස්ථ හිංසනයන්ට ගොදුරු වූවන්ගේ සංගමයට බැදී ඇති බවය. ඇය පවුලක් නොමැතිව මහලු වියේ සිටී කාන්තාවක් නොවේ. ඇය හුදෙකලා වී අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් ද නොවේ. ඉතින් ඇයව ලෝකයට අමතකව ගියේ කෙසේද…?

ඇගේ මරණයට පෙර, ඇය දන්නා අය සමඟ තිබූ සම්බන්ධතා සියල්ලම පාහේ ඉවත් කර තිබෙන බව පෙනෙන්නට තිබුණි. ඇය 2001 දී සිය රැකියාවෙන් ඉල්ලා අස් වූ අතර ගෘහස්ථ අපයෝජනයට ගොදුරු වූවන් සඳහා වූ නවාතැනකට ගොස් ඇත. ඒ සමගම ඇය මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්ධතා අඩු කිරීමට පටන් ගෙන ඇත. ඇය 2003 දෙසැම්බර් මාසයේදී මිය ගිය අතර ඇගේ දේහය 2006 ජනවාරි 25 වන දින සොයා ගන්නා ලදී.
වින්සන්ට් ජීවත් වූයේ ලන්ඩනයේ වුඩ් ග්‍රීන් හි සාප්පු නගරයට ඉහළින්ය. එය ස්කයි සිටි ලෙස හැඳින්වේන අතර එය මහල් නිවාසක් ය. කෙසේ හෝ ඇයගේ මරණය 2003 දෙසැම්බරයේදී පමණ සිදුවිය. ඇය ඇදුම රෝගයෙන් පෙලෙන අයෙක් වන අතර ඇදුම රෝගය හෝ පෙණහලු අවට ඇති වූ සංකූලතා මරණයට හේතුවක් ලෙස නිර්ණය වී ඇත.
අසල්වැසියෝ උපකල්පනය කළේ මෙම මහල් නිවාසය හිස්ව පවතින බවත් ශරීර පටක දිරාපත් වීමේ දුර්ගන්ධය ඇති වූයේ ආසන්නයේ ඇති අපද්‍රව්‍ය බඳුන් නිසා බවයි. මහල් නිවාසය ඝෝෂාකාරී ගොඩනැගිල්ලක් වන බැවින් රූපවාහිනියේ නිරන්තර ශබ්දය කිසිවෙකු ප්‍රශ්න නොකරන්නට ඇත. එම නිසා ඇය සොයා ගන්නා තෙක්ම රූපවාහිනිය ක්‍රියාත්මක වන්නට ඇතැයි රාම්වණා ගේ අදහසයි.

කෙසේ හෝ ඉදිරිපස දොර දෙවරක් අගුළු දමා තිබූ අතර කැඩී යාමේ සලකුණක් නොතිබුණි. ඇය මිය යන විට ඇයට පෙම්වතෙක් සිටියද පොලිසියට ඔහුව සොයා ගැනීමට නොහැකි විය. ඇයගේ සොහොයුරියන් ඇය සෙවීම සඳහා පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු කුලියට ගෙන තිබූ නමුත් එම රහස් පරීක්ෂකවරයා වින්සන්ට් ජීවත් වූ නිවස සොයාගෙන එහි ලිපිනය පවුලේ අයට දී තිබේ. පසුව පවුලේ අය ඇයට ලිපි ලියා ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් ඇති බැවින් ලිපි සදහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය හිතාමතාම ඔවුන් සමඟ සබඳතා බිඳ දැමූ බව පවුලේ අය නිගමනය කරන්නට ඇත. ඒත් ඔවුන් ඇය ජීවත්වන නිවසට නොපැමිනියේ ඇයි..?
ඇය සියල්ල අත් හැර ජීවත් වූවානම් ඇය නත්තල් තෑගි සාදා තිබුනේ කාහට යැවීමටද…?