බැඳීම (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හිම වැටිලා මුලු පරිසරයම සුදුපාටයි.කවුලුවට වැටුණ හිමකැට දියවෙලා වීදුරුව දිගේ පහලට බේරෙනවා. ඇය අත් දෙක පොරවගෙන කවුලුවෙන් පාර දිහා බලාගෙන හිටියා .
කලබලෙන් එහා මෙහා යන මිනිස්සු , දගකරමින් ,කෑකොගසමින් පාසල් නිම වී යන පුංචි දරුදැරියන්.
” ඉස්කෝල ත් ඇරිලා දැන් දවල් වෙලානෙ , මම ගොඩක් වෙලා මෙතන ගතකරලා ,කාලය ගියා දැනුනෙ නැහැ “ඇයට හිතුනා .
රෝස් කාමරය දිහාට හැරුනා , ඇය දැක්කා ආදරෙන් තමන් දිහා බලාගෙන ඉන්න ජැක් ව. හිනා වෙලා , ජැක් ආදරෙන් ඇය දිහා බලාගෙන ඉන්නවා . ඒ ආකර්ෂණීය හිනාවට රෝස් හැමදාම ආදරය කලා.ඒ හිනාව ඇගේ මුලු ආත්මය ම සුවපත් කලා. ..ඒ පින්තූරෙට රෝස් පන වගේ ආදරෙයි . අදටත් තනිකම මැකෙන්නෙ ඒ හිනාවෙන්. පින්තූරෙ සමග මැවෙන ආදරනීය මතක සමග ඕන තරම් වෙලා සමාධි ගත වෙන්න රෝස්ට පුලුවන් . ඒක දැන් පුරුද්දක් වෙලා ….
රෝස් ට බඩගිනි බවක් දැනුනා . පැන්ට්රිය දෙසට යන ගමන් රෝස් ට ඉබේට ම වගේ බිත්තියේ ඇති කැලැන්ඩර දෙස බැලුනා, අද ජනවාරි 07 වෙනිදා…
ඇය නැවත සිතුවිලි අතර අතරමං උනා. පාලුව , තනිකම , තදින් දැනෙන්න ගත්තා , අමුතු වේදනාවකින් පපුව හිරවෙන බවක් දැනුනා …රෝස් ඇදට ගියා , බැලැන්කට් එක තුලට රිංගුවා , ඇස් දෙක තදින් පියාගත්තා. හිතට නිදහසක් දෙන්න ඇයට ඕන උනා …ඒත් අතීත සිදුවීම් සිතුවම් සේ
ඈ ඉදිරියේ දිගහැරෙන්න පටන්
ගත්තා . වසර ගනනකට පෙර …කදුකර පෙදෙසකට ගිය චාරිකාවකදී ඇයට ගමන්මල්ල දුම්රියේ අමතක වෙනවා . ගමන් මල්ල මතක් වෙද්දී ,දුම්රිය ඈත යනවා ඇය දකිනවා ….ඒත් තත්පර කීපයක දි තමා අසල ට පැමිණි තරුණයෙක් ” මිස්ගෙද මේ බෑග් එක ” විමසනවා . ඒ විමසිලිමත් බව ජීවිතය පුරාවටම රැකවරණය වෙයි කියලා ඇයට මොහොතකටවත් හිතුනෙ නැහැ .ආදරයකට පෙරලුන , ඒ හමුවීමෙන් ටික කාලෙ කට පසු විවාහ වෙනවා . ඉන් පසු එලබුනු හැම දවසක් ම හරි ම සුන්දරයි නේද කියලා ඇයට හිතුනා .
ටක් ……ටක්….
ටක්….ටක් ……
රෝස් ….රෝස් ..
ජෙනි , රෝස් ගෙ මිතුරිය දොර ට තට්ටු කලා කීප වරක් ම ,
රෝස් ….රෝස් …
ට ක්……ට ක්…..ඇය නැවත නැවතත් තට්ටු කලා
ට ක්…. ට ක්…..
නින්දේ පසු උන රෝස් එක වර අවදි උනා .ඇයට ඇහුණා , ජෙනිගෙ කටහඩ , ඇය ඉක්මනට ගොස් දොර ඇරියා.
“රෝස් …මම හොඳට ම බය උනා . ඔයාට මොකද ? උනේ , මම හවසත් ඔයා බලන්න ආවා . ඔයා ගෙදර හිටියෙ නැද්ද ?
බය වෙලා හිටිය ජෙනි නොනවත්වාම ප්රශ්න කලා. රෝස්ට පිළිතුරු දීමටවත් කාලයක් නොදී.
අනේ සොරි ජෙනි.මට හොඳටම නින්ද ගියා.මෙච්චර රෑ වෙලා කියලා මට දැනුනෙවත් නෑ.
“හැපි බර්ත් ඩේ ඩාලිං”
ජෙනී රෝස්ව වැළඳගත්තා. “තෑන්ක්ස් ජෙනි”. රෝස් කඳුලු හංග ගත්තා. රෝස්ගෙ අසරණ බව ගැන ජෙනීට දැනුනෙ හදවත කඩා වැටෙනවා වගේ දුකක්. අද වගේ දවසක මේ ගෙදර මොන තරම් සතුටින්, සිනා හඬවල් වලින් පිරිලා තිබුනද..
ආ…….. රෝස් ඔයාට විශේෂ තෑග්ගක්. ඔයා ගෙදර නැහැ කියලා ලියුම් බෙදන්නා අපේ ගෙදරට දීලා තිබුනා. ඇය දෝතින්ම තෑග්ග රෝස්ට දුන්නා.
රෝස් පුදුම උනා. කාටද මාව මතක් උනේ. ඇය කුතුහලයෙන් තෑග්ග ලෙහන්න උනා.
පෙට්ටියෙ උඩින් ම ලියලා තියෙන වචන ටික කියෙව්වා
” මගේ ම ආදර රෝස් ට ..💕
ඔයාගෙ ම ❤ ජැක් ගෙන් “
ඇයට පුදුම හිතුනා , මේ ලස්සන අත් අකුරු ජැක් ගෙම තමයි … රෝස් ගෙ ඇස් ආදරෙන් දිලිසුනා ,ඇගිලි තුඩු වෙව්ලුවා ,ඇය පුංචි ළමෙක් වගේ ආසාවෙන් තෑග්ග දිහා බලා හිටියා.
ඒ ඉතාමත් සුමුදු ස්කාෆ් එකක්. ඇය එය මුවට ලන් කලා.ජැක්ගේ සුවඳ ඇයට දැනුනා. ඇය ඇස් දෙක පියාගෙන සුවඳ වින්ඳා. කාමරය පුරා ආදරේ සුවඳ පැතිරුණා.
ජෙනී ඇස් පිය නොහෙළා ඒ දෙස බලාගෙන සිටියා. ජැක් ජීවිතේ අවසාන දවස් ටික ගත කල හැටි ඇය මතක් කලා. මාස කීපයකින් එළඹෙන රෝස්ගෙ උපන්දිනය ගැන කතා කල හැටි, හැම උපන්දිනයකදිම රෝස්ට දෙන්න කියලා ලියලා දීපු ආදරණීය සැමරුම් ගැන ඇයට සිහිපත් උනා. ඇයට ජැක්ගෙයි රෝස්ගෙයි ආදරේ ගැන ලෝබ හිතුනා.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!