ඇයව දුටුවෙමි (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මම ස්කෝලෙ යන කාලෙ උන සිදුවීමක්. මොන කාලෙද කියලා මගෙ වයස කියන්න මට හරියට මතක නෑ. ආදරයක් නොවන ආදරයක් ගැන කතාවක් නම් නෙමේ ඔන්න.
අපේ නෑදෑ වෙන ගෙදරක තිබුන පිරිත් ගෙදරකට අපිටත් ආරාධනා ලැබුනා. අපේ අම්මා ඉතින් පිංකමක් නම් ගෙදර මොන වැඩ තිබ්බත් ඒවා සත් සමුදුරෙන් එහාටම විසි කරලා ඒකට දුවන, ඒවට බැහැලම වැඩ කරන ජාතියෙ. අනේ ඒ මම පිං කරනවා කියලා පෙන්නන්න නෙමේ. එයා මං දන්න කාලෙ ඉදන්ම එහෙමයි. ඒ නිසාම ගමේ මොන පිංකම උනත් අපිට ගොඩක් වෙලාවට ආරාධනා ලැබෙනවා වගේම අම්මා එයාගෙ මොන වැඩ තිබුනත් ඒවා පාඩු කරගෙන යනවා. ඔය යනකොට මාවත් අනිවාරෙන් අරන් යනවා. අදටත් ඒ පුරුදු එහෙමයි.
ඉතින් මේ ගමනත් ඒ වගේ එකක්. මම ගෙදරට යකා වගේ එකා නිසා පනුගාය පොඩ්ඩක් වැඩිපුර තිබ්බා ඒ දවස් වල ඉදන්ම. එක තැනක ඉන්නම බෑ. ඉතින් පිරිත් ගෙදර යන්න කලින්ම අපේ අම්මාගෙ දහසකුත් අවවාද අනුසාසනා හම්බුනා සුපුරුදු විදියට,
කෑම තිබ්බ පලියට කන්න බෑ, ළමයි එක්ක නටන්න බෑ. කියන දේ අහන්න ඕනේ සල ලල ලා. ඔය වගේ දිග ලයිසතුවක්ම තිබ්බා එයා කටපාඩමේ තියාගෙන උන්න. ඒත් මම ගිය හැම තැනකම ඔය එපා කීව හැම එකම කරනවා. එයත් හැම පාරන කියනවා. අනේ මන්ද අපි දෙන්න ඉතින්. මට ඒවා ආදරේට කියන්නෙ කියලා මට තේරුනේ සෑහෙන කාලයක් ගියාට පස්සෙ.
ඉතින් අපි ගියේ උදේ එහෙට, දවල් එක විතර වෙද්දි එයා ආවා. මම අදටවත් එයාගෙ නම දන්නෙ නෑ. එදා මම ඇහැවෙත් නෑ. එයාට අයියා කෙනෙක් හිටියා එයා තමා මට මුලින් ම කුලුපග උනේ. අපි ඉතින් අපේ පන්ඩිත කම් කතා කර කර උන්නා. මම ඉස්සර ඉදන්ම ගෑනු ළමයි ගැන ලොකුවට උනන්දු උන කෙනෙක් නෙමේ. මම හිතන්නෙ පවුලට හිටිය එකම යකා විදියට මට අම්මගෙනුත් තාතගෙනුයි ඕනෙවටත් වඩා ආදරේද හම්බුනා. ඉතින් වෙනම ආදරයක් හොයන්න මට අවශ්යතාවක් තිබ්බෙ නෑ. උසස්පෙළ ඉවර වෙනකුත් විරුද්ධ ලිංගික ආකර්ශනය මිස ඒක ආදරේ කියන හැගීමට එනකම් ගෙනියන්න මන් පෙලබුනේ නෑ. ලොකු පස්සකට, තඩි පපුවකට, දිග කොන්ඩෙකට සැලෙන කෙනෙක් නෙමේ මම. ඒ මනුස්සයා හිතන විදිය, බුද්ධිමත්බ්ව, පෞරුෂය කියන දේ ඉස්සර ආදරේ කියන හැගීම ලගට ම නම් ගිහින් තියනවා. එයත් ඒ වගේ.
මට එයාව මෙහෙමයි කියන්න මතක නෑ. හැබැයි ගැහැනු ළමයෙකුට තියන සාමාන්ය ලස්සන තිබ්බා කියලා මතකයි. ඊටත් වඩා එයාගෙ ඇතුලෙ මම හොද විනයක් දැක්කා. මේ කියනෙ අර මොකා එක්කවත් කතා නොකර තමන් මහ රැජින කියලා හිතන් ඉන්න අය ගැන නෙමේ. එයා හැමෝ එක්කම හිනා වෙලා හිතවත් කතා කලා. එයා මා එක්ක මුලිම කතා කලේ අපි කොල අත්ට විසි කරන සෙල්ලම කල වෙලේ.
එයා අනිත් අය එක්ක හැසිරුන විදියට මා එක්ක විශේෂ විදියකට හැසිරෙන විදිය වෙනස් කියලා මට තේරුනේ පහුවදා හැන්දෑවෙ තකහනියක්ම තේ බොන්න ගියපු වෙලේ මාව අතින් ඇදන් ගිහින් එයා ගෙනාපු බිස්කට් එකක් කඩලා කන්න කියලා මට දුන්න වෙලේ. මට පොඩි අමුත්තක් ඒකෙ දැනුනට මමත් වැඩිය ඒක ගගන් ගත්තෙ නෑ. මොකද මේ සිදුවීම වෙද්දී එයාගෙ අයියත් අපි එක්ක උන්නා.
අපේ මාමලගෙ ගෙදර මැටි ගොඩක් තිබ්බා. එයාල මැටි කපපු නිසා. එදා හවස අපි සෙල්ලම් කරද්දි මාව මැටි කන්දකින් උඩින් ගිහින් පුඩිං වෙන්න උනා. උනේ පොඩි සීරීමක් උනත්, එතනට ටිකකින් ආපු එයාගෙ ඇස් වලට එක පාරට කඳුළු ආව මම දැක්කා. එයා එක පාර අනිත් පැත්ත්ත හැරිලා එක පාරට දිව්වා. මට ඔය තුවාල ඒ හැටි ගානක් නෑ. අපි දිගටම සෙල්ලම් කලා. ඒත් එයා බලන් උන්නා මිසක් ආවෙ නෑ.
අපි හවස බයිසිකල් පැද්දා. එයා ම දුවගෙ අවිත් මාවත් දාගෙන යන්න කියලා පිටිපස්සෙ ලැගජ් එකෙන් නැග්ගා. මට එච්චර බර දාල පැදලා පුරුදු තිබ්බෙ නැති උනත් ඕක කියන්න බැරි කමට ටික ඉරාගෙන පැද්දා ඉතින්.
එදා රෑ අපි එක එක දේවල් ගැන කතා කලා. මම වැඩිය කතා ඇති කෙනෙක් නෙමේ. ඒත් මට හරියන බැටෑනියන් එකක් හබ්බුනොත් ලේසියකට කතාව නවත්න්නෙ නෑ. අදටත් එහෙමයි. මාව ලගින් ආශ්රය කරන අය දන්නවා ඒක.
අපේ කිරි අම්මාට පිං සිද්ද වෙන්න මම ගොඩක් කතා දැනගෙන උන්නා. ඉතින් මාව කතාවකට set උනා කියන්නෙ කෙලින්ම යටගිය දවස බරනැස් නුවර ඉදන් මෙදා යුගේ ඒවාට එනකම් කියන්න පුළුවන් කම තිබ්බා. අනිත් අය ඒ කතා අතර තුර මාව නවත්තලා එක එක දේවල් ඇහැවත් එයා කලේ මාම කියපුවට හිනා වෙවී අහන් උන්න එක.
එදා රෑ බත් කන්න ලෑස්ති උනාම එයාම බත් එක බෙදලා එයාගෙ අයියටයි මටයි ගෙනත් දුන්නා.
ඔය විදියට දවස් තුනක් ගෙවිලා අපි ගෙදර යන්න ලෑස්තිය දැන්.
එවෙලෙ තමා මට අදටත් තේරුම් ගන්න බැරි මේ සිදුවීම උනේ. එයාල දැන් යන්න ලැස්තිය. එයා එක පාරට ඇවිත් මගෙ අතින් අල්ල ගත්තා. අපේ මාමගෙ මැටි අදින්න ගෙනාපු ලොකු ටිපර් තිබ්බා. ඒකක් ලගට මාව ඇදගෙන ගියා. මම දැන් අංදුන් කුංදුංවෙලා මේ මොකද වෙන්නෙ කියලා. පොඩ්ඩක් වෙලා මා දිහා බලාගෙන උන්නා එක පාරටම ඇහැවා. ” අයියෙ ඔයාට මට මුකුත් කියන්න තියනවද කියලා. ” මම කීවා ” නෑ නංගි. ඇයි එහෙම අහන්නෙ කියලා. එයා පොඩ්ඩක් වෙලා යනකම් මුකුත් ම කීවෙ නෑ. දැන් මටත් හරි දුකයි. ඒත් මට තේරෙන්නෙ නෑ ඇයි මට දුක කියලා. මට මතකයි එයා මට වඩා උසින් අඩුයි. එයා පොඩ්ඩක් ඉස්සිලා මගෙ කම්මුලට අතක් තියලා පස්සෙ, මගෙ කන මිරිකුවා මෝඩයා කියලා. පස්සෙ එනවා යන්න කියලා මාවත් ඇදගෙන ආවා. මට මතකයි ත්රී වීල් එකට නැගලා පස්සෙ ආයෙ බැහැලා ඇවිල්ලා මට වැන්දා. පස්සෙ එයා ආපස්ස හැරිලවත් බැලුවෙ නෑ.
මටත් ඔය සිදුවීම කාලයත් එක්ක අමතක උනා. ඊයෙ දැගත්ත්තෙ හරි අහම්බෙන්, එයාගෙ අයියා බැදලා තියෙන්නෙ අපි අදුනන කෙනෙක්. එයත් සතියකට කලින් බැදලා. එයා ගොඩක් ලස්සනයි වෙඩින් එක දවසෙ. ලස්සන හැඩ තියන ගවුමක් ඇදලා තිබ්බෙ.
මම ඒ දිහා බලන් හිතුවෙ එදා ඇත්තටම මොනාද මාව පැත්තකට ඇදගෙන ගිහින් කින්න හැදුවෙ කියලා. එයා මට මොන දෙයක් කියන්න හැදුවත් මට ඇතිඋන හැගීම නම් නිවුන සැනසීමක් දැනුන ලස්සන හැගීමක්.
උපුටා ගැනීම:   මහී චතුරංග

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!