බංකර් නාශක බෝම්බ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මොහොතකින් කොන්කීරට් තට්ටු සහිත ගොඩනැගිලි මහල් ගණනාවක් පසාරු කර ගෙන ගොස් ගොඩනැගිල්ලම පොළොව තුළට ගිලා බැස්සවිය හැකි දෙවන ලෝක යුද්ධයේදී නිපදවුන “බංකර් නාශක බෝම්බ”
දෙවන ලෝක යුද සමයේ දී බිරතාන්ය සැලසුම්කරුවකු වූ බාන්ස් විලිස් අමුතු ම විදියේ බෝම්බ දෙකක් නිෂ්පාදනය කළ අතර අද බංකර් නාශක බෝම්බ ලෙස හැඳින්වෙන බෝම්බයේ ආරම්භය එයයි. එකක් ‘ටෝල් බෝයි’ හෙවත් ‘උස ළමයා’ නම් විය. එය බරින් ටොන් 5ක් විය. අනෙක ‘ග්රෑන්ඞ් ස්ලෑම්’ නම් විය. එහි බර ටොන් 10ක් විය.
මේවායේ බඳ තනා ඇත්තේ සවිමත් වානේවලිනි. මේවා වායුගති විද්යානුකූලව වල්ගයක් ද සහිතව සැලසුම් කර ඇති බැවින් ගුවන් යානයකින් ගෙන ගොස් මීටර 6700(අඩි 22,000)ක් ඉහළ අහසේ සිට හෙළූ විට කැරකෙමින් පහළට එන්නේ ශබ්දයේ වේගය ද ඉක්මවන වේගයකිනි. මේවා මුලින් ම තනන ලද්දේ යුද සබ්මැරීන ගාල් කර තිබූ දැවැන්ත කොන්කීරට් ආවරණ විනාශ කිරීමටය.
අද බංකර් නාශක බෝම්බ ලෙස හඳුන්වනු ලැබුවත් ඒවා හදන කාලේ හැඳින්වූයේ ‘භූකම්පන බෝම්බ’ යනුවෙනි. මේවා මුලින් සැලසුම් කළේ ඉලක්කයකට යවන්නට නොවේ. ඉලක්කය අසල බිම පතිත කළ විට පොළොව පසාරු කර ගෙන ගොස් යට දී විශාල කම්පනයක් ඇති කරමින් පුපුරන ආකාරයටය. එවිට ඉලක්ක කළ ගොඩනැගිල්ලේ පදනම පුපුරා ගොස් මොහොතකින් ඒ ගොඩනැගිල්ල පුපුරා පොළොව තුළට ගිලා බැසීමය.
1991 ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ ‘ඩෙසර්ට් ස්ටෝම්’ හෙවත් කාන්තාර කුණාටුව නම් මෙහෙයුමේ දී දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ බිරතාන්යය භාවිත කළ යුද අවිවලට සමාන වූ ගැඹුරට කිඳා බැසිය හැකි බෝම්බයක අවශ්යතාව ඇති වු අතර නේටෝ සංවිධානයේ ගුවන් හමුදාව සතුව එවැනි අවියක් නොතිබුණි. රාජකීය ගුවන් හමුදාව සතුව පරදර්ශන භාණ්ඩයක් ලෙස බාන්ස් විලිස් තැනූ බෝම්බ කීපයක් තිබූ අතර හදිසි වැඩ පිළිවෙළක් යටතේ දින 28ක් ඇතුළත මෙවැනි බෝම්බ කීපයක් තනනු ලැබීය.
ඒවායේ අසුරුම් ලෙස යොදා ගනු ලැබුවේ මිමී 203 (අඟල් 8) පරමාණයේ පැරණි කාලතුවක්කු බැරල් ය. මේ බෝම්බයක් ටොන් 2ක් පමණ බරෙන් යුක්ත විය. ඒත් ඒවා තුළ තැන්පත් කර තිබුණේ රාත්තල් 647ක් බරැති පුපුරන ද්රව්ය පමණය. ලේසර් කිරණ මගින් මග පෙන්වන නිසා ඒවා හඳුන්වනු ලැබුවේ ‘මෙහෙයුම් මිසයිල’ කියාය.
මෑත දී ඇමෙරිකා එක්සත් ජනපදය අවශ්යතාව අනුව සැකසුණු ඉතා තද පෘෂ්ඨයන් විනිවිද යා හැකි, එමෙන් ම පොළොව පසාරු කර ගෙන ගැඹුරු තැන්වලට යා හැකි විශේෂ බංකර් බෝම්බ පෙළක් ම නිපදවීය. මීටර 1.8(අඩි 6) සිට මීටර 6 (අඩි 20) ක් දක්වා ඝනකම ඇති කොන්කීරට් කුට්ටියක් පසා කර ගෙන යාමට ඒ බංකර් බෝම්බවලට හැකියාව තිබුණේය. ඒවා නම් කෙරුණේ ‘BLU -109 පෙනිටේරටර්’, ‘BLU 116 ඇඞ්වාන්ස්ඞ් යුනිටරි පෙනිටේරටර්’, ‘BLU – 118/B තාපකිරයාකාරී යුද ශීර්ෂ’, ‘113 BLU සුපර් පෙනිටේරටර්’ ආදී වශයෙනි.
මෙවැනි බෝම්බයක වුනත් පිපිරවීම සඳහා ෆියුසයක් තිබිය යුතුයි. මෙහි ෆියුසය ඇත්තේ කාල ගණකයක් හා බෝම්බය වේගයෙන් ඉදිරියට තල්ලූ කළ හැකි අවරපෙති සහිත ශක්තිමත් බමනයක් ද සමඟ බෝම්බයේ පසුපසය. ගුවන් යානයෙන් බෝම්බය මුදා හරිද්දී මේ බමනයත්, කාල ගණකයත් එකවර කිරයාත්මක වෙයි. ෆියුසය ඇට වෙන්නේ ද බෝම්බය මුදා හැරෙන මොහොතේ මය. බෝම්බය පුපුරා යන්නේ මේ බමනයත්, කාල ගණකයත් නතර වූ මොහොතේ දීය. නවීන බංකර් නාශක බෝම්බවල බොහෝ විට සාම්පරදායික ෆියුසයක් ඇතත් සමහර බංකර් නාශක බෝම්බවල මයික්රෝෆෝනයක් හා මයික්රෝපාලකයක් ද තිබේ. ඒවා කිරයාත්මක වීමේ දී මයික්රෝෆෝනය සවන් දීම කරන අතර මයික්රෝපාලකය මහල් ගණන් කිරීම සිදු කරයි. බෝම්බය කොන්කීරට් තට්ටු සහිත මහල් ගණනාවක් පසාරු කර ගෙන ගොස් බෝම්බය මුදා හරින්නට පෙර සකස් කළ ආකාරයට අනුව නියමිත මහලේ දී පුපුරා යයි.
මේ අති නවීන බංකර් නාශක බෝම්බයකට, විශේෂයෙන් ම මිසයිලයක් සවි කළ බංකර් නාශක යුද අවිශීර්ෂයකට එහි ඉලක්කය සපුරා ගැනීමට අවශ්ය ජවය හා වේගය ලබා දීමට රොකට් මෝටරයක් ද සවි කර ඇත. මේ මෝටරය මගින් විශාල ඝනකමක් ඇති ශක්තිමත් කොන්කීරට් කුට්ටි පසාරු කර ගෙන යාමට අවශ්ය අතිරේක වේගයක් සැපයේ. වැඩි ගැඹුරකට කිඳා බැසීමට හැකිවන පරිදි මේ බංකර් නාශක යුදඅවි ශීර්ෂයකට අධි ඝනත්වයක් ඇති පරක්ෂිප්තයක් ද සවි කර තිබේ. එවැනි යුදඅවිශීර්ෂයක්, රසායනික පුපුරන ද්රව්ය රැගත් යුදඅවිශීර්ෂයකට වඩා වැඩි බලයක් ගෙන යයි.
1945 මාර්තු 15 වැනිදා හෙළන ලද ‘ගරෑන්ඞ් ස්ලෑම්’ බෝම්බය මීටර 7 (අඩි23) මහත කොන්කීරට් තට්ටුවක් විනිවිද ගොස් පුපුරා පොළොව යට විශාල ආවාටයක් ඇති කළ අතර ඉහළින් තිබූ ගොඩනැගිලි පුපුරා ඒ තුළට ඇද වැටුණි. එසේ ම ‘ටෝල් බෝයි’ බෝම්බයෙන් යෝධ කාලතුවක්කු රැඳවූ උමඟක් විනාශ කිරීමට හැකිවිය.
ඉන්පසු මෙවැනි බෝම්බ තවතවත් වැඩි දියුණු කරනු ලැබීය. දැන් ඇති නවතම අවියක් වන න්යෂ්ටික බී61 මෙන් ම අධිතාපයක් ජනනය කර අවට ඇති ඔක්සිජන් සියල්ල ඇද ගත හැකි, මානයේ ඇති හැම දෙයක් ම අළුධූලි කළ හැකි, ජීබීයූ වැනි කි.ගරෑ. 2130ක් බරැති සුපිරි බංකර් නාශක යුද අවියකට අඩි 20ක් පමණ ගැඹුරු කොන්කීරට් ආවරණයක් සිදු කර ගෙන යා හැකිය.
1997 දී යුද පෙරමුණට ආ මෙයට අඩි සිය ගණනක් ගැඹුරේ පිහිිටි ඉලක්කයක් විනිවිද යා හැකි බව ඔප්පු කළේය. ඇමෙරිකානු රුසියානු නිරවි යුදසමයේ දී මේ බංකර් නාශක යුදඅවි නිපදවීම ගැන රුසියාව හා ඇමෙරිකාව වැඩි අවධානයක් යොමු කර තිබුණි. 2001 දී ඇෆ්ගනිස්ථානයේ දී ද 2003 දී ඉරාක ආකරමණයේ දී ද මෙම අවි යුද පෙරමුණට ගෙන එනු ලැබීය.
දැනට තනන බංකර් නාශක යුදඅවි අතරින් අති බිහිසුණු ඒවා ලෙස සැලකෙන්නේ න්යෂ්ටික යුද අවි ය. මේවා හැඳින්වෙන්නේ ‘පෘථිවි විනිවිදක යුද අවි’ හෙවත් ‘බංකර් නාශක න්යෂ්ටික යුදඅවි’ කියාය. පස්, ගල් පමණක් නොව කොන්කීරට් පවා විනිවිද යා හැකි මේ මගින් අති බිහිසුණු න්යෂ්ටික බෝම්බයක් අවශ්ය ඉලක්කයට ගෙන යයි. මෙවැනි න්යෂ්ටික බෝම්බයක පිපිරීමෙන් වන හානියට වඩා හානියක් සිදුවන්නේ එයින් විසිර යන විකිරණශීලී අංශුවලිනි. න්යායාත්මකව දක්වා ඇත්තේ එළිමහනේ පුපුරුවා හරින පරමාණු බෝම්බයකට වඩා මෙහි දී වන හානිය අඩු බවය. මෙය පොළොව යට දී පුපුරා යන්නක් බැවින් විකිරණශීලී ද්රව්ය වායුගෝලයට එක්වීමක් සිදු නොවන බවය. කෙසේ වෙතත් මෙවැනි අවියකින් පොළොව යට සුන්බුන්වලට එක් කරන විකිරණශීලී ද්රව්ය ද හානිකර තත්වයෙන් අඩුවෙතැයි කිව නොහැකිය.
බංකර් නාශක න්යෂ්ටික යුදඅවිවලට එරෙහි ව එල්ල කෙරෙන පරධාන විවේචනය වන්නේ ඒවායින් නිකුත් වන විකිරණශීලී අංශුවලින් හා ඒවා තැන්පත්වීමෙන් පසු ඇති විකිරණශීලී ශක්තියේ ඇති වන වර්ධනයෙන් මිනිස් ජීවිතයට හා පරිසරයට වන හානිය පිළිබඳව ය. පිළිකා ඇති කරමින් දීර්ඝකාලීන ව මාරක රෝගී තත්වයන් උදා කිරීම ගැනය. මේවාට විරෝධය දක්වන්නන් පවසන තවත් කරුණක් වන්නේ බොහෝ විට මෙවැනි අවිවලට ඉලක්ක වන තැන් ඇත්තේ වැඩි ජනගහනයක් ජීවත්වන නගරවල හා තදාසන්න පෙදෙස්වල බැවින් මෙවැනි අවිවලින් මිනිස් ජීවිතවලට වන හානිය ඉතා වැඩි බවය.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!