බැඳීමක් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පාසල් ප්රේමයක් විවහ ජිවිතය දක්වා පවත්වාගෙන එනවා කියන්නේ ගොඩක් අසීරු දෙයක් කියලයි මම හිතන්නේ. මොකද අපි පාසල් ජිවිතයෙදි ආරම්භ කරන ප්රේමය නෙවෙයි අනාගතයට අරගෙන එන්නේ. අපිට
මුලදි දැනෙන ප්රේමය නෙවෙයි කාලයක් යද්දි දැනෙන්න පටන් ගන්නේ.
අපි දවසින් දවස වයසින් ඉහළට එද්දි අපිට ප්රේමය ගැන දැනෙන හිතෙන දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම මත තමයි තීරණය වෙන්නේ ඒ ප්රේමය විවහ ජිවිතය දක්වා පවතිනවද කියලා. ඒ වෙනස් වීමෙන් විරසක වන ප්රේමියන් සදහටම ජිවිතේ ලස්සනම කාලයක් හැටියට පාසල් ප්රේමය මතකයේ තැන්පත් කරගන්නවා.
මට වෙලාවකට හිතනවා පාසල් ප්රේමය විවහයක් දක්වා සාර්ථක කරගන්න වාසනාව කියන දේ තියෙන්නත් ඕන කියලා. නමුත් ඒ වාසනාව කොච්චර කාලයක් අපි ලඟ රැදිලා තියෙනවද කියලා තීරණය වෙන්නේ දෛවය මත.
ඒ කියපු වාසනව මටත් “මානෙත්” ටත් ලැබිලා අපි විවහ වුනා. ඒත් ඒ වාසනාව ඇතුළතින් අවාසනාවක් මතු වෙන්න ගියේ මගේ ජිවිතේට අපි විවහ වෙලා මාස කිහිපයයි.
“මානෙත්” ඔහු මගේ වයසෙම කොල්ලෙක් අපි ගම් දෙකක වුනත් පාසල් ගියේ එකම පාසලකට. පළමු වසරේ ඉඳලා අපි සාමාන්ය පෙළ දක්වා හිටියේ එකම පංතියක. සාමාන්යපෙළ සමත් වෙලා උසස්පෙළ කරන්න විෂයන් තොර ගත්තේ අපි දෙන්නටම එකම පංතියක ඉන්න පුලුවන් විඳියට. ඒ කියන්නේ ඒ වෙනකොට අපේ ආදර කතාව ආරම්භ වෙලා අවුරුදු දෙකක් විතර ගිහින් තිබුණේ. උසස්පෙළ කාලය ගෙවීගන ගියේ ආදරණීයම කාලයක් අපේ ආදරයට එකතු කරමින්.
විශ්වවිද්යාල හීනය අපි දෙන්නම දැක්කත් ඒ හීනේ බොඳ කරගෙන තමයි අපිට උසස්පෙළ රිසාල්ට් ආවේ. විශ්වවිද්යාලයට යන්න තරම් රිසාල්ට් නැති වුනාට සාමාන්ය මට්ටමින් අපි උසස්පෙළ සමත් වෙලා තිබුණා. උසස්පෙළත් ඉවර වෙලා අවුරුද්දක් දෙකක් ගෙවීගන යද්දි මානෙත් ට රජයේ ආයතයක රස්සවක් ලැබුණේ අපේ ආදර කතාව ගෙවල් වලට කියන්න තිබුණු බයද නැති කරමින්. මාත් ඒ වෙනකොට රස්සවක් කරන්න පටන් අරගෙන මාස දෙකක් විතර වෙලා තිබුණේ පෞද්ගලික ආයතනයක.
ආදරය කරන්න පටන් අරගෙන අවුරුදු අටක් ගෙවීගෙන ගියේ රහසිගතව කියලා අපි හිතුවට දෙමව්පියන්ට ඒ ගැන දැනුන ඇති, අපිට ඇඟෙව්වේ නැති වුනාට. අපි අපේ ගෙවල් දැනුවත් කරලා ගෙදර ආශිර්වාදය මැද විවහ වුනේ අවුරුදු අටක ආදර කතාවක හීනය සැබෑ කරමින්. ඒ ගෙවුන අවුරුදු අට තුළ අපි මොන තරම් ඇඬුව ඇතිද, මොන තරම් තරහ වුන ඇතිද ? ඒ හැම මොහොතකම අපිට අපේ වෙන්න මොකක් හරි හේතුවක් තිබුණ නිසා වෙන්නැති අපිව ඈත් නොවී ඉන්න දෛවය ඉඩ සැලැස්සුවේ.
අපි දෙන්නම ඉස්සර හිතපු දෙයක් තමයි දෛවය අපිව එකතු කරා කියලා. හැබැයි ඒ එකතු කරපු දෛවය තමයි ටික කාලයක් ගෙවීගෙන යද්දි අපිව අපෙන් ඈත් කරේ කියලත් දැං හිතෙනවා.
විවහ වෙලා අවුරුද්දක් විතර යද්දි මම ගැබ්බර වුනහම මට දැනුනේ ගැහැණියක්ට ජිවිතේ ලොකුම සම්පත ලැබුණා වගේ හැගීමක්. ඔව්! ඒක එහෙම ම තමයි ගැහැණියෙකුට ලොකුම සම්පත දරු සම්පතයි. එදා මුලින්ම ඒ ආරංචිය මානෙත් ට කිවුවහම එයාගේ මූනෙත් තිබුණේ හැංගිච්ච සතුටු කඳුලු එක්ක ආඩම්බර හිනාවක්. ඒ හිනාවද ඔහු මට ඔහුගේ මතකයන් ගොඩට මතකයක් විඳියට ඉතිරි කරා සදහටම.
දරු ගැබට මාස හයක් විතර ඇති ඒ වෙනකොට. එදා අඟහරුවාදා දවසක් මට උදේ අසනීප ගතියක් තිබුණ නිසා මානෙත් උදේ වැඩට යද්දි කියලා ගියේ දොළහට ඔෆ් වෙලා එනවා බෙහෙත් ගන්න යමු කියලා. එදා උදේ ඉඳලා මම ඇඳට වෙලාම හිටියේ ඇඟට තිබුණ පන නැති ගතිය නිසා. දවල් අම්මා කන්න කතා කරද්දියි වෙලාවත් දැක්කේ දෙකටත් ලඟයි කියලා. වෙනදා දොළහට ඔෆ් වෙලා එකහමාර විතර වෙද්දි ගෙදර එන කෙනා දෙක විතර වෙනකන් ආවේ නැති නිසයි මම කාමරේ ඉන්න ගමන්ම නංගිට කිවුවේ සාලේ තියෙන මගේ ෆෝන් එකෙන් අයියට කෝල් එකක් අරගෙන බලන්න කියලා. ඒ එක්කම වගේ මගේ ෆෝන් එකට කෝල් එකක් එන සද්දේ ඇහෙද්දි ආයෙත් නංගිට මම කිවුවා අයියා වෙන්නැති ආන්සර් කරන්න කියලා. නංගි ෆෝන් එක ආන්සර් කරලා “අයියේ කොහෙද ඉන්නේ” කියලා අහනවා මට ඇහුනා. ඒත් එක්කම ෆෝන් එක බිම වැටෙන සද්දෙ එක්කම නංගිගේ අඩි සද්දේ කලබලෙන් කුස්සිය පැත්තට යනවා ඇහුනා.
එදා මානෙත් ගෙදර ආවේ රෑ දොළහටත් පස්සේ ඒත් තනියම නෙවෙයි හතර දෙනෙක් එයාව කර උඩ තියාගෙන. එදා අඬන්න කඳුලු වලටත් වඩා හිතේ හයිය තිබුණට මානෙත් ලඟට යන්න ඊටත් වඩා හයිය බාධාවක් බඩේ තිබුණා මානෙත් ලඟට නොයා ඉන්න.
බැඳීමක් කියන්නේ වේදනාවක ආරම්භයක් කියලා මට මුලින්ම දැනුනේ මානෙත් ගේ වියෝවෙන් වගේම බැඳීමක් කියන්නේ ජිවත් වීමටද ආරම්භයක් කියලා දැනුනා බඩේ ඉන්න දරුවත් එක්ක ඇතිවෙලා තිබුණු බැඳීම නිසා.
pubudu udatiyawala
උපුටා ගැනීම: Pubudu Udatiyawala

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!