මාතුරුකාව දැක්ක ගමන් අහිතක් ගන්නෙපා. සයුරු ලියන ඒවගෙ වැදගත් පණිවිඩයක් තියනව කියල මට සමහරුන්ගෙන් ටැග් එකක් වැදිල තියෙද්දි ඒ අය දැන් ඔන්න වපරැහෙන් බලන්නෙපා මේ දිහා.(ලොකු කමකට කිව්ව නෙමේ ඈ)
මේක අතීත කතාවක් නෙමේ. පෙරේදා උන සිද්දියක්.
මේ වැහි බීරම අස්සෙ ඔන්න මගේ යාලු ගෑල්ලමෙක් එයාගෙ අවුරුදු තුනක දුවයි තව යාළුවෙකුයි එක්ක අපේ ගෙදරට ගොඩවුනේ එයාලගෙ ගමන් මාර්ගෙ අපේ ගේ ගාවින් උන නිසා සහ වයිෆ්ව බලල යන්න.
මගේ පොඩි එකාට වයස දෙකහමාරට ටිකයි වැඩි.
තනියෙන් ඉන්න නිසා පොඩිමෑන් හරි කැමතී කවුරුහරි ආවම සෙල්ලමට අල්ලගන්න. ඒනිසා ඔන්න මේ ආව පොඩි අක්ක එක්ක අපේ එකාට සෙල්ලම් කෝටියක් තිබ්බ කරන්න.
මේ ඩබල සාලෙ සෙල්ලම් කරන අතරෙ ප්රියම්බිකාව ගියා කුස්සියට තේ හදන්න. ඒ පස්සෙන් මගේ යාලුවත් කුස්සියට ගියා. සාලෙ ඉතිරි උනේ මන් කවදාවත් නොදැකපු ගර්ල් කෙනෙකුයි මායි මගෙ බබයි යාලුවගෙ බබයි.
පොඩි උන් දෙන්න ගජරාමෙට බිම ඉඳගෙන සෙල්ලම් කරනව.
මන් අර ගෑල්ලමයත් එක්ක විස්තර කතා කර කර හිටියෙ කුස්සියට ගිය ඩබල එනකන්..
දැන් අපේ කොල්ලට එකේක සෙල්ලම් බඩු ඕන එයාගෙ සෙල්ලම් සහයිකාවට පෙන්නන්න.
“අප්පච්චී”
“ඕ පුතේ..”
“මට දෝතලේ දෙන්නකො.”
මන් ඉතින් එයාගෙ සෙල්ලම් බඩු තියන කූඩ වලින් ඩෝසරේ අරන් දෙන්න ඕන.
ඒ ඒ සෙල්ලම් බඩු වලින් දැන් මෑන් අර කෙලි පැටික්කිට වැඩ පෙන්නනව ගජරාමෙට.
“අනේ ශෝක් අයියෙ බබා.
හරි සෝශල් නේද. සුදු පුතේ එන්නකො නැන්දි ගාවට. ඔයාට බඩුවක් දෙන්නම් මන්.”
කෙල්ලට පැටියට ආස උනාට ඌ නෙමෙයි ළඟටවත් ආවෙ.
“අනේ ඔයාල ශෝක් එකට බබාට උගන්නලා තියනවනෙ.”
පොඩි එකා කරන කියන දේවල් දැකල කෙල්ල එහෙම කිව්වා. ඇත්තටම අපේ එකාට මට වඩා හොඳ මතකයක් එහෙම තියනව. සමහරවිට කාමරේ ලයිට් එක ඕෆ් කරන්න අමතක උනාම ඌ තමයි කියන්නෙ අප්පච්චි ලයිට් ඕෆ් කරන්න නැත්තන් ලයිට් බිල වැඩිවෙනවනෙ කියල.ඒ තරමට ඌ පැහිලා.
ඔන්න ඔහොම මේ ඩබල සෙල්ලම් කරනව. අපි ඩබල කතා කරනව. අර ඩබල කුස්සියෙ.
ආපහු කොල්ල මට කතාකරා
“අප්පච්චී..”
“ඇයි පැටියෝ..”
“අප්පච්චි මට ලබ්බක් දෙන්නකො”
හෑ… මට ඇහුන වැරදිද, නැත්තන්.?
“මොකක්ද පුතේ.?”
“මට ලබ්බක් දෙන්නකො අප්පච්චි.”
අර ලොකු දැරිවිට බකස් ගාල හිනාගියත් ඒක තදකරගත් බව මන් දැක්ක. මට හතර විලි ලැජ්ජාවයි. ඔන්න දරුවට උගන්නලා විදිය. අර කෙල්ල එහෙම හිතන්න ඇති.
“අප්පච්චි ලබ්බක් අරන් දෙන්නකෝ”
“කොහෙදපුතේ ඒක තියෙන්නෙ?” හතර විලි ලැජ්ජාවෙ පතුලටම ගිය මන් ඇහුව.
“අර කූඩෙ තියෙන්නෙ”
ඒ වෙනකොට කොල්ලගෙ ඉල්ලීමට ඩෝසරේ,, හෙලිකොප්ටරේ, ටෝකින් ටොම්, ෆයර් ට්රක් එක, ඔක්කොම අරන් දීපු මන් කොහෙන්ද යකෝ ඒ සෙල්ලම් බඩු අස්සෙ ලබ්බක් හොයන්නෙ. කරන්නම දෙයක් නැති තැන මන් කුස්සියට ගියා. මොකද ඉල්ලන එක දුන්නෙ නැති උනාම මෑන් හොඳ එකෙන් අඬනවා. ලබ්බක් ඉල්ල ඉල්ල අඬන්න ගත්තොත් මට වසන්න වෙන්නෑ..
“ඒයි මේ. අන්න කොල්ල ලබ්බක් ඉල්ලනව.”
යාලුව ඉස්සරහ මට ඕන මගුලක්. ඒ නිසා මන් වයිෆ්ට එහෙම කිව්වෙ බබුගෙ වදන් මාලාව මට වඩා හොඳට එයා දන්න නිසා.
ටිකක් වෙලා මන් දිහා බලන් හිටිය එයා
“ලබ්බක් නෙමේ අනේ කොල්ල ඔය ඉල්ලන්නෙ ලවු බග් ව. මන් ලවු බග් කියල කියා දුන්න එක බබා කියන්නෙ එහෙම තමයි” කියල කිව්වෙ හිනාවෙවී.
“ඒ මොකාද යකෝ ඒ.”
“ඉන්නවකො පෙන්නන්න.”
වයිපරේ ඇවිත් කූඩෙන් මොකෙක්දෝ සතෙක් අරන් දුන්නා. හම්මට උඩු කුරුමිණියෙක්. එතකොට ඌ ලවු බග්. හනේද කියන්නෙ
මේ ඉන්නෙ අප්පච්චි ලබ්බක්. කොල්ල ආයෙම කියවනව. මන් අර ගෑල්ලමය දිහා බලල අහිංසක විදියට හිනා උනා.
නංගි මේ ලවු බග් කෙනෙක්. (යකෝ නෝනේ… කුරුමිණිය කියල උගන්නලා තිබ්බනම් මොකද ඈ?)
පොඩි උන්ට ගොඩක් දේවල් උගන්නද්දි පරිස්සම් වෙන්ඩ ඕන. අනිත් අය ඉස්සරහ අපිව අනාත කරන්ඩ උන් මාර දස්සයි. ඔයිට වඩා කතා කියන පොඩි උන් මන් අනන්ත දැකල තියනව. ඒකෙන් අසරණ වෙනව අම්ම තාත්ත. ඒ නිසා උන්ට උගන්නන්න ඕන බොහොම පරිස්සමින්. මොකද අපි ලේසියට පාසුවට ගැලවිජ්ජාවට කියල දෙන එව්ව මේ මාර පැටවු ගිහින් පිට මිනිස්සුත් එක්ක කියවන්නෙ කිසිම හිතක් පපුවක් නැති විදියට.
අහ් මේ කතාවට පාදක උන “ලබ්බක්”ගෙ පොටෝ එක ඔන්න පෝස්ට් එක ඇපෲ උනාම කමෙන්ට් එකක් විදියට පහලින් එල්ලනව
උපුටා ගැනීම: සයුරු ආමන්ත