බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තාත්ත කෙනෙක් තමන්ගෙ එකම පුතාව ඉස්කෝලෙන් පස්සෙ දිනපතා එක්කන් යනවලු බැඩ්මින්ටන් ප්රැක්ටිස් කරවන්න. පුතා සෙල්ලං කරනකම් මේ ආදරනීය තාත්තත් පැත්තකට වෙලා පැය ගානක් ඉන්නවලු. පුතාගෙ සෙල්ලම හැබැයි හැමදාම ඕනෑවට එපාවටලු වෙන්නේ. කෝච් පවා මේ ගැන කනගාටුවෙන් තමයි ඉදලා තියෙන්නේ. කොයි වෙලේ හරි ඈතින් ඉන්න තාත්තට මේ තේරුමක් නැති ප්රැක්ටිස් කිරීම ගැන කියලා මේ ලමයව උනන්දු කරවන්න මේ කෝච්ට දැඩි උවමනාවක් තිබුනත් මේක කරන්න බැරුව යනවා. ලමයා හැමදාම තාත්තටත් බොරු කියනවා.
අද මැච් කීයක් දිනුවද පුතේ?
අද පහක් ගැහුව තාත්තෙ හතරක්ම දිනුං.
තාත්තට එච්චරයි ඕනේ වුනේ. නමුත් ඇත්ත කතාව නම් කෝච් කවදාවත් පුතාගෙ ක්රීඩා දක්ශතාවය දැක්කෙ නැති නිසා තරග දුන්නෙම නෑ. ලමය කලේ ප්රැක්ටිස් විතරයි. කෝච් ගේ හිත දිනා ගන්න හොදින් සෙල්ලම් කරන්න මේ ලමයට උවමනාවක් තිබුනෙත් නෑ. තාත්තගෙ වදේට ආව මිසක්.
ඔන්න ඔහොම කාලෙ ගෙවිල ගිහින් සති දෙක තුනක් පේන්න නොහිටි මේ දෙන්නා ගැන කෝච්ටත් හොයල බලන්න අමතක වුනා. නමුත් පස්සෙ දවසක මේ ලමයා විතරක් ප්රැක්ටිස් එන්න ගත්තා. තනියෙම. දැන් මේ කොල්ලා හොදට සෙල්ලං කරනවා. මහන්සි වෙනවා. හරි ක්රියා ශීලී. කෝච්ට ලැබෙනවා ඔය අතරෙදි මැච් එකක්. නමුත් මේ ලමය අවිස්වාස නිසා කෝච් මේ ලමයට තවම තැනක් දෙන්නේ නෑ. දැන් මේ ලමයා කෝච්ට අභියෝග කරනවා.
කෝච් ප්ලීස් මට මේ ගේම් එකට සෙල්ලං කරන්න ඕනෙ.
ඔයා පහුගිය කාලෙ එක මැච් එකක් වත් ගහන්නැතුව මං කොහොමද මේකට කෙලින්ම දාන්නේ පුතා?
මං දන්නවා මට පුලුවං. මං ගහනවා
හරි අපි බලමු කියල කෝච් රිස්ක් එක අරං ලමයව දානවා පෙයාර් එකට. මැච් එක දවසෙත් කොල්ලා විතරයි එන්නේ. ගහනව හිතා ගන්න බැරි වෙන්ඩ. කෝච් අසරන වෙලා හිතා ගන්න බැරුව කොල්ල දිහා බලං ඉන්නවා. ප්රැක්ටිස් එකේදිත් මෙච්චර සෙල්ලං නොකරපු එකා අද ටූනමන්ට් එකට මෙහෙම ඇගට සහ හිතට අරන් ප්ලේ කරන්නේ කාට පේන්ඩද කියල. තාත්තවත් හොයනවා. තාත්තා කෝඩ් එකේ අහලක වත් නෑ. කොහොම හරි කොල්ලා සහ පාර්ට්නර් ලැබුන මැච් සේරම දිනනවා. ටීම් එක ගනං ගත්තෙ නැති කොල්ලා තාත්ත එක්ක ආවනං මැච් එක විකුනනවා කියලා අනිත් කොල්ලො විහිලු කරද්දි කෝච් ඇහුවා වටිනාම ප්රස්නේ.
පුතා ඔයා කොහොමද එහෙම සෙල්ලං කලේ. වෙන කොහෙ හරි ට්රේන් වුනාද? තාත්තා බැඩ්මින්ටන් කෝච් කෙනෙක්ද? අද ඔට්ටුවක් දාලද ආවෙ? නැත්තං ගෑනු ලමයෙක් වත් ආවද අද?
කොල්ලගෙ ඇස් දෙකට කදුලු ආවා. මෙන්න මේකයි දීපු උත්තරේ.
කෝච් මං ප්රැක්ටිස් ආවේ ඇත්තටම මගේ තාත්තගෙ ආසාවට. එයාගෙ ආසාව රැකට් එකේ වේගෙං වදින ශට්ල් එකේ සද්දෙ අහන්න. එයා මගෙත් එක්ක අවුරුදු ගානක් ආවට එයා මං සෙල්ලං කරනව කවදාවත් දැක්කෙ නෑ. එයා ඇත්තටම අන්ධයි සර්. ඒ නිසා මං කවදාවත් සෙල්ලං කලේ නෑ.
නමුත් සති දෙකකට කලින් තාත්තා නැති වුනා. දැං මගෙත් එක්ක කවදාවත් තාත්ත එන්නෙ නෑ. හැබැයි මං දන්නවා දැං මගේ තාත්ත කොහෙ හරි ඉදං මගෙ දිහා බලං ඉන්නවා කියල. දැං තාත්තට මං ඇත්තටම සෙල්ලං කරල පෙන්නනවා. මට කප් එක අරං පෙන්නන්න ඕනෙ වුනා. ඒ නිසා මං සෙල්ලං කලා.
උපුටා ගැනීම: Sachitra Jayasiri

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!