අයියගෙ රෙදි හේදීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මං මේ අඩයාලමට දාන පලවෙනි කතාව. ලස්සනට ලියන්න නම් දන්නේ නෑ ඒත් ඉතිං දන්න විදිහට ලියන්න හිතුවා…
ඔය කතාවට කියනවනේ ගෙදරකට ඕනේ කටකාර පුතෙකුයි හැඩකාර දුවෙකුයි කියලා දෙයියන්ගේ නාමෙන් අපේ ගෙදර නම් වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. හුම් කටකාර දුවෙකුයි හැඩකාර පුතෙකුයි . හැඩයි කියන්නේ ඉතිං මං තලෙලුයි එයා සුදුයි තමා එයා අහිංසකයා මං නපුරි. ඒම තමා වෙලා තියෙන්නේ . ඔය හැම ගෙදරකම ලොකු එකා කියනවනේ පොඩි එකාව අරන් හදාගත්තා කියලා අපේ එකත් ඕක ඉස්සර කිය කිය මාව අවුස්සලා ලොකු ආතල් ගන්නවා. දැන් කියලත් නෑ ඕක තාම කියනවා.
ඉතිං කතාව ඕක නෙමෙයි . පෙර පිනකට මං එයාගේ නංගි උනා . මං කරපු මොලේ ඇති වැඩක් තමයි මේක.
අපේ එකා මට වඩා අවුරුදු හතරක් වැඩිමල් . කොහොම හරි මේ සිද්දිය උනේ අපේ එකා ඕලෙවල් කාලේ. ඒකාලේ ඔය බකට් විසයන් තියනවා අයිටී මං තෝරගත්තා ඒ නිසා මට කොම්පියුටරයක් ඕනෑයි කියලා ගෙදර කියලා කතාවක් ගියා . ලොකුවටම ගෙදර මිනිස්සු ගනන් ගත්තේ නෑ. කෝමින් කෝම හරි අපේ අම්මාගේ රට ඉන්න අයියණ්ඩී මෙයා ගැන දුක හිතිලා අපි හැමෝගෙම පාවිච්චිය උදෙසා ලැප් එකක් එව්වා.
ඒ කාලේ ඉතිං දන්නවනේ ඕක වදුරට දැලි පිහිය අහු උනා වගේ උනා.ගෙනාපු මුල් දවස් වල ඕකේ වැඩ කෑලී මං දන්නේ නෑනේ පොඩි එකානේ අපේ එක්කෙනා ඕක මෙහෙක් කරයි ඔහොක් කරයි සිංදු දායී ගේම් ගහයි ඒ දවස් වල මොකක්ද මංදා කාර් ගේම එකකුයි තව๬ IGI එකයි සැනැන්ඩ්රියාස්ද මොකක්ද ඒකේ නම මතක නෑ. ඔය තුන තමා ලැප් එක උඩ නැගගෙනම අපේ එකා ගැහුවේ. මං ඉතිං කරන්නේ කාර් එකේ ස්පීඩ් එක වැඩි වෙන්න අරක ඔබන්න කිව්වම ඒක ඔබන්නයි මේක ඔබන්නයි කිව්වම කරන එක තමා.
දැන් දැන් මාත් එකේ වැඩ කෑලී ටික ටික හොයාගන්න කාලේ. මටත් ඕන උනා ඕකෙන් ගේම් ගහන්න කෙල්ල උනාට මොකෝ මාත් ආස නැතැයි ඕවට . මුලින් මුලින් ඉල්ලුවට දුන්නේ නෑනේ මේකා. කොරන්නම දෙයක් නෑ නඩුව දැම්මා තාත්තට . තාත්තා දෙක තුනක් සැර දානකොට ඔන්න විනාඩි 15 කට 20කට හම්බුනා. ඒත් ඉතිං තනියම ගේමක් ගහන්න දෙන්නේම නෑ මේකා ලග ඉදන් අරකයි මේකයි හිමින් ඔබපන් අරෙහෙට පලයෙන් මෙහෙට පලයන් වගේ අති පණ්ඩිත කතා කියනවා. මොනා කොරන්නද ඒ විනාඩි විස්සත් මදිද කියලා ලැබුණු ජයග්රහණය සමරනවා.
දැන් මං ඕකේ වැඩ කෑලී බොහොමයක් දන්නවා මට දැන් විනාඩි 20 නිකම් තත්පර 20ක් වගේ ඒ තරමට ගේමේ . දැන් මං ඕක පැයකට විනාඩි 45කට වෙලාව දීර්ඝ කරන්නයි කියලා අයාචනා කොරනවා. පුහ් වැදලා කියනවා තේ එක ලගට ගෙනත් දෙනවා . චාටු දානවා හුම් මොන පිස්සුද මේකා නෙමේ වෙලාව වැඩියෙන් දෙන්නේ.
ඔය කාලේ අම්මා පටන් ගත්තා අයියට දේසනාව දවසෙම ගේම් එකේමයි කන්නේ බොන්නේ නෑ. නිකම්ම ගෙදරට වෙලා ඉන්නවා පාඩම් කරන්නේ නෑයි කියලා . අම්මා තරයේම නඩුව ලොකු උසාවියට දැම්මා ලොකු උසාවියේ තීරණය උනේ එයාගේ රෙදි ටික තනියම හෝදගන්න ඕනා. ඈවරයි දෑවරයි තුන් ඈවරයි .
ඔන්න දැන් දවසක් රෙදි හේදුවා ඔන්න දෙවෙනි දවසත් රෙදි හෝදගත්තා. ඔහොම දවස් තුන හතරක් ගියා මං හිතන්නේ.
ඔන්න අපේ එකාට හොද අයිඩියා එකක් මතු වෙලා. අපි දෙන්නා සාම ගිවිසුමක් ගැහුවා හුම්ම් මං රෙදි හෝදනවා මට පැයක් ගේම් ගහන්න දෙනවා. හරි දෙන්නම අත්සන් කලා.
හරි ඔන්න මං රෙදි හෝදන පලවෙනි දවස කෝම හරි මට පුලුවන් විදිහට සර්ට් එකකුයි කමිසෙකුයි හෝදලා එයාට පේන්නම දැම්මා . සාම ගිවිසුමට අනුව මට පැයක් හම්බුනා ගේම් ගහන්න . හරි ඊලග දවස ඒකේත් පුලුවන් විදිහටම හේදුවා. දැන් මට කේන්තී අපේ එකා එක්ක යකෝ පැයකට ගේම් ගහන්න මං රෙදි හෝදපියකෝ. අනික අම්මයි තාත්තයි නෝන්ඩි දානවා ගේම් ගහන්න රෙද්දක් හෝදනවා කියලා.දැන් මට මේක කරගෙන යන්න බෑ. ඒත් ගේම් ගහන්නත් ඕනා පැයක්. හරි මගේ සූටී මොලේට කල්පනා උනා අයිඩියා එකක්. අපේ එක්කෙනා පංති ගිය වෙලාවට කොහේ හරි ගිය වෙලාවට තමා මං එයාගේ රෙදි හෝදන්න පටන් ගන්නේ. හුම් එයා එනකොට වැලේ වනලා තියනවා එයාට පේන්නම. එතකොට පැයක් දෙනෝ ගේම් ගහන්න. රෙදි හෝදනවා කියලා මං කරන්නේ රෙදි ටික වතුරට දානවා ගන්නවා පුලුවන් විදිහට රෙදි ටික මිරිකලා වැලට දාලා තියනවා. සබන් ගානවද රෙදි අතුල්ලනවද මොන පිස්සුද හැමදාම ඕක කොරන්න පුලුවන්ද බෑනේ . ඉතිං ඕක වේලුනම අම්මා ඔය ටික අරන් නවලා අල්මාරියට දානවා. අම්මා දන්නෙත් නෑ සීන් එක . දැන් මං මේ සබන් නොගා හෝදලා වෙලන ඇදුම් මේකා ගෙදරත් ඇදන් ඉන්නවා හුම් හිත යටින් ගද ඉවසන් නිකම් යුද්දයක් දින්නා වගේ හැමදාම වගේ පැයක් ගේම් ගහනෝ.
දැන් ඕම ඕම මගේ ප්ලෑන් එක ක්රියාත්මක වෙනෝ. එක දවසක් මේකාට ඕකට අහු උනා මට මතක නෑ කෝමද අහු උනේ කියලා මතක විදිහට අම්මා ඕක දැකලා අම්මගේ කටින් පිට උනා ඉතිං….
ඉවරයි ප්ලෑන් එකම ඉවරයි එදායින් පස්සේ මොන ගේම්ද කොච්චර පිංසෙන්ඩු උනාද මේකා නෙමේ මට ගේම් ගහන්න දුන්නේ . මීට පස්සේ හරියට රෙදි හෝදන්නම් කියලා දිව්රලා කිව්වා පුහ් මොන මගුලක්ද ගනන්වත් ගත්තේ නෑ . ඔන්න ඕමයි අයියයි මායි සාම ගිවිසුමක් ගැහුවේ .
අයියයි නංගී ඉන්න ගෙදරක වගේම අනිත් ගෙවල් වලත් සාමාන්යයෙන් මෙහෙම ඇති . ඒ කාලේ කොහොම අමතක කරන්නද ගහමරා ගැනිලී ගුටි කෑම් . දැන් ඉතිං අපිට තියෙන වැඩත් එක්ක ටිකක් ඈත් වෙලා . ඒත් ඉතිං ආදරේ අඩුවක් නෑ…..
උපුටා ගැනීම: Sayuri Franandu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!