මේ සිද්ධිය වෙලා දැං ටිකක් කල්. දීර්ඝ සති අන්තයකට ඇවිත් තිබුන බ්රහස්පතින්දා දවසක බණ්ඩාරවෙල යන්න හිතං පිටකොටුවේ බස් නැවතුම්පොළට ආවේ. බදුල්ල පෝලිම සෑහෙන්න දිග නිසා රෑ වෙලාම නගිනවා කියල හිතං යාලුවෙක් එක්ක කොටුවෙ කොලෝනියල් එකට ගොඩ වැදිල පොඩ්ඩක් දාගත්තා. කොහොම හරි ආයෙ බස් ස්ටෑන්ඩ් එකට එද්දි රෑ 11 විතර වෙලා. ඒත් පෝලිම දිග නිසා ටිකක් පදම් වෙලා හිටිය නිසාත් ac එකක යනව කියල හිතං ඒසී පෝලිමට සෙට් උනා. කොහොම හරි ස්ටෑන්ඩ් එකේ ලෝඩ් වෙලා තිබ්බ බස් එක 1135ට විතර පිටත් උනා. ඊලඟ බස් එක එනකල් බලං උන්නත් ආව බස් එකක් ටයිම් කීපර් සද්දයක් දාලා එලෙවලා දැම්මා.
දැං රෑ 12ත් වෙලා. බස් එකක් තාම නෑ. මං ටයිම් කීපර්ට කතා කරලා ඇහුවම ඊලඟ බස් එක කීයටද කියලා, ඌ කියපි රෑ 12න් පස්සෙ බදුල්ල ac බස් නෑ කියලා.
දැං මොනා කරන්නද සෙමියක යන්න හිටියොත් තවත් පැය 2ක් විතර ඉන්න වෙනවා.
මං ආයෙත් ටයිම් කීපර්ට කතා කරලා ඇහුව ඇයි මේ සෙනඟ ඉද්දි බස් දාන්නෙ නැත්තෙ කියලා.
ඌ මට සද්දෙකුත් දාලා යන්න ඕනි නම් සෙමියක යන්න කිව්වා. මටත් හොදටම තද වෙලා දැං. මොකද කරන්නෙ කියල කල්පනා කරද්දි දැක්කා ඉස්සරහ බස් එකක ගහපු ස්ටිකර් එකක් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ අංකෙ 1955 මට මතක විදියට. ගත්ත ඒකට කෝල් එකක්. අරං මගේ පැමිනිල්ල කිව්වම එතනින් බස් ස්ටෑන්ඩ් එකේ අංකෙ දුන්නා. ඒ අංකෙට කතා කරලා වෙලා තියෙන සන්තෑසිය කිව්වම ඒ යකා කියන්නෙත් රෑ 12න් පස්සෙ බදුල්ල ඒසී නෑ කියලා. කොහොම හරි ඔය වෙද්දි මගෙත් සීමාව ටිකක් ඉක්මවා යන ගානට ඇවිත්. මං ටිකක් සැරෙන් ඇහුවා තමුන් ඇවිත් පෙන්නනවද මෙතන කොහේ හරි ඒ විදියට දැනුවත් කරලා තියෙන තැතක් කියලා. ඔහොම ටිකක් සැරෙන් කතා කරද්දි මිනිහ ටිකක් සරෙන්ඩර්. ඉඳලා හිටලා ඒසී බස් එකක යන මං දැං සද්දෙ දාන්නෙ නිකං උදේ හවා ඒසී වල යන එකෙක් ගානට. කොහොම හරි විනාඩි 10ක් විතර ටිකක්සැරෙන් කරුණු පැහැදිලි කරාට පස්සෙ විනාඩි 15කින් විතර හෝල්ට් එකේ ඒසී බස් එකක් නැවැත්තුවා ඇවිත්.
කෑ ගහලා කොහොම හරි බස් එකක් නේනගත්ත සතුට අරං බස් එකට නැංග මට කොන්දොස්තර මරු වැඩක් කරා, ඒ කතාව පස්සෙ කියන්නම්.
උපුටා ගැනීම: Janakeerthi Athurugiriya