ශ්‍රී ලංකාව තුළ පාසල් පද්ධතිය තුළ හෝ වේවා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හෝ වේවා සමහර විෂයයන් හිටි ඉගැන්වීමේ ක්‍රම වේදයන් තුළ ගුරුවරුන්ගේ කුසලතා තුළ යම් යම් අඩුපාඩු දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් අතර ඉංග්‍රීසි විෂයය සඳහා ඇත්තේ ප්රමුඛ ස්ථානයක්.විශේෂයෙන්ම මෙරට දුෂ්කර පළාත්වල පාසල් වල සිට ප්‍රධාන නගරවල පාසල් දක්වා ඉංග්‍රීසි විෂය ඉගැන්වීමේ යම් යම් අඩුපාඩු දක්නට ලැබීම සිදුවෙනවා.ඒ හේතුවෙන් වැඩි දියුණු කළ ඉංග්‍රීසි ඉගැන්වීමට අදාළ භාහිර උපාධි පාඨමාලාවක් වශයෙන් හඳුන්වා දිය හැකියි හැකි මෙම උපාධි පාඨමාලාව වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ යටතේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබයි.එහිදී මෙම උපාධි පාඨමාලාව ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වන අතර ඒවා නම්,
- ඉංග්‍රීසි සාහිත්‍ය
- ඉංග්‍රීසි භාෂාව
- ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදය.
මෙම උපාධි පාඨමාලාව වසර තුනකින් 3 කින් සමන්විත වන අතර සෑම වසරක් අවසානයේ දීම විභාගයක් පවත්වනු ලබයි.එම විභාග ප්‍රතිඵල අනුව මීළඟ වසර සඳහා අධ්‍යයන කටයුතු කිරීමෙ අවස්ථාව හිමිවෙයි.ඒ වගේම මෙහි අධ්‍යයනය කටයුතු නියම කොට ඇත්තේ පැය ගණන අනුවය.
මෙම උපාධි පාඨමාලාවේ අරමුණු මොනවාද ?
- රජයේ පාසල් වල,පිරිවෙන් වල සහ පෞද්ගලික පාසල්වල ඉංග්‍රීසි ගුරු වෘත්තිය සඳහා.
- ඕනෑම ආකාරයකින් ගුරු වෘත්තිය සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා.
- දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයකින් ඉංග්‍රීසි සාහිත්‍යය සහ භාෂාව හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා.

උපාධි පාඨමාලාවට ලියාපදිංචිවීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද ?
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය සඳහා සියලුම විෂයයන් හට අවම වශයෙන් S සාමාර්ථයන් ලබාගෙන තිබීම.හෝ
- ඉංග්‍රීසි භාෂාව,ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම,ඉංග්‍රීසි සාහිත්‍ය,වාග් විද්‍යා සහ ශබ්ද විද්‍යා ප්‍රවේශය යන විෂයන් 4ටම සම්මාන සාමාර්ථ සහිතව රජයේ පුහුණු ගුරු සහතිකය ලබාගෙන තිබීම.හෝ
- එක්සත් රාජධානියේ විභාග මණ්ඩලය විසින් පවත්වනු ලබන අපොස උසස් පෙළ සඳහා ඕනෑම විෂයන් තුනකින් සමත්වී තිබීම.හෝ
- ශ්‍රී ලංකා අධ්‍යාපන යෝග්‍යතා රාමුවෙහි හතරවන සාධන මට්ටමට අදාල උසස් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරා තිබීම සහ එම ඩිප්ලෝමාව ඉංග්‍රීසි සහ වාග් විද්‍යා අධ්‍යයන අංශයේ නිර්දේශය මත සනාථන සභාවෙන් අනුමත කර තිබීම.
මෙම උපාධි වැඩසටහන ඔස්සේ බිහි කරන සිසුන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද ?
- ඉංග්‍රීසි භාෂාව මැනවින් ඉතාමත් අවබෝධයෙන් යුතුව ඉගැන්වීම. ඉංග්‍රීසි භාෂාව ඉතාමත් විශිෂ්ට ලෙස කෙටි කලක් තුළ අවබෝධ කරලීමේ හැකියාව ලබාදීම.
- ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳව හසල දැනුමක් ලබා දීම.
- ව්‍යුහාත්මක, මනෝවිද්‍යාත්මක, සමාජීය සහ ඓතිහාසික ලෙස භාෂාව පිළිබඳ හසල දැනුමක් ලබාදීම.
මෙම උපාධි පාඨමාලාවේ ඇති අන්තර්ගතයන්.
1 වසර
- ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ හැදින්වීම
- ව්‍යවහාරික කියවීම සහ ලිවීම
- ඉංග්‍රීසි ව්‍යාකරණ තේරුම් ගැනීම
- ELT පිළිබඳ හැඳින්වීම
- ඉංග්‍රීසි ඉගැන්වීම
- සාම්ප්‍රදායික ඉංග්‍රීසි පිළිබඳ හැඳින්වීම
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ශ්‍රී ලංකා සමාජ තත්ත්වය

2 වසර
- augustan and romantic literature
- victorian literature
- english for employment
- structure for english
- teaching language skills
- pedagogical application
- greek tragedy
- it
- introduction to management
3 වසර
- modern and post-modern fiction
- postcolonial and sri lankan literature
- linguistics
- discourse analysis
- testing and assessment
- ELT materials used in sri lanka
- roman comedy
- it
- leadership and persanality development