මත්පැන්හල් විවෘත කිරීමෙන් පසු පසුගිය ඉරිදා (19) දිනයේදී පමණක් බීමත්ව සිදුකළ කලකෝලාහල සහ ගැටුම්වලින් තුවාල ලැබූවන් පනස්පස් දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.
එම තුවාලකරුවන්ගෙන් පස්දෙනකු කාන්තාවන් වන අතර ඔවුන් සියලුදෙනාම කොළඹ අවට පදිංචිකරුවන්ය.
ඇතැම් තුවාලකරුවන් අධික බීමත්කම හේතුවෙන් සිහිමද ගතියෙන්ද පෙළණු අතර ඔවුන් රෝහලෙන් පැන යාමටද උත්සාහ දරා ඇත. ඉරිදා දිනයේදී පමණක් රෝගීන් 175 දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර ඉන් පනස්පස්දෙනෙකු බීමතින් සිටි පුද්ගලයන් වීම සහ ගැටුම් වැඩිවීම සැලකිය යුතු වර්ධනයක් බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
බොරැල්ල ප්‍රදේශයේ ගැටුමකින් පුද්ගලයකුගේ පිටට පිහියෙන් ඇණ තිබූ අතර එම පිහිය සහිතවම ඔහු රෝහල්ගත වී තිබේ. පුරුෂ පක්ෂය බීමත්ව කාන්තාවන් සමග ගැටුම් ඇති කර ගැනීමද වැඩි වී ඇති බව පොලිසිය පවසයි.
බීමත්ව සිදුකරන හිරිහැර ඉවසාගත නොහැකිව පුද්ගලයන් දෙදෙනකු කාන්තාවන් අතින් පසුගිය ඉරිදා (20) මියගොස් තිබේ. ඒ අවිස්සාවේල්ල දයිගල ප්‍රදේශයේ සහ යාපනය අරියාලේ ප්‍රදේශවලදී බව පොලිසිය කියා සිටියි.
උපුටා ගැනීම:Gossip Lanka News