දවසක් මනෝ වෛද්යවරයෙක්ගේ දේශනාවක් අතරතුර, ඔහු ඒ වේලාවේ එතනට පැමිණි සියළු දෙනාටම බැලුම ගානේ අතට දෙනවා. දීලා කියනවා ඒක පුම්බල තම තමන්ගේ නම ඒකේ ලියන්න කියලා. දැන් ඔක්කොම බැලුම් පුම්බල ඉවර වෙලා එක එක්කෙනාගෙ නම් තමන් ලඟ තියෙන බැලුමේ ලිව්වා.
ඊට පස්සේ මනෝ වෛද්යවරයා එතන තිබුන කාමරයක් පෙන්නලා කියනවා හැමෝම ගිහින් ඒ කාමරේට ඔයගොල්ලෝ ලඟ තියෙන බැලුම ගිහින් දාන්න කියලා. දැන් ඔක්කොම දුවලා ගිහින් ඒ කාමරේට බැලුම් ඔක්කොම දාලා ආපහු ආවා. ආවාට පස්සේ ආපහු මනෝ වෛද්යවරයා මෙහෙම කියනවා ..
” දැන් කට්ටියම දුවලා ගිහින් විනාඩි දෙකක් ඇතුලත තමන්ගේ නමට අදාල බැලුම තෝරාගෙන එන්න ” කියලා ..
දැන් හැමෝම දුවලා ගිහින් තමන්ගේ නම ගහල තියෙන බැලුම හොයනවා. විනාඩි දෙක ගෙවුන බව මනෝ දේශකතුමා සංඥා කලා. ඒත් කවුරුත් තමන්ගේ නම තියෙන බැලුම හොයාගෙන නෑ. පස්සේ දේශක තුමා හැමෝටම අඬගහලා මෙහෙම කියනවා ..
” ඔබලාට මං තව අවස්ථාවක් දෙන්නම්. හැමෝම කාමරේට ගිහින් තමන්ට මුලින්ම හම්බවෙන බැලුමේ නම සඳහන් කෙනාට කතා කරලා ඒක භාර දෙන්න ” ..
ඇත්තටම විනාඩියක් වත් ගියේ නෑ තම තමන්ට අදාල බැලුන් එක තමන්ගේ අතට ඇවිල්ලා තිබුණා. අවසානයේ දේශකතුමා කට්ටියට අඬ ගහල කතා කරනවා ..
” අපේ නියම සතුට රැකගන්න නම් අනික් කෙනා සතුටින් තියන්න ඕන. එවිට අපගේ මානසික සහනයද අපට නොඅඩුව ලැබෙනවා. ආත්මාර්ථකාමී විදිහට තමන් ගැනම පමණක් හිතන කෙනාට ජීවිතයේ සැබෑ සතුට, සැහැල්ලුව කවදාවත්ම ගන්න බෑ “. 

ඔබත් මේ ගැන මොහොතක් සිතන්න!
-Copied-
මූලාශ්‍රය:DM Dusi