බැකප් එක .. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මට මේ ලඟදි සිද්දවෙච්ච ලස්සන සිදුවීමක්. මට හිතුනා මේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්න.
මගෙ අතේ ගෙනියන පරිඝණකය ඒ කිව්වෙ ලැප් ටොප් එක හිටපු ගමන් වැඩ අත්හිටෙව්වා. මම දන්න හැම ශිල්ප ක්රමයක්ම පාවිච්චි කරලා බැලුවා ඒත් හරිගියේ නැහැ. මම මොනා වුනත් කියලා මගේ පාඩම් වැඩ වල කොපියක් නම් පෙන් ඩ්රයිව් එකක තියා ගත්තා..ඉතින් සහෝදරීගෙ ඩෙක්ස්ටොප් රාජයා මනාව ක්රියාත්මක වන බැවින් මට අධ්යන කටයුතු වලට නම් එච්චර ගැටලුවක් තිබ්බෙ නෑ..
ඒත් ඉතින් මට අර ලැප් ටොප් එක නැතිව සාංකාව වගේ..වැරදියට හිතන්න එපා බන්.ඒකෙ තිබුනා මගේ කැම්පස් ක්රෂ් එකේ පින්තූර ගැලරියක්ම. මන් හිතන්නේ ඒ මා ගාව තිබ්බ එකතුව උගේ ගාව වත් නෑ..මොකද යාලුවො හොරෙන් අරන් තිබුන ඒවා..එක එක උත්සව වෙලාවල, කැම්පස් එකේ පොදු වැඩ වෙලාවල් වල, නිකන් රස්තියාදු ගහන වෙලාවල් වල මගේ ජංගම දුරකථන රාජයා ආධාරයෙන් ලබා ගත් ඒවා මගේ සදාදරණීය මිතුරියන් සෙට් එක උන්ගෙ හිතාදර කොල්ලන්ගෙ දුරකථන වල තිබිලා උස්සපු ලෝකයාට නිරාවරණය කල නොහැකි ඝණයේ ඒවා.(මෙහෙම කිව්වට නිරුවත් ඒවා නොවෙයි හොදේ අඩ නිරුවත් ඒවා.හොස්ටල් එකේ බලියගෙන නිදාගත්තු ඒවා.)ඉතින් මෙකී නොකී පින්තූර රාශියක් අඩංගු මෙම රහසිගත ලිපි ගොනුව මම කාටවත්ම මලාට හොයාගන්න බැරිවෙන්න සිස්ටම් ලිපිගොනු අස්සෙ සගවලා තමයි තියාගෙන තිබුනෙ.ඉතින් අධ්යාපන වැඩ වල කොපියක් තියාගත්තා කියලා ඕකෙ කොපියක් තියාගන්න පුළුවන්ය ගෙදර හැමෝම පාවිච්චි කරන අර මේසෙ උඩ වැජඹෙන පරිඝණක රාජයා ඇතුලේ.කැම්පස් එකෙක්ගෙ පෙන් ඩ්රයිව් කියන්නෙ හරියට ගෑස් සිලින්ඩර් වගේනෙ. ඉතින් ඒවයෙ තියාගන්නවත් සොරිම තමා.අනික කොතන හරි තීලා පෙන් ඩ්රයිව් කෑල්ලක් චිප් කෑල්ලක් අහුවුනොත් ඕකෙ තියෙන්නෙ මොනවද බලනකම් අපේ තාත්තට නින්ද යන්නෙ නෑ..ඔය වගේ තත්වෙක අවදානමක් ගන්න බෑනෙ.ඉතින් ආදරේ දරාගන්නම බැරි මොහොතක, (මොකද මේ මගුල් කොරෝනාව නිසා කැම්පස් එකේදි බලන්න කියලාය.) මමම නිකන් ඉන්න ගමන් හිටවලා තිබ්බ කෙසෙල් කැන් දෙකක් මේ වෙන කොට හොද ගානට පැහිලා තිබ්බෙ.වෙනද නම් ඉතින් ඉදෙනකම් බලා ඉන්නෙ වග කියන්න. ඒත් මම මේ පාර එහෙම නැතුව පරිස්සමට කපාගෙන ලඟ කඩේ මුදලාලි මාමට දීලා රැපියල් දෙදහක්ම හොයාගත්තා. ඉතින් මේ වැඩේ අපේ පවුලේ සාමාජිකයින්ට නම් පුදුම හතෙන් එකක්. ඒත් මම සාධාරණ හේතු දැක්වීමක් කරපු හැටියට මෙම ඔන්ලයින් මුලික අධ්යාපන ක්රමයේ ලැප් ටොප් එක නැතුව මා පත්වී ඇති අපහසුතාවය පිළිබඳව, තාත්තාගේ උණ්ඩුකපුච්චයත් රෝල් වෙලා මගෙ අතට තවත් ගානක් දුන්නෙ ගෙදර අනෙත් උන් ඉස්සරහ මගේ ගුණකතනෙකුත් කරලා.වැඩේ මීටර් වුනා නම් අප්පච්චි මගෙ ගුණකතනෙ කරන්නෙ පාංශකූලෙත් දීලා.සල්ලි හරි කියමුකෝ. ඒත් ඉතින් රට වහපු කාලෙනෙ. ටවුමෙ හැම පරිඝණක හදන කඩයක් ම වහලා. ආවට ගියාට දෙන්නත් බෑනෙ.ඉතින් අන්තිමේ මම වෙනදට පරිඝණකය හදාගන්න අයියව කන්ටැක්ට් කරලා බලද්දි ඌ කියපි කඩේ නම් වහලා නංගි මම ඉන්නෙ බේරුවල .ගෙදරට එවන්න පුළුවන් නම් හදා දෙන්නම් කියලා.
ඉතින් මටත් ක්රෂ් එක ගැන තියෙන්නෙ එසේ මෙසේ රුදාවක් නෙවෙයිනේ. මම අපේ මාමාගෙ ත්රී වීල් එකත් හයර් එකට අරගෙන (මොකද මගෙන් උන්දැ ගන්නෙ ඉන්ධන වල ගාන විතරනෙ.අනික නොමිලේම බොඩිගාඩ් කෙනෙකුත් ලැබෙනවනෙ)ලැප් එකත් උස්සගෙන නැන්දගෙ ක්ලිනික් පොතත් අරගෙන( පොලීසියෙන් බේරීමට උපක්රම)බේරුවලටම ඇවිත් ලැප් එක දුන්නා.නංගී සොප්ට්වෙයා දාන්න වෙනවා මූ කියපි..මට දෙලෝ තරු පෙනුනා. ඇත්තටම මට කම්පියුටර් සයිඩ් එක ගැන වැඩි දැනුමකුත් නෑ..
අයියෙ මගෙ ලෙක්චර්ස් ටික ඕකෙනෙ.
එහෙනම් බැකප් එකක් ගමු.
සේරම පයිල් ගන්න පුළුවන් වෙයිද අයියෙ. මම හරි අහිංසක විදියට ඇහුවා.
බලමු.හැබැයි ටිකක් වෙලා යනවා.හෙට එන්න.
ක්රෂ් එක ඌ ළඟ තියලා එන තරම් හිතේ අමාරුවෙන් ලැප් එක තියලා ආවෙ.එදා රෑ නින්ද ගියෙත් නෑ හරියට කියපන්කො. කොහොම හරි පහුවෙනිදා එලිවෙද්දි මම බේරුවල.
හරි නංගි වැඩේ ඉවරයි. බලන්න ඔයාගෙ නෝට්ස් හරිද කියලා ලස්සනට හිනාවෙලා අයිය කියපි.
මොන නෝට්ස් මම හොයන්නෙ අර රහසිගත ලිපිගොනුව.ඔක්කොම තියනවා මේක නෑ කියහන්.
අයියෙ මෙච්චර ද ..?
වෙන පයිල්ස් මොකුත්ම නැද්ද.
ඔච්චර තමයි නංගි ගන්න පුළුවන් වුනේ.ඇයි නෝට්ස් අඩුද..?
නෑ කමක් නෑ කියලා මාවම වලලලා මමම ආයෙත් එනවා වගේ හැගීමක් එක්ක කියපු ගානත් ගෙවල මම ආයෙත් ගෙදර ආවා.
අපරාදේ අරූගෙ පින්තූර නිසා මම වෙච්ච මහන්සිය. මටම හිනා යකෝ තනියම.
මම හිනාවෙන ගමන්ම නිකමට අර සිස්ටම් පයිල් ඇවිස්සුවා. මෙන්න යකෝ මම අර පයිල් එක සේව් කරලා තිබ්බ නමින්ම ඒක ඇතුලෙ පයිල් එකක්. ඉහේ මල් හතක් පිපෙද්දි මම මේක ඕපන් කරා කියහන්කො.කියන්න කනගාටුයි එකේ මගේ ක්රෂ් එකේ පින්තූර එකක් වත් තිබුනේ නෑ පෙරෙන්ස්.ඒ වෙනුවට ලැප් එක හදපු අයියා මගුල් ගෙදරක ගිහින් ගත්ත උගේ පොටෝ ටිකක් එකේ සේව් වෙලා තිබ්බා.
මෙන්න යකෝ ඒ මදිවට තව ටික වෙලාවකින් අයියා මට දුරකථන ඇමතුමක් දීලත් අහනවා නංගි ලැප් එක හරි නේද.අවුලක් නැහැ නේද කියලා.
මම ගත් කටටම කිව්වා කිසිම අවුලක් නෑ අයියෙ. සුපිරි. මේ කරපු උදව්වට අයියට විතරක් නෙමෙයි අයියගෙ පරම්පරාවටම ස්තූතියි කියලා..
උපුටා ගැනීම: Nadeesha Brahakmana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!