මේක සිද්ද වුනේ 2019.05.08 දින. මේ කතාවට සම්බන්ධ කතා නායකයින් 5ක් ඉන්නව මම ඇතුළුව . මේ සිද්ධිය වුනේ රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල හා කහවත්ත අතර ප්රදේශයේ .
අධ්යාපනය හදරන අතරතුර රැකියාවක නියැලි නිසා හදිසියේම අපට රත්නපුර යන්න වුනා. ප්රදේශයේ අදුනන කිසිවෙක්නැති නිසා අදුනන කෙනෙකු මාර්ගයෙන් (ප්රදේශයේ දනවත් මැණික් ව්යාපාරිකයෙක්) ඔහුට අයත් දැනට කවුරුත් පදිංචි නැති ඔහුවිසින් අතහැර දැමූ නමුදු බාවිතයට යම් තරමක ් සුදුසු තත්ත්වයක් ඇති දෙමහල් බන්ගලාවක් අපිට හම්බ උනා.
අපි එහි යනවිටත් අපි අතරින් කෙනෙකු කිව්වේ මේකනම් බූත බන්ගලාවක් කියා. මොකද ඒක ගුප්ත බවක් තිබුනා. මෙහි කවුරුත් නැති උනත් ඉඩම කෙලවරක තිබූ තවත් කුඩා නිවසක එය බලාගැනීමට අයෙක් හිටියා නමුත් ඔහුද අපට කිසිවක් පැවසූවේ නෑ. බන්ගලාව ගැන කිවොත් ඒකෙ උඩ තට්තුවට විදුලිය නෑ. පහළ මහලේ විතරයි තිබුණේ . අපි ගිහිපු ගමන් නිසා බන්ගලාව ඇවිදලා බැලුවා . ඉහළ මහළ කලකින් පාවිච්චි කරලා නෑ. නමුත් බාවිතයට බඩුබාහිරාදිය තිබුනා එහේමෙහේ. තව පෙර කිසිදා නොවිදි අමුතු ගන්ධයකුත් ආවා. අප අතරි කීප දෙනෙක් ඒ වන විටත් ට්කක් බයෙන් හිටියේ . බඩු බොහොමයක් අයින් කරලා පාලුවට ගිහින් තිබුණේ . ගැහැණු කෙනෙකුගෙ යයි සැලකිය හැකි කණ්ණාඩි මේසයක් ඉහල මාලේ තිබුනා . අපේ අය කොණ්ඩය පීරන්නට බාවිතයට ගත්තේ ඒක. මම ඒ ගැන කිවේ කතාව මගකදි ඒක අවශ්ය නිසා . මෙහිඇති අනෙකුත් කාමර ගැන පැවසුවොත් ඒවායේ නියම යතුරු පැවතියද ඒවා පිටතින් ඇරිය නොහැක. ඇතුලත කෙනෙකු නොමැති වුවත් ඉන්නාක්මෙන් දැනෙයි.
උදෑසන ආහාර අප ගෙන ගිය නිසා එයද එහි සිටම අරගෙන අපේ බඩු බාහිරාදිය ද තබා රාජකාරි වැඩට ගියා. ගමට අලුත් පිරිසක් නිසා ගම්මුන් විමසුවද අපි සිටිනා තැන කියූ විට කුමක් හෝ නොදොඩා යන්න ගියා. එය අපේ හිතට වද දුන්නා. හවස අපි අයේ පැමිනිකල බන්ගලාව ට යන්න කලින් ඒ අසල පැවති එකම නිවසට ගොස් අපිව හදුන්වා දී බන්ගලාව ගැන පැවසුවා . එම නිවස හිම් කාන්තව කිසිවක් පැවසූවේ මන්ද කිය වැටහුනේ එදින රාත්රියේ. ඇය කිසිත් නොපවසා ඇසූයේ පුතේ බුදුපිළිම යක් තිබුනද බන්ගලාවේ කියලා . ඔව් යැයි පැවසූකල ඇය මැටි පහනක් , හදුන්කූරු, තෙල් , ගිනි පෙට්ටියක් ගෙනැවිත් අප අත තැබුව. පුතලා ඔක පත්තු කරන බුදුසරනයිකීවා. අපේ හිතට තවත් කුතුහලය ක් ආවද වෙන සිටීමට තැනක් නැති නිසා අපි නැවත බන්ගලාවට ගියා.
දහවල් ඇවිද බැලූවද රාත්රිය මදක් ගුප්තයි. මන්ද එහි විදුලිය පවතින පහළ මාලේ එකදු කාමර යක්වත් යතුරු තිබූ නද විවෘත නොඋනා. මදක් අතු පතුගා බුදු පහනද දල්වා අපි සියල්ලෝම සාලයේ නිදන්න සැලසුම් කොට එක් එක්කෙනා බැගින් ගොස් සාලයේ අසලම තිබූ වොශ් රූම් එකෙන් නා කියා ගන්නට සැරසුනා. නමුදු එයද කලකින්බාවිතයට නොගැන පැවතියා . විවෘත කල මුල් වතුර ලීටර කීපයම අමුතු ගන්ධයකුත් වර්නයකිනුත් යුතුව වතුර පිට උනා. . කෙසේ හෝ අප එහි තනිව පිරිසිදු වන කල කවුරුන් හෝ අප අසලට එනවා දැනුනා සිහිල් සුලන් ප්රවාහයක්ද සමගින්. එහි පැවති කණ්ණාඩි යෙන් අප ඈත සිට මුහුණ බැලූවද අප ඈත සිටිය දීම එය අවර්ණ වී රත් පැහැය උනා. පිරිසේ බය තවද මදක් වැඩ් උනා.
සියලෝම ඉන් අනතුරුව නිදා ගැනීමට පිලියම් කරගත් ස්ථානය ට වී කතා කරමින් කාලය ගෙව්වා. කාලය ගෙවී ගියා . බන්ගලාව මුර කරුවා විටින් විට පන්දම් අල්ලමින් වත්ත වටේට ගියා. විමසූ විට ඔහු කීවේ මහත්තයල හොදින් ද බලන්න අවා කිය.මොහු අපට නොකිවු යමක් ඇති බව තේරුනා.
කාලය ගෙවී ගියා . රාත්රි 11.30 පමණ උනා. බුදු පහනද නිවී තිබුනා . කතා කරමින් සිටි අපගේ කතාද මදක් අඩුවී පිරිස අඩ නින්දේ වුනා . එක් පාරට සියල්ලෝම ඇහැරුනේ කවුරුන් හෝ වෝශ් රූම් සිට අපට වතුර ගැසීමෙන්.කිසිවකු නොවන වොශ් රූම් තුල දිවා රෑ දෙකෙහිම කවුරුත් නැතත් ඉබේ වතුර ගැහෙනවා. පිරිසගේ බිය වැඩිවූවා.ඉන් පසු කොටසක් ඇහරී කොටසක් නිදා ගැනීමේ ක්රමය අනුගමනය කරා. ඒත් සමගම කෙලවරේ නිදාසිටි අයකු හීනෙන් නැගිට කිහිව වරක්ම ඇවිද සිටියා. තවායෙකුට ඇග මත බරක් වැටි මෙන් හුස්මගැනීමට අපහසු උනා.එවෙලෙහිත් මුරකරු එහා මෙය යනව අපට දැනුනා. “මහත්තයලා හොදින් ද?” ඔහු නැවත ඇසුවා.
ඊලග හෝරා කිහිපය තවත් බියකරු උනා. අපි නිදා සිටියේ සාලයේ මැද. අපි සොයල්ලගේම ජංගම දුරකතන එක
පෙලට චාජ් වීම සදහා සවිකර තිබුනා . වෙලාව රාත්රි 2 පමණ වන විට අප වැඩ කල ආයතනයේ අංකයෙන් අප සියල්ලගේම දුරකතන වෙත ඇමතුම් ආවා. කතා කලවිට කවුරුත් නෑ. අනිත් දෙය තමයි ආතනය 5වන විට වහන නිසා ඉන් පසු එහි කවුරුත් නෑ. අනිත් දෙය නම් ඒ බව පසුදා අලුයම විමසූ විට එවැනි ඇමතුමක් නොගත් බවත් ඒබවට කෝල් හිස්ට්රි එකේ නොමති බවත් පැවසූවා.
ගෙවී ගිය හෝරා කීපය නිදි නොමැතිව ගෙවූ අප්ට තවත් එවැනි සිදුවීම් කීපයක් වුනා . පෙර පැවසූ වතුර ඉසින දෙය, සිහිනෙන් ඇවිදි කෙනා නැවත කීපවරක් එලෙස වීම ආදිය. අප උදේ නැගිටින විට මා ඇතුලු 3ක් ගේ ඇගේ ලේ තැවරී තිබුනා. පරීක්ෂා කිරීමේ දී මාගේ බෙල්ල පිටුපස බල්ලකු පහුරු ගෑවාක් මෙන් කිසිවකු විසින් සූරා තිබුනා. අන් අය දෙදෙනාගේද යම් යම් ස්තාන එලෙස රුදිරය වැගිරෙන ලෙස සුරා තිබුනා.
එදිනද අප රාජකාරි කටයුතු සදහා පිටව යන්න ගියත් අප යන අතර තුර ගමේ අයගෙන් විස්තර ඇසුවා බන්ගලාව ගැන. අපට සුවදායි ආරංචි නොවූ හෙයින් දවස් 4ක් සදහා නවාතැන් ගත් අප දෙවනි දවසම පිටත් වන්නට තීරණය කලා
මේ ගමේ අයගේ ප්රකාශ …
“අම්මෝ මල්ලි ඔයාල ඔයි ගෙදර හිටියා පුදුමයි. ඕකෙ හොල්මන් තියෙනවා .කවුරුත් කිව්වේ නැත්ද. අදම යන්න මල්ලී”
“ඔයි ගෙදර නැවතිලා බයවුන එකම කට්ටිය ඔයාල නෙමෙයි මල්ලී මට මතකයි ඩිලිවරි බෝයි කෙනෙක් ඇවිත් බය වෙලා රෑම ගිය ඒ යකා.”
“ඔයි ගෙදර අයිති හාමුගේ හාමු නෝනා, දරුවෙකුයි, අම්මයි, තාත්තයි හේතුවක් හොයාගන්න බැරිවම මැරිල තිබුනා. කට්ටියනම් කියන්නේ මරලා කියලා ඔයාලා ඔයි නිදා ගන්නව කියපු තැන තමා ම්නී තිබුණේ “
” හාමුවත් ඔහේ ඉන්නෑ මල්ලි අන්තිමට ඔහේ ජීවත් වුනා හාමුගෙ මාමා කෙනෙක් . එ යාත් බන්ගලාව ඇතුලෙදිම මැරිලා ගද ගහනකොට තමා දන්නෙ. ඒ කියන්නෙ මිනීයක් තනි උන තැනක් ඕක”
“මමයි තව එකෙකුයි ඔකේ බොන්න ගිහින් ඇස් පේන්නැතුව ගියා පහුවදා සිහිය අවේ”
“මල්ලි ගේ ඉස්සරහ අලුත් ටාටා වාහනයක් අතෑරල තීනවා නේද? ඕකෙ හැපිලත් මනුස්සයෙක් මැරුණ . එදා ඉදල අතෑරල ඒකත්”
බන්ගලාවට පැමිණ මුර කරුගෙන් ඇසූකල ඔහුද සනාථ කලා. සියල්ලෝම පැමිණි පසු අප යාමට සූදනම් වී නිකමට පිරිත් දැම්මා. උඩ තට්ටුවේ මම අර පෙර කණ්ණාඩි මේසයක් තිබුනා කියපු කාමරේ බඩු මුට්ටු එහා මෙහා පෙරලුනා. අප වහාම යතුරු මුරකරුට බාර දී යාමට පිටත් වුනා, යෑමට මත්තෙන් අපගත් චායා රූප වල කාන්තවක් යැයි සිතිය හැකි අයකුගෙ සේයා රුවක් චායා රූප ගතවී තිබුනා . මම එයද අවසානයේ දමන්නම්.
යෑමට මත්තෙන් සියල්ලන් හටම, කැරකිල්ල, ඔලුව කැක්කුම ආදී අපහසු තා පැවතුනා. ඉන් පසු අප පැමිණියේ පන්සලකට හාමුදුරුවන් ට සිද්ධිය පැවසූ විට පිරිත් කියා සැමට නූලකුත් ගැට ගසා පිරිත් පැන් බීමට දුන්නා.
රාජකාරි වැඩ පන්සලේ නිමකල අප නැවත පැමිණියද අපට කරදර සිදුවූවා. මන් පෙරපැවසූ බන්ගලාවෙදී කණ්ණාඩි ය බාවිතයට ඉහල මාලයට ගිය කෙන ඇතුළු දෙදෙනෙකුට සුව නොවන උණක් හැදුනා. ඉන් පසු පිලිවෙත් කොට සුව වූ අතර ගමනට සහබාගී වූ තිදෙනෙකු ම සතියක් ඇතුලත සේවය හැර ගියා.

උපුටා ගැනීම: Lasith Mindika