බලාපොරොත්තු (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජීවිතේ මං ගැනම පසු තැවෙන සිද්දියක් වුනා නම් වුනේ මං මේ කියන්න යන කතාවෙන්..ඒ වෙනකොට මං වැඩ කලේ නිව්ස් පේපර් එකක.ඇත්තටම ඒ රස්සාව අහම්බයක්.මට ඕන උනේ කොළඹ ට එන්න.හේතුව උනේ ඒ වෙනකොට අවුරුදු හතරක් ආදරේ කරපු කෙනා කොලඹ ආව එක.කොලඹ එන්න හේතුවක් හොය හොය හිටිය මං කොලඹ තිබුන හැම උසස් අධයාපන ආයතන වලටම හැම වෘත්තීය අද්යාපන ආයතන වලටම ඉල්ලුම් කලා..ඒවගෙන් ඉස්සෙල්ලම ආවේ රත්මලානේ වෘත්තීය අද්යාපන ආයතනයකින්.
දෙපාරක් නොහිතම මං ඒකට ඇතුලත් උනා.ඒ වගේම අපට හැමදාම නැතත් සතියකට සැරයක් හරි හම්බවෙන්න පුලුවන් උනා..හැමතැනම ඇවිද්දා.Mc , gallface,විහාරමහාදේවි,ඔය හැම තැනම අපේ මතක ඇති.ඒ මතක ගැන කතා කරලා ආයේ ආයේ හිත රවට්ටගන්න තරම් හයියක් නෑ.කොහොම හරි මට නිව්ස් පේපර් එකේ ජොබ් එක හම්බවෙලා මාසයක් යනකොට ඒ වෙනකොට අවුරුදු හතකට කිට්ටු වෙන්න තිබුන සම්බන්දේ එයාට තව දුරටත් කරගෙන යන්න පුලුවන් උනේ නෑ.ගෙදරින් ප්රශ්න ඔය අනම් මනම් හේතු දාහක් මං ඉස්සරහ තියල එයා ආපහු හැරුනා..පුලුවන් උපරිම උත්සහ කරලත් කරලත් මට එයාව නවත්තගන්න බැරි උනා..හැබැයි මං ඒකට පසුතැවෙන්නේ නෑ.මං දන්නවා ඒ සම්බන්දෙ දි මං වැරදි නැහැ කියන්න.
ඒක මගේ ඉස්සෙල්ලම සම්බන්දේ නිසාම සෑහෙන්න කල් තිබ්බ සම්බන්දයක් නිසාම මං මාරම විදියට වැටුනා.රස්සාව තිබුනේ නැත්තන් පිස්සෙක් වෙන ගානට මං වැටුනා.දවල්ට ඔෆිස් එකේ සෙට් එක නිසා මට වැඩිය ඒ ගැන නොහිතුවත් වැඩ ඇරිලා බෝඩිමට ගියහම ඔලුව විකාර වෙන තරමට ඒ මතක ඒ වචන හොල්මන් කරන්න ගත්තා.සමහර දාක ඇඳ ගාව බිම ඩස්පෑන් එකක් පුරවලා ගන්න තරම් දුම් අලු තිබුනා.බෝඩිමේ පැත්තක එක එක ජාතියේ බෝතල් පිරෙන්න ගත්තා.මට හැමදේම එපා වෙලා තිබුන කාලයක් ඒක..ඔය ජීවිතේ මං අවුරුද්දකට වඩා හිටියා..ඒ වෙනකොට මට මාවම එපා වෙලා හිටියේ.පිලිවෙලක් නැති වැඩ නිසා ඔෆිස් එකෙත් ප්රශ්න.
සිකුරාදා හවස ක්ලබ් ගිහින් සෙනසුරාදා උදේ වෙරි මරගාතේ ෆෝන් එකේ උඩට පහලට යනකොට පෝස්ට් එකක් තිබ්බා.ඒ වෙනකොට ෆොටෝ එකක්වත් නොතිබුන කෙල්ලෙක්ගේ අකවුන්ට් එකකින්..පෝස්ට් එක තිබ්බේ තව අයට ටැග් කරලා” ට්රිප් එකක්වත් යමුකෝ “කියලා. මං ඉන්න ගමන් කමෙන්ට් එකක් දැම්මා මාත් එනවා කියලා..ඔන්න ඔහොමයි මං එයා එක්ක ඉස්සෙල්ලම කතා කලේ.
මූනක්වත් නොදැකපු කෙල්ල මට සෑහෙන්න ලං උනා.එයා නුවර.මං එයාට අපි මැසේජ් කරලා තිබුනට කතා කරලා තිබුනේ නෑ.දවසක් අපි කතා කලා..පැයක්? දෙකක්? නෑ අපි දවසක්ම කතා කලා.ඇත්තටම මං සිහියෙන් හිටපු දවසක් නම් ඒ කාලේ ඒ එදා වෙන්නෝන..ඔහොම ඔහොම.මැසෙන්ජර් වලින් වට්සැප් ගියා.ඉස්සෙල්ලම.ෆොටෝ එකක් එව්වේ මාස තුනක් විතර ගියාට පස්සේ..ඒ මං ගෙදර ගිහින් ඉන්න කාලේ..සිංහල අවුරුදු නිවාඩුව ට.ඒ වෙනකොට අපි සෑහෙන්න ලං වෙලා හිටියේ.මං එයාට හාවී කියල කිව්වේ..ඇත්තටම ඒ වගේ.සමහරවිට ඊට වඩා අහිංසකයි.සිංහල අවුරුද්ද ඉවර වෙලා මං එයාට ආදරෙයි කිව්වා.අප්රේල් 19..ඒක මං කිව්වේ මගේ වෝල් එකේ දාලා..අදටත් ඒක මගේ වෝල් එකේ තියෙනවා.
“හදවතක් කියන්නේ
ඇස් දෙකට උල්පතක්
ඇසින් ඇස අහන්නේ
සතුටු වෙන්නට දෙයක්
ඉතිං, හාවියේ…
කොච්චරක් සුසුම් හෙලුවම ද ?
නුඹට දැනෙන්නේ ප්රේමයක් යැයි යමක්…”
ඔන්න ඔය විදියට තමයි මං එයාටා ආදරෙයි කිව්වේ…ඕක දාලා හැරෙන පමාවට කෝල් එකක් ආවා..අඩ අඬාම කිව්වා මං ඔයාට ආදරෙයි දෙය්යනේ කියලා..ඒ වෙලාවේ මගේ පපුව ගැහුන හැටි මේ ලියනකොටත් ගැහෙනවා..ඒක ඒ තරම් ලස්සන වෙලාවක්.අවුරුද්ද ඉවර වෙලා මං වැඩට එන්න උදේ කොලඹ බස් එකට නැග්ගා..මග දුරක් එනකොට කෝල් එනවා සෑහෙන්න.ඒ හාවි.”අනේ අය්යේ යන්නෙපා කොලබ.ආපහු හැරිලා ගෙදර යන්න.කොලඹ බෝම්බ පිපිරිලා..කොච්චිකඩේ සෑහෙන්න ගානක් මැරිලා.දෙහිවලත් පුපුරලා..අනේ ඔයා ආපහු යන්න..ඔහොම කිය කිය අඬනවා.එයා නුවර.ඒ නිසා එය ගැන මට බයක් නෑ.
හැබැයි අවුරුදු ගානක් මං ආදරේ කරපු කෙල්ල කොලඹ.මට බය හිතුනා.ඒ එෆයාර් එක නැවතුනාට පස්සේ මං ගත්ත ඉස්සෙල්ලම කෝල් එක.අරන් බලනකොට එයා හොඳින්.
එදා මං කොලඹ ගියේ නෑ.ආපහු ගෙදර ආවා.මට එදා හිතුනා පරන මතක තාම මගේ හිතේ තියෙනවා කියලා.මට ඕන උනා ඒවා අමතකම කරන්න.හාවියි මායි ඉස්සෙල්ලම හම්බවෙන්නේ ආදරෙයි කියලත් මාස තුනකට පස්සේ..දෙහිවල හයි ලයිෆ් එකෙන් මං ගත්තා එයාට ලොකු හාවෙක් වගෙ ටෙඩි බෙයාර් කෙනෙක්..කැරට් අලයකුත් එක්ක.හාවිට හාවෙක්ම දෙන්න ඕන උනා.කොල්ලුපිටියේ ඉඳන් තිබ්බ හැම තැනකම බලලා අන්තිමේට දෙහිවලින් තමා හොයා ගත්තේ..කොටුවෙන් පාන්දර පහයි පනහේ ට්රේන් එකේ නුවර යන්න නැග්ගා..එයත් හතරෙ ඉදන් නැගිටල.මගින් මගට කෝල් කරනවා..
නුවර ස්ටේශන් එකේබැහැලා ඉස්සරහ තියෙන පොඩි කැෆේ එකෙන් කොෆී එකක් බොනකොට කෝල් එකක් ආවා අය්යෙ මං ආවා ස්ටේශන් එක ඉස්සරහ ඉන්නේ කියලා..ඒ වෙනකොට එයා එයාගේ අම්මට කියලා තිබුනේ සම්බන්දේ ගැන.අම්මගේ කැමැත්තෙන් තමයි එදා හම්බවෙන්න ආවෙත්.මං ස්ටේශන් එක පැත්ත බලනකොට මං හිතුවටත් වඩා ලස්සන කෙල්ලෙක් දිග සායකුත් ඇඳන් දිග කොන්ඩෙත් අල්ල අල්ලා හිනා වෙවී එනවා..මට ඒවෙලාවේ ගිහින් ඉඹින්න හිතුනා.ඒ තරම් අහිංසක පාටයි ඒ මූන..ඇවිත් හරිම පුරුදු විදියට අතේ එල්ලුනා..මට හිතුනේ මට ලැබෙන්න ඕන හොඳම දේ හොඳම කෙනා ලැබුනා කියලා..අපි ඉස්සෙල්ලම ගියේ මාලිගාවට..ඊට පස්සේ උඩවත්ත පාර්ක් එකට..ඔහොම මුලු නුවරම රවුම් ගැහුවා.එදයින් පස්සේ හැම මාසෙකටම දෙපාරක්වත් මං නුවර යනව.එයත් හිනාවීගෙන ඇවිත් අතේ එල්ලෙනවා.
හිත් කියන දේ හරි පුදුමයි.මට මොනතරම් ආදරේ ලැබුනත් මට කලින් මතක අලු යට ගිනි වගේ එලියට ආවා.මං හාවිගෙන් හෙව්වේ හාවිගෙ ආදරේ නෙමේ මට නැති උන ආදරේ කියලා හිතෙනකොට මං සෑහෙන්න පරක්කුයි.හාවි ඉවසුවා.පුලුවන් උපරිමේ ඉවසුවා.ඒව තේරෙනකොට මං ගොඩක් පරක්කුයි…
ඔහොම දවසක පොඩි දෙයක් අල්ලන් මං කෑ ගැහුවා.ඇත්තටම ඒක ඒ තරම් කෑ ගහන්න ඕන දෙයක් නෙමේ…රෑ අටට විතර කෑ ගහලා ගහලා අන්තිමේට මං ෆෝන් එක බිත්තියේ ගැහුවා..අන්තිමට ඇහුනේ හාවි ඉකි ගහන සද්දේ විතරයි..ෆෝන් එක පොලොවේ ගැහුවට වඩා ඉක්මනට මට හාවිට කතා කරන්න ඕන උනා.සමාවෙන්න කියන්න ඕන උනා.ආයේ එහම වෙන්නේ නෑ කියන්න ඕන උනා..කැඩිච්ච ෆෝන් එකේ කෑලි තුනත් එක්ක මං ශර්ට් එකක් දාන් පාරට දිව්වා.හැම ෆෝන් ශොප් එකකටම දිව්වා හදාගන්න.හැමෝම කිව්වේ ආයේ හදන්න බෑ කියලා..මහ රෑ දහය පහුවෙනක්ල් මං ඇවිද්ද ෆෝන් එක හදාගන්න.ම්හ්හ්…මට ඒ තරම් ලැබීමක් නෑ..අන්තිමේට පාරේ හිටපු කොල්ලෙක්ගෙන් ෆෝන් එක ඉල්ලන් හාවිට ගත්තා..වැඩ නැහැ..අම්මට ගත්තා..අම්මා ෆෝන් එක ගිහින් දුන්නත් ගත්තේ නෑ..
දවස් දෙකකට පස්සේ මට හාවි කතා කලා.එතකොට මං ෆෝන් එකක් අරන්.හැබැයි හාවිගෙයි මගෙයි මතක තිබුන එකම එක ෆොටෝ එකක්වත් නෑ මං ගාව..ඒ සේරම කැඩුන ෆෝන් එකේ..ඒ ආව කෝල් එකෙම් කියවුනේ මෙච්චරයි.
“මං ආයේ එන්නේ නෑ ඔයාගේ ජීවිතේට.මං නෑ කියලා ජීවිතේ නාස්ති කරගන්නේ නැතුව පිරිමියෙක් වගේ ජීවත් වෙන්න.ඔයා නැතුව ඔයා දිහා බලන් ඉන්න පුලුවන් හය්යක් මට තියෙනවා.හැබැයි වෙන කෙනෙක්ගේ ආදරේ මගෙන් හොයපු ඔයා ගාවට මං ආයේ එන්නේ නෑ.”
ඔය වචන ටික අදටත් මට දෝංකාර දෙනවා..අද වෙනකල් මේ මොහොත වෙනක්ල් එයා ගැන දැනගන්න විදියක් නෑ මට.කිසිම විදියකින් හොයාගන්න බෑ මට.මං පසුතැවෙනවා.ඇයි මං එහෙම කලේ කියලා
හැබැයි මං ජීවත් වෙනවා.එයා ආස විදියට.එයා කැමති උන විදියට.ඇත්තටම මතක කියන්නෙ සාපයක්.දැන් ජීවත්වෙන්නේ ලැබීමක් තියෙනවනම් ඒ හීන දැක්ක විදියට හාවි කවදමහරි එයි කියලා..එයාගේ අන්තිම වචන මාව වැට්ටුවේ නෑ..මාව මෝටිවේට් කලා.හරියට එයා වෙන අතක එල්ලිලා ඉන්නවා ඉන්නවා දැක්කත් එයාට වයිර නොකරන තැනකට එන්න පුලුවන් විදියට.
මට එයාට අන්තිමට කියන්න ඕන දේ “සමාවෙන්න.” කියලා.මෙහෙම හරි ඔයා දැනගන්න ඕන මං ඒ හැමදේටම පසුතැවෙනවා කියලා මං ගැනම.
උපුටා ගැනීම: Chulaka Supun

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!